එජාප නායක රනිල් වික‍්‍රමසිංහ මහතාට නායකත්වය හැරනොයන්නැයි පවසමින් සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය ඉදිරිපිටදී පුද්ගලයෙකු තම සිරුරට ගිනි තබාගෙන තිබේ. මිරිහාන පොලිසිය පැවසුවේ ගිනි තැබීමෙන් තුවාල ලැබූ එම පුද්ගලයා දකුණු කොළඹ ශික්ෂණ රෝහලට ඇතුලත් කළ බවත් රෝගියාගේ තත්වය බරපතල බැවින් මහ රෝහලට මාරුකර යවා ඇති බවත් රෝහල් පොලිසිය සදහන් කළේය. එලෙස ගිනි තබාගෙන ඇත්තේ මාතර වැලිගම ප‍්‍රදේශයේ වයස අවුරුදු 50 ක පමණ පුද්ගලයෙකි. තමා පරම්පාරවෙන්ම එක්සත් ජාතික පාක්‍ෂිකයෙක් බවද මෙතරම් දරුණු කඩා වැටීමක් වෙනත් කාලයක සිදු වී නැතැයිද පක්‍ෂයේ වන මහා කඩාවැටීම වහා නතර කිරීම සඳහා රනිල් වික‍්‍රමසිංහ මහතා නායකත්වයෙන් ඉවත්නොවිය යුතු යයිද අතර අන් සියළු දොන ඔහුට පක්‍ෂය ගොඩ ගැනීම සදහා සහාය දිය යුතු යයිද සිරිකොත ඉදිරිපිටදී මහ හඬින් පවසා ඇති ඔහු එක් වරම සිය සිරුරට ගිනි තබා ගත්තේ යයි සිද්ධිය ඇසින් දුටුවෝ පවසති. දකුණු කොළඹ ශික්‍ෂණ රෝහලින් මේ වන විට මහ රෝහලට මාරුකර යවා ඇති ඔහුගේ තත්වය බරපතල බව මහ රෝහලේ අධ්‍යක්‍ෂවරයා පවසා තිබේ.








