Banner
400x60-add-new cnews-new-logo 200x60-witm-mail mlp-add

පළමු ශ්‍රේණියට ළමයින් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ ඇරඹේ

E-mail Print PDF

රජයේ පාසල්වල පළමු ශ්‍රේණියට ලබන වසර සඳහා සිසුන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ දැන් ආරම්භ කර තිබේ.  අධ්‍යාපන අමාත්‍යංශය පැවසුවේ සම්මුඛ පරීක්ෂණ පවත්වන දිනය තීරණය කිරීමේ බලය විදුහල්පතිවරුන් වෙත පවරා දී ඇති බවයි. කෙසේ වෙතත් සැප්තැම්බර් මස 15 වැනිදා වන විට සම්මුඛ පරීක්ෂණ අවසන් කළ යුතු වෙයි. තෝරා ගන්නා සිසුන්ගේ තාවකාලික ලේඛනය සැප්තැම්බර් 30 වනදා ප‍්‍රසිද්ධ කළ යුතුයි. ඒ පිළිබඳ අභියාචනා භාර ගැනීම එදින සිට ඔක්තෝබර් 14 වැනිදා දක්වා සිදු කෙරෙයි. ඒවා විභාග කෙරෙන්නේ ඔක්තෝබර් 20 වැනිදා සිට නොවැම්බර් 20 වැනිදා දක්වායි.  පාසල්වලට ඇතුළත් කර ගන්නා සිසුන්ගේ අවසාන ලේඛනය දෙසැම්බර් මස පළමුවැනිදා ප‍්‍රසිද්ධියට පත් කෙරෙයි. ලබන වසර සඳහා පාසල් ආරම්භ කරන පළමු දිනයේදී එක ශ්‍රේණිය ද අධ්‍යාපන කටයුතු ආරම්භ කළ යුතු බවද අධ්‍යාපන අමාත්‍යංශය ප‍්‍රකාශ කරයි.

 

Add comment


Security code
Refresh

en Sinhala-Ganna news-archive
march-side-add
UPFA-add_new