Banner
400x60-add-new cnews-new-logo 200x60-witm-mail mlp-add

ලංකාවේ ප‍්‍රවාහන ඇමති අළුත්ගම සිට මරදානට කෝච්චියේ

E-mail Print PDF

- මුහුදුබඩ දුම්රිය මාර්ගය රටට බරක් බවද කියයි.

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය සේවාව රටටත් රජයටත් බරක් වී ඇති බව ප‍්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම  මහතා පවසියි.  අමාත්‍යවරයා සදහන් කරන්නේ දුම්රිය මගින් නියමිත වේලාවට සිය සේවා ස්ථාන වෙත රැගෙන යාමට මෙම මාර්ගයේ නිලධාරීන් අසමත් වී ඇති බවයි. ඉදිරියේදී ඊට වගකිවයුතු නිලධාරීන්ට එරෙහිව දැඩි පියවර ගන්නා බවද කුමාර වෙල්ගම මහතා ප‍්‍රකාශ කර ඇත. අමාත්‍යවරයා මේ බැව් ප‍්‍රකාශ කළේ මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ගැටලූ පිළිබද සොයා බැලීම පිණිස සංචාරයක නිරත වූ අවස්ථාවේදීය. අමාත්‍යවරයා ගාල්ලේ සිට උදෑසන පැමිණෙන සාගරිකා දුම්රියට අලූත්ගම දුම්රිය ස්ථානයෙන් ගොඩ වී මරදාන දක්වාම පැමිණ ඇත. මෙහිදී දුම්රිය මගීන් තමන් මුහුණදී සිටින ගැටලූ පිළිබදව අමාත්‍යවරයාට කරුණු දැක්වීමට ඉදිරිපත් වී තිබේ.  දුම්රිය ප‍්‍රමාදයට විවිධ කරුණු ඉදිරිපත් කරන නිලධාරීන්ට දුරකථනයෙන් ඇමතූ අමාත්‍යවරයා කළ යුතු කාර්යයන් නිසි ලෙස සිදුකරන ලෙසට ඔවුන්ට උපදෙස් දී ඇත. දුම්රිය ස්ථානාධිපතිවරුන් මෙන්ම රියදුරන්ද  නියමිත වේලාවට රාජකාරියට නොපැමිණීම පිළිබදව ප‍්‍රවාහන අමාත්‍යවරයා මෙහිදී දුම්රිය බලධාරීන්ට පැමිණිලි කර සිටියේය.  අමාත්‍යවරයා සදහන් කළේ තමන් සියලූ මාර්ගවල සියලූ දුම්රියන්ට ගොඩවී මගීන්ගේ ගැටලූ පිළිබදව විමසීමට තීරණය කර ඇති බවයි.

 welgama_2

Last Updated ( Wednesday, 28 July 2010 08:46 )  

Add comment


Security code
Refresh

en Sinhala-Ganna news-archive
march-side-add
UPFA-add_new