හුණුපිටිය ගංගාරාම වැව පාරේ පිහිටි වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලයට අයත් ගොඩනැගිලි සංකීර්ණයට සන්නද්ධ ප‍්‍රහාරයක් එල්ල වී තිබේ. සියත ටීවී සියත එෆ්එම් සහ වෙට්රි එෆ්එම් යන මාධ්‍ය ආයතනවල ප‍්‍රවෘත්ති කාමරවලට මෙම ප‍්‍රහාරය එල්ල වූ බව එහි සේවකයන් පවසයි. මුහුණු ආවරණය කරගෙන පැමිණි 12 දෙනෙකුගෙන් පමණ සමන්විත කණ්ඩායමක් අලූයම 1ට පමණ ප‍්‍රහාරය එල්ල කළ බව ඔවුන් ප‍්‍රකාශ කළහ. ඒ පිළිබඳ පැමිණිලි කර ඇත්තේ කොම්පඤ්ඤවීදිය පොලීසියටය. පොලිස් කණ්ඩායමක් පැමිණ මේ වන විට පරීක්ෂණ ආරම්භ කර ඇති අතර ප‍්‍රහාරයෙන් ප‍්‍රවෘත්ති අංශයේ සේවකයකු තුවාල ලබා තිබේ. ප‍්‍රහාරයට පැමිණි පිරිස් ප‍්‍රවෘත්ති කාමරවලට ගිනි තබා ඇතැයි පොලීසියට ලැබුණු පැමිණිල්ලේ සඳහන් වේ. එය නිවා දැමූයේ ගිනි නිවන ඒකකයේද සහභාගිත්වයෙන් බව වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලයේ පරිපාලනය ප‍්‍රකාශ කළේය.










