රියෙන්සි අල්ගම නමැත්තා සිය දිවි නසා ගැනීමත් සමගම එක්සත් ජාතික පක්‍ෂය තුළ වූ අර්බුදය යළි උත්සන්න වී තිබේ. එහි ප‍්‍රතිඵලය වී ඇත්තේ පක්‍ෂයේ කණ්ඩායම් දෙකක් මෙම මරණය සම්බන්ධයෙන් විවිධ චෝදනා එල්ල කිරීමයි. ඇතැම් කණ්ඩායම් අප‍්‍රසිද්ධියේ චෝදනා එල්ල කරන අතර සිද්ධියට අදාළ පරීක්‍ෂණ පවත්වන ලෙස තවත් පිරිසක් ඉල්ලා සිටිති. මේ අතර මියගිය රියෙන්සි අල්ගම මහතා සමීපව ඇසුරු කළ ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රථම පාර්ලිමේන්තු මන්තී‍්‍ර ජනිත් විපුලගුණ මහතා සදහන් කරන්නේ මෙම සිද්ධිය හුදෙකලා සිදුවූවක් නොවන බවයි. මියගිය පුද්ගලයාගේ හැසිරීම් රටාව පිළිබද තමන් හොදින් දන්නා බවද ජනිත් විපුලගුණ මහතා සදහන් කර ඇත. මේ අතර මියගිය පුද්ගලයාගේ බිරිද හා පුතා පැවසුවේ සිද්ධිය සම්බන්ධයෙන් කිසිවක් තේරුම් ගැනීම අසීරු බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් විනිවිදභාවයෙන් යුත් පරීක්‍ෂණයක් පවත්වන ලෙස හම්බන්තොට දිස්ති‍්‍රක් එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්තී‍්‍ර සජිත් පේ‍්‍රමදාස මහතා ඉල්ලා සිටියි. එහෙත් එක්සත් ජාතික පක්‍ෂ මහලේකම් තිස්ස අත්තනායක මහතා සදහන් කළේ පක්‍ෂය තුළ සමගිය ඇති කිරීම ඔහුගේ එකම අභිප‍්‍රාය වූ බවයි. මේ අතර රියෙන්සි අල්ගම මහතාගේ දේහය පිළිබද අවසන් කටයුතු අද පස්වරුවේ වැලිගම ඉබ්බාවල රනමයුරගමදී සිදු කෙරෙයි.










