සැඟවුණු ‘බස්සා’ ඊයේ රාත‍්‍රියේ ජවිපෙ මූලස්ථානයේ
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය අද පස්වරුවේ විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට සිට පා ගමනින් ගොස් පොලිස් මූලස්ථානය ඉදිරිපිට සත්‍යග‍්‍රහයක් පැවැත්වීමට සූදානමින් සිටින බව වාර්තා වෙයි. පොලිස් පහර දීම් නිසා මිය ගියේ ඔවුන් පවසන සුසන්ත බණ්ඩාර සිසුවාගේ මරණය සම්බන්ධයෙන් සිය විරෝධය පල කිරීමට මෙම ක‍්‍රියාමාර්ග ගත් බව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු උඳුල් පේ‍්‍රමරත්න මාධ්‍ය වෙත ප‍්‍රකාශ කර තිබුණි. කෙසේ වෙතත් සිසුවාගේ මව දිගින් දිගටම පවසා ඇත්තේ තම පුතු මිය යන්නට පෙර තමන් සමඟ පවසා සිටියේ බස්සා නම් සිසුවා විසින් පොලූ පහර එල්ල කිරීමකට ලක් වූ බවත් පොලීසිය තමන්ට පහ දීමක් සිදු නොකල බවත්ය.
මේ අතර විශ්වාස කටයුතු ජවිපෙ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ මිනීමැරුම් චෝදනාව එල්ල වී ඇති ‘බස්සා’ නොහොත් බස්නායක නම් සිසුවා පැලවත්තේ පිහිටි ජවිපෙ මූලස්ථානයේ ඊයේ රාත‍්‍රියේ නවාතැන් ගෙන ඇති පවයි.










