බේරුවල ප‍්‍රදේශයේ පවත්වාගෙන යන නීති විරෝධි රේඩියෝ නාලිකාවක් පිළිබඳ තොරතුරු හෙළි වී ඇතැයි විදුලි සංදේශ නියාමන කොමිසන් සභාව පවසයි. එහි අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට මහතා පවසන්නේ බේරුවල ප‍්‍රදේශය පුරා මෙහි විකාශ කටයුතු සිදු කෙරෙන බවයි. එය පවත්වාගෙන යන පුද්ගලයන් වහා අත්අඩංගුවට ගන්නැයි බේරුවල පොලිසියට උපදෙස් දී තිබේ. එහි ස්ථානාධිපතිවරයා පැවසුවේ නීති විරෝධි මෙම රේඩියෝ නාලිකාව පවත්වාගෙන යන්නේ ආගමික සිද්ධස්ථානයක යැයි සැක කරන බවයි.
මේ අතර නීති විරෝධි නාලිකා දෙකක් පිළිබඳ තොරතුරු මීට පෙර හලාවත ප‍්‍රදේශයෙන්ද හෙළි කර ගැනුණි.









