අගවිනිසුරු ඇතුළු ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන්ගේ, අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ වැටුප් වැඩි කිරීමේ යෝජනාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් වී තිබේ. එම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ අධිකරණ අමාත්‍යංශය විසිනි. 2006 ජනවාරි පළමු වැනිදා සිට වැටුප් වැඩි කරන ලෙස ඉල්ලා මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති බව සඳහන්ය. යෝජනාව මීට පෙරද අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් වුවද එය ප‍්‍රතික්ෂේප කෙරුණි. අගවිනිසුරුවරයාගේ මාසික වැටුප රුපියල් 71,500 දක්වා වැඩි කරන ලෙස යෝජනා කර තිබෙන අතර ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන්ගේ සහ අභියාචනාධිකරණයේ සභාපතිවරයාගේ මාසික වැටුප රුපියල් 65,000 දක්වා වැඩි කරන ලෙස යෝජනා කර ඇත. අභියාචනාධිකරණ විනිසුරු වැටුප රුපියල් 63,500 දක්වා වැඩි කිරීමට යෝජිතයි. විනිසුරුවරුන්ගේ ගෙවල් කුලී දීමනාවද වැඩි කිරීමට යෝජනා කර තිබේ.









