ලංකා සයිබර් නිවුස්

විජයග‍්‍රණයේ පෙළපාලියට පාරවල් වහන්නේ මෙහෙමයි
විජයග‍්‍රණයේ පෙළපාලිය නිමිත්තෙන් රථවාහන පොලීසිය විසින් විශේෂ රථවාහන සැලැස්මක් කොළඹ නගරය තුළ ක‍්‍රියාත්මක කරයි. පොලීසිය විසින් නිකුත් කර ඇති නිවේදනයක දැක්වෙන පෙරවරු 05.00 සිට වැඩසහන අවසාන වන තෙක් මෙම ක‍්‍රියාත්මක එම සැලැස්ම මෙසේයි.

ගාලූ පාර – බගතලේ පාර, හන්දියේ සිට ගාලූ මුවදොර වටරවුම දක්වා.

මුහුදුබඩ මාර්ගය – කොල්ලුපිටිය ග්ලේන් ආබර් පෙදෙසේ සිට කොල්ලූපිටිය දුම්රියපළ හන්දිය දක්වා.

ධර්මපාල මාවත – කොල්ලූපිටිය හන්දියේ සිට ලිබර්ටි වට රවුම දක්වා.

ශ්‍රී උත්තරා නන්ද මාවත – නවම් මාවත හන්දියේ සිට මාකන් මාකර් මාවත හන්දිය දක්වා.

කොම්පඤ්ඤවීදිය – ජස්ටීස් අක්බාර් මාවත, මැලේ විදිය හන්දිය සිට

මාකන් මාකර් මාවත හන්දිය දක්වා.

කොටුව ප්‍රදේශය – ලෝටස් පාර, යොර්ක් වීදිය හන්දිය සිට ගලදාරි වටරමුවම දක්වා.

බැංකු මාවත, යෝර්ක් විදිය, ජනාධිපති මාවත දක්වා සහ ඩියුක් විදිය පහල චැතම් විදිය හන්දිය සිට බාරොන් ජයතිලක මාවත හන්දිය දක්වා.

වසා තැබෙන මාර්ග වෙනුවට විකල්ප මාර්ග.

කොටුව පිටකොටුව සිට ගාලූ පාර දෙසට කොළඹින් පිට වන බස් හා සැහැල්ලූ වාහන සඳහා…

සීනෝර් හන්දිය, ගුණසිංහ පුර හන්දිය, ටෙක්නිකල් හන්දියෙන්, දකුණට හරවා මරදාන පාලම හන්දිය, ගාමිණි වටරවුම, ඩාලි පාර, ඉබ්බන්වල හන්දිය, ලිප්ටන් වටරවුම, ධර්මපාල මාවත හන්දියෙන් වමට හරවා එෆ්.ආර් සේනානායක මාවත ඔස්සේ පැමිණ දකුණට හරවා සී ඩබ් ඩබ් කන්නංගර මාවත, හෝටර් වටරවුම, නන්දා මෝටර්ස් හන්දිය, කුරුදුවත්ත වටරවුම, රීඞ් මාවත, තුම්මුල්ල වටරවුම, බුලර්ස් පාර ඔස්සේ ඩුප්ලිකේෂන් බුලර්ස් හන්දියෙන් වමට හරවා ඩික්මන් පාරෙන් ගාලූ පාරට ඇතුළුවිය හැකිය.

• ගාලූ පාර ඔස්සේ කොටුව පිටකොටුව දෙසට පැමිණෙන බස් හා සැහැල්ලු වාහන සඳහා…

කොල්ලුපිටිය බගතලේ පාර හන්දියෙන් දකුණට හරවා ඩුප්ලිකේෂන් පාරෙන් තුම්මුල්ල හන්දිය, තර්ස්ටන් පාර, JOC හන්දිය, කේම්බිරන සජ් පෙදෙසින් දකුණට හරවා ඇල්පරහන ඞ් චන්ද්රනවංකය, නන්දා මෝටර්ස් හන්දිය, හෝර්ටන් වටරවුම, සී .ඩබ්. ඩබ් කන්නංගර මාවත, සොයිසා වටරවුම, ඞීන්ස් පාර සීමන්ස් හන්දිය, මරදාන පාලම හන්දිය, මරදාන පාර, ටෙක්නිකල් හන්දියෙන් වමට හරවා ඕල්කට් මාවත ඔස්සේ පිටකොටුව දක්වා.

• බර වාහන (කන්ටේනර්, ලොරි, ටිපර්) ගමනා ගමනය සදහා විකල්ප මාර්ග… ගාලූ පාරෙන් පැමිණෙන සහ පිටවන බර වාහන ගමනාගමනයට ඉඩදෙනු ලබන්නේ වැල්ලවත්ත ගාලූ පාර, ඩබ් ඒ සිල්වා මාවත, හැව්ලොක් පාර, පර්ක් පාර, බේස්ලයින් පාර ඔස්සේ පමණි.

රථවාහන පාර අයිනේ නවතා තැබීම නොකළ යුතු මාර්ග…

• බම්බලපිටිය හන්දියේ සිට ගාලූ මුවදොර වටරවුම දක්වා ගාලූපාර

• ධර්මපාල මවාත

• ආර් ද මෙල් මාවත

• මරදාන පාර

• ඩීන්ස් පාර

• ටී බී ජයා මාවත

• ඕල්කට් මාවත

• යෝර්ක් විදිය

• බාරොන් ජයතිලක මාවත

• මැලේ විදිය

• කුමාරන්රත්නම් පාර

• මල්පාර

• සර් ජේම්ස් පිරිස් මාවත

• ජස්ටීස් අක්බාර් මාවත

• යුනියන් පෙදෙස

ඉන්දියාව අපේ ආර්ථිකය කොල්ල කනවා, තෙල් සැපයුමත් ගන්නයි හදන්නේ
‘ඉන්දියාව මේ රටේ ආර්ථිකය කොල්ල කන්න කටයුතු කරන ආකාරය මේ වන විට හොඳින්ම පෙනී යනවා. මේ රටේ ආර්ථිකයට බලපෑම් කරමින් ඔවුන් යම් දුරක් ඇවිල්ල තියෙනව. ත‍්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය වික‍්‍රමසිංහ මහත්තයාගෙ කාලෙදි අත්පත් කර ගත්ත ඉන්දියානු තෙල් සමාගම මේ රටේ තෙල් පිරිපහදුවත් අත්පත් කර ගන්න විශාල උත්සාහයක් දරනවා. ඔවුන්ට ඉඩම් අයිතිය නැතිව තෙල් ගඩඩා කිරීම සඳහා මුදල් ආයෝජනය කරමින් මේ රටේ තෙල් ගබඩා කොට බෙදා හැරීමේ යතුර ඔවුන් අතට අරගෙන තියෙනවා. ඒ අනුව පෙනී යනවා මේ රටේ බල ශක්ති ක්‍ෂෙත‍්‍රයට ඔවුන්ගෙන් එල් වී ඇති බලපෑම’ යයි දේශහිතෛෂී ජාතික ව්‍යපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඒ මහතා මේ අදහස් පල කලේ කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

සීපා ගිවිසුම මඟින් තම උවමනා ඉටු කර ගැනීමට නොහැකි වූ නිසා ඊට වෙනස් නොවූ එහි දිගුවක් වූ සේවා වෙළඳාම සඳහා වන ‘සාටිස්’ ගිවිසුම ලංකාවත් සමඟ අත්සන් කලේ මේ රටේ ආර්ථික ප‍්‍රථිලාභ ලබා ගැනීමේ සූක්‍ෂම අරමුණ ඇතිව යයිද ඒ මහතා කියා සිටී.

‘සාටීස් යනු දකුණු ආසියානු කලාපයට අයත් යයි පැවසුවද එය ද්විපාර්ශ්වීය ගිවිසුමක් පමණයි. එහි ප‍්‍රථිලාභ සමානව බෙදී යන ආකාරය පේන්නේ නෑ. ගිවිසුමට අනුව වැඩි ප‍්‍රථිලාභ හිමිවවන්නේ ඉන්දියාවට. නිදසුනක් ලෙස ඉන්දියාව ශ‍්‍රී ලංකාවෙන් ඇ.ඩො.මි. 5000ක ප‍්‍රථිලාභ ලබා ගන්නා විට ශ‍්‍රී ලංකාවට හිමිවන්නේ ඇ.ඩො.මි. 300ක් වැනි අඩු ප‍්‍රමාණයක්. එයට බලපා ඇත්තේ දෙරට අතර සාකච්චා සඳහා ඉන්දියාවෙන් ශක්තිමත් පිරිසක් සහභාගී වන විට ලංකාවෙන් යවන්නේ දෙකට නැවෙන නිවට මිනිස්සු. එහිදී ඉන්දියානුවන් තමන්ට අවශ්‍ය පරිදි කටයුතු කරනවා.’ යයිද ඒ මහතා ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

ෆොන්සේකා නිදහස් නම් අපිටත් ඕනෑ – කොටි සැකකරුවෝ උපවාසයක
කොළඹ රිමාන්ඞ් බන්ධනාගාරයේ සිටින එල්.ටී.ටී.ඊ. සැකකරුවෝ පිරිසක් ඊයේ උදෑසන සිට ආහාර වර්ජනයක නිරත වෙමින් සිටිති.

සරත් ෆොන්සේකා මහතාට නිදහස ලබා දෙන්නේ නම් තමන්ටද නිදහස ලබා දිය යුතු බව මොවුන්ගේ ඉල්ලීම වී තිබේ.

කොටි සැකකරුවන් 80 දෙනෙකු පමණ මෙම උපවාසයට එක්වී සිටින අතර ඔවුන් හොරෙන් ආහාර ගන්නා බව බන්ධනාගාර නිළධාරීන් පවසයි.

කෙසේ වෙතත් බන්ධනාගාර බලධාරීන් පවසන්නේ ෆොන්සේකා මහතාගේ ප‍්‍රශ්ණය සහ තොටි සැකකරුවන්ගේ ප‍්‍රශ්ණය එකිනෙකට සහමුලින්ම වෙනස් බවයි.

මුස්ලිම් ලෝකය ත‍්‍රස්තවාදීන් නොවේ – පාකිස්තානයේ විරෝධතා
ඊශ‍්‍රායලය හා අමෙරිකාව මුස්ලිම්වරුන්ගේ කටයුතු වලට මැදිහත් වීම පිලිබද  බලවත් විරෝධය පාමීන් පකිස්ථානයේ ජනතාව රට පුරා දැවැන්ත විරෝධතා දියත්කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

පලස්තීනයේ ජනතාවට ඊශ‍්‍රායලය විසින් සිදු කල සාහසික කි‍්‍රයාවන් මේ සඳහා ප‍්‍රබල හේතුවක් වූ බවත් විරෝධතාකරුවන් පෙන්වා දෙයි. මේ සඳහා එරට සිටි කුඩා දරුවාගේ සිට කාන්තාවන් ඇතුළු සියළු තරාතිරම්වල පිරිස් පකිස්ථානයේ ප‍්‍රධාන නගරවල් වීදි දිගේ විරෝධතාවයට එක්වී ඇත.

ඊශ‍්‍රායලයේ හා අමෙරිකාවේ ධජ ගිනිතබමින් ඔවුන් පවසා ඇත්තේ අමෙරිකාව හා ඊශ‍්‍රායලයට ඇත්තේ නොසන්සුන්කාරි පක්ෂග‍්‍රාහී සාහසික කමක්  බවත් එය දහස් ගණනක් පකිස්ථානයේ අහිංසක මිනිසුනට හිරිහැරයක් බවත්ය.

තවද ලොව මුස්ලිම් ජනතාව අපකීර්තියට පත්කරන මොනයම් හෝ පිරිසක් වේද ඔවුන්ට මුස්ලිම්වරු ත‍්‍රස්තවාදීන් නොවන බවත් ලොව පුරා ත‍්‍රස්තවාදය පතුරවන්නේ අමෙරිකාව හා ඊශ‍්‍රායලය බවත් ඔවුන් සඳහන් කර ඇත.

අමෙරිකාව මේ දිනවල ඇෆ්ගනීස්ථානය හා පවතින ගැටුම් හේතුවෙන් පකිස්ථානයේ සැපයුම් අහිර වී ඇති බවත් පෙන්වා දෙන අතර රටේ ස්වෛරීභාවයට හානි පමුණුවන නේටෝ හමුදා වෙත ලබාදී ඇති සැපයුම් නල ස්ථීර වශයෙන්ම නවතා දැමිය යුතු බවත් ඔවුන් පෙන්වා දෙයි.

මූලාශ‍්‍ර – 01

- Sanka

NSB අධ්‍යක්ෂක මණ්ඩලයෙන් සුමනදාස අබේගුණවර්ධන ඉල්ලා අස්වේ
ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයෙකු වන සුමනදාස අබේගුණවර්ධන මහතා සිය තනතුරෙන් ඉල්ලා අස්වී ඇතැයි වාර්තා වේ.

පසුගියදා මහත් ආන්දෝලනයට ලක්වූ ද ෆිනැන්ස් සමාගමේ කොටස් වැඩි මිලට මිලදී ගැනීමේ රුපියල් මිලියන 393ක ගනුදෙනුව සම්බන්ධයෙන් මේ දිනවල අධිකරණයේ නඩු විභාග වෙමින් තිබේ.

මේ සම්බන්ධ චෝදනාව එල්ල වූයේ එහි අධ්‍යක්‍ෂ මණ්ඩලයටය.

මෙහෙම ගියොත් රුවන්මැලි මහා සෑයත් හාරාවි
පුරාවස්තුවලට හා නිධන් කොල්ලවලට හානි පමණුවමින් ඒවා පැහැරගන්නේ කවුරුන්ද යන්න රටට රහසක් නොවුනද ආරක්‍ෂක අංශ පමණක් ඒ බව නොදන්නේ යයි පූජ්‍ය මාදුළුවාවේ සෝපිත හිමියෝ පවසති.

‘වැටත් නියරත් ගොයම් කා නම් කාට කියමුද ඒ අමාරුව’ යන කියමන සනාථ කරන තත්වයක් රට තුල උද්ගතව තිබියදී එල්ලාවල මේධානන්ද හිමියන්, නිධන් හෑරීමට ආණ්ඩුවට අයිතියක් ඇතැයි පැවසීම එවන් වැඩවලට බලපත‍්‍රයක් ලබා දීම හා සමාන වන්නේ යයිද උන් වහන්සේ පෙන්වා දෙති.

ආරක්‍ෂිත රැකවරණ මැද නිධන් හෑරීමට සාමාන්‍ය ජනතාවට හැකියාවක් නැතැයිද පවසන උන් වහන්සේ කෞතුකාගාරයෙන් භාණ්ඩ සොරකම් කලේ කවුරුන්දැයි තවම සොයාගෙන නැතැයිද කියති.

‘යකඩ පිච්චෙන රටක පුළුන් සෙවීමෙන් ඇති ඵලක් නැතැයි’ පැවසූ උන් වහන්සේ නුදුරේදීම නිධන් වස්තු ලබාගැනීම සඳහා රුවන්මැලි මහා සෑයේ කැණීම් කලත් පුදුම වන්නට දෙයක් නැතැයිද පවසති.

ඊළම වෙනුවෙන් ලොව පුරා දෙමළ ජනතාව එක්විය යුතුයි
ඊළාම් රාජ්‍යයක් ගොඩනැගීම වෙනුවෙන් ලොව පුරා වෙසෙන සියලුම දෙමළ ජනතාව එකට එක්වී කටයුතු කළ යුතු බව ඉන්දියාවේ නාම් තමිලන් පක්ෂයේ නායක සීමාන් පවසයි.

ශ්‍රී ලංකාවේ පැවති සිවිල් යුද ගැටුම්වලදී 150, 000 ක් පමණ වූ දෙමළ වැසියන් පිරිසක් මරණයට පත්වූ බවත්, මෙම තත්ත්වය නිසාම ශ්‍රී ලංකාවේ යුද්ධය අවසන් වූ වහාම එම කටයුතු සොයාබැලීම සඳහා තම පක්ෂය පිහිටුවා ගත් බවත් ඒ මහතා සඳහන් කරයි.

නාම් තමිලන් පක්ෂයේ තෙවන සංවත්සරය වෙනුවෙන් අද (18) පැවති උත්සව අවස්ථාවට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ශ්‍රී ලංකාවේ තවමත් සරණාගත කඳවුරුවල අවතැන් වූ දෙමළ ජනතාව විශාල ප්‍රමාණයක් සිටින බවත්, රජය දෙමළ ජනතාව වෙනුවෙන් නිසි අවධානයක් යොමු නොකරන බවත් එම මහතා මෙහිදී සදහන් කර ඇත.

එමෙන්ම ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් විසින් ජිනීවා මානව හිමිකම් සමුළුවේ දී ශ්‍රී ලංකාව සම්බන්ධ යෝජනාවක් සම්ම්ත කරගනු ලැබුව ද එහි වටිනාකමක් නොමැති බව ඔහු මෙහිදී පෙන්වා දී තිබේ.

එබැවින් ජාත්‍යන්තරයේ සිටින සියලුම දෙමළ ජනතාව එකට එක්ව ඊළාම් රාජ්‍යයක් ගොඩනැගීම වෙනුවෙන් කටයුතු කළ යුතු බව සීමාන් මහතා අවධාරණය කළ බව ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි.

- adaderana

යුරෝව කඩන් වැටෙනවා, කුමක් හෝ කල යුතුයි – කැමරන්
යුරෝ මුදල් ඒකකය භාවිත කරන කලාපයේ ආණ්ඩු සහ යුරෝපා මහා බැංකුව යුරෝව ශක්තිමත් කිරීමට කඩිනම් පියවර ගතයුතු බව බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් අනතුරු අඟවයි.

ආර්ථික පසුබෑමක් සහිත ග්‍රීසිය වැනි ආර්ථික ගොඩගැනීම සඳහා දැනට වඩා පියවර නොගතහොත් යුරෝ මුදල බිඳ වැටීමේ අවදානමක් ඇතැයිද බ්‍රිතාන්‍ය අගමැති වරයා ප්‍රකාශ කරයි.

උතුරු එංගලන්තයේ ව්‍යාපාරික ප්‍රජාව අමතමින් මේ අනතුරු ඇඟවීම කළ අගමැති කැමරන් යුරෝ මුල්‍ය කලාපය ඉතා තීරණාත්මක මන්සංදියකට පැමිණ සිටින බවද සඳහන් කර තිබේ.

යුරෝ මුදල රැක ගැනීම සඳහා හෝ එහි බිඳ වැටීමට මුහුණ දීම සඳහා යුරෝපයට සිදුවනු ඇති බවද පවසන ඔහු ග්‍රීසිය වැනි විශාල අයවැය පරතරයක් සහිත රටවල ආර්ථිකය කිසියම් පාලනයකට ලක් කළ යුතු බවද කියා සිටී. එවැනි රටවලට යුරෝ මුල්‍ය ඒකකය භාවිතා කරන ධනවත් රටවල් සහ යුරෝපා මහා බැංකුව විශාල සහායක් ලබාදිය යුතුයැයිද අගමැතිවරයා වැඩිදුරටත් පෙන්වා දෙයි.

ලෝකයේ බොරතෙල් මිල දිගටම අඩුවුනොත් අපිත් අඩු කරනවා
ලෝක වෙළඳපලේ බොරතෙල් මිල දිගටම පහල ගියහොත් ලංකාවේද ඉන්ධන මිල අඩු කිරීමට හැකි වනු ඇතැයි ඛණිජ තෙල් සංවර්ධන අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත් මහතා පවසයි.

වැඩි මිලට ආනයනය කර ඇති ඉන්ධන තොග රට පුරා බෙදා හැරීමට ඇති නිසා එක්වරම ඉන්ධන මිල අඩු කිරීමේ තීරණයක් ගත නොහැක් බවත් ලෝක වෙළඳපලේ තෙල් මිල අඩුවීමේ මාසික සාමාන්‍ය මිල මට්ටම සලකා එවැනි තීරණයක් ගත හැකි බවත් ඇමතිවරයා කියා සිටී.

ලෝක වෙළඳ පලේ මේ වන විට බොරතෙල් බැරලයක් ඇමරිකානු ඩොලර් 92ත් 107ත් අතර මිල ගණන් වලට අලෙවි වෙමින් තිබේ.

ලෝක බොරතෙල් මිල මෙතනින්

අරුන් තම්බිමුත්තුගේ ප්‍රශ්නයෙන් චැනල්-4 අධ්‍යක්‍ෂට කටඋත්තර නැති වෙයි
මගේ පියා වූ සෑම් තම්බිමුත්තු සහ මව කැනඩා තානාපති කාර්යාලය ඉදිරියේදී කොටින් විසින් බිහිසුණු ලෙස ඝාතනය කරද්දී නුඹලා කොහේ සිටියාදැයි නවක දේශපාලනඥයකු වන අරූන් තම්බිමුත්තු ඊයේ (17 දා) ලන්ඩනයේ ප්‍රන්ට්‌ලයින් ශාලාවේ පැවැති සමුළුවකදී චැනල් 4 අධ්‍යක්‍ෂ කැල්ලම් මැක්‌රේ සහ කොටි හිතවාදී ජාන් ජනනායගම්ගෙන් ප්‍රශ්න කිරීම නිසා ඔවුන්ට කටඋත්තර නැතිවී ඇත.

මගේ පියා සහ මව ඝාතනය කළ අය මඩකලපුවේ සිටිනවා. මම ඔවුන්ට එරෙහිව ක්‍රියාකළ හොත් ඇතිවන තත්ත්වය කිව යුතුයයි හෙතෙම තවදුරටත් ප්‍රශ්න කළේය.

මෙහිදී ප්‍රන්ට්‌ලයින් ශාලාවේ සිටි පිරිස්‌ අත්පොලසන් දී ඇත.

ශ්‍රී ලංකාවේ සිට ලන්ඩනයට ඇවිත් සැපවිඳින නුඹලා ද්‍රවිඩ ජනතාව ගැන හඬ නගන්නේ කෙසේද? කොටි මිනීමැරුවේ නැතැයි නුඹ කියන්නේ කෙසේද යයි චැනල් 4 අධ්‍යක්‍ෂ කැල්ලම් මැක්‌රේගෙන් අරුන් විමසුවිට ඔහු නිහඬව ඇත.

- Divaina