එජාප ප‍්‍රතිසංවිධානයට විරුද්ධ පාර්ශවයේ මන්ත‍්‍රීවරයෙක් විසින් සූදානම් කර ඇති සැලසුමක් වන මෙයට ගින්නෙන් මියගිය රියන්සි අල්ගම මහතා එකඟ වී ඇත්තේ ගිනිතබා ගෙන මිය යෑමට නොවේ. ඔහු එකඟ වී ඇත්තේ පෙට‍්‍රල් වලට ජලයද මුසුකොට, ගිනි ගත්තද පිළිස්සුම් තුවාල ලැබ දින කිහිපයකින් සුව වී ගෙදර යන්නටය. නමුත් කුමන්ත‍්‍රණකාරී ලෙස අසල ඉන්ධන පිරවුම්හලෙන් ගෙන ජලයද මිශ‍්‍ර කොට ඇති බව පවසමින් ඔහු වෙත දී ඇත්තේ අධිබල සුපිරි පෙට‍්‍රල්ය. එය හිස් ඉන්ධන ගැලූමේ රසායනික පරීක්‍ෂාවෙන් තහවරු වනු ඇතැයිද පැවසේ. එමෙන්ම ඔහු ගිනි තබා ගත් දා රාත‍්‍රියේ රෝහල් ගත කල පසු මහරෝහලේ වෛද්‍යවරුන් මෙන්ම රෝහල් අධ්‍යක්‍ෂවරයාද පවසා ඇත්තේ ගින්නෙන් ඔහුගේ මතුපිට සමෙන් 90%ක් පිලිස්සී ඇති බවයි. ඔවුන් නොපවසා ඇත්තේ එලෙස වීමට නම් පෙට‍්‍රල්, ඞීසල්, භූමිතෙල් ආදී ඉන්ධන සැලකිය යුතු ප‍්‍රමාණයක් අවශ්‍ය බවය. අධිබල පුපරන ද්‍රව්‍යයක් වන ‘සී-4’ ප‍්‍රහාරයකට පසුවද මතුපිට හමේ 90%ක දැඩි පිළිස්සුම් තුවාල ලබන්නේ නැත.
පොලීසියද මෙය දැනුවත් මිනීමැරුමක් නොවේ නම් සිරිකොත ඉදිරිපිටදී ගිනිතබා ගත් පසු කිසිවෙක් ගින්න නිවා දැමීමට ක‍්‍රියාකාරීව ඉදිරිපත් නොවූයේ මන්ද යන්න ගැන සැක පහල කරයි. ගින්න නිවීමට මිනිසුන් එසැනින් ඉදිරිපත් වීමට සූදානම් වුවත් අසල සිටි ‘මිනීමැරුමේ’ සංවිධායකයන් විසින් ඔවුන් වළකා තිබීමත් සැක කටයුතු බැවින් ආරක්‍ෂක අංශ ඒ ඔස්සේද සිය පරීක්‍ෂණ කටයුතු පුළුල් කර ඇති බව පැවසේ.
අප වෙත තොරතුරු ලබා දුන් මන්ත‍්‍රීවරයා පැවසූයේ මෙය දැනුවත් කුමන්ත‍්‍රණයක් සහ මිනීමැරුමක් බව ඔප්පු කිරීමට අවශ්‍ය සාක්‍ෂි තමන් සතුව ඇති බැවින් අදාල නීතිමය කටයුතු සඳහා රහස් පොලීසිය වෙත තමන් පැමිණිලි කිරීමට සූදානම් බවත්ය.









