Banner
400x60-add-new cnews-new-logo 200x60-witm-mail mlp-add

ෆොන්සේකාගේ ඇඟිලි සළකුණුත් ගනියි

E-mail Print PDF

සරත් ෆොන්සේකා පළමුවරට අද කොළඹ මහාධිකරණයට ඉදිරිපත් කෙරුණි. යුද්ධය පැවැති අවසන් සමයේ සුදු කොඩි රැගෙන එන එල්.ටී.ටී.ඊ. නායකයින්ට වෙඩි තබන ලෙස ආරක්ෂක ලේකම්වරයා නියෝග කළ බවට ෆොන්සේකා මහතා කළ ප‍්‍රකාශයක් මත අදාළ නඩුව ගොනු කර ඇත. නඩු විභාගය මහාධිකරණයට ගොනු කළේ කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණයේදී කෙරුණු මූලික කරුණු විභාගයකින් අනතුරුවය. මහාධිකරණයේදී එය ති‍්‍රපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලෙයි. එම විනිසුරු මඩුල්ල නඩු විභාගය සැප්තැම්බර් මස 27 වනදා ඇරඹීමට අද තීරණය කළේය. එදිනට පෙර ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ ඇගිලි සලකුණු වාර්තාවක් ලබාගන්නා ලෙස අධිකරණ නිලධාරීන්ට නියෝග කෙරිණි.

කොළඹ මහාධිකරණයේ අද නඩුව කැඳවන විට එම අවට ප‍්‍රදේශයේ ආරක්ෂාව තර කර තිබූ බවද වාර්තා වෙයි.

 foni-01

Last Updated ( Thursday, 29 July 2010 14:18 )  

Add comment


Security code
Refresh

en Sinhala-Ganna news-archive
march-side-add
UPFA-add_new