Banner
400x60-add-new cnews-new-logo 200x60-witm-mail mlp-add

සියදිවි නසාගැනීමේ පන්දුවට සජිත්ගෙන් ආරක්‍ෂාකාරී පහරක්

E-mail Print PDF

එක්සත් ජාතික පක්‍ෂ මූලස්ථානය ඉදිරිපිටදී සිරුරට ගිනි තබාගෙන මිය ගිය රියෙන්සි අල්ගම මහතාගේ මරණය සම්බන්ධයෙන් විධිමත් පරීක්‍ෂණයක් පවත්වන්නැයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර සජිත් පේ‍්‍රමදාස මහතා රජයෙන් ඉල්ලා සිටියි. මන්තී‍්‍රවරයා සදහන් කරන්නේ එම පරීක්‍ෂණය විනිවිදභාවයෙන් යුක්ත විය යුතු බවයි. මේ අතර එක්සත් ජාතික පක්‍ෂයේ සමගිය වෙනුවෙන් රියෙන්සි අල්ගම මහතා ජීවිතය පූජා කළ බව එම පක්‍ෂයේ මහලේකම් තිස්ස අත්තනායක මහතා පවසයි.  කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බැව් කියා සිටියේය. මෙය විරල ඝනයේ මරණයක් බව මාධ්‍ය හමුවට එක්වූ පක්‍ෂයේ නියෝජ්‍ය නායක කරූ ජයසූරිය මහතා කියා සිටියේය.

එක්සත් ජාතික පක්‍ෂ මූලස්ථානය අසලදී සිරුරට ගිනි තබා ගැනීම හේතුවෙන් බරපතල තුවාල ලබා සිටි රියෙන්සි අල්ගම මහතා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගියේය.

මේ අතර රියෙන්සි අල්ගම මහතාගේ දේහය පිළිබද අවසන් කටයුතු අද පස්වරුවේ වැලිගම ඉබ්බාවල රනමයුරගමදී සිදුකරන බව එක්සත් ජාතික පක්‍ෂය නිවේදනය කලේය.

 Sajith_Premada

Last Updated ( Wednesday, 28 July 2010 08:16 )  

Add comment


Security code
Refresh

en Sinhala-Ganna news-archive
march-side-add