Banner
400x60-add-new cnews-new-logo 200x60-witm-mail mlp-add

රනිල් වෙනුවෙන් ගිනි තබාගත් රන්ජන්ගේ ගෝලයා මරුට

E-mail Print PDF

- ගිනි තබාගෙන ඇත්තේ රනිල් පිලේ උපදෙස් මත

එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය වන සිරිකොත මන්දිරය ඉදිරිපිට ගිනි තබා ගත් පුද්ගලයා අද අලූයම ජීවිතක්ෂයට පත් වී තිබේ. ඒ කොළඹ ජාතික රෝහලේදීයි. සිරිකොත මන්දිරය ඉදිරිපිටදී ඊයේ පස්වරුවේ ගිනි තබා ගත් රියන්සි අල්ගම නමැති මෙම පුද්ගලයා දකුණු කොළඹ ශික්‍ෂණ රෝහලට ඇතුළත් කෙරුණු අතර බරපතල තත්ත්වයේ පසුවූ ඔහු වැඩිදුර ප‍්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඊයේ රාතී‍්‍රයේ මාරු කර යවා ඇත. මෙලෙස ගිනි තබා ගත් පුද්ගලයා එක්සත් ජාතික පක්ෂ පාක්ෂිකයකු බව එම පක්ෂයේ පැවසේ.

මෙම පුද්ගලයා පක්ෂ ප‍්‍රතිසංවිධාන කටයුතුවලට එරෙහිව ගිනි තබාගත් බව සිද්ධිය ඇසින් දුටුවන් පවසන අතර ගිනි තබා ගැනීමට ප‍්‍රථම ඔහු ප‍්‍රකාශ කර ඇත්තේ පක්ෂ නායකත්වයෙන් රනිල් වික‍්‍රමසිංහ මහතා ඉවත් නොකළ යුතු බවයි. සියලූ ආසන සංවිධායකවරුන් ඒකාබද්ධ වීමෙන්  පක්ෂය ප‍්‍රතිසංවිධානය කළ හැකි බව ඔහු ප‍්‍රකාශ කර ඇත. කෙසේ වෙතත් මෙම පුද්ගලයා පාර්ලිමේන්තු මන්තී‍්‍ර රන්ජන් රාමනායක මහතාගේ සමීපතමයකු බව සිරිකොත ආරංචි මාර්ග අනාවරණ කරන අතර මේ පිළිබඳව මන්තී‍්‍රවරයාගෙන් විමසීමට ගත් උත්සාහය අසාර්ථක නිය. මියගිය රියන්සි අල්ගම මහතා වැලිගම ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකි. එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ පක්ෂයේ ප‍්‍රබල සාමාජිකයන් දෙදෙනෙකුගේ උපදෙස් මත මෙම පුද්ගලයා ගිනි තබා ගනිමින් සිය දිවි හානි කර ගැනීමට උත්සාහ දරා ඇති බවයි.

 cryng

Last Updated ( Tuesday, 27 July 2010 07:55 )  

Add comment


Security code
Refresh

en Sinhala-Ganna news-archive
march-side-add