මෙරට මවුකිරි දීමේ ප‍්‍රතිශතය කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇතැයි නවතම වාර්තා පෙන්වාදෙයි. කොළඹ ඊයේ පැවති සම්මන්ත‍්‍රණයකදී අනාවරණ කෙරුනේ උපතේ සිට මාස 04 ක් දක්වා දරුවන්ට මව්කිරි දීමේ ප‍්‍රවනතාව 1993 දී සියයට 18ක් පමණක් වූ බවයි. එහෙත් මේ වනවිට එම ප‍්‍රවනතාව සියයට 83 ක් දක්වා ඉහළ ගොස් තිබේ. පවුල් සෞඛ්‍ය කාර්යංශයේ විශේෂඥ වෛස ධම්මිකා රොවෙල් මහත්මිය ඒ පිළිබඳ පැහැදිලි කිරීමක් කරමින් පැවසුවේ මෙය දකුණු ආසියාවේ ආශ්චරයයක් බවයි.
කෙසේ වෙතත් තවමත් මෙරට දරුවන් විශාල ප‍්‍රමාණයකට මවුකිරි උරුමය අහිමිවී තිබේ. ඔවුන්ට ද මවුකිරි උරුමය දිනා දීම මීළ`ග ඉලක්කය බව මෙහිදී ප‍්‍රකාශ කෙරුණි.
මව්කිරි දීම පිළිබඳ සමාජයේ ව්‍යප්ත වී ඇති දුර්මත නිවැරැදි කිරීම ප‍්‍රමුඛ අවශ්‍යතාවක් වන අතර ලබන මස 01 වැනිදා සිට 07 වැනිදා දක්වා යෙදී ඇති මවුකිරිදීමේ සතියේදී ඒ වෙනුවෙන් වැඩසටහන් කිහිපයක් දියත් කෙරෙනු ඇති.’’මවුකිරි මිස කිරිකැටියාට වෙන කිසිවක් නැත මිහිපිට’’ යන්න මෙවර මවුකිරි දීමේ සතියේ තේමාවයි.










