Banner
400x60-add-new cnews-new-logo 200x60-witm-mail mlp-add

සහෝදර සිසුන්ගේ ඔළු පලන අන්තරේ අළුගෝසුවනි,

E-mail Print PDF

විමල් වීරවංශගේ පාක්ෂිකයින්ට පහර දුන් පොලිසියට ගුටි කෑවුන් විසින් පෙරලා පහරදීම ගැන මාධ්‍ය නිවේදනයක් නිකුත් කළ ජවිපෙ පොලිසියේ රාජකාරියට බාධා කළවුන් වහා ම අත් අඩංගුවට ගත යුතු යැයි කීවේ ය. එදා පොලිසිය කිසිදු වග විභාගයකින් තොරව පහර දුන්නේ තමන්ට නොවන නිසාත් තමාගේ අංක එකේ හතුරා ලෙස සලකන්නාට නිසාත් ජවිපෙ වහා ම පොලිසිය වෙනුවෙන් පෙනී සිටියේ ය.
ඉතිහා‍සයේ හැමදාම ආණ්ඩුවේ මුර බල්ලන් යැයි පොලිසියට බැණ වැදුණු ජවිපෙට කන්න හිතුණා ම කබර ගොයා තළගොයා කර ගත්තේ එසේ ය. මේ රටේ හතුරන් වෙනුවෙන් ලියන බ්ලොග්කරුවෝ ද එදා පොලිසිය රැක්කේ මුර බල්ලන් ලෙස ය. ඔවුන් මේ කිඹුල් කඳුලු හෙළන්නේ සිය සතුරාට රිදවීම නිසා මිස පොලිසිය කෙරෙහි ඇති කැමැත්තකට නොවන බව අපි එදා කීවෙමු.
ඔවුන් අපි එදා පොලිසියේ පහර දීම පමණක් නො ව පෙරලා පොලිසියට පහර දීම ද හෙළා දුටුවෙමු. එවිට ඔවුන් කීවේ නීතිය සාමය සුරැකීමට පොලිසියට බාධා නොකළ යුතු බවය. පොලිසිය නීතිය සාමය සුරකින විට මිනිසුන් මළ කඳන් වීමත් සමහරුන්ට දින ගණන් රෝහල්වල ප්‍රතිකාර ගන්න සිදුවීමත් අපට ගැටලුවක් වුව ද ඔවුන් එය ගැටලුවක් වූයේ නැත. එහෙත් අනුර කුමාර අද කියන්නේ පොලිස්පති ඉල්ලා අස්විය යුතු බවකි. ඒ රුහුණු සරසවි සිසුවාගේ මරණය ගැන මුලින් මරණ පරීක්ෂණ වාර්තාවේ හේතුව කියවීම සහ පසුව එය මිනී මැරුමක් විය හැකැයි කීම නිසා ය.
එදා තම සතුරාට පහර දුන් විට සිය ඉෂ්ට දේවතාව වූ පොලිසිය අද ජවිපෙ හතුරා වී තිබේ. පොලිසිය එරෙහිව සටන් පාඨ කියමින් පෙළපාලි යන අන්තරේ වස්සන් ටික මහ පාරේ ය. කෙසේ හෝ පොලිසිය සමග ගැටුමක් ඇති කර මේ එක නාම්බෙක් එළා ගත්තොත් ජවිපෙට තව මාස ගාණක් ඒ මළ කුණ විකිණිය හැකි ය. '........ ..... සහෝදරයාට අපේ විප්ලවීය ආචාරය' යැයි පෝස්ටර් ගැසිය හැකි ය. මිනී පුළුටු සුවඳ නැති වීට හුස්ම ගත නොහැකි පිශාචයින් පිරිසක් අද ජවිපෙ මුල් පුටු අරක් ගෙන සිටිති. මොවුන් පසුපස යන වඳුරු පෝතකයින් එය අවබෝධ කරගත යුතු ය.
ලැබී ඇති සාධක අනුව මේ සිසුවාගේ මරණයට අන්තරේ බස්සා මෙන් ම පොලිසියේ අළුගෝසුවන් ද වගකිව යුතු ය. මේ දෙපිරිසට ම අනෙකාට වගකීම පවරා මාරුවීමට ඉඩ දිය යුතු නැත. ප්‍රභාකරන්ට පසු ලංකාවේ ප්‍රසිද්ධ ඝාතන, මැර ක්‍රියා බොහෝ ගණනක් කර ඇත්තේ පොලිසියයි. මේ වන විට මහජන මුදලින් නඩත්තු වන ජඩම ආයතනට බවට පොලිසිය පත්ව තිබේ. (පොලිසියේ යහපත් මහත්වරු ඇත්නම් කමත්වා!)

තම සහෝදර සිසුවෙකුගේ හිස පරිගණකයකින් ගසා දෙපලු කළ හැකි අළුගෝසුවන්ය අද අන්තරේ ඇත්තේ. මේ නිල නොලත් මැර රංචු දෙක මර්දනය කිරීමට හමුදාව යෙදවීමට සිදුවන තත්ත්වයකි දැන් උදා වී ඇත්තේ. ජනතාව මෙන් ම නීති ක්‍රියාත්මක කරන වුන් ද නීති ආරක්ෂා කළ යුතු ය. එසේ නොකර කකුළු පැටවුන්ට කෙළින් පලයන් යැයි කීමෙන් පලක් වෙද?

නාමල් උඩලමත්ත 

 alt

 

Add comment


Security code
Refresh

en Sinhala-Ganna news-archive
march-side-add