Banner
400x60-add-new cnews-new-logo 200x60-witm-mail mlp-add

‘බස්සා කෝ - තෝ කනවා’ කියා පුතා එහෙමම ඇදගෙන වැටුනා

E-mail Print PDF

- සිසුවාගේ මව මරණ පරීක්‍ෂණයේදී සාක්‍ෂි දෙයි

‘බස්සා කෝ - තෝ කනවා’ කියා පුතා තුන් පාරක් කිවුවා. ඒත් එක්කම පුතා ඇදගෙන වැටුනා. යයි රුහුණු විශ්ව විද්‍යාලයේ සුසන්ත බණ්ඩාර සිසුවාගේ මරණය පිළිබඳව බදුල්ල මහේස්ත‍්‍රාත් හා අතිරේක දිසා විනිසුරුවරයා ඉදිරියේ සාක්‍ෂි දෙමින් සිසුවාගේ මව පවසා ඇත. වැඩි දුරටත් අදහස් දැක්වූ සිසුවාගේ ඇය මෙසේද පවසා ඇත.

‘‘පේරාදෙණිය රෝහලේදී මම පුතාට බත් කවමින් සිටියා. මම ඇහුවා ඇයි පුතේ පොලිසියෙන් ගැහුවේ කියලා. මට ගහපු පොලිසියක් නැහැ අම්මේ මට ගැහුවේ බස්සා කියන කොල්ලා. කාමරයට පැනලා පොලූ පාරවල් තුනක් ගැහුවා. දෙකක් ඔළුවට ගැහුවා. එකක් පිටට ගැහුවා. ඒ අමාරුව තමයි මට මේ මැහ වෙලාවෙම තිබුණේ කියලා කිවුවා. ගහන්න හේතුව කිවුවේ නැහැ. එදා එයාට තේරුණා එයාගේ ජීවිතය නැතිවෙන බව. ඒ නිසයි එදා එයා හැම දෙයක්ම මට කිවුවේ. බස්සා කියන්නේ කවුද ඇහුවාම කැම්පස් එකේ කාඞ් එකෙන් කියන නම කිවුවා. බස්සා අපේ පුතාට වඩා පහල පන්තියක ඉන්නේ.’’

මිය ගිය සුසුවාගේ පියා වන ආර්.ඩී. පියසේන මහතාද මෙහිදී සාක්‍ෂි දී ඇත.

පහර දීම හේතුවෙන් කරුණු අණාවරණය වන හෙයින් මේ පිළීබඳව පශ්චාත් මරණ පරීක්‍ෂණයක් පවත්වා අධිකරණයට වාර්තා කරන ලෙස බදුල්ල මහේත‍්‍රාත්වරයා පොලීසියට නියෝග කර ඇත.

sus-bandara
Last Updated ( Wednesday, 28 July 2010 11:38 )  

Add comment


Security code
Refresh

en Sinhala-Ganna news-archive
march-side-add
UPFA-add_new