Banner
400x60-add-new cnews-new-logo 200x60-witm-mail mlp-add

නිවසකට ඇතුළු වූ වල්ඌරෙක් ලක්‍ෂ 4ක අලාභයක් කරලා

E-mail Print PDF

මුරුතලාව ප්‍රදේශයේ දෙමහල් නිවසකට රාත්‍රියේ ඇතුළුවූ වල් ඌරෙකු නිවස තුළ පැය 10කට ආසන්න කාලයක් රැඳී සිටිමින් රුපියල් ලක්ෂ 04ක පමණ අලාභයක් සිදුකර ඇත.

නිවසේ රූපවාහිනී යන්ත්‍රය, කැසට් යන්ත්‍රය ඇතුළු විද්‍යුත් උපකරණ රැසකටද ගෘහ උපකරණ විශාල ප්‍රමාණයකට ඌරා අලාභ කර තිබේ. නිවැසියන් අසල්වැසි නිවසක උත්සවයක් සඳහා සහභාගිවීමට ගොස් සිටියදී ඌරා නිවසට ඇතුළුවී තිබෙන බව පොලිසිය පවසයි.

නිවසට ඇතුළුව අලාභ කරමින් සිටි ඌරා පලවාහැරීමට ගත් සියලු උත්සාහයන් ව්‍යාර්ථ වීමෙන් පසු නිවැසියන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයට ඒ පිළිබඳ දැනුම්දී ඇත. පසුව එහි පැමිණි පශු වෛද්‍යපීඨ වෛද්‍යවරුන් දෙදෙනකු නිර්වින්දන එන්නතක් ඌරාට විද ඇත.

ඒ සමඟ ඌරා නිවසින් පිටව ගොස් තිබේ.

 pig-1

 

Add comment


Security code
Refresh

en Sinhala-Ganna news-archive
march-side-add
UPFA-add_new