Banner
400x60-add-new cnews-new-logo 200x60-witm-mail mlp-add

ගිනිතබා ගැනීම ගැන එජාපයෙන් කතන්දර පොතක්

E-mail Print PDF

පක්ෂ ප‍්‍රතිසංවිධාන යෝජනා සාකච්ඡ කිරීමෙන් පසු විදෙස් ගත වුණු විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා මේ දිනවල සිටින්නේ ඉන්දියාවේය. එජාප මූලස්ථානය වන සිරිකොත මන්දිරය ඉදිරිපිටදී ඔහු වෙනුවෙන් පෙනී සිටි රියන්සි අල්ගම මහතා සිය සිරුරට ගිනි තබා ගත්තේ ඊයේ රාතී‍්‍රයේයි. ඔහු අද අලූයම මියගියේය. අල්ගම මහතා පාර්ලිමේන්තු මන්තී‍්‍ර රන්ජන් රාමනායක මහතාගේ සමීපතමයෙකි. ඒ ගැන රාමනායක මන්තී‍්‍රවරයා පැවසුවේ අල්ගම මහතා සිය මැතිවරණ ව්‍යාපාරයට සෘජුව දායක වූ බවයි. එසේම මරණයට ප‍්‍රතිසංවිධාන යෝජනාකරුවන් වගකිව යුතු බවත් රන්ජන් රාමනායක මන්තී‍්‍රවරයාගේ අදහසයි.

පාර්ලිමේන්තු මන්තී‍්‍ර ලක්ෂමන් සෙනෙවිරත්න මහතා පවසන්නේ අසරණයා ගිනි තබා ගත්තේ පක්ෂයෙන් කළ පෙළඹවීමක් මත බවයි. ඔවුන්ට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක කරන්නැයි මන්තී‍්‍රවරයා පොලීසියෙන් ඉල්ලා සිටියි.

රියන්සි අල්ගම මහතාගේ පශ්චාත් මරණ පරීක්ෂණය කොළඹ ජාතික රෝහලේදී දහවල් ආරම්භ කෙරුණි. මරණ පරීක්ෂණයට සාක්ෂි ලබාදීම සඳහා බිරිඳ සහ දරුවන්ද කොළඹට පැමිණ ඇත.

 unp-logo-3

Last Updated ( Tuesday, 27 July 2010 13:57 )  

Add comment


Security code
Refresh

en Sinhala-Ganna news-archive
march-side-add
UPFA-add_new