පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ අධ්‍යක්ෂක මෙන්ම ලන්ඩනයේ කිංග්ස් කොලේජ්හි ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වරයෙකු ද වන වෛද්‍ය අතුල සුමතිපාල මහතා හට 11 වන අන්තර් ජාතික චර්යා වෛද්‍ය විද්‍යාව පිළිබඳ සම්මේලනයේ ප‍්‍රධාන දේශනය පැවැත්වීම සඳහා ආරාධනා කර ඇත. මෙම සමුළුව 2010 අගෝස්තු මස 4 වන දින ඇමරිකාවේ ග‍්‍රෑන්ඞ් හයිට් වොෂින්ටන්- වොෂින්ටන් ඞී.සී. හී දී පැවැත්වේ. වෛද්‍ය විද්‍යාත්මකව පැහැදිලි කල නොහැකි රෝග ලක්ෂණ (කාය රූපී රෝග) යන තේමාව යටතේ මෙම දේශනය පැවැත්වීමට නියමිත අතර වෛද්‍ය සුමතිපාල මහතා පසුගිය වසර 20ක කාලයක් තුල මෙම විෂය සම්බන්ධ පර්යේෂණ රැසක් සිදුකර ඇති ලෝකයේ පිළිගත් පර්යේෂණ විශේෂඥයෙකි.
ශ‍්‍රී ලාංකීය ජාතියේ සළකුණ දරාගෙන මව්බ්මට අභිමානය කැන්දන්නට වොෂින්ටනය බලා යන වෛද්‍ය අතුල සුමතිපාල මහතාට අපේ සුභ පැතුම්.









