Banner
400x60-add-new cnews-new-logo 200x60-witm-mail mlp-add

පොලීසිය පන්සල් ඩෝසර් කරමින් භික්‍ෂූන්ගේ වස් වැසීමත් වළකයි

E-mail Print PDF

තමන්ට වස් වැසීමට ආරක්ෂක අංශ ඉඩ ලබානොදුන් බව වෙල්ලස්ස දිගාමඩුල්ල ප‍්‍රධාන සංඝනායක පූජ්‍ය පානම චන්ද්‍රරතන හිමියන් පවසති. උන්වහන්සේ සඳහන් කරන්නේ පානම රාගන්විල ප‍්‍රදේශයේ පිහිටි විහාරස්ථානයක වස් වැසීමට තමන් සූදානම් වූ බවයි. එහෙත් පොලීසිය ඊට අවහිර කළ බව උන්වහන්සේ ප‍්‍රකාශ කළහ. සිය මානව හිමිකම් උල්ලංඝනය වීම පිළිබඳව පානම චන්ද්‍රරතන හිමියන් මානව හිමිකම් කොමිසම වෙත ඊයේ පැමිණිල්ලක්ද ඉදිරිපත් කළ අතර එම කොමිසම සඳහන් කරන්නේ සියලූ පාර්ශ්ව කැඳවා විභාගයක් පවත්වන බවයි. රාගන්විල ප‍්‍රදේශයට ජනතාව ඇතුළුවීම වළක්වාලමින් පොතුවිල් පොලීසිය විසින් වාරණ නියෝගයක්ද ලබාගෙන ඇතැයි මානව හිමිකම් කොමිසම පවසයි. ඊට හේතු වී ඇත්තේ රාගන්විල ප‍්‍රදේශයේ ජනතාව උද්ඝෝෂණයක් පැවැත්වීමට සූදානම් වීමයි. තම ඉඩම්වලට යාමට අවසර ලබාදෙන ලෙස රජයට බලකරමින් මෙම උද්ඝෝෂණය පැවැත්වීමට නියමිතව තිබුණි.

මේ අතර පොතුවිල උල්ල සාම බෝධි විහාරයද පොලිස් නිලධාරීන් විසින් කඩා බිඳ දමා තිබේ. ඩෝසර් යන්ත‍්‍ර යොදා ගනිමින් සංචාරක හෝටලයක් ඉදිකිරීම සඳහා මෙම විහාරස්ථානය කඩා බිඳ දමා ඇති බව වාර්තා වෙයි.

 bikku

Last Updated ( Tuesday, 27 July 2010 10:27 )  

Add comment


Security code
Refresh

en Sinhala-Ganna news-archive
march-side-add