සිරුරට ගිණි තබා ගෙන සිය දිවි නසා ගත් රියෙන්සි අල්ගම යන එක්සත් ජාතික පාක්‍ෂිකයාගේ මරණයට ප‍්‍රතිසංවිධාන කමිටුව ඍජු ලෙස වගකිව යුතු යැයි රත්නපුර දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර රංජන් රාමනායක පවසයි. ඔහු මෙම ප‍්‍රකාශය කරනු ලැබුවේ රියෙන්සි අල්ගම සිය දිවි නසා ගැනීමට පෙලඹවූ කණ්ඩායමක් සිටින බවට එක්සත් ජාතික පක්‍ෂයේ උප සභාපතිවරයෙකු වූ ලක්‍ෂ්මන් සෙනවිරත්න කර ඇති ප‍්‍රකාශය පිලිබඳව පිලිතුරු වශයෙනි.
වැඩි දුරටත් අදහස් දැක්වූ රංජන් රාමනායක මන්තී‍්‍රවරයා පැවසූවේ, අනවශ්‍ය වේලාවක ප‍්‍රතිසංවිධානයක් ගැන කෑගසමින් පක්‍ෂ සාමාජිකයන් අර්බූදයට යැවු පිරිස සැබවින්ම මෙම අපරාධයට වගකිව යුතු බවය.
නායකයා ඉවත් කිරීමට උත්සාහ කල පිරිස පසුව පක්‍ෂය දෙකඩ කිරීමට ප‍්‍රයන්ත දැරූ බවත්, එනිසාම පක්‍ෂයට හිතැති පිරිස් බොහෝ කලකිරීමට පත්වී සිටිි බවත් පැවසූ රංජන් රාමනායක රියෙන්සි අල්ගම සිය දිවි නසා ගත්තේ මෙවැනි පරිසරයක් තුල බවද අවධාරණය කර සිටී.










