රුහුණු විශ්ව විද්‍යාලයේ සිසුවාගේ මරණයට විරෝධය පාමින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය කොළඹ කොටුව දුම්රිය පොල අවුරා දමමින් උද්ඝෝෂණ ක‍්‍රියාමාර්ගයක් ආරම්භ කොට ඇත. සිසුන් පිරිසක් විසින් කර ඇති මේ අවහිර කිරීම නිසා දස දහස් සංඛ්‍යාත කාර්යයාල සේවක සේවිකාවන් ඇතුලූ පොදු මහ ජනතාව බලවත් අසීරුතාවයකට පත්ව ඇත.
ප‍්‍රදේශයේ ආරක්‍ෂාව දැඩි කර ඇති අතර අනවශ්‍ය කලබලයක් හෝ මහජනයා පීඩාවට ලක් කිරීමක් සිදුවුවහොත් කලහකාරී සිසුන් විසුරුවා හැරීම සඳහා පොලිස් කැරළි මර්ධන ඒකකය, ජල බවුසර් හා කඳුළු ගෑස් ආදිය පෙනෙන මානයේ සූදානම්ව තිබන බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
(ඡයාරූපය ජවිපෙ lankatruth වෙබ් අඩවියෙනි)










