Banner
400x60-add-new cnews-new-logo 200x60-witm-mail mlp-add

'කැලණියේ ඩෙංගු මරණවලට දොස්තරලා ගස් බඳිනවා'.. මර්වින්

E-mail Print PDF

මින් ඉදිරියට කැළණිය ආසනය තුල ඩෙංගු උණ නිසා පුද්ගලයෙකු ජීවිතක්‍ෂයට පත් වුවහොත් ඊට වගකිව යුතු රාජ්‍ය නිලධාරීන් ගස් බඳින් බව මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය මර්වින් සිල්වා මහතා පවසා තිබේ. වෛද්‍යවරුන්ට අමතරව ග‍්‍රාමසේවක වරයා, සමෘද්ධි නිළධාරියා, ප‍්‍රාදේශීය සභා සභාපතිවරයා, මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරයා යන නිළධාරීන්ද අමාත්‍ය මර්වින් සිල්වා මහතාගේ චෝදනා වලට ලක් වූවන් වෙති. අමාත්‍යවරයා මෙලෙස පවසා ඇත්තේ විශේෂ මාධ්‍ය සාකච්ඡවක් කැඳවමිනි.

අමාත්‍යවරයා පවසා ඇත්තේ ඩෙංගු මරණයක් සිදුවුවහොත් එම මරණකරුගේ නිවස ඉදිරිපිට මෙම නිළධාරීන් ගස් බැඳ තබන බවයි. මානව හිමිකම් තමාට අවශ්‍ය නැති බවත් අවශ්‍ය වන්නේ ඩෙංගු මාරයාගෙන් මහජනයා බේරා ගැනීම බවත් පවසා ඇති ඔහු තම බල ප‍්‍රදේශයේ මෙම වසංගතය මැඬලීම සඳහා ලබන මස 01 වැනිදා මහා පරිමාණ ඩෙංගු මර්ධන වැඩපිළිවෙලක් ක‍්‍රියාත්මක කරන බවද පවසා ඇත.

මෙම පුවත්පත් සාකච්ඡාවට කැලණි ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මධ්‍යම සංවිධානයේ ලේකම් ප්‍රාදේශීය සභාපති සරත් චන්ද්‍ර ඩයස්‌ල, කැලණි ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රසන්න රණවීර, ප්‍රාදේශීය සභා මන්ත්‍රී හසිත මඩවල, ප්‍රාදේශීය සභා මන්ත්‍රී මිල්රෝයි පෙරේරා යන මහත්වරු ඇතුළු පිරිසක්‌ ද සහභාගි වී තිබේ.

 mervin-election

Last Updated ( Thursday, 29 July 2010 08:48 )  

Add comment


Security code
Refresh

en Sinhala-Ganna news-archive
march-side-add
UPFA-add_new