රට වෙනුවෙන් වැඩ කිරීමට ඉදිරිපත් වන්නැයි ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා දෙස් විදෙස් බුද්ධිමතුන්ගෙන් ඉල්ලා සිටියේය. ජනාධිපතිවරයා අවධාරණය කළේ රටට සම්පතක් වන බුද්ධිමතුන්ට විලංගු දැමූ යුගය අවසන්ව ඇති බවයි. අරලියගහ මන්දිරයේදී පැවති ජනාධිපති පර්යේෂණ සම්මාන උළෙල අමතමින් මහින්ද රාජපක්‍ෂ මහතා මේ බැව් සදහන් කළේය. විවිධ ක්‍ෂෙත‍්‍රයන් තුළ නව නිපයුම් සදහා කරන ලද විද්‍යාත්මක පර්යේෂණ වෙනුවෙන් විද්‍යාඥයින් රැසකට මෙහිදී සම්මාන ප‍්‍රදානය කෙරිණී. උත්සවය අමතමින් වැඩිදුරටත් කථා කළ ජනාධිපතිවරයා පැවසුවේ සමෘද්ධිමත් ශී‍්‍ර ලංකාවක් පිළිබද බලාපොරොත්තුවක් මෙරටේ විද්‍යාඥයින්ටද ඇති බවයි. ඔවුන්ගේ දැනුම හා හැකියාව රට වෙනුවෙන් ලබාගැනීමට රජය විශේෂ අවධානය යොමුකර ඇති බව මහින්ද රාජපක්‍ෂ මහතා කියා සිටියේය. බුද්ධිමතුන්ට එරෙහි පීඩාකාරී පාලනයක් රට තුළ නැති බැවින් නිදහසේ තම දැනුම රට වෙනුවෙන් කැප කිරීමට ඔවුන්ට හැකියාව ඇති බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් ප‍්‍රකාශ කර සිටියේය.









