Banner
400x60-add-new cnews-new-logo 200x60-witm-mail mlp-add

ජවිපෙට එරෙහිව කුසලානයේම පක්‍ෂ හතරක් සටනට

E-mail Print PDF

ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධානයේ සාමාජික පක්ෂ අතර බරපතල දේශපාලන අර්බුදයක් ඇති වී ඇති බව වාර්තා වෙයි. ජනතා විමුක්ති පෙරමුණ නිශේධ බලයක් වැනි අයුතු බලයක් භාවිත කරන බව ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධානයේ නියෝජ්‍ය නායක සරත් මන්මේන්ද්‍ර මහතා ප‍්‍රකාශ කර තිබේ. නිශේධ බලයට එරෙහිව සෙසු පක්ෂ හතර සටන් වැදීමට සූදානමක සිටින බවද ඔහු පැවසීය. ඒ සඳහා වන තීරණාත්මක සාකච්ඡව පැවැත්වෙන්නේ අගෝස්තු මස 3 වනදායි. පක්ෂ නායක සරත් ෆොන්සේකා නොමැතිව පක්ෂ නායකයන්ගේ රැස්වීමක් එදින පැවැත්වීමට නියමිතයි. එහිදී ජනතා විමුක්ති පෙරමුණේ නිශේධ බලයට එරෙහිව විසඳුමක් ලබා ගැනීමට ඔවුන් සූදානම් වෙති. ජනාධිපතිවරණයට එරෙහිව කුසලානය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක්ද ගොනු කළ අතර එම පෙත්සමෙන්ද තමන් ඉවත් වීමට සූදානම් බව සෙසු පක්ෂ හතර සඳහන් කරයි.

 cup-100

Last Updated ( Tuesday, 27 July 2010 16:17 )  

Add comment


Security code
Refresh

en Sinhala-Ganna news-archive
march-side-add
UPFA-add_new