Banner
400x60-add-new cnews-new-logo 200x60-witm-mail mlp-add

පැනගිය සෙබළුන්ට ලක්‍ෂ 3 බැගින් ගෙවීම නිසා ෆොනීට තව නඩුවක්

E-mail Print PDF

යුද හමුදාවෙන් පලාගිය සෙබලූන් පිරිසක් ගිනි අවි සමග නිවෙසක රදවා තැබීම පිළිබද ජෙනරාල් සරත් ෆොන්සේකාට සහ ඔහුගේ ලේකම්වරයෙකු බව කියන පුද්ගලයෙකුට අපරාධ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ කරුණු ගොණුකර තිබේ. අධිකරණ ආරංචි මාර්ග පවසන්නේ ඉකුත් ජනාධිපතිවරණයේදී මේ වෙනුවෙන් රුපියල් ලක්‍ෂ 3 ක මාසික මුදලක් ගෙවමින් කොළඹ නගරයේ බොරැල්ල ටිකල් පාරේ සුඛෝපභෝගි නිවසක් ලබාගෙන තිබූ බවයි. මේ සම්බන්ධයෙන් එම නිවස හිමි ව්‍යාපාරිකයාද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට කරුණු ඉදිරිපත් කර ඇත. මෙම කරුණු සලකා බැලූ කොළඹ මහේස්ත‍්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා බන්ධනාගාර අධිකාරීන්ට නියෝග කළේ ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා හා ඔහුගේ ලේකම්වරයෙකු බව කියන සේනක සිල්වා මහතා ලබන අගෝස්තු 2 වන දින අධිකරණය හමුවට ඉදිිරිපත් කරන ලෙසයි. මේ වන විට ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට එරෙහිව හමුදා අධිකරණයන් හමුවේ නඩු දෙකක්ද කොළඹ මහාධිකරණය හමුවේ තවත් නඩු කිහිපයක්ද ගොනු කර ඇත. මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කර ඇති පැමිණිලි සංඛ්‍යාවද දෙකකි.

 Fonyy

Last Updated ( Wednesday, 28 July 2010 08:26 )  

Add comment


Security code
Refresh

en Sinhala-Ganna news-archive
march-side-add
UPFA-add_new