- කේ.පී. ගැන කෙහෙළිය නොකියා කියයි
ඕනෑම බරපතල වරදකරුවෙකු රජයේ සාක්‍ෂිකරුවෙකු ලෙසට යොදා ගැනීමට පවත්නා නීතිය මගින් ඉඩ ලබාදී තිබෙන බව ජනමාධ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා කියයි. අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ ප‍්‍රවෘත්ති සාකච්ඡාවේදී ඇමතිවරයා ඒ බව කීය. එහෙත්, කොටි නායකයෙකු වන කුමාරන් පත්මනාදන් හෙවත් කේ.පී. සම්බන්ධයෙන් එවැනි පියවරක් ගන්නේද යන්න පිළිබඳව තමන් මේ මොහොතේදී කිසිවක් නොපවසන බව රඹුක්වැල්ල මහතා කීය.
කේ.පී. රජයේ සාක්‍ෂිකරුවෙකු ලෙසින් යොදාගැනීමට යන බවට වන වාර්තා සම්බන්ධයෙන් අසනු ලැබූ ප‍්‍රශ්ණයකට පිළිතුරු වශයෙන් ඔහු ඒ බව කියා සිටියේය.










