කැලණිතිස්ස බලාගාරය අසළින් බේස්ලයින් මාර්ගයට පිවිසෙන බණ්ඩාරනායක වටරවුමේ සිට බොරැල්ල ආයුර්වේද වටරවුම දක්වා වූ මාර්ගයේ කිසියම් ලිහිසි තෙල් වර්ගයක් වැටී ඇති බව වාර්තා වෙයි.
ඒ හේතුවෙන් මාර්ගය ලිස්සන සුළු බැවින් වාහන ධාවනයේදී සැළකිලිමත් වන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.










