නීතියෙන් වෙන්කර දී ඇති නිවාඩු අනිවාර්යයෙන් ලබා ගන්නැයි ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා රාජ්‍ය සේවකයන්ට උපදෙස් ලබාදෙයි. රටේ සංවර්ධනය දැක බලා ගැනීමට සහ සුන්දරත්වය විදීමට එය අවස්ථාවක් කර ගන්නා ලෙස ජනාධිපතිවරයා ඉල්ලා සිටියේය. වෘත්තීය සමිති නියෝජිතයන් පිරිසක් සමග අරලියගහ මන්දිරයේ ඊයේ පස්වරුවේ පැවති සාකච්ඡවකදී මෙම ඉල්ලීම කෙරුණි.
මේ අතර හිටපු අගමැතිනියක වන අභවප්ප‍්‍රාත සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියගේ ගුණානුස්මරණ වැඩසටහනකට ජනාධිපතිවරයා ඊයේ පස්වරුවේ සහභාගි වුණේය. අරලියගහ මන්දිරයේදී මෙම වැඩසටහන සංවිධාන කර තිබුණේ බණ්ඩාරනායක මහත්මිය ලොව ප‍්‍රථම අගමැති ලෙස පත්වී වසර 50 සපිරීම නිමිත්තෙනි. මාතෘ භූමියේ කීර්තානාමය ආරක්‍ෂා කර ගැනීම බණ්ඩාරනායක මහත්මියට කළ හැකි ඉහළම උපහාරය බව ජනාධිපතිවරයා මෙහිදී ප‍්‍රකාශ කළේය.










