Banner
400x60-add-new cnews-new-logo 200x60-witm-mail mlp-add

එජාප ප‍්‍රතිසංවිධාන සටන ජයගන්නා ලකුණු

E-mail Print PDF

එක්සත් ජාතික පක්ෂය තුළ පූර්ණ ප‍්‍රතිසංවිධානයක් ඉල්ලා සටන් කළ කණ්ඩායමේ ප‍්‍රධාන ඉල්ලීම් සියල්ලම පාහේ ඉටුවීමෙන් අනතුරුව ඔවන් සිය දෙවන අදියර කි‍්‍රයාවට නැංවීමට සියළු කටයතු සූදානම් කරමින් සිටින බව වාර්තා වෙයි. එජාපය තුළ ප‍්‍රතිසංවිධානයක් ඉල්ලූ පිරිසේ මූලික ඉල්ලීම වී තිබුණේ පක්ෂ ව්‍යවස්ථාවේ 8.1 වගන්තිය ඉවත් කිරීමත්, පක්ෂ නායකත්වය ඇතුළු ප‍්‍රධාන තනතුරු 5 ක් සඳහා ඡන්දයෙන් පුද්ගලයන් තෝරා පත් කර ගැනීමත්, නායකත්වයේ බලතල සීමා කිරීමත්ය. අදාළ යෝජනා ප‍්‍රතිසංවිධාන කමිටුව මගින්ද පිළිගනු ලැබූ අතර පසුගියදා එය කෘත්‍යාධිකාරී මණ්ඩලය තුළින්ද සම්මත විය. ඒ අනුව මේ වන විට ප‍්‍රතිසංවිධාන සටන ගෙන යන පිරිසේ ඊළඟ අරමුණ වී ඇත්තේ තනතුරු සඳහා සමාජිකයන් තෝරන ඡන්ද විමසුමේදී පළාත් සභා හා ප‍්‍රාදේශීය සභා නියෝජිතයන්ටත්, ආසන සංවිධායකවරුන්ටත් ඡන්ද අයිතිය ලබාදීමේ සටනට අවතීර්ණ වීමයි. මේ සම්බන්ධයෙන් වැදගත් සාකච්ඡ ගණනාවක් ප‍්‍රතිසංවිධානයන් වෙනුවෙන් පෙනී සිටින පිරිස මේ දිනවල සිදුකරමින් සිටින බවද දැනගන්නට ඇත.

unp-logo-01
Last Updated ( Friday, 30 July 2010 12:37 )  

Add comment


Security code
Refresh

en Sinhala-Ganna news-archive
march-side-add