Banner
400x60-add-new cnews-new-logo 200x60-witm-mail mlp-add

ෆිදෙල් කස්ත්‍රෝ නැවත ජනතාව අතරට

E-mail Print PDF

විශ‍්‍රාමික දිවියේ සිවු වසරකින් පසු කියුබාවේ හිටපු ජනාධිපති ෆිදෙල් කස්ත්‍රෝ දැන් සති කිහිපයක සිට එරට ප‍්‍රසිද්ධ ජනහමු සඳහා පැමිණෙමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා පල කර සිටියි.

අසූතුන් හැවිරිදි වියේ පසුවන ෆිදෙල් කැස්ත්‍රෝ හිටපු ජනාධිපතිවරයා සිය විශ‍්‍රාමික දිවියෙන් පසුව ප‍්‍රථමයෙන්ම එරට ජාතික මින්මැදුර නැරඹීම සඳහා සහභාගී වී ඇතැයි වාර්තා වෙයි. චාම් අඳුමකින් සැරසුනු පැසුනු හිසින් යුත් කස්ත්‍රෝ ඩොල්පින් මත්ස්‍ය සංදර්ශණයක් නරඹා මින් මැදුරේ සේවකයන් සමඟ කතාබහ කරනු එරට රූපවාහිනී නාලිකා විසින්ද ප‍්‍රචාරය කර තිබේ.

කියුබානු ජාතික මින්මැදුරේ සේවය කරන වෛද්‍ය සිසිලියා ගුවේරා මා ඕ මැතිණිය සමඟද හිටපු ජනාධිපති කස්ත්‍රෝ සුහද සාකච්ඡවක්ද පවත්වා තිබේ. වෛද්‍ය සිසිලියා ගුවේරා යනු කැස්ත්‍රෝ සමඟ කියුබානු විප්ලවයට එක්වූ චේගුවේරාගේ ආදරණීය දියණියයි. කැස්ත්‍රෝ ඇය සමඟ පවුලේ තොරතුරු ආදිය කතා කරනු දක්නට ලැබුනු බව කියුබානු මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පල කර සිටියේය.

මෙසේ සෙමින් සෙමින් දේශපාලන කරළියට පැමිණි කැස්ත්‍රෝ ඉකුත් දිනවලදී ඔහුගේ දේශපාලන ලිපි මඟින් කරුණු දෙකක් පිළිබඳ මෙනෙහි කර සිටියේය. ඔහු කියා සිටින්නේ වත්මන් ලෝකය ඛේදවාචකයන් දෙකකට මැදි වී සිටින බවයි. ඒ නෘෂ්ඨික යුද්ධය හා ගෝලීය උණුසුමට මැදිවීම හේතුවෙන් පාරිසරික තර්ජනයට ගොදුරුව තිබීම යන කරුණු දෙක කැස්ත්‍රෝ පෙන්වා දෙන ඛේදවාචකයෝය.

බී.බී.සී. හා ප‍්‍රංශ පුවත් සේවය ඇසුරිණි

fidel

 

Add comment


Security code
Refresh

en Sinhala-Ganna news-archive
march-side-add
UPFA-add_new