මෙම වෙබ් අඩවියේම කතෝලික පල්ලියේ දේශපාලන මතවාදය විවේචනය කර ලියූ ලිපියක් පළවිය. මේ ලිපිය දුටු ඇතැම්හු සාතන් සේ මාරාවේශ වී බුදුන්ටත් බුදුදහමටත් පලුයන්න බැන්නේ කිසිදු විචාරයකින් තොරවය. එකල ඉන් හැඟුම්බර වූ බෞද්ධයෝද පෙරලා එසේ කළෝය. ආගම් සහ ආගමික ශාස්තෘවරුන්ට ගැරහීම ශිෂ්ට නැත. ඒ ගැන මගේ කිසිදු ප්‍රසාදයක් ද නැත. කෙසේ වුවද ආගම සහ දේශපාලන පටලවාගත යුතු නොවේ. පල්ලිය දේශපාලනය විවේචනය කර ලියූ ලිපියට ප්‍රතිචාර පළ කළ යුත්තේ එහි දේශපාලනය පදනම් කරගෙනය. එහි බොහෝ දෙනා නොකළේද එයමය.
එහි තමා ‘සත්‍ය’ යැයි හණ ගසා ගත්තෙක්ගේ ප්‍රතිචාරය කියවූ මට සන්ෆලවර්ලාගේ ‘පිං මාළු වලේ කුසල්හාමි මාලු බානවා’ කියන බයිලය සිහිවූයේ නිතැතිණි. මන්ද එහි සියල්ලෝම කරන්නේ තමන්ගේ නමට නොගැළපෙන දේය. මේ පුද්ගලයාද එසේමය. ඇත්ත කියලා හිතාගෙන බොරු කියයි. නොදන්න දෙමළෙට ගිහින් වරිගෙ නහගන්නවා කියන්නේ මෙවැනි වැඩවලටය.
ඔහුගේ ප්‍රතිචාරය මෙසේ සංක්‍ෂිප්ත කළ හැකිය. ඉන්දියාවේ බෞද්ධයින් නැත. ලංකාවේ දෙමළ බෞද්ධ මහ නායක හිමිවරු නැත. හාමුදුරුවරු දුශ්හීලය. සිංහලයා කිසි දෙයක් කළ නොහැකි සුද්දා මත යැපෙන ජාතියකි. සිංහලයින් මල්ටි බැරල් ඒසී මැෂින් හදා නැත. ඔහු අන්තර්ජාලයක් නැත. මේ සියලු කාරණාවලින් පැහැදිලි වන්නේ වර්තමාන වන විට ජාතිය කෙතරම් හීනමානයකින් පෙළෙන්නේද යන්නය. අනෙක් අතට මෙරට පුස්සන් බිහි කරන අධ්‍යාපන ක්‍රමය ජාතියට හෙන ගෙඩියක් වී ඇති බවය.
ඉන්දියාවේ බුද්ධාගම නොමැති බව ඔහුට කීවේ කවුදැයි පැහැදිලි නැත. එයද දෙයියන්නාන්සේ කීවා විය හැකිය. උන්වහන්සේ කිව්වා නම් ඒ ඇත්තකි. මන්ද ඔහු මැවූ පෘථිවිය වටේ ඉර අදද කැරකෙන හෙයිනි. බෲනෝලා, ගැලීලියෝලා බොරු කී බව පසක් වී හෙයිනි. ඉන්දියාවේ බෞද්ධයෝ සිටිති. යුරෝපයේ, ඇමරිකාවේද බෞද්ධයෝ සිටිති. එහෙත් ඒ ඉතා සුළු පිරිසකි. එයට හේතු ගණනාවකි. එය දර්ශනයක් මිස ආගමක් නොවන අතර අවබෝධකර ගැනීම එතරම් පහසු නැත. ප්‍රාථමික මිනිසාගේ නොදැනුම, බය, පදනම් කරගත් මැවුම්වාදය, විශ්වාසය, භක්තිය වැනි දෑවලට එහි ඉඩක් නැත. එම දර්ශනය ඇසුරින් පසුව ආගමක් බිහිවුවද එය ඉතා අවිහිංසාවාදී ආගමකි. එය මිනිසා මත බලෙන් පටවන ආගමක් නොවේ. මිනිස් ජීවිත, රුධිර ගංගා මතින් ව්‍යාප්ත නොකළ එකම ආගම බුදුදහමයි.
තුවක්කු බයිබල් දෑතට ගෙන බටහිර ආක්‍රමණිකයින් කළා දෑ බෞද්ධයෝ කිසි දිනක කළේ නැත. ලංකාවේ දෙමළ ජනතාව බෞද්ධ කිරීමට කිසිවෙක් උත්සාහ නොගනී. බෞද්ධයෝ සිය ආගම බත් පැකට්, සිල්ලර බඩු මලු සමග දෙන්නේ නැත. සුපර්මාර්කට්වල සමහර බඩු සමග තව එකක් නොමිලේ දෙයි. ඇතැම් ආගම් ව්‍යාප්ත කරනට මේ ක්‍රමවේද භාවිත කළද බුදුදහම ව්‍යාප්ත කිරීමට බෞද්ධයෝ එසේ නොකරති.
මෙරට වැසියාට බුදුදහම දෙසීමට පෙර මිහිඳු මහරහතන් වහන්සේ තිස්ස රජු බුද්ධි පරික්ෂණයකට ලක්කළ සේක. ධර්මය දේශනා කළේ ඉන් සමත් වූ පසුය. දහම් අසා පැහැදී බුදුදහම වැළඳ ගන්න අවසර ඉල්ලූ උපාලි ගෘහපතියාට බුදු රජුන් මෙන්න මෙහෙම අවවාද කළා.
“කලබල වෙන්න එපා හොඳට කල්පනා කරලා බලන්න. හෙමිහිට හිතලා බලන්න. පස්සේ තීරණයක් ගන්න. නමුත් ඔබ දිනපතා නිඝන්ඨනාථපුත්ත වෙනුවෙන් ඔබේ නිවසේ ලබාදුන් දානය නතර කරන්න එපා” ඒ බුදුමග. ඒ මග තමා ධර්මාශෝක රජු ගියේ. බෞද්ධයෝ යන්නේද ඒ මගමය. එහෙත් පෙරකී ෆැසිට්වාදී ක්‍රමය බෞද්ධයින් අනුගමනය කළේ නම් මේ රටේ දෙමළ බෞද්ධයෝ මිසක් හින්දුවරු නැති වනු ඇත. කතෝලිකයින්ද නැතිවනු ඇත. දෙමළ හෝ වෙනත් අය බෞද්ධ වුණා නම් ඒ බුදුදහම හැදෑරිමෙන් පසුවය. ඒ ඉතා සුළුතරයකි. වීරසෝළියම් නම් වියරණය කළේ දෙමළ ප්‍රාදේශීය රජෙකි. පාළි බසින් බෞද්ධ පොත් ගණනාවක් ලියූ බුද්ධමිත්‍ර හිමි දෙමළ ජාතිකයෙකි. ත්‍රිපිටකයට අටුවු ලියූ මහා විහාරවාසී බදරතිත්ථ ධර්මපාල හිමි, කලක් අභයගිරියේ විසූ වජ්‍රබෝධි, අමෝඝවජ්‍ර හිමිවරුද දෙමළ ජාතිකයෝය. ආනන්ද වනරතන හිමි වෙතින් ත්‍රිපිටකය උගෙන පසුව බෞද්ධ කෘති ලියූ චෝළි දීපංකර හිමි ද දෙමළය. මෙසේ අද ද දෙමළ බෞද්ධයෝ සිටිති. ඒ ඉතා සුළුතරයකි. ඒ අයට වඩා කතෝලික දෙමළ අය වැඩිය. ඒ මන්දැයි නැවත පැහැදිලි කළ යුතු නැතැයි සිතමි.
මේ රටේ ඕනෑම කෙනෙකුට තමන් කැමති ආගමක් ඇදහිය හැකිය. අපි දෙමළ අයට පන්සල ළඟම කෝවිලක් තනා දී තිබේ. බෞද්ධයෝද එහි යති, එති. දෙපිරිසම එකට ගොස් කතරගම වන්දනා කරති. ලන්දේසි ඇවිත් පෘතුගීසි පල්ලි විනාශ කරන විට බෞද්ධයෝ තමන්ගේ පන්සල් ළඟින් කතෝලික අයට පල්ලි හදාගැනීමට අවසර දුන්හ. අනුරාධපුර යුගයේ මේ රටට වෙළඳාම පිණිස ආ කතෝලික වෙළඳුන්ට වන්දනාමාන කරගැනීමට ස්ථාන දුන්හ. මේ රටේ 1505ට පෙර කතෝලිකයින් උන්නා යැයි ඉතිහාසය විකෘති කිරීමට දතකන අය අද ඒවා තම පටු අරමුණු වෙනුවෙන් භාවිත කරති.
මේ රටට කෝපි වැවීමට, දුම්‍කොල වැවීමට බටහිර ආක්‍රමණිකයෝ දෙමළ කම්කරුවෝ ගෙන ඒමට කලින් මේ රටට පැමිණි අය පරම්පරා දෙකකින් සිංහල බෞද්ධ වුහ. ඒ නිසා ඒ අයගෙන් පැවත එන අයත් සිංහල මහානායක හාමුදුරුවරු ලෙස මිස දෙමළ යැයි නොහඳුන්වයි. අප ජාතියට විවිධ ජාතීන් පැමිණ සම්මිශ්‍රවීම නතර කළේ අධිරාජ්‍යවාදීන්ය. අප අතර බේද ඇති කළේ ද ඔවුන්ය.
අපේ සංඝ සමාජයේ වැරදි කරන අය සිටිති. එදත් දෙව්දත් සුභද්‍ර වගේ අය සිටියහ. අදත් සිටිති. සමහරු ඇත්තටම චීවරධාරියෝය. මේ අය භික්ෂූහු නොවෙති.එවැන්නෝ හැම ආගමකම සිටිති. ඇතැම් ආගම්වල පූජකයින්ට තරම් බාලාපචාර දූෂණ චෝදනා, රටවල් දඩයමේ යන ඇමරිකන් යුරෝපා කුලී හමුදාවටවත් එල්ල වී නැත.
වළගම්බා රජ්ජුරුවෝ මල්ටි බැරල් හංගලා නොතිබුණාට ජාතිකත්වය, රටේ ඒකීයත්වය වෙනුවෙන් සටන් කරන්න අවශ්‍ය ශක්තිය හංගා තිබුණි. ඒ මේ රටේ ජාතිමාමකයින්ගේ සිත්වල.
එය මල්ටි බැරල්වලට වඩා ප්‍රබලය. මල්ටි බැරල් හැදු අය ලොව යුද්ධයක් දිනා ඇත්තේ කොහිද? ඔවුන් ගිය හැමතැනම අසාර්ථක වී තිබේ. සෑම රටක්ම විනාශ කළා විනා, ඒ රටවල සම්පත් කොල්ල කෑවා මිසක් ලද දිනුමක් ඇද්ද? එහෙත් අපට ලොවම දිනන්න බෑ කියූ ත්‍රස්තවාදය පරාජය කළ හැකි විය. එහෙයින් දැන් මල්ටිබැරල්කාරයින්ට තම තියරි අලුතින් ලියන්නට සිදු වී තිබේ.
සීගිරිය පමණක් නොව අපේ පැරණි මාළිගා බොහොමයක් වායුසමනය කරලා තිබුණි. එහෙත් ඒ සියලු වාකුහර හිරු එළියට යවට මෙන් රත්වන වීදුරුවලින් වසා සිය දහස් ගණන් මුදල් වියදම් කර විදුලි මැෂින්වලින් නොව, රටේ දේශගුණයට සරිලන සේ වා කවුළු තැබීමෙනි. මැටියෙන් කළ ගඩොලින් පළල බිත්ති බැඳීමෙනි. වහළයට මැටි උළු භාවිතයෙනි. උස් වහළවල් සැදීමෙනි. සිය උද්‍යානවල පරිසරය සිහිල් කරන ගස්වැල් වැවීමෙනි. සුළං හමන දිශානති අනුව ජල පොකුණු තැනීමෙනි. අපේ ඒ පරිසර හිතකාමී ක්‍රමවේදවලට පයින් ගසා නූතනත්වය යැයි අප බදාගත් දෑ දැන් ලෝකයට බරක් වී තිබේ.
පරිගණකය හෝ නව තාක්ෂණ දැනුම ප්‍රතික්ෂේප කිරීම බෞද්ධ සම්ප්‍රදාය නොවේ. එසේ විද්‍යාවට බුදුදහම බිය නොවන්නේ විද්‍යාවේ දියුණුව නිසා බුදුදහමට හොඳක් මිස නරකක් නොවන නිසාම නොවේ. අන්මතවලට ගරු කිරීමට එම දහම තුළ උගන්වන බැවිනි. චින්තකයින්, විද්‍යාඥයින් මරාදමා දැනුමට එරෙහි වූයේ බෞද්ධයින් නොවේ. එසේ ඇතැම් ආගම් නූතනත්වයට විද්‍යාවට එරෙහි නොවන්න පරිගණකය මීට වසර 500-600ට පෙර බිහිවන්නට හොඳටම ඉඩ තිබිණි.
අනෙක් අතට අප කිසිවක් නොකළ ජාතියකැයි ගැරහීම හෝ ප්‍රශ්න කිරීම යකඩ ගිනි ගත් ගේ පුළුං සෙවීමකි. මේ රටවල දැනුම විනාශ කළෝ, පොත්ගුල් ගිනි තැබුවෝ, පොතපත සිය රටවලට රැගෙන ගියෝ කවරහුද? සුද්දා සිය කාර්යාලවල පියන්වරු මෙරට බෝ කරනට ඇති කළ අධ්‍යාපන ක්‍රමයෙන් බිහිවන පුස්සන්ගෙන් එවන් නව දැනුමක් පැතීම වඳ ගැහැනියකගෙන් දරුවන් පැතීමක් නොවන්නේද?
සැබැවින්ම මේ රටට ආදරය කරන මිනිසුන් කළ යුත්තේ අප යා යුතු මග සොයා පාදා ගැනීම මිස පිර රට දේ සුර සැප දේ යැයි සීතාම්බර සළු හැඳ හඬලෑම නොවේ. ආක්‍රමණිකයා ජාතියට මග වැරැද්දු තැන සොයාගෙන නිවැරදිවීමට කාලයයි මේ.
http://kasapabbatha.blogspot.com/ - Namal Udalamaththa
බාලවයස්කාර පිරිමි ළමයින් පස්දෙනෙකුට ලිංගික අපයෝන සිදුකිරීම සම්බන්ධයෙන් මහදිවුල්වැව ප්‍රදේශයේ විහාරස්ථානයක විහාරාධිපති හිමිනමක් මොරවැව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ජාතික ළමා ආරක්ෂක අධිකාරියට ලද පැමිණිල්ලකට අනුව විමර්ශ සිදුකොට මෙම හිමිනම අත්අඩංගුවට ගෙන ඇති අතර දැනට මාසයක පමණ කාලයක සිට වරින් වර මෙම අපරාධය සිදුකර ඇත. අතවරයට පත් ළමුන් පස්දෙනා ඊට ගොදුරුවී ඇත්තේ විහාරස්ථානයේ දහම් පාසලේ ඉගෙනගැනීමට ගිය අවස්ථාවේදීයි.
සැකකාර හිමිනම පසුගියදා ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.
ග‍්‍රීස් යකකු මෙන් කළු පැහැති කලිසමක් සහ කමිසයකින් සැරසී වෙල්යායක හඳ එළියේ ගමන්ගත් චීවරධාරියකුව කමතක කොළ මඩිමින් සිටි තරුණයන් පිරිසක් විසින් අල්ලා පොලිසියට භාරදීමේ පුවතක් පොළොන්නරුව පොලිසියෙන් වාර්තා වේ.
මෙසේ භාරදී ඇත්තේ පොළොන්නරුව වැවේතැන්න ප‍්‍රදේශයේ විහාරස්ථානයක වෙසෙන චීවරධාරී පුද්ගලයෙකි.
පොලිසිය විසින් අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයා පොලිස් ඇප මත මුදාහැර මේ වනවිට පොළොන්නරුව මහ රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටින බව ද පැවසේ.
සැකකරු මධ්‍යම රාත‍්‍රියේ කළු කලිසමක් හා කළු කමිසයක් හැඳ හිසට කළු තුවායක්ද පටලවාගෙන වෙල්යායක ගමන් කරද්දී බියට පත් තරුණයින් ඔහු ලූහුබැඳ අල්ලාගෙන තිබේ.
තරුණයින් විසින් මොහු පරීක්ෂා කිරීමේදී කහ පාට චීවරය බෑගයක දමා තිබී හමුවී ඇති අතර, ඒ මොහොතේදී 119 අංකයට සිද්ධිය පැමිණිලි කර තිබේ.
පසුව පොළොන්නරුව පොලිසියේ භට කණ්ඩායමක් පැමිණි අතර මෙම පුද්ගලයා පරීක්ෂා කිරීමේදී ගමේ පන්සලේ වෙසෙන අයෙක් බව හඳුනාගෙන ඇත.
මිහින්තලේ රජමහා විහාරාධිපති නාමල්වැවේ රතනසාර හිමියෝ ලබන 14වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළහ.
උන්වහන්සේ අද අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු දර්ශිකා විමලසිරි මෙනවිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ.
දොළොස් හැවිරිදි පාසල් දැරියක වසර එකහමාරක පමණ කාලයක් වරින්වර බරපතල ලෙස අපයෝජනයට ලක් කළ බවට විහාරාධිපතිහිමියන්ට චෝදනා එල්ල වී තිබේ.
රතනසාර හිමියන් ඕනෑම ඇප කොන්දේසිවයක් මත මුදා හරින්නැයි, නීතිඥවරුන් කළ ඉල්ලීම අතිරේක දිසා විනිසුරුවරිය එහිදී ප්‍රතික්ෂේප කළාය.
සිද්ධිය සම්බන්ධයෙන් කෙරෙන සියලු විමර්ශන ලබන 14 වෙනිදා වන විට අවසන් කර වෛද්‍ය වාර්තාව ද සමග පරීක්ෂණවල උධෘත එදිනට අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස විනිසුරුවරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළාය.
දෙන් ලංකාවේ හාමුදුරුවරුත් අර පාදිලිලා කරන වෙඩ කරන්ඩ පුරුදුවෙලා.
මේක කියවනකොට මොකුත් නොලියම ඉන්න අපහසුඉ.
සිංහල බෞද්ධ කියල උඹලට දන්නේ ඓතිවාසිකම් කියන්ඩ විත්රි.
ලජ්ජා නැතිව යුද්දේ කරපු මිනිහ හිරේ යවල තව යුද්දේ ගැන කියවනවා.
එක කමක් න කියමුකෝ, මොකද තුන්පාරක් බෝම්බ කල මේ මනුස්සය උද්දෙන් හොරකන් කරලනේ.
තොපේ පන්සල්, හමුදුරුවෞ මරපුඅ කරුණාව තියන ඉන්නේ කොහොමද,
කේ පි ගැන මොකද කියන්නේ,
උඹල ලැජ්ජාවක් නැති අවස්ථාවාදීන් ටිකක් විතරය්
එක තමා ඇත්ත.
බුදු රජාණන් වහන්සේ තුන් පාරක් අවෙත් රන්ඩු බෙරන්ද
තව මනුස්සයෙක් එක්ක ජීවත් වෙනද දන්නේ නැ
දෙමෙල්ලෝ හොඳ නැ.
මේලෝකේ දෙවි කෙනෙක් නැ
නමුත් කතරගම දෙය්යෝ ඉන්නවා.
දෙමෙල්ලුන්ගේ දෙය්යෝ උඹලට හොදා
තෝ රෝදියන්ටත් අපහාස කරනවා.අහල බලපන් උඹේ අම්මගෙන් කව්ද උඹේ තාත්ත කියල ෂුවර් එකටම ගෙදර බල්ලා.
දෙයියෝ නෑ කියලා අපි කිව්වේ නැහැ. දෙයියෝ නැහැ කියන්නේ දෙයියෝ ඉන්න කියන උඹ අදහන ආගමේමයි. එහි කියනවා දෙවියන් ඉන්නේ ඔබේ හදවත තුළ කියලා. ඒ දෙයියෝ තමයි ලෝකය මැව්වේ කියලා අපිට තේරෙනවා. අනුන්ගේ ආගම් ගැන හොයන්න කලින් තමන්ගේ ආගම ගැන ඉගෙන ගනිල්ලා.
උඹලගේ දෙවියෝ උඹලාට උගන්වන්නේ අසල්වැසියාට ප්‍රේම කරන්න කියලා. නුඹේ සහෝදරයාට පහර නොගසන්න කියලා. ඔබේ අසල්වැසියාට විරුද්ධව කේලම් නොකියන්න කියලා. ඒ වුණා උඹලා කරන්නේ බුද්ධ රූප කොමඩ්වල අඳින එක. සෙරෙප්පුවල ධර්ම චක්‍ර ගහන එක බෝ කොලවල කුරුස අඳින එක. මේ හැමදේම කරලා උඹලා උඹලාගේ දෙවියන්ගේගෞරවයත් විනාශ කරනවා. උඹලා ඇත්තටම අදහන්නේ සාතන්. නැත්නම් ක්‍රිස්තුස් වහන්සේ එල්ලලා මරපු පූජකයෝ තමා උඹලා අදහන්නේ.
@ සහන්, මචන් උඹ ඖස්ට්‍රේලියාවත් කන්ඩ ද යන්නේ .
මට මතකය් ඒකාලේ එක බිෂොප් කෙනෙක් කියල තිබුන ප්‍රභාකරන් මානව හිතවාදියෙක් , එයාගේ යාපනය සංචාරයේදී එයා දෙක්කලු .ඒ විමුක්ති සටන් කාමීන් මොනතරම් පරිසර හිතවාදීන්ද කියනවනම් ඒගොල්ලන්ගේ එකම බන්කරයකටවත් ලී බාවිතා නොකර රේඑල් පීලි වගේ ඉවතලන ද්‍රව්වයන් පාවිච්චි කරලා තිබුනලු.
මුන් බලාගෙන හිටියේ අපිට කෙලවෙනකන්. දෙන් මහින්දට පොඩි මුක්කුවක් ගහගෙන ඉන්නවා.
ඒ කෙනත් fernando . එය anglikan . ඕගොල්ලෝ දැනගන්ඩ ඕනේ ක්‍රිස්තියානි කියන්නේ catholik නෙමෙයි.
ඒ දෙගොල්ලක්.
ඒක ඇත්ත, කොටින්ට වඩාත් උදව් කළේ කතෝලිකයින්ට වඩා ක්‍රිස්තියානි පල්ලිය කියන එකට මම එකඟයි. විශේෂයෙන්ම, රනිල්ලාගේ ලොක්ක, චිකේ-රා මිනිහා පුදුම ඇල්මක් දැක්කුවේ කොටින්ට. ඒත්, කතෝලික පල්ලියත් කොටිත් එක්ක හිටි බව එයින් වසන් කළ නොහැකියි.
ඔය දෙකම එකට එකෙතු වෙනවා සිංහල බෞද්ධ සංස්ක්රුතියෙට විරුද්ධව(“the enemy of my enemy is my friend”) සහ සිංහල බුදු සසුනට, ඔය දෙකම සිංහල බුදු සසුන නැති කෙරන්දයි වැඩ කරන්නේ, ජැක්සොන් අන්තෝනි අබා හැදීම උදහරනෙයක්
To get an idea about the very delicate methods of the Catholic church the actions of the Sarwa Agemika Carrol carts and the delicate way Aba’s Visual story line was construed are examples for more information and to to get informed read this article by Mr Narada Wickramage at (http://www.kalaya.org/resp001.html)
උඹලට පිස්සු බන්. මන් යනවා ඔස්ට්‍රේලියා. උඹල වගේ ඉරිසියාකාර, ද්වේශයෙන් පිරිච්ච,
කුහකයෝ එක්ක ඉන්නවට වඩා හොඳයි සුද්දෝන්ගේ ****** හෝදනවා. ට ටා.
ලක්මාල්
මේක ආගම් ප්‍රශ්නයක් නෙමේ. ජාතින් අතර ප්‍රශ්නයකුත් නෙමේ. සිංහල බෞද්ධ රටේ තරම් වෙන කිසි රටක අන්‍යාගමිකයින්ට රිසි සේ සිය ආගම අදහන්න අවස්ථාව දීලා නෑ. ඒක ඉතිහාසය පුරා ආදර්ශයෙන් පෙන්වලා තියෙනවා.
අපිට ප්‍රශ්නේ තියෙන්නේ කතෝලික පල්ලියේ දේශපාලනය එක්ක. කතෝලික පල්ලිය වසර 30ක් තිස්සේ මේ රටේ තිබුණු ත්‍රස්තවාදය හැඳින්වූයේ සිංහල බෞද්ධයින් සහ දෙමළ ජනතාව අතර ගැටුමක් විදිහට. ඔවුන් කීවේ නැහැ මේක ලංකා ආණ්ඩුව සහ ත්‍රස්ත කල්ලියක් අතර ගැටුමක් කියලා.
ඒ විතරක් නෙමේ පල්ලියේ ආශිර්වාදය දිගටම කොටින්ට ලැබුණා කොටි බෞද්ධ සිද්ධස්ථාන විනාශ කරද්දි. ඔවුන් පිරපාහරන් හැඳින්වූයේ විමුක්තිකාමියෙක් විදිහට. ඒ වගේම දෙමළ පූජකවරු එළිපිටම කොටි ත්‍රස්වාදය වෙනුවෙන් පෙනී සිටිද්දි පල්ලිය නිහඬව ඊට අනුබල දුන්නා. ඔවුන් ජාත්‍යන්තර ප්‍රජාවට හරි වතිකානුවට හරි කීවේ නැහැ මේවා.
ඒ විතරක් නෙමේ ඔය සමහරක් සිංහල නාමධාරි පූජකවරු කොටින්ට රටෙන් කොටහක් ලියලා දෙන්න NGO එක්ක එකතුවෙලා සෑහෙන සටනක් කළා. ඔවුන් දිගටම ඊළමක් පිහිටුවීමට සහ බෞද්ධ උරුමය විනාශ කිරීමට අනුබල දුන්නා. මේ කොටි රංචුව දෙමළ ජනතාවගේ නියෝජිතයා විදිහට පිළිගන්න කියලා ඔවුන් ඔවුන් රජයට බලකළා 2001 විතර.
මේවාට කතෝලික පල්ලිය දිගටම අනුබල දුන්නා. මේ රට වෙනුවෙන් කිසිම විටක පල්ලිය පෙනී සිටියේ නැහැ විතරක් නෙමේ රටට විරුද්ධ ත්‍රස්තවාදයට උදව්දෙන අයට නිහඬව ආශීර්වාද කළා. මේ රටට විරුද්ධ කොටි හිතැති බොහෝ NGO කාරයෝ නිර්මාණය කළ ගර්භාෂය වුණේ පල්ලිය. මොකද ඔවුන් මේ අහිංසක මිනිස්සුන්ගේ හිත්වලින් සිය රට ගැන ඇති හැඟීම ක්‍රමයෙන් විනාශ කළා ආගම මුවාවෙන්.
ඒ අය හිතුවේ නැහැ තමන් කතෝලික වුණාට සිංහල කියලා. ඒ අය හිතුවේ නැහැ අපි දැන් කතෝලික වුණාට 1505 කලින්, ඒ කියන්නේ මේ අයගේ මී මුත්තලා බෞද්ධයෝ බව. ඒ මුතුත්මිත්තෝ වෙස්ක පෝයට ශ්‍රී මහා බෝධිය ළඟ සිල් ගත්ත බව. කොටි විනාශ කරන දළඳා මාළිගාව ඇතුලු බෞද්ධ උරුමයන් නිර්මාණය කරන්න තමන්ගේ ඇගේ දුවන ලේවල අයිතිකාරයෝ, ඒ කියන්නේ 1505ට පෙර ජීවත්වූ මුතුන්මිත්තෝ මහන්සිවුණු බව. ඒ විතරක් නෙමේ මේ රටේ කතෝලිකයින් හමුදාවේ සේවය කරන බවවත් මේ පල්ලිය මායිම් කළේ නැහැ.
මෙන්න මේ ඛේදවාචකයයි අපි ප්‍රශ්න කළ යුත්තේ? මේ වගේ තත්ත්වයන් නැවත ඇති නොවන්න වගබලාගත යුතුයි. ඒ සඳහා මේ රටට ආදරය කරන කතෝලිකයින් පිරිසක් ඉදිරිපත් වී ලාංකික කතෝලික දහමක් සහ ලාංකික කතෝලික පල්ලියක් නිර්මාණය කරගත යුතුයි. අවසාන වශයෙන් කිවයුත්තේද මෙය ඔබේ ආගමික මතවාද පිළිබඳ ගැටලුවක් නොවන බවය. කැමති ආගමක් ඇදහීමේ ඔබේ අයිතිය වෙනුවෙන් අන් කවුරු පෙනී නොසිටියද සිංහල බෞද්ධයින් පෙනී සිටිනු ඇත.
නාමල්, ඔවුන් ඇත්තටම යට ගැහුවා ඒක ඔවුන්ගේ යුද්ධයක් බව. සිංහලයන්ට විරුද්ධව මුල සිටම ක්‍රියා කළේ දෙමළ කතෝලික සහ දෙමළ ක්‍රිස්තියානි පිරිස් මිස දෙමළ හින්දුන් නොවේ. ක්‍රිස්තියානින් සහ කතෝලිකයන් ඉහල ස්තර වල සිටිමින්, අසරණ හින්දුන් සිංහල බෞද්ධයින්ට එරෙහිව උසි ගැන්වුවා. ඒ වගේම ක්‍රිස්තියානි රාජ්‍යයන් සහ ක්‍රිස්තියානි නොරාජ්‍ය සමාගම් තමයි ඔවුන්ට ආධාර අනුබල දුන්නේ. පල්ලිය නිහඬව සිටියා නොවේ, පල්ලිය හඬ නැගුවා, ඒත් ඒ ද්‍රෝහීන් සහ සතුරන් වෙනුවෙන්.
අපේ අත්දැකීම නම්, පල්ලිය අඟේ සිටන් කන කෑ බවයි.
ඔව් ඒක සක්සුදක් සේ පැහැදිලියි. ජාතිය සිංහල දෙමළ කුමක් වුවත් කොටි විමුක්තිවාදියෝ කියපු ගොඩක් අය කතෝලික නැත්නම් ක්‍රිස්තියානි. රායප්පු ජෝෂප්, ප්‍රභාකරනුත්, තමිල් සෙල්වම් වගේ ගොඩක් අය අයිති වෙන්නේ මේ දෙපිරිසටමයි. ඔය අතර අරික්කාල් මාක්ස්වාදීනුත් හිටියා. බෞද්ධයින්ට විරුද්ධව හින්දුවරු මරාගෙන මැරෙන බෝම්බකරුවෝ කළේ මේ අය එකතුවෙලා. එතකොට බෞද්ධයොත් ඉවරයි හිංදුවරුත් ඉවරයි.
යුද්ධය කාලය තුළ උතුරු නැගෙනහිර අහිංසක හිංදු ජනතාව මේ අය කොතරම් බිලිබාගෙනද කියලා හොයා බැලිය යුතුයි. 1970ට සාපේක්ෂව අද හිංදු කෝවිල් සහ පල්ලි කෙතරම් වැඩිවෙලාද බැලිය යුතුයි. මේ වැඩවලට පූජකයෝ මිසක් බහුතර කතෝලික ජනතාව සම්බන්ධයි කියලා හෝ ඔවුන් ඒවා අනුමත කළා කියලා හෝ මම කියන්නේ නෑ.මම අහලා තියෙනවා මේ පූජකයෝ එක් විශේෂ අවස්ථාවක පාපෝච්චාණය කරන්න ඕන කෙතරම් මිත්‍යාදෘෂ්ටිකයින් ප්‍රමාණයක් (අන්‍යාගමිකයින්)දෙවියන් වහන්සේගේ සරණ යැව්වද කියලා.ගොඩ වැඩි වුණු තරමට තරයි ස්වර්ගය ළං වෙන්නේ.
“අපිට ප්‍රශ්නේ තියෙන්නේ කතෝලික පල්ලියේ දේශපාලනය එක්ක. කතෝලික පල්ලිය වසර 30ක් තිස්සේ මේ රටේ තිබුණු ත්‍රස්තවාදය හැඳින්වූයේ සිංහල බෞද්ධයින් සහ දෙමළ ජනතාව අතර ගැටුමක් විදිහට. ඔවුන් කීවේ නැහැ මේක ලංකා ආණ්ඩුව සහ ත්‍රස්ත කල්ලියක් අතර ගැටුමක් කියලා.”
ඉතින් ඕගොල්ලන්ගේ ආගමික නායකයින් පවා ඒක කිව්වේ නැහැ නේ? හෙළ උරුමය නෙමෙයි, සාමාන්‍ය නිකාය
වල ලොක්කෝ කවදද එහෙම කිව්වේ. එක ලින්ක් එකක් දෙන්ඩ ඉන්ටෙර්නෙට් එකෙන්?
තමන්ගේ ගොන්කං ලියන්න අපේ රටේ පරණ මිනිස් පිරිසකගේ නම භාවිත කරලා ඒ අයට අපහස කරන්න එපා.ඕන රොඩියෙක් දන්නවා මේ ත්‍රස්තවාදය පරාද කරන්න අවශ්‍ය ශක්තිය ලබාදුන්නේ සංඝ රත්නය කියලා. ඒ පිටුපස හිටි ලොකුම බලවේගය මහ සඟ රුවන. අද විතරක් නෙමේ හැමදාම ඒ යුතුකම රට වෙනුවෙන් ඔවුන් කළා.ඒක හොඳ සිහියෙන් ඉන්න කාටවත් ප්‍රශ්නයක් වෙන්න බැහැ. සාමාන්‍යයෙන් අසාමාන්‍ය ප්‍රශ්න අහන්නේ සිහිය විකල් වුණාම නේ.
මේ ගොන් ප්‍රශ්නේ ‘නැගෙනහිරින්ද ඉර පායන්නේ?’ කියලා ඇහුවා වගේ. එහෙම නැත්නම් ‘ඇත්තයම දෙවියන් වහන්සේ නෙමේද ලෝකය මැව්වේ?’ කියලා ඇහුවා වගේ ප්‍රශ්නයක්. අපේ රටේ ඉන්න නාම්බෝ කිහිපදෙනෙක් මිසක් මැවුම්වාදය පිළිගන්න අය දියුණු ලෝකේ නැහැ. අන්තර්ජාලය කියන්නේ මේ රටේ මෑත ප්‍රචලිත වුණු මාධ්‍යයක්. ඒක තවමත් මේ රටේ ප්‍රධාන මාධ්‍ය නෙමේ.
අන්තර්ජාලයේ නැත්නම් යමක් විශ්වාස නොකරන්න තරම් බුද්ධිමත් ඔයා, දෙවියන්වහන්සේ ලෝකය, ඉර හඳ, ගස්වැල්, සතා සීපාවා මවා දුහුවිල්ලෙන් තමන් වැනි රුවක් තනා ඊට හුස්ම පිඹලා මිනිහා මැව්වා කිව්වාම පිළිගත්තේ ඇයි? ඔලුව හරියේ දුහුවිලිවලට හුස්ම වැද්දේ නැද්ද?එහෙම නැත්නම් big bang theory ගැන අන්තර්ජාලයේ නැද්ද?
මේ රටේ ඉන්නවා ප්‍රදාන සන්ගනායකවරු. මහානායකවරු, අනුනායකවරු. මඩිහේ හාමුදුරුවො , සියම් නියක්යේ, අමරපුර නිකායේ, රමාන්‍ය නිකායේ වගේ නියාකවල ලොකු හාමුදුරුවරු. කවදද ඒ ගොල්ලෝ පත්තරවලට දැම්මේ කොටි යුද්දෙන් පරද්දන්ද ඕනේ කියල. දළදා මාලිගාවේ ඉන්නේ හාමුදුරුවෝ 4 දෙනාම ජනාදිපතිට ලියල තියෙනවා
SF නිදහස් කරන්ඩ කියල.
ඔගොල්ලොන්ගේ බැරි කම, සාක්කි නැති කමට අපි පලි නැහැ. ඕගොල්ලෝ මේ කරන්නේ මහා ලොකු බොරුවක්. මේ රටේ ඉන්න 5% ක්‍රිස්තියානි, මුස්‌ලිම, දෙමළ යට මේ රට්ටට මුකුත් කරන්ඩ බැහැ. මොකට ඉටාම පොඩි පිරිසක් නිසා.
ඕගොල්ලොන්ට බැරි වෙලා තියෙන්නේ ඔගොල්ලන්ගේම බැරි කම නිසා.
බුද්දාගම විනාස කරන්ඩ පුළුවන් බෞදයින්ට පමණයි.
මම කතා කළේ මහා සංඝ රත්නය ගැන. මහා සංඝ රත්නය කියන්නේ නිකායවල නායක හාමුදුරුවරු නෙමේ. මම කතා කළේ මෙරට පල්ලියේ දේශපාලය ගැන මිස වතිකානුව හෝ පාප්තුමා ගැන නෙමේ.
මම කතා කළේ කුඩාපොල හිමි, වාරියපොල සුමංගල හිමි, එස්. මහින්ද හිමිගේ පරපුරේ මහා සංඝ රත්නය ගැන. ඇල්ලේ ගුණවංශ හිමි, බෙංගමුවේ නාලක හිමි, ඔමාරේ කස්සප හිමි වගේ හිමිවරු නියෝජනය කරන මහා සංඝ රත්නය ගැන.
මල්වතු අස්ගිරි පන්සල් බිහිවුණේ කොහොමද කියලා දැනගන්න ඕන නම් භික්ෂුවගේ උරුමය පොත බලන්න.
“මේ රටේ ඉන්න 5% ක්‍රිස්තියානි, මුස්‌ලිම, දෙමළ” කියන ටික කවුද කීවේ? සර්ව බලධාරී දෙවියන්වහන්සේද?
අපිට බෑ කියලා කිව්වේ කවුද? හුඟක් අය බෑ කියපු දේවල් කරපු ජාතියක අය අපි.
මාලදිවයින, පකිස්ථානය, ඇෆ්ගනිස්ථානය වගේ රටවල බුදුදහම නැතිවුණේ බෞද්ධයෝ නිසාද?
අනෙක ලෝකේ මැව්වා කියලා ප්‍රශ්න නොකර පිළිගන්න කෙනෙකුට මොකක්ද තියෙන සදාචාරාත්මක අයිතිය අනෙක් ඒවා ප්‍රශ්න කරන්න? ඔයාට පුළුවන් මේවා දේව වාක්‍ය කියලා හිතාගන්න.
The very unfortunate incidents that took place during the last three decades’ period were not between the Catholics and Buddhists at all and nor the Hindus should be dragged into it.It was mainly between Sinhala and Tamil communities.Even that is not a fair definition because ordinary tamil or sinhala people did not fight with each other, so they never started the problem but the LTTE which was dominated by the tamils initially caused the clash and the response was by the government army made up almost all of sihalese.Gradually,it became a fight between the tamils and the sinhalese,and they viscerally hate each other and that hatred has now reached an irreversible point.Unless both communities make a genuine effort,peacemaking and reconciliation will become next to impossible.
බෞද්දයෝ ලොකු අසාදාරනයක් කරනවා “සිංහල කතෝලිකයින්ට”. LTTEයට ඇද්දේ ඔක්කොමෝ දෙමළ කතෝලික පුජකයෝ. බිෂොප් රායප්පු කියන්නේ දෙමල මිනිහෙක්. එයා LTTE එකට අදින්නේ එයා දෙමළ නිසා. කියන්ඩ
බලන්ඩ එකේම එක සිංහල කතෝලික පියතුමෙක් LTTE එකට උදවු කරපු?? ඕගොල්ලෝ නැති දෙයක් තියෙන
දෙයක් හැටියට මවා පානවා. එක්කෝ බෞදයින්ට මොලේ නැහැ, නැත්නං දැන දැන අනිත් මිනිස්සුන්ට බොරු චෝදනා
දානවා.
හිටපු කොළඹ බිෂොප් (ඔස්වල්ඩ් ගෝමස්), ලන්සිද?
එයා කවඩද LTTE එකට උදව් කෙරුවේ? අපිට සාක්කි දෙන්ඩ බලන්ඩ?
LTTE එකට විරුද්දව ප්‍රකාශ නිකුත් නොකිරීම
LTTE එකට උදව් කිරීමක් නෙමෙයි. හෙළ උරුමයේ ඉන්න හාමුදුරුවෝ ඕක කලේ හෙළ උරුමය දේශපාලන පක්ෂයක් නිසා. සිංහල කතෝලිකයින්ට එහෙම පක්ෂ නැහැ.
කියන්ඩ බලන්ඩ එක නිකායක හරි දල මාලිගාව බාරව ඉන්න එක
පාර්ශවයක් ඉන්න හාමුදුරුවෝ හරි රැස්වීම් දාල LTTE එකට විරුද්දව ප්‍රකාශ නිකුත් කෙරුවේ කියල??
2009-02-04
ලක්මාල්,
මේ වගේ තැන්වල අදහස් ලියද්දි අඩුතරමින් අප පුංචි පහේ මං එකේ දැනුමවත් ඕන.
මේ රටට විරුද්ධ බලවේගවලට එරෙහිව ඉතිහාසයේ සිටම මුලින්ම නැගි සිටියේ මහා සංඝරත්නය. එළාර කියන ආක්‍රමණිකයාට විරුද්ධ යුද්ධයේ 500ක් භික්ෂූන් පිරිත් දෙසමින් මුලින් වැඩියා. භික්ෂූන් සිවුර පැත්තකින් තියලා සතුරට විරුද්ධ යුද්ධ කළා. මහසෙන් කියන්නේ එහෙම කලින් මහණවෙලා හිටි කෙනෙක්.
කුඩාපොළ හිමි, වාරිපොල සුමංගල හිමි වගේ සිය දහස් ගණනක් භික්ෂූන්වහන්සේලා රට වෙනුවෙන් නැගී සිටියා. බුද්ධාගම ඉන්දියාවෙන් ආවා කියලා සිංහල භික්ෂූන් කවදාවත් ඉන්දියාවට කඩේ ගියේ නැහැ. අපි ඉල්ලා සිටින්නේ එහෙම පල්ලියක් සහ එහෙම පූජක පිරිසක්.
කොටි බිහිවුණේ කවදාද? හෙළ උරුමය බිහිවුණේ කවදාද? ඊට පෙර භික්ෂූන් හැමදාම බෙදුම්වාදයට, ත්‍රස්වාදයට විරුද්ධ වුණා. ඒ පක්ෂ දේශපාලනය නිසා නෙමේ. අනෙක හෙල උරුමයේ නැති භික්ෂූන් දහස් ගණනක් රටේ ඉන්නවා. ඒ අයත් ත්‍රස්තවාදයට විරුද්ධයි.
ඒ අය තමා ගමේ හමුදාවේ ඉන්න කොල්ලා වෙනුවෙන් බෝධි පූජා කළේ. ඒ අයගේ දෙමාපියෝ සැනසුවේ. මුළු බටහිර ලෝකයම කොටියා එක්ක එකතුවෙලා ඉද්දි කොටි පරාද කරන්න රටට අවශ්‍ය ජවය දුන්නේ ඒ අය තමා.
ඒ ඉතිහාසය අවංකව දැනගන්න ඕන නම් වල්පොල රාහුල හිමියන්ගේ භික්ෂුවගේ උරුමය කියන පුංචි පොත බැලුවා නම් හොඳයි.
Rayappu Joseph is a person representing the Catholic church and It is under the guidance of the catholic church that he is acting nor has the catholic church condemned his actions or nor of the LTTE or has taken any disciplinary action against his way of conduct.The catholic church is indirectly supporting separatist moments in Sri Lanka with the intention of weakening the Sinhala Buddhist nationality.In every statement to the media during the LTTE period the church considered the LTTE and the Sri Lankan government to be equal parties and one of their favourite reiterations when a bomb blast has occurred was “දෙපර්ශේයෙටම අපි කියන්නේ “.farther CYRIL GAMINI FERNANDO was heard telling this phrase several times and it was the official policy of the church during that time, he was press spokesman I suppose at the time, even may now be.
දෙමල කුජකයෝ ඒ තරම් බරපතල වරදක් කරන කොට සිංහල පුජකයෝ නිහඬව ඉන්න එකම අනුබල දීමක් නෙවෙයිද?
තරහ වෙන්ඩ එපා මෙහෙම ඇහුවට. ඔය නම උඩලමත්ත කියන එක ඇත්ත නමක්ද? මන් නං අහල නැහැ. නැත්නං
ඕක නිකන් මේ ආර්ටිකල් එකට හදපු නමක්ද? ඕක ඇත්ත නමක්නන් මිස්ට උඩලමත්තට ඉස්සෙල්ලම කරන්ඩ වෙන්නේ
ඔය නම වෙනස් කරන එක. හරි ගොන් නමක් ඕක. කිසි වෙදගත් පාටක් නැහැ. කිසිම ගතියක් නැහැ.
ඒ වගේද “ෆොන්සේකා” පට්ටම පට්ට එල නමක්. නැද්ද මෙයාලා!
Fonseka kiyanne hari lassana namak thamayi. SF hinda nemeyi, aththatama.
එතකොට “Monseka” කියන්නෙත් පට්ටම පට්ට එලම එල සිරා නමක් වෙන්න ඇති?
මම පස්මහ බැලුම් බලලා ඉපදුණා නෙමේ. ඉතින් ඔයාට උපතින් කතෝලික ආගම ලැබුණා වගේ මට උපතින් ලැබුණු නම තමා මේක. ඉතින් කැතයි කියලා මොනා කරන්නද? ඒක අපි දෙන්නාම පතාගෙන ආවේ නෑනේ නේද?
මට මගේ රට ගැන වගේම නම ගැනත් හීනමානයක් නෑ.මගේ මී මුත්තා කෙනෙක් තමා මගේ ගමේ මුල් පදිංචිකාරයා. අපි ලද දෙයින් සතුටුවෙන මිනිස්සුනේ. ඒ නිසා නම ඒ විදිහටම පාවිච්චි කරනවා. ඔයාගේ නම නම් හරි ලස්සනයි. කාලෝ ෆොන්සේකා කියන්නේ මම බොහොම ගරු කරන ඔයාගේ හොඳ නම තියෙන වැදගත් මහත්මයෙක්. එයත් උපතින් කතෝලික කෙනෙක් තමා ….
“Schooling the World – The White Man’s Last Burden”
Part 1: http://www.fileserve.com/file/kktJMfa
Part 2: http://www.fileserve.com/file/wMNkyW5
Part 3: http://www.fileserve.com/file/UuzzYPc
Part 4: http://www.fileserve.com/file/kemUrzY
Part 5: http://www.fileserve.com/file/G2NeeyV
Part 6: http://www.fileserve.com/file/qcyuPB8
Part 7: http://www.fileserve.com/file/MjX6ust
LcN මහතුනි, මේ වාර්තා වැඩසටහන ඔබත් බලන්න. මටනම් පෙනෙන්නේ මේක අපරදිග චින්තනයේ දැනුම් ත්රස්තවාදය කියලයි (මහාචාර්ය සිල්වා ග්‍රීක-යුදෙව්-ක්‍රිස්තියානි චින්තනය කියන්නේ මෙයට විය හැක). මේ බටහිර අය්යලා අපිට දෙසාබාන ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් ආදී බයිලා ඔවුන් විසින් ක්‍රියාත්මක කළ හා කරන ආකාරය ඔවුන් විසින්ම (මෙය ඉංග්‍රීසි වාර්තා වැඩසටහනක්) ඉදිරිපත් කිරීමක්.
ඒ වගේම දැනුම ත්‍රස්තවාදී ආකාරයකින් ක්‍රියාත්මක කිරීම, එනම් බලෙන් පැටවීම ලෝකය පුරා කරන ලද්දේත්, එමගින් බටහිර දැනුම ලෝකයේ එකම දැනුම බවට පත් කර ඇත්තෙත් (එය තවම සම්පූර්ණ නැත, මක් නිසාද යත් ලංකාව, ඉන්දියාව, චීනය වැනි පෙරදිග රටවල්, එමෙන් අප්‍රිකානු රටවල්, සහ ලතින් ඇමෙරිකානු රටවල් වල තවමත් හුදෙකලා වූ දේශජ දැනුම් පද්ධති පවතින නිසා) කෙසේදැයි, මින් වටහා ගත හැක.
@whupetiya ,මචන් උඹ හරි ඔයවගේ ලලිත් කොතලාවලත් උපතින් බෞධයෙක් .එයාට හොරකම් කරන්ඩ ඕනේ නිසා කතෝලිකයෙක් උනා.
@namal
Philosophy යනු ඉංග්‍රීසි වචනයකි භහුතික වාදය පිලිබඳ පමණක් දැනීමක් ඇති ඉංග්‍රීසි භාෂාවේ. ආගමට Riligion කියන්ඩත් දර්ශනයට Philosophy කියන්ඩත් වචන ඇත ධර්මය කියන්නේ කුමකින්ද ?
මා දන්නා පරිදි ධර්මයට ඉංග්‍රීසි වචනයක් නැත, හේතුව ඔවුන් බෞද්ද ධර්මය අවබෝද කරගෙන නැත, ඔවුන් සිතා සිටින්නේ බොදු ධහම යනු බුදුන්වහන්සේගේ ධර්ශනයක් (Philosophy ) කියාය.
ඔවුන් එඉන් තේරුම් අරන් සිටින්නේ එය බුදු හාමුදුරුවන් විසින් invent කරපු පෞද්ගලික අදහස් සහිත දර්ශනයක් කියාය.
ඉතින් ධර්මය කියන වචනය පාවිච්චිය අනුචිතයි කියන්න බැහැ. සිංහල භාෂාවේ ඇති ධර්මය කියන වචනයේ නිසි අරුත නොදැන ඕන කෙනෙකුට ඔවුන්ගේ ආගමට ධර්මය කියන වචනය බාවිතා කරන්න පුළුවන් එත් ඔවුන් ධර්මය කියන දේ ගැන නිසි awabodayak nomathi kamamatai….
Mr Namal , ඔබවෙනි බුද්ධිමතෙක් මේ සත්‍ය කියන නරියා සමග වාදයකට පෙටලීම ඔබට අගෞරයක් .මේ මෝඩයාගේ තර්ක ඔක්කොම දෙකේ කොලේ තර්ක .ඒබව මේක බලන පොඩි ළමයෙකුටත් තේරෙනව.
උත්තර නෙති උනාම මේක කියනවා ගදරට වෙලා කෙසෙල් හිටවන්දලු .ගොනෝ මෙහෙමද තර්ක කරන්නේ .මට කියන්ඩ තියෙන්නේ උඹනම් කෙසෙල් පැලයක්වත් හිටවගන්ඩ පුළුවන් එකෙක් නෙවේ නිසා අනික් මිනුසුන් ඉදිරියේ තවදුරටත් ජෝකර් කෙනෙක් නොවී කසිප්පු කාලක් ගහල ගෙදරට වෙලා නිදාගනින් .
අලි මදිවට හරක් කීව වගෙ අපිට ප්‍රශ්න නැතිවටද ක්‍රිස්තියානි බවුද්ද ප්‍රශ්න වලට පැටලෙන්නෙ? අවුරුදු 30ක් අපි යුද්ද කළා දෙමළ ජාති වාදියන් සමග.ඒ යුද බිමෙ ඵකට සිංහලයන් විදියට ක්‍රිස්තියානි,බවුද්ද රණවිරුවන් දිවි පිදුවා.සිංහලයන් විදියට අපි දෙකට්ටියම දෙමළ ත්‍රස්තයන්ගෙන් ඵකට බැට කෑව.පිටරටකට ගියහම අපිට ඵකට ජීවත් වෙන්නෙ කිසිම ක්‍රිස්තියානි බවුද්ද වෙනසක් නැතිව.දෙමළ හරි මුස්ලිම් හරි කවුරුත් අපෙ දුක සැප බලන්නෙ නෑ.උන් මග අරිනවා.අපෙ පවුල් අතරම කෙතරම් නෑදෑයන් අැත්ද ක්‍රිස්තියානි බවුද්ද අය?ඉද හිට මාධ්‍යකින් පුවතක් පලවුනහම ඒක මත්තෙ පිල් බෙදී අැන ගත්තහම ඒකෙත් වාසිය කොටියටයි ඔටුවටයි.
ඔබ කියන දේ හරි. ඒත් මෙතන තියෙන ප්‍රශ්නේ ක්‍රිස්තියානි පල්ලිය අපි දෙගොල්ලන්ටම වඩා වෙනස් අරමුණකින් කටයුතු කරන එකයි. මේ රට දෙකඩ කරන්න පිටිපස්සෙන් හිටියේ පල්ලිය. කිතු බැතිමතුන් නෙවෙයි. දැන් මෙරට තවත් මොන ක්‍රමේකින් හරි විනාශ කරන්න යටිකුට්ටු වඩා කරන්නෙත් පල්ලිය මිසක් ඔයාල නෙවෙයි. මේක හරියට තේරුම ගත්තම අපි දෙගොල්ලන්ට කිසිම ප්‍රශ්නයක් නැහැ. අපේ හාමුදුරුවෝ නමක් වැරදි කරනකොට අපි ඔහුව චීවරධාරියා කියල හඳුන්වල හොර ඝණය කියල ගමේ පන්සලෙනුත් පන්නනවා. ඔයාලත් මොනම හරි ජාතිද්‍රෝහී කතාවක් හරි ක්‍රියාවක් හරි ඔයාලගේ ස්වාමිලගෙන් එලියට පැන්නොත් ගහල පන්නවනම් ප්‍රශ්නයක් නැහැ.
http://www.mediafire.com/?w3zlhu79vav7q99
ඉහත ලින්ක් එකෙන් මහා බද්දේගම වාදය බාගත හැක
මත යුගයේ බුදුදහම සම්බන්ධව සිදුවූ මහා වාද 5 න් ප්‍රථම වාදය මෙයයි. ඔබේ බොහෝ ප්‍රශ්න වලට මෙහි පිළිතුරු සපයා ඇති බැවින් ඉත කාලෝචිතය
නාමල් උපහාසක මහත්තයො ඔබට කරුනු පහදාදීමට උත්ශහා කිරීමට වඩා කෙහෙල් පෑලයක් සිටවීමට කාලය ගත කීරීම රටට සේවයක් යයි සිත්න නිසා මෙයින් පසු ඒ සදහා කාලය ගත කරමි. අවසානයට කිවයුත්තේ බුදු හාමුදුරුවෝ අර යක්ශයාට කියන ලද වචන ටික වඩාත් ගෑලපෙන්නේ ඔබතුමාට බෑවින් ඒ පිලිබදව පහන් සිතින් කල්පනාකර බලන ලෙසය.
Sathya
ඔයා මෙච්චර කල් ලියපු විකාරවලට වඩා මේ ටික ලියපු ගොඩක් වටිනවා. බෞද්ධ සමාජයක ඉන්නේ සිව්වනක් පිරිස නිසා මට කතා කරපු විදිහත් හරි. තමන්ගේ සීමා මොනවාද කියලත් ටික ටික තේරෙනවා වගේ දැන්.
මේ රටෙන් කාලා සුද්දාට ණයට කහිනවාට වඩා කෙහෙල් පැළයක් හිටවලා තමන්ගේ වේල හරි සපයා ගන්නවා නම් හොඳයි. සුද්දාගේ වරුණේ ගහ ගහ මේ රටට බරක් වෙලා ගොන් කතා ලියලා රටම හිනස්සනවාට වඩා ඒක හොඳයි. ඒක තමන්ටම අවබෝධ වීම වඩාත් හොඳයි.
අනෙක ඔබට රටට සේවයක් කළ හැක්කේ කෙසෙල් පැලයක් සිටුවීම වැනි වැඩක් කිරීමෙන් පමණක් බව ඔබ මෙතෙක් කී බොහෝ දේවලින් ද සනාථ වී තිබේ. තමන්ට හැකි දෙයක් රට වෙනුවෙන් කිරීමට සිතීමද ප්‍රීතියට කරුණකි.
තමන් ලැබූ දිවි පෙවෙතේ
කොටසක් රට සමය වෙතේ
පුද නොකළොත් උඹෙන් පුතේ
මෙලොවට කිසි පළක් නැතේ
යක්ෂයාගේ කතාව බුදු රදුන් විසින් අන්‍යාගමිකයෙකුට කියූ දෙයක් හෙයින් එය වඩාත් සුදුසු ඔබ වැනි උප්පැන්නේ බෞද්ධයෙකුටය. නැතිනම් ඔබ වැනි අඟේ ඉඳන් කන කමින් බුදුදහමට ගරහන්නෙකුටය.
කෙසේ වුවද කෙසෙල් වවන කල කෙසෙල් ආවේ පිටරටින් බවත් අපිද කෙසෙල් වැවිය යුත්තේ ඒ රටවල වවන ලෙස බවත් කියා වසර දහස් ගණනක් තිස්සේ මෙරට මුල් බැස ඇති කෙසෙල් වැවීමේ ක්‍රමවේදයට පහර හිනැහීමට නොයන්න. එම ක්‍රමවේද ගොඩනැගී ඇත්තේ මෙරට දේශගුණික, භෞතික, සංස්කෘතික පරිසරයට ගැලපෙන පරිදි බව මතක තියාගන්න. නැතිනම් ගොවි මහත්වරුද සහන් මහත්තයා දන්න කෙහෙල් මලක් නැතැයි කියනු ඇත.
Ayyo SAHAN oya thawama eka danne nethuwada mechchara wela hitiye.W.D.Amaradewa upan katholicaya hebei sangeethaya karanna awashaya nisa Buoddha una.adawath denaganna.
Kiyawala balamuda යන පුද්ගලයාගේ අදහස් පිළිබද විග්‍රහයකිමේ . මෙන්න බලලා මල්ලෙන් එලියට පැන්න අවස්තාව මේ පුද්ගලයා තමන්ගේ කොමෙන්ටුවට දාල තියෙන නම බලන්න . මුන්ට ඕන මෙරට ක්‍රිස්තියානි කරන්නයි . මුලින්ම ආගමක් නැති විදියට ලියන මොහු පසුව බුදු දහමට අපහාස කරමින් ලියනවිට මොහු කව්ද කියා තේරුම් ගත හැකියි මොඋන්ගේ අබිප්‍රාය සිංහල බෞදයන්ගේ අදහස් විකුර්ති කිරීමයි නමුත් මචෝ අපි එක්ක ඒවා අමාරුයි . මෙන්න මුන් නේපාලයට කරපුදේ මුන් අපිට ඔය වටින් ගොඩින් කියන්නේ ඔය නේපාලයට කරපු ටිකම තමයි . ඔන්න බලන්න මේක දැම්මාම පාදිලි රාලලා කුලප්පු වෙන හැටි
. කතෝලික පල්ලිය කොටින්ට උදව් කිරීමටත් ,ව්‍යවස්ථාව වෙනස්කර ෆෙඩරල් ව්‍යවස්ථාවක් ගෙන ඒමටත් හේතුව ඉතාමත් පැහැදිලියි . මෙයට ජීවමාන උදාහරණය නේපාලයේ ඇතිවී ඇත .
1) නේපාලයේ තිබුනේ ව්‍යවස්ථාවෙන් හින්දු රාජ්‍යක්
2)බටහිර රටවල් නේපාලයේ සිටින වාමාංශික මාවෝ වාදීන්ට (අපේ රටේ කොටි හෝ ජ වී පෙ වැනි ) ආදාර දුන්නා පල්ලිය හරහා රජයට විරුද්දව සටන් කරන්න . පල්ලි කිව්වේ මේ මාවෝ ත්‍රස්තවාදීන් පල්ලියේ සල්ලි කොල්ල කනවා කියල
3) මේ ත්‍රස්ත වාදීන් නේපාල හින්දු රාජ්‍ය දුර්වලකලා ඊට පස්සේ බටහිර රටවල් මැදිහත් වීම මත මාවෝ ත්‍රස්තයෝ සහ රජය අතර සාම ගිවිසුමක් ගැහුවා(අපේ රනිල් කලාවගේ ) මේ මාවෝ ත්‍රස්තයෝ ආණ්ඩුවේ ඇමතිවරු උනා .
4) ඉන් පසු බටහිර අනුග්‍රහයෙන් අලුත් ව්‍යවස්ථාවක් සැදුවා මේ බාර කාර රජයට .මෙතුවක්කල් හින්දු රාජ්‍යක් වූ නේපාලය මේ අලුත් ව්‍යවස්ථාවෙන් ආගමක් නැති රටක් බවට පත් කලා මාවෝ වාදීන්ගේ(එකියන්නේ පල්ලියේ ) බලකිරීමට .
5)ඊට පස්සේ මේ කපු කමට උදව් කරපු බටහිර රටවල් ප්‍රංශය නොර්වේ ඇමෙරිකාව වගේ තමුන්ගේ මිෂනාරීන් රොතු පිටින් එව්වා නේපාලයට
දැන් මේ මිෂනාරි බල්ලන් මුළු නෙපාලයම විනාස කරමින් ක්‍රිස්තු ආගම ප්‍රචාරය කරමින් සිටි .
6)නේපාලයේ මිනිසුන් තමුන්ට නැවත පරණ හින්දු නේපාලය අවශ්‍ය බව කියා උද්ගෝෂණය කරයි නමුත් දැන් පල්ලිය එකියන්නේ මාවෝ වාදියෝ බලවත් .
අපේ රටේ ව්‍යවස්ථාවේ කියනවා අනෙක් ආගම් වල අයිතිය සුරකින අතර බුදු දහමට ප්‍රමුකස්තානය ලැබෙන්නේය රජය බුදු දහම සුරක්ෂිත කොට පෝෂණය කරනු ලබන්නේය කියල . මේ කරුණ නිසා බෞදයන්ට මුදල් නැති වුනත් තවම ව්‍යවස්ථාව නිසා තම ආගම රැක ගන්න යම් පමණකට පුළුවන්. .මේ වගන්තිය නිසා මිෂනාරින්ට උන් කැමති ආකාරයට කටුයතු කිරීමේ හැකියාව සීමාවෙලා . මේකට තමයි මේ කතෝලික පල්ලිය සහ අනෙකුත් පල්ලි කොටින්ව දාගෙන මේ රට කැබලි කරලා අලුත් ව්‍යවස්ථාවක් හදනකොට මේ වගන්තිය අහක් කරලා බෞදයට වැඩේ දෙන්න හැදුවේ වෙලාවට අර රනිල් ගොයියා ,චන්ද්‍රිකා ගෑනි කරපු කුමන්ත්‍රණ පරාද උනා නමුත් මුන් වැඩේ අතැරලා නෑ .අපි බෞද්දයන් අපේ ව්‍යවස්ථාවේ මේ වගන්තිය නව ව්‍යවස්ථා සංශෝදනයකදී කිසිලෙසකින්වත් අකුරකින්වත් වෙනස් කරන්න නොදිය යුතුයි .තිස්ස විතාරණය කැස කවනවා මේකට වැඩේ දෙන්න .ඉස්සර GL ල චන්දිර්කා ල මේ වගන්තිය නැතිකරලා බෞදය රවටන්න වෙන වගන්තියක් ගෙනාව නමුත් අපේ වාසනාවකට උන්ගේ කුමන්ත්‍රණය පරාද උනා .
මෙතෙන මේ ඉන්න කතෝලිකයෝ සහ මිෂනාරි පාස්ටර් හොරු එක්ක මේගැන වාද කරන්න ඕන නෑ මොකද මේක සාකච්චාවෙන් විසදා ගන්න දෙයක් නෙවෙයි මෙරට සිංහල බෞද්ද රට .මෙරටේ ශිෂ්ටාචාරය සැදුවේ අපි ලොව අවුරුදු දහස් ගනනක් එකම ආගම තවමත් අදහන ඒ දහම ආශ්‍රිත සංස්කෘතියක් බිහිකරගත් ජාතියක් අපි. එනිසා කවදාහරි අපි මෙරටේ සුළුතරයක් උනත් අපිට සුවිශේෂී අයිතියක් තිබෙනවා මෙරටේ . මේ සුවිශේෂී අයිතියම තමයි මැලේසියාවේ භූමිපුත්‍ර කියන තත්වය චීන සම්බවයක් ඇති මැලේ ජාතිකයන්ට හිමි .නමුත් අපි සුළුතරයක් නොවෙන්නටනම් මෙපිලිබද දැනුවත් විය යුතුයි.
I don’t understand why we should worry about Nepal so much.I know Lord Buddha was born there and it is a saarc country.Apart from that,what else do we have to do with Nepal? Perhaps,we have much more to talk about Tamil Nadu or India as a whole.You write to show your knowledge about which nobody cares.’Armchair patriots] like you just want to create some problem somewhere.Let Buddhists,Catholics,Muslims and Hindus live here in peace and harmony because they have nowhere else to go, and moreover, we have had enough.
මේ සහන් කියල ආය කොමෙන්ට්ස් දාන්නේ අර සේමනේරියෙන් පැන්න සහන් ෆෙර්ණන්ඩෝ කියන බොරු නමකින් කොමෙන්ට් කරපු පල්හොරමද ?
ඔව් මුන් එකෙක් ඉගෙන ගත්තේ අර බොරැල්ලේ තියෙන පල්ලියේ සෙම්නනේරියේ මු ඉන්නේ මොරටුවේ .
කතෝලික ,ක්‍රිස්තියානි ,මුලදර්මවාදී ක්‍රිස්තියානි යන සියලුදෙනා වෙත . තොපි තොපේ ආගමක් අදහාගෙන හිටපල්ලා නමුත් තොපට මේ රටේ සිංහල බෞද්ද අපට ව්‍යවස්ථාවෙන් හිමි තැන නැති කිරීමට අප කිසි සේත්ම ඉඩදෙන්නේ නැත ., ඒවෙනුවෙන් කළහැකි හොදම දේ පවා කිරීමට සුදානම් තරුණයන් ලක්ෂ ගණනක් මෙරටේ සිටියි . ඒවගේම තොපේ මිෂනාරි බල්ලන්ට අපේ පන්සල් කැඩීමට බුදුපිළිම කැඩීමට අප ඉඩදෙන්නේ නැත . තොපේ සිහිනය අපි ඉටුවීමට ඉඩ දෙන්නේ නැත මෙරට සැමදාමත් සිංහල බෞද්ද රටක් සේ තබාගැනීමට අප අපේ දරු මුණුබුරන් පවා තොප ගැන දැනුවත් කොට තබමු ලංකාව ව්‍යවස්ථාවෙන් ආගමක් නැති secular රටක් කිරීමට එසේ කර තොපිට රිසිසේ අපේ ආගම නැතිකිරීමට අපි කසිදා ඉඩ නොතබමු .
කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි තොපිලට ක්‍රිස්තියානි කාරයෝ හදපු එක දෙයක් වත් පාවිච්චි කරන්ඩ කිසි අයිතියක් නැහැ.
ඒ හින්ද උඹල, උඹල 1505ට ඉස්සෙල්ල හිටපු විදියට මඩ් හට් වල හිටපන්. කියපන් බලන්ඩ බෞද්දයෝ හදපු
එකම එක දෙයක් ක්‍රිස්තියානි කාරයෝ පාවිච්චි කරන? අනේද මගේ කට. ක්‍රිස්තියානි ලෝකෙන් ආපු squat toilet එක නැත්නං උඹලට ටොයිලට් යන්ඩත් බැහැ. ඔගොල්ලොන්ගේ බැරි කම පෙන්නන්ඩ කොච්චර තර්ක ගෙනාවත් වැඩක් නැහැ. දන්නෝ දනිති.
ලියන්න ලියන්න උඹේ මෝඩකම තව තවත් එලියට එනවා .පලවෙනුවෙන්ම කියන්න ඕන උඹට අවශ්‍ය දැනුම නෑ තර්ක කරන්na. තෝ අහල තියනවද අනුරාධපුරය කියල මෙරටේ තිබුණු රාජදානිය ගැන .අන්න ඒ පෞරාණික නගරයට පලයන් එහි තියනවා ඇතිවෙන්න තොගේ මෝඩ මොළයට තේරෙන විදියටම යාබද වැසිකිලි රෙෆෙරන්ස් කරන්න හරක . ආලාහන පිරිවෙන හොයාගෙන පලයන් එහි තියෙනවා රාශියක් නැතිනම් පලයන් බටහිර ආරාමයට එතෙනත් තියනවා වැසිකිලි කැසිකිලි යන දෙකම .පලයන් අනුරාදපුර කටුගෙයට එතන තියනවා වැසිකිලි සදහා බාවිතාකල වැසිකිලි පාතබන ,බට ,මල ද්‍රවය එකතු කල නුතන ක්‍රමයටම නිර්වායු ස්වසනය සදහා සැකසු අති විශාල මැටි බදුන් .අනුරපුරයේ ඇති සෑම ආරාමයකම මෙවැනි වැසිකිලි කැසිකිලි තිබෙනවා . පලයන් මහමෙවුනා උයනට බලාගනින් විශ්මිතවූ ගලින් නිර්මිත පොකුණු , ජලපවාහන ක්‍රම .පලයන් මිහින්තලයට ,කළුදිය පොකුණට බලාගනින් අපේ මුතුන්මිත්තන් හිමිකරගෙන තිබුණු තාක්ෂනය පලයන් පොළොන්නරුවට බලපන් විශ්මිත අපේ සැත්කම් උපකරණ මතක තියාගනින් මේ කාලේ තොපේ සුද්දෝ බහුතරයක් හිටියේ ගල් ගුහාවල නැත්නම් කැලෑවල .උන් කෑවේ පුච්චපු මස් කාල අත් පිහ දැම්මේ බල්ලන්ගේ ඇගේ(සත්‍යයයි දන්නේ නැත්නම් බටහිර රටක බටහිර ඉතිහාසය කරපු ළමයෙක්ගෙන් අහපන් ) දැන් පලයන් පුලුවන්නම් එක්දහස් හයසිය ගණන්වල හදපු ප්‍රංශයේ වර්සයිල්ස් මාලිගාවට රත්රන් පාට ගාල හොයපන් එකම එක වැසිකිලියක් හරි ඒකාලේ හදපු ඔය මාලිගාවේ හරි එකේ උයනේ තියන අනිකුත් අවශේෂ මාලිගාවල හරි .උන් ඔක්කොම පැහරුවේ බේසම් වලට කාමරේ මැද තියපු තොපේ මහලොකු සුද්ද .පලයන් ඉන්ගලන්තේ පරණ මාලිගා වලට එහෙමත් නැත්නම් ප්‍රංශය,ස්විට්සර්ලන්තය ,ඔස්ට්‍රියාව පුරා තිබෙන මාලිගා වලට උඩු මහලක පොලවේ තිබෙන සිදුරක් ඇරෙන්න(බෙටි වැටෙන්නේ පහල යන එකාගේ ඇගට) කොහෙවත් නෑ යකෝ වැසිකිලි ලින් මැඩියෝ තොපි තමයි .තොපි වගේ වල් හරක් සුද්ද ලොකු කර ගත්තට අපිට තොගේ සුද්ද ලොකු නෑ .අනික තෝ දන්නවද ඇමෙරිකාව කියන්නේ මෝඩයන්ගේ රට කියල යුරෝපයේ මිනිසුන් . නැත්නම් හරකෝ මුන් ගෙඩි පිටින් විශ්වාස කරයිද ලෝකේ මැවුවේ අවරුදු හාර දහසකට ඉස්සෙල්ල කියල . මෙන්න මේ වීඩියෝ එක බලපන් එකේ තියෙනවා තොපේ ඇමෙරිකන් හරකගෙ මොලේ තරම http://www.youtube.com/watch?v=jwywMP4Sxgo නැත්නම් ගහපන් ” creationist junk de bunked කියල .මේ කියන්නේ අපි නෙමේ සුද්දෝ .අනික අර මම නේපාලය ගැන දාපු එක ගැන අර සියාතුව බය වෙලා . තොපේ බයිබල් කාක්කන්ට විචාර බුද්දිය නැති උනාට අපේ මිනිස්සුන්ට එක තියනවා එනිසා මම ලියල තියෙන දේ මිනිසුන්ට තේරෙනවා උඹ බය වෙන්න එපා .නාමල් උඩලමත්ත මුන්ට නියම උත්තරය දීල තියෙනවා .මුන් දැන් ඉන්නේ ගැරඩින්ට භූමි තෙල් දැම්ම වගේ . අපි මොටද බන් උඹලගේ මේ කතා පොතකට ඉර්ශයා කරන්නේ . තව එකක් ගිහින් බලපන් වතිකානුවේ කටුගෙයි තියෙන හොර බඩු කොල්ල කාපු ඒවා තොට යන්න සුද්ද විසා දුන්නොත් .අපි තොගේ ආගමට විරුද්ද නෑ ඕන දෙයක් අදැහුවට අපිට ප්‍රශ්නයක් නෑ හැබැයි තොපිට මෙරටේ අපේ අයිතිය නැතිකරන්න දෙන්නේ නෑ තොපි අවුරුදු පන්සියාක් වළි කැවා තොපිට බැරිවුනා තොපි හිතනවද තොපිට අපි ඉඩදෙයි කියල ? කරලා බලපන් කෝ ,
මේවගේ ගොන් කතා කියනකොට තොපි වගේ ක්‍රිස්තියානි අමනයන්ගේ දැනුම තව තවත් එලියට එනවා . අනේ යකෝ තොපි දන්නා දේවල් මොනවද අපේ බෞද්ද මුතුන් මිත්තන් ගැන ඔවුන් කල විෂ්ම කර්ම වැඩ ගැන .පලවෙනුවෙන්ම කියන්න ඕන උඹට අවශ්‍ය දැනුම නෑ තර්ක කරන්na. තෝ අහල තියනවද අනුරාධපුරය කියල මෙරටේ තිබුණු රාජදානිය ගැන .අන්න ඒ පෞරාණික නගරයට පලයන් එහි තියනවා ඇතිවෙන්න තොගේ මෝඩ මොළයට තේරෙන විදියටම යාබද වැසිකිලි රෙෆෙරන්ස් කරන්න හරක . ආලාහන පිරිවෙන හොයාගෙන පලයන් එහි තියෙනවා රාශියක් නැතිනම් පලයන් බටහිර ආරාමයට එතෙනත් තියනවා වැසිකිලි කැසිකිලි යන දෙකම .පලයන් අනුරාදපුර කටුගෙයට එතන තියනවා වැසිකිලි සදහා බාවිතාකල වැසිකිලි පාතබන ,බට ,මල ද්‍රවය එකතු කල නුතන ක්‍රමයටම නිර්වායු ස්වසනය සදහා සැකසු අති විශාල මැටි බදුන් .අනුරපුරයේ ඇති සෑම ආරාමයකම මෙවැනි වැසිකිලි කැසිකිලි තිබෙනවා . පලයන් මහමෙවුනා උයනට බලාගනින් විශ්මිතවූ ගලින් නිර්මිත පොකුණු , ජලපවාහන ක්‍රම .පලයන් මිහින්තලයට ,කළුදිය පොකුණට බලාගනින් අපේ මුතුන්මිත්තන් හිමිකරගෙන තිබුණු තාක්ෂනය පලයන් පොළොන්නරුවට බලපන් විශ්මිත අපේ සැත්කම් උපකරණ මතක තියාගනින් මේ කාලේ තොපේ සුද්දෝ බහුතරයක් හිටියේ ගල් ගුහාවල නැත්නම් කැලෑවල .උන් කෑවේ පුච්චපු මස් කාල අත් පිහ දැම්මේ බල්ලන්ගේ ඇගේ(සත්‍යයයි දන්නේ නැත්නම් බටහිර රටක බටහිර ඉතිහාසය කරපු ළමයෙක්ගෙන් අහපන් ) දැන් පලයන් පුලුවන්නම් එක්දහස් හයසිය ගණන්වල හදපු ප්‍රංශයේ වර්සයිල්ස් මාලිගාවට රත්රන් පාට ගාල හොයපන් එකම එක වැසිකිලියක් හරි ඒකාලේ හදපු ඔය මාලිගාවේ හරි එකේ උයනේ තියන අනිකුත් අවශේෂ මාලිගාවල හරි .උන් ඔක්කොම පැහරුවේ බේසම් වලට කාමරේ මැද තියපු තොපේ මහලොකු සුද්ද .පලයන් ඉන්ගලන්තේ පරණ මාලිගා වලට එහෙමත් නැත්නම් ප්‍රංශය,ස්විට්සර්ලන්තය ,ඔස්ට්‍රියාව පුරා තිබෙන මාලිගා වලට උඩු මහලක පොලවේ තිබෙන සිදුරක් ඇරෙන්න(බෙටි වැටෙන්නේ පහල යන එකාගේ ඇගට) කොහෙවත් නෑ යකෝ වැසිකිලි ලින් මැඩියෝ තොපි තමයි .තොපි වගේ වල් හරක් සුද්ද ලොකු කර ගත්තට අපිට තොගේ සුද්ද ලොකු නෑ .අනික තෝ දන්නවද ඇමෙරිකාව කියන්නේ මෝඩයන්ගේ රට කියල යුරෝපයේ මිනිසුන් . නැත්නම් හරකෝ මුන් ගෙඩි පිටින් විශ්වාස කරයිද ලෝකේ මැවුවේ අවරුදු හාර දහසකට ඉස්සෙල්ල කියල . මෙන්න මේ වීඩියෝ එක බලපන් එකේ තියෙනවා තොපේ ඇමෙරිකන් හරකගෙ මොලේ තරම http://www.youtube.com/watch?v=jwywMP4Sxgo නැත්නම් ගහපන් ” creationist junk de bunked කියල .මේ කියන්නේ අපි නෙමේ සුද්දෝ .අනික අර මම නේපාලය ගැන දාපු එක ගැන අර සියාතුව බය වෙලා . තොපේ බයිබල් කාක්කන්ට විචාර බුද්දිය නැති උනාට අපේ මිනිස්සුන්ට එක තියනවා එනිසා මම ලියල තියෙන දේ මිනිසුන්ට තේරෙනවා උඹ බය වෙන්න එපා .නාමල් උඩලමත්ත මුන්ට නියම උත්තරය දීල තියෙනවා .මුන් දැන් ඉන්නේ ගැරඩින්ට භූමි තෙල් දැම්ම වගේ . අපි මොටද බන් උඹලගේ මේ කතා පොතකට ඉර්ශයා කරන්නේ . තව එකක් ගිහින් බලපන් වතිකානුවේ කටුගෙයි තියෙන හොර බඩු කොල්ල කාපු ඒවා තොට යන්න සුද්ද විසා දුන්නොත් .අපි තොගේ ආගමට විරුද්ද නෑ ඕන දෙයක් අදැහුවට අපිට ප්‍රශ්නයක් නෑ හැබැයි තොපිට මෙරටේ අපේ අයිතිය නැතිකරන්න දෙන්නේ නෑ තොපි අවුරුදු පන්සියාක් වළි කැවා තොපිට බැරිවුනා තොපි හිතනවද තොපිට අපි ඉඩදෙයි කියල ? කරලා බලපන් කෝ ,
මේ විවාදය දිගට යන බව පෙන නිසා මම මේකේ ලියල තියන කතෝලික හෝ බෞද්ධ නොවන අයගෙන් ප්‍රශ්න තුනක් අහන්නම්. ඔය අය මට උත්තර දෙන්න.
1.ශ්‍රී ලංකාවේ බුද්ධාගමේ මිනිස්සුන්ට වඩා අන්‍ය ආගමිකයන්ට නිදහසේ තම තමන්ගේ ආගම අදහන්න ඉඩ දීපු වෙන රටක් තිබේනම් උදාහරණ සහිතව පෙන්නන්න.
2.බුද්ධාගමට වඩා අන්‍ය ආගම් වලට ගරුකරන වෙනත් ආගමක් තිබේනම් පෙන්වා දෙන්න.
3.මම මගේ බිරිඳයි දරුවොයි එක්ක ඉතාලියේ සංචාරයක් කරත්දී පාදෝවා පල්ලියේ ප්‍රධාන දේවගැතිවරයා පුජාවක් ඉවරවෙලා පෝලිමේ එන මිනිස්සුන්ට ලතින් වචන කිහිපයකින් සෙත් පතමින් හිටිය. අපේ හාමුදුරු නමක් පිරිත් පැන් බෙදත්දී හෝ පිරිත් නුල් ගැට ගහත්දී කාගෙන්වත් ආගම අහන්නේ නැති නිසාත් ඕනෑම ආගමක කෙනෙකුට සෙත් පැතීම අපට අකැප දෙයක් නොවන නිසාත් අපේ හිත් වල කිසිදු ආගම් බේදයක් තිබුනේ නැති නිසාත් අපිත් හරිම අසාවෙන් පෝලිමේ ගියාම අපේ වාරයේදී මේ මනුස්සය මගෙන් ඇහුව අපි කතෝලිකයෝද කියල. මම නැතෙයි කිව්වම අපිට ඔරවල සෙත් පතා ගන්නනම් මුලින් බෞතිස්ම වෙලා එන්න කිවුවා. අපිට ඇති උන දුක, කලකිරීම සහ ලැජ්ජාව වචන වලින් කියන්න බැරි තරම්. අපි හැමෝම ඒ වෙන කොටත් ගිනි ගණන් දීල පත්තු කරන්න අරගනිපු ඉටි පන්දම් අත් වල තිබුන. මම සේරම එකතු කරලා කඩලා කඩලා කුඩු කරලා කුණු කුඩේකට දැම්මා. මොකද ඒවා පත්තු කරන්නත් තහනම්, නිකම් මෙසෙයක් උඩින තියන්න ඕන. ඊට පස්සේ ඒවම තමයි ආයෙ ආයෙත් විකුනන්නේ. මෙහෙම ආගමක් මානව හිතවාදී කියල කියන්න පුළුවන් කෙනෙක් ඉන්නවද?
වැඩක් නැහැ මචන්……අපේ එවුන්ට තියෙන්නේ මාර හීනමානයක්….. සුද්දටත් වඩා සුද්දො වෙන්න යන,ලෝකෙට ප්‍රජාතන්ත්‍රවාදය හදුන්වලාදීපු එවුන්ටත් වැඩිය ප්‍රජාතන්ත්‍රවාදය පෙන්නන්න යන,ජේසුස්ටත් වැඩිය ආගම දන්න,බුදුන්ටත් සහජීවනය උගන්නන්න පුලුවන් ජාතියෙ මෙහෙමත් අමන පුස්සො රැලක් තමයි අපි අතරෙ ඉන්නෙ ….
මේ රොඩිය කියන එකා ආසනික් ප්‍රශ්නයේදී අපේ ආගමික සංකේත අපේ දෙවිවරුන්ට පහර දීමේ රහස දැන් පැහැදිලියි . ඒකාලේ මු කිවේ මු බෞද්දයෙක් කියල නමත් දැන් බලනකොට මු පල්ලියේ බැලයෙක් මිෂනාරි සක්කිලියෙක් දැන් මෙතනට අඩු වරකය විතරයි එත් රොඩියට අද කම්මැලි හිතිලා වගේ නම් දෙකෙන්ම ලියන්න
මං ළඟ තියෙනවා. මමත් කැමතියි බෙදා හද ගන්න. කොහොමද එවන්නේ, එක 1GB විතර ලොකුයි. නිදහස් ගුහාවක් හොයන් ඔබන්නම්. ඔබල ලනුව එවන්නම්, ඔයා ඇදල ගන්න.
සමා වෙන්න, මේ කියුවේ “Schooling the World – The White Man’s Last Burden” කියල ඉංග්‍රීසි වාර්තා වැඩසටහන ගැනයි.
Schooling the World – The White Man’s Last Burden
Part 1: http://www.fileserve.com/file/kktJMfa
Part 2: http://www.fileserve.com/file/wMNkyW5
Part 3: http://www.fileserve.com/file/UuzzYPc
Part 4: http://www.fileserve.com/file/kemUrzY
Part 5: http://www.fileserve.com/file/G2NeeyV
Part 6: http://www.fileserve.com/file/qcyuPB8
Part 7: http://www.fileserve.com/file/MjX6ust
අපේ එවුන්ට තියෙන්නේ මාර හීනමානයක්….. සුද්දටත් වඩා සුද්දො වෙන්න යන,ලෝකෙට ප්‍රජාතන්ත්‍රවාදය හදුන්වලාදීපු එවුන්ටත් වැඩිය ප්‍රජාතන්ත්‍රවාදය පෙන්නන්න යන,ජේසුස්ටත් වැඩිය ආගම දන්න,බුදුන්ටත් සහජීවනය උගන්නන්න පුලුවන් ජාතියෙ මෙහෙමත් අමන පුස්සො රැලක්….
මලික් ඔබගේ කතාව හරියට හරි, ඒකම තමයි මටත් අවශ්‍ය කරන්නේ. ඔබ කියන පොදු සාධකයටත් එහා ශ්‍රි ලාන්කීක කියන තෑනට තමයි අප යායුත්තේ. එතනදී අපි හෑමෝම ලන්කාව වෙනුවෙන් කියන හෑගිම තමයි සියල්ලන් තුලම ඈති විය යුත්තේ. නාමල් වෑන්නවුන් කියන පරිදි සින්හල බෞද්ධ පමනක් හොදය,පවිත්‍රය පිරිසිදුය කියන ආකල්ප දරන පුද්ගලයන් ඉන්න තාක්කල් අපේ රටට සාමයක් ලෑබෙන්නේ නෑත. යුරෝපයේද ඔවුන් වෑන්න වුන් සිටිත් රස්සිත්, නාසිවාදීන් වශයෙන් යුරෝපියන් ඔවුන්ව හදුන්වයි. නාමල් විසින් මා රටට බුදු දහමට ගෑරහුවයයි චොදනා කරයි, නමුත් මා බුදු දහමටවත් මගේ රටට වත් ගරහා නෑත. පාට කන්නඩි දාගෙන සිටින ඔහුට එය නොතේරුනාට වෙනත් අයට පෑහෑදිලි වනු ඈත. කතෝලික පල්ලියේ දෙශපාලනයක් ගෑන කතාකරන ඔහු භික්ශුන් ගේ වේදිකා දේශපාලන ගෑන විවෙචන ඈතෑයි කියමින් එය මග හෑර යයි. ඉතින් අනුන්ගේ වරදි ගෑන සොයන්නට පෙර තමන්ගේ වෑරදි හදා ගෑනිමට උත්ශහා කරන්නේ නම් මෑනවයි සිතමු. මාගේ අදහස සහා උත්සහය වන්නේ ලන්කාව එක කුලයකට අයිති රටක් නොව අපි හෑමෝගේම රට බව පෙන්වාදීම බව පමනක් බව කියමි.
නිකන් බොරු කියන්න එපා. සිංහල බෞද්ධ පමණක් හොඳය කියලා මම කිව්වේ කොහේද? මට පෙන්නවාද ඒක? මම දන්නවා ඔයාට ඕන පවක් කරලා පව් සමා කරගන්න පුළුවන් කියලා.
මේ රටේ මර්සලීන් ජයකොඩි, සුනිල් ශාන්ත, ලක්ෂ්මන් කදිරගාමර්, ජෙරාජ් ප්‍රනාන්දු පුල්ලේ, එස්. එල්. ගුණසේකර, සිරිල් එඩේරමුල්ල, එඩ්වඩ් ජයකොඩි, ජැක්සන් ඇන්තනී වගේ හොඳ වැදගත් කතෝලිකයෝ සිය දහස් ගණනක් ඉන්නවා. ඒ අය ක්‍රිස්තුධර්මය ඇදහුවාට බටහිර පදේට නටන්නේ නෑ.
ලංකාව එක් කුලකයකට අයිති රටක් නොවේ. එහෙයිනි අප සැම එක් වී රට වෙනුවෙන් පෙනී සිටිය යුත්තේ. එහෙයිනි රටට එරෙහි සතුරන් වෙනුවෙන් පෙනී නොසිටින්නැයි අප ඉල්ලා සිටින්නේ. “අසල්වැසියාට ප්‍රේම කරන්න”"ඔබේ අසල්වැසියාට එරෙහිව කේලම් නොකියන්න” වැනි කිතු උගැන්වීම් නොදන්නා රායප්පු ජෝෂප් වැනි කොටි හිතවාදීන් මඩු මෑණියන්ගේ පිළිමය රැගෙන වන්නියට පැනයාම සහ එවැනි දේශද්‍රෝහී පිරිසුයි මගේ විවේචනයට ලක්වන්නේ. එහෙත් එසේ වූ පමණින් බහු සංස්කෘතිය, බහු ආගම වැනි පිස්සු විකාර අප මත පැටවීමට අපට ඉඩදිය නොහැකිය. ඇමරිකාව ක්‍රිස්තියානි රාජ්‍යය වන්නා සේම ඉන්දියාව හිංදු රාජ්‍යය වන්නා සේම ලංකාව බෞද්ධ රාජ්‍යයයි. එය කිසිවෙකුට අභියෝග කළ නොහැකි කාරණාවකි.
මොහු තමා උපන් රටට සහ බුදුදහමට ගැරහුයේද නැද්ද යන්න ඔහු පෙර ලියූ දෑවලින් දැකගන්න.
“බුද්දාගම අදහන අපි උගත් මිනිස්සු.ඉන්දීයානුවන්ටත් වෑඩිය අපි බුද්දිමත් ජාතියක්.ඒක නිසා තමයි බුදුහාමුදුරුවෝ ඉපදුන ඉන්දියාවෙත් නෑති බුද්දාගම අපි මරාගෙන මෑරිලාහරි කටින් රෑකගන්න බලන්නෙ. අපේ බුද්දාගම් අනුව ලන්කාවෙ දෙමල මහානායක වහන්සෙලා යටතේ පන්සල් හෑටහුටාමාරක් තියෙනවා. දෙමල ජනතාවත් සතය්‍ය තේරුම් අරගෙන වෑලනොකෑඩි බුද්දාගම වලන්ද ගන්නවා.බටහිරයෝ කියන්නේ කිසි උගත්කමක් නෑතිජාතියක්, කිසිම සන්වර්ධනයක් නෑති රටවල්.අපිට දෙදහස් පන්සීයක ඉතිහාසයක් තියෙනවා. අපි ඒකලෙ හදපු රොකට් හිටන් සුද්ද්න්ට පරිතය්‍යාග කරපු නිසා තමයි කරත්ත රෝදේට ගහන කඩ ඈනේ හදන්නත් කිරිස්තියනි ඈමරිකවෙන් මෑශින් ගේන්න වෙලා තියෙන්නෙ.අවුරුදු 30ක්තිබුන යුද්දේ දින්නෙත් වලගම්බා රජ්ජුරුවෝ හන්ගලා තිබුන මල්ටි බෑරල් වගයකින් තමයි.මෝඩ කතොලික සහන්ලා දන්නෙ නෑතිවුනාට ඒකලේ සීගීරිය ඒසි කරලයි තිබුනේ,කිරිස්තියනි සුද්දෝ තමයි ඒවා නෑති කරලා තියෙන්නේ.මම මේ කිරිස්තියනින්ට,බටහිරයන්ට බනිනවා නෙමෙයි,අපේ පුරාජේරුව කියව්නවා අපේ තම්මෑට්ටම අපිම ගහනවා. අපි ගෑන අපි පම්පෝරී නොගහා කවුද යකෝ ඒවා ගෑන ලෝකෙට කියන්නේ බිබිසිද? සීඑන් එන්ද? තව දුරටත් අපිට විරුද්දව ලියන්න ආවෝත් මරාගෙනමෑරෙන්න ගහනවකෑලෑ පත්තර සුද්දගේ නෑහෑ වෑරදුනා අපේ තාක්ශනයෙන් හදපු වෙබ් සයිට්වල.
ප.ලි.
බුද්දරක්ඛිත ජර්මන් කරයෙක්,පානදුරේ සෝභිත ඉතාලියෙක්, මිහින්තලේ මහනායක ඈමරිකන් කාරයෙක් අනෙක් ගුරුකම්,වල්කම්, දරුපවුල් නඩත්තුකරනකරන සියලු හමුදුරුවරු කතෝලික සභවේ කස්ටිය. පනපිටින් ඉන්දිදි ගෑබ්බර එලදෙනගේ ගාතය කපාගෙන කෑවේ අපි සත්තු මරන්නෙ නෑති හින්දායි.පානදුර හොරේතුඩුවේ ගන්ගාරමයේ ලොකුහාමුදුරුවෝ පන්සල ඈතුලෙම බූරූ ගස්සවන්නේ ගනිකාවෝ උපාසකමහත්වරුන් ක්ලබ් වලට යන එක නවත්වන්නයි. අපි වරදි කරන්නේ නෑහෑ කරලා මට්ටුවුනොත් අපි කියනවා ඒක බටහිර කිරිස්තියනි කුමන්ත්‍රනයක් කියලා ඒ තරමට අපි පවිත්‍රයි.”
මොහු පැළඳ සිටින්නේ කාගේ කණ්ණාඩිය දැයි දැන් පැහැදිලි වනු ඇතැයි සිතමි. මොහු තවමත් පැළඳ සිටින්නේ 1505 සිට මෙරට ආක්‍රමණය කළ ආක්‍රමණිකයාගේ කණ්ණාඩියයි. මොහු සිතන්නේ තමන් අර ආක්‍රමණිකයා අතින් ශුද්ධවන්තයෙකු බවට පත්ව ඇති බවය. මේ පුහු පුචානම් අපට සිහිපත් කරන්නේ ගමේ චණ්ඩියෙකු විසින් දූෂණය කළ අහංසක ගැහැනියකගේ පුත්‍රයා සිය මවට වූ හදිය පිළිබඳ දුක් වනු වෙනුවට උදම් ඇනීමට නොවේද?
මාතෘකාවට අදාලව කතා කළ නොහැකි විපරිතයෙකු වන මොහුට පල්ලියේ රටට විරුද්ධ දේශපාලනය ගැන කතා කරන තැන භික්ෂුවගේ වේදිකා දේශපාලන කතා කිරීම ප්‍රස්තුතයට අදාළ නොවන බව නොපෙනෙන්නේ ඇයි? මොහු ඉස්සා මැවු දින මැවු නිසා මිස අන් කවර හේතුවක් නිසාදැයි පැහැදිලි කළ හැක්කේ කාටද?
සංඝ සංස්ථාව හෝ කතෝලික සංස්ථාව නිවැරදි කරනට හෝ ඔවුන්ගේ සිල්පද පිළිබඳ මා කතා කළේ නැත. මා කතා කළේ පල්ලියේ දේශද්‍රෝහි දේශපාලනය ගැනය. එය රටට බලවත් තර්ජනයක් හෙයිනි. එවන් රටට තර්ජනාත්මක දේශපාලනයක යෙදෙන්නා කවර ආගමක අනුගාමිකයෙක්ද යන්න මට අදාල නැත. ඔහු බෞද්ධයෙක් නම් මම ඊට එරෙහි වෙමි.
මොකෙක් හෝ කියූ වැකියක් ගිරවෙක් සේ මතුරන්නට පමණක් දන්නා පුස්සෙකුට තමා ශ්‍රී ලාංකියෙකු ලෙස හඳුන්වා දිය යුත්තේ මෙරටදී නොව පිටරටකදී හෝ විදේශිකයෙකු සඳහා බව නොවැටහේ. මා නුවර ගිය විට හෝ යාපනයට ගිය විට ඔබ කුමන ජාතියෙක්දැයි ඇසුවහොත් ඉන් ඔහු බලපොරොත්තු වන්නේ “මම ශ්‍රී ලාංකියෙක්” යන ගොන් පිළිතුර නොවේ. එසේ හඳුන්වා දෙන්නන් යැවිය යුතු තැන් වෙනම පිහිටුවා තිබේ. ඔහු අසන්නේ ඔබේ ජනවර්ගයයි. ඔබ සිංහලද, මුස්ලිම්ද, දෙමළද යන බවය. මෙවැනි සරල කාරණා පවා නැවත නැවත ලිවීමට සිදුවීම කවර නම් අවාසනාවක්ද?
බයිබලයේ එන බාබෙල් කොතේ සිද්දියෙදි දෙයියන් වහන්සේගෙ ක්‍රියා කලාපය ගැන කවුරු හරි කෙනෙකුට පොඩි විස්තරයක් කරන්න බැරිද? මිනිස්සුන්ව අසමගි කරා කියල තමයි අදහස එන්නේ….බැරිද පැහැදිලිකිරීමක් කරන්න?
ARANAGALAYAGE kathawa eththa. Den BalannaRukmanidevi, Sunil Shantha, Iver Denis, C.T.Fernando, Neeta Fernanando, W.D.Amaradevwa, Edward Jayakodi, Latha Walpola, eeelangta Angaline Gunatilaka, Rukantha Gunatilaka, Chandraleckah Pereera, Gration Ananda, thawa kochchara aya innwada Kare KURUSAYAK nodagen Inna Katholicayo.
W.D.Amaradevwa කතෝලික?? උඹට පිස්සුද?
yes that’s true.he is catholic .his birth name was Albert Perera
Is he Buddhist now? Just becuase Albert Perera does not mean Buddhist cos in the 1920s most Buddhist had Enghlish names like Albert.
බුද්දාගම 21 වැනි සියවසට කිසිසීත්ම ගැලපෙන ආගමක් නොවේ. බුදු දහම සහ බටහිර ක්‍රිස්තියානි විද්‍යාව, තාක්ෂනය සහ
ඒ මත පදන්වුනු අපි වැළදගෙන සිටින බටහිර සංස්කෘතිය බුද්දාගමට සම්පුර්ණයෙන්ම පටහැනි. බුද්දාගම කියන්නේ
ජීවත්වීම දුකයිලු. හැම දෙයක්ම දුකයිලු. සැප තියෙනවා හැබැයි ඒවා තාවකාලික නිසා දුකයි ලු. මේ වගේ ප්‍රතිගාමී
ආගමකින් රටක් තියා පවුලක් වත් දියුණු කරන්ඩ බැහැ.
මම අහගෙන අපේ ඔෆිස් එකේ බණට ආපු හාමුදුරුවෝ
කියනවා කවුරු හරි තව කෙනෙකුට වැරද්දක් කරනවානම් අපි ඒවා ඉග්නෝ කරන්ඩ ඕනෙලු. ඒවාට පැටලෙන්ඩ හොඳ නැහැලු. අනිත් මිනිස්සු කරන දේවල් දැකල අපේ “සිත” වැරදි අකුසල සිතුවිලි (ඒ කියන්නේ තරහ, ද්වේශය වගේ)
දාගෙන අකුසල් රැස් කරන්ඩ එපාලු. මම අහන්නේ, එහෙනං ඉතින් ප්‍රබාකරන් ගහනකොට අපිත් අහක බලන්
ඉන්නඩනේ තියෙන්නේ? අපේ යාලුවෙක්ට හරි අම්මට හරි දරුවන්ට හරි කවුර්ත් මොනවා හරි කියනාවන්, ඒ කියන්නේ
බනිනවනන්, නැත්නම් ගහන්ඩ යනවන අපිත් ඒ ගැන කිසිම දෙයක් කරන්නේ නැතුව ඔහේ ඉන්නඩ ඕනේ. මොන
විකාරද මෙව්වා??
මචන් උබ බුද්ධාගම ගැන කියවල අවබෝධ කරගෙන තියෙන තරම පේනවා…….ඒක නිසා නොදන්න රෙද්දක් කියන්න ගිහින් වරිගෙ නහගන්නෙ නැතිව හිටපන් හොද එකා වගේ…
wel done
වරක් එක්තරා යක්ෂයෙක් බුදුන්ට නොසෑහෙන්න බැන්නේය. මේ සියල්ල ඉවසා වදාළ බුදු රදුන් යක්ෂයාගෙන් මෙසේ විචාලේය.
“ඔබ යමෙකුට තෑග්ගක් දුන්නාම එය ප්‍රතික්ෂේප කළොත් මොකද කරන්නේ?”
“මම ඒක ආපහු ගන්නවා” යක්ෂයා කීවේය.
“එහෙනම් ඔබ මෙතෙක් කියන ලද සියල්ල ඔබම ගන්න. මම භාර නොගනිමි”බුදු රදුන් වදාළේය.
එහෙයින් බුදුදහම පිළිබඳ කිසිවක් නොදැන හඬලන මොහුට අනුකම්පා කරනු හැර අන් කුමක් කරම්ද?
පහුගිය සියවසේ ජීවත්වූ විශිෂ්ටතම චින්තකයා බුද්ධිමත ලෙස සැලකෙන බර්ට්‍රම් රසල් වරක් කීවේ තමා චින්තකයෙකු නිසා කිසිදු ආගමක් නො අදහන බවත් ආගමක් අදහන්නේ නම් ඒ බුදු දහම බවත්ය. “why i am not a christian” කෘතිය ලීවේද ඔහුමය.
පලයන් බන් යන්ඩ. උඹලගේ මහා ලොකු දර්ම ටෝක්ස්. බුද්දීස්ට්ලට තියෙන්නේ ඔය වගේ
මාර ටෝක්ස්. බොරු ශෝ. නිකන් අනන් මනං කියන්නේ නැතුව ඌ අහල තියෙන
ප්‍රශ්න වලට උත්තර දීපන්.
මේ ලෝකේ ඔය බර්ට්‍රම් රසල් වගේ උන් ඉන්නවා වගේම ඕනේ හැටිය ඉන්නවා
දෙවියන් අදහන සයන්ටිස්ලා . මැක්ස් ප්ලාන්ක්, නිව්ටෝන්. වැඩිය ඕනේ නැහැ ලෝකේ සුප්‍රසිද්දම
සයන්ටිස්ට් වන අයින්ස්ටයින් pantheistic God සංකල්පය විස්වාස කෙරුව.
උමබලගේ තත්වේ කොච්චර අන්තිමයිද කියනවනං
බුදුදහම ගැණ සේර්ටිෆිකටේ ගන්ඩ උමබල්ට යන්ඩ වෙලා තියෙන්නේ උඹලටම
පෙන්නන්ඩ බැරි සුද්දෝ ලඟට. අනේ යකෝ. මම උඹල ගෙන අනුකම්පා කරනවා.
මචන් සහන් ඌ අහල තියෙන්නෙ ප්‍රශ්නයක් නෙමේ..ඌට හිතෙන දේ බූරුවෙක් වගේ විචාරයකින් තොරව ලියල දාල . උබ නිකන් එක එකාගෙ කොමෙන්ට්ස් වලට මුට්ටිය අල්ලන්නෙ නැතිව හිටපන්…උබට නිකන් ඇගට අමාරුමනම් වගේ ඌට අඩගහල සප්ත අපරිහානි ධර්ම,මිලින්ද ප්‍රශ්න,සිගාලෝවාද සුත්‍රය වගේ දෙවල් ටිකක් කියල දීපන්…..එතකොට ඌට තේරෙයි රාජ්යපාලනය පවුල් ස0ස්ථාව වගෙ දෙවල් ගැන බුදුහාමුදුරුවො මොනාද දේශනා කරලා තියෙන්නෙ කියල….. උබත් ඒව දන්නෙ නැත්තම් කට වහගෙන හිටපන් වරිගෙ නහගන්නෙ නැතිව….
සහන්
මොනවාද ඒ මනුස්සයා අහලා තියෙන ප්‍රශ්න. ඕවා ප්‍රශ්නද? බුදුදහම ගැන මෙලෝ හසරක් නොදන්න කෙනෙක් මෙතන ඇවිත් රට හිනැස්සුවාට අපි මොනා කරන්නද?
රසල්, හෙන්රි ස්ටීල් ඕල්කට්, බ්ලැවැස්කි, මැක්ස් මුලර්, එඩ්වින් ආනෝල්ඩ්, රිත්ස් ඩේවිඩ්ස්, වොරන්, ෆවුස්බෝල් ගැන කීවේ අපට සුද්දා ලොකු නිසා නෙමේ ඔයාලාට සුද්දා ගොඩක් ලොකු නිසා. සුද්දා පස්ස නොහෝදද්දි ඔයාලාත් නොහෝදන නිසා. අනෙක සුද්දෝ අතරත් බුදුදහම තේරුම් ගන්න පුළුවන් සුද්දෝ, දෙවියන්ගෙන් තොරව විශ්වය තේරුම් ගන්න පුළුවන් සුද්දෝ ඉන්න බව ඔයාලාට පෙන්වන්න ඕන.ඔයාලා තරම් සුද්දෝ මෝඩ නෑ කියලා පෙන්වන්න ඕන නිසා.
ආගම කියන්නේ මිනිහා හදාගත්තු දෙයක් මිස ආගම විසින් මිනිහා හැදුවා නෙමේ. මිනිහා ආරම්භයේදී අහස පොළව වැස්ස හිරු විදුලිය ගස්වැල් නමස්කාර කළා. ඒවාට දෙවියන්ය කීවා. ඒවාටත් තමන්ට වගේ ආත්මයක් ඇතැයි හිතුවා. එහි ක්‍රියාකාරීත්වය ඒ තුළ ඇති ආත්මයේ කැමැත්ත යැයි හිතුවා. පස්සේ ඒ සියල්ල සම්බන්ධ කරන සර්වබලධාරී දෙවියෙක් හදාගත්තා. දැන් එයාව විශ්වාස කරනවා. මුස්ලිම් අයට දෙවියෙක්, කතෝලික අයට දෙවියෙක් ඉන්නවා. ඒ ඒ අය හිතනවා තමන්ගේ දෙවියා තමා ලෝකය මැව්වේ කියලා. ඕන ආගමක් විශ්වාස කරන්න, භක්තිවන්තයෙක් වෙන්න කාගෙන්වත් තහනමක් නෑ. ඒක තම තම නැණ පමණින්නේ.
බටහිර රටවල උදේට විශ්වවිද්‍යාලයේ මහා පිපිරුම්වාදය ළමයින්ට උගන්වලා හසවට පල්ලිය ගිහින් තමන් ඇතුලු විශ්වය මැවූ සර්වබලධාරී දෙවියන් වහන්සේට යාතිකා කියන මහාචාර්යවරු ඉන්න බව අපි දන්නවා. ඒ වගේම ආගම අබිං කියන මාක්ස්ලත් ඔය අතර ඉන්නවා. ආගම යනු පීඩිත මිනිසුන්ගේ සුසුම මෙන්ම හදවතක් නැති ලොවේ හදවතයි. ආත්මයක් නැති ස්වභාවයේ ආත්මයයි. එය ජනතාවගේ අබිංයැයි මාක්ස්වාදීහු කීවේ ඒ ක්‍රියාවලිය දෙසා බලා විය යුතුයි. ආගම හදවත සමග ගනුදෙනවක් නිසා ඒකේ වරදක් නැහැ. ඒක තම කැමැත්ත. මොනා වුණත් තමන්ගේ දෙවියන් අදහගෙන නොසිට අනුන් ප්‍රශ්න කරන්න ගියාම වෙන්නේ ඇදගෙන නාන්න.
අපි කතා කරන්නේ කිසියම් ආගමික පූජක පිරිසකගේ දේශද්‍රෝහී දේශපාලනය ගැන මිස ආගමේ සත්‍ය අසත්‍යතාව නෙමේ. අපේ ආගම අපට හොඳයි. ඔයාලගේ ආගම ඔයාලට හොඳයි. ඒත් ඔයාලා බුදුදහම ඇත්ත නැත්ත හොයන්න ආවම තමා අනවහ්‍ය දේවලුත් කියවෙන්නේ.
මේ වගේ තැන්වල තමන්ගේ නමිනුත් නොලියන, කිසිම පතක් පොතක් නොබලා මනස්ගතා ලියන අය ඇත්තටම තමාගේ ආගමටත් අගෞරවයක් කරගන්නේ. අඩුතරමේ තමන්ගේ ආගමේ බයිබලයවත් සිහිබුද්ධියෙන් කියවලාද මේ අය බුදුදහම ප්‍රශ්න කරන්නේ? බයිබලයවත් තේරුම් ගන්න බැරි කෙනෙක් කොහොමද බුදුදහම තේරුම් ගන්නේ? ඒ නිසා තමන්ගේ මට්ටමට නොගැළපෙන දේවල් කතා නොකර සිටීම තමන්ගේ ආත්ගරුත්වයට හොඳයි. මොකද ලියන්නේ කවුද කියලා රටට හැංගුවාට තමන්ට හංගන්න බෑනේ. ගොන් කතා ලියන්න ලියන්න වෙන්නේ තමන් මොන තරම් අමන ප්‍රශ්නද නගන්නේ කියන හැඟීම හදවතට නිඳා බැසීම විතරයි.
මෙන්න ආගම් වලට අපහසකරන හෙතිරියෝ ;
මෙය එක්තරා කතෝලික ආගමේ මොන්ටිසෝරියකි.මෙහි බෞද්ධ දරුවන් විශාල ප්‍රමාණයක් සිටී .සිස්ටර් ළමය්ගෙන් ප්‍රශ්න අසය්
සිස්ටර් ; ඔයාලට මමී දුන්නේ කව්ද ? ජේසු නේද .
සිස්ටර් ; ඔයාලට dady දුන්නේ කව්ද ? ජේසු නේද. ඔයාලට ඔක්කොම දුන්නේ ජේසු .
ඔයාලගේ බුද්ධා එහෙම නේ නේද ?.එයා ඔයාල වගේ පොඩි ළමයෙක් දාල ගෙදරින් යන්ද ගියා. හරිම නරකය් නේද ?
නෝටි බුද්ධා නේද ? කව්ද ? බලන්ඩ ඇහෙන්ඩ කියන්ඩ
ළමයි ; නෝටි බුද්ධා .
(මෙය ළමයින් ලවා කීපවිටක් මහා හඬින් කියවීමට සලස්වාය් )
මේ සිස්ටර් කියන ගේනිය විසින් ඉතාම නින්දිත විදිහට මේ කිරිදරුවන්ගේ මනසට තම ආගම ගෙන වය්රයක් ඇතිකරවෛ.
කතාව ඇත්තක්ම යනුවෙක් ඔප්පු කල හැකිද ? එවැනි ඉගැන්වීම් කිරීම සඳහා කතෝලික සබාව අනුබල නොදෙනු ඇත
ubata opukaranna puluwanda (uba hala teyanawada 550 jathakaya eka teyannawa -hanun nasanna haduwath thaman nasenawa keyala )
kiyawalaa balamuda?
කටපාඩම් කළ හැකි එහෙත් හිතන්න බැරි අචාර්ය මහාචාර්යවරු මම දැකලා තියෙනවා ඕන තරම්. මේ උපුටා ගැනීමත් ඒක නැවත තහවුරු කරන්න හොඳ අවස්ථාවක්.
“අපි බත් කන ජාතියක්” කියන්නේ අපි කවදාවත් අල, බතල, මුං ඇට, රොටි, පාන් නොකනවා කියන එක නෙමේ. අපි බෙහෙවින් කන්නේ බත් කියන එකයි ඉන් කියැවෙන්නේ. එසේ කීවා යැයි කියා සෙසු ආහාරවලට නිග්‍රහයක් නොවේ. එසේම එම ආහාර ප්‍රතික්ෂේප කිරීමක් ද ඉන් නොකියවේ. උක්ත වැකියෙන් කියැවෙන්නේ අපේ ප්‍රධාන ආහාරය බත් බව මිස අන් කෙහෙල් මලක් නොවේ. එහෙත් තම මන්දමානසිකත්වයට ගැළපෙන පරිදි මේ අල, බතල, මුං ඇට, රොටි, පාන්වලට කරන ලද නිගරුවක් යැයි කියා කෙනෙකුට රට හිනැස්සවිය හැකිය. අපි රබර් වත්ත, තේ හේන, පොල් කෑල්ල ආදී යෙදුම් ද මෙසේ බහුතරය අනුව කරන හැඳීන්වීම් මිස රබර් වත්තේ පොල් ගහක් නැති බව හෝ තේ වත්තේ ඇත්තේ තේ පමණක් බවක් නොකියවේ.
රාවය වැනි පිටපත් 1000ක් නොවිකෙණෙ NGO පත්තර කඩමාලුවලට කළ හැක්කේ මෙවන් පිස්සු විකරා සමාජගත කිරීමට පමණි. කොටි ත්‍රස්තවාදය පවතින තුරු ඊට සේවය කළ මේ පුවත්පත සිංහල බෞද්ධ වීරෝධි රංචුවලට ලොකු වුවද අපට නම් ලොකුවක් නැත. ඔවුන් අදද බෙදුම්වාදය, බහු සංස්කෘතිය වැනි මතවාද බෝ කිරීම වෙනුවෙන් පෙනී සිටින බව දන්නෝ දනිති.
මේ සරල සත්‍ය මෙරට සිටින කලු සුද්දන්ට නොවැටහුණද සුද්දන් මොවුන් මෙන් හිස් පුස්සන් නොවේ. ව්‍යස්ථාවෙන්ම අන්‍යාගාමික රාජ්‍යයකැයි කියන ඇමරිකාවේ බයිබලය විශ්වාස කරන 75%ක් ජනතාව එක්සත් ජනපදය “ක්‍රිස්තියානි රාජ්‍යය” ලෙස හඳුන්වයි. ඉන් කියැවෙන්නේ රටේ අති බහුතරය ක්‍රිස්තියානි වීම මිස එහි 16%ක් අදේවවාදීන්ද යුදෙව්, බෞද්ධ, හින්දු, ඉස්ලාම් භක්තිකයින් ද නොමැති බව නොවේ යන්න කටපාඩම් ගිරවුන්ට නොවැටහුණද අපට නම් වැටහෙයි.
එක්සත් ජනපදය “ක්‍රිස්තියානි රාජ්‍යය” ලෙස හැඳින්වීමේ කිසිදු වරදක් අපට නොපෙනේ. මේ රබර් වත්තේ රබර් ගස් බොහෝ ඇති බව ද වෙන වර්ගවල ගස් ද තිබිය හැකි බවද අපි දනිමු. “තිස්ස ඒ සියලු ගස් හැර තවත් ගස් තිබේද?” මිහිඳු හිමි ඇසූ කළ තිස්සේ රජු කීවේ “එසේය ස්වාමිනි, ඒ මේ අඹ ගස” යැයි කියාය. එරට සිටින අන්‍යාගමිකයින් මේ “ක්‍රිස්තියානි රාජ්‍යය” ප්‍රකාශයට එරෙහිව නැගී සිටි බවක් හෝ එය ඉල්ලා අස්කර ගත් බවක් අප දන්නේ නැත.
සැබවින්ම දූපත් මානසිකත්වයෙන් පෙළෙන්නේ අප නොව සුද්දන් වන්ට දඟලන කළු සුද්දන්ය. ඔවුන්ට අල්ලපු අත්තද පය ගහපු අත්තද අහිමිය. දැන් සුද්දන්ට වැටහෙන දේද මේ රටේ සිටින කළු සුද්දන්ට වැටහෙන්නට කෙතරම් කල්යාද? මේ ප්‍රකාශ සුද්දන් දැනගතහොත් හිනාවන්නේ දෙකොනිණි.
මචන්ලා බොඳ මිදුම් එකට මොනවද බන් වේගෙන එන්නේ?? සාලියේ මැරුණා. හැබැයි මන් හිතන්නේ එයාව මාරුව කියල.
ඕගොල්ලෝ මොනවද හිතෙන්නේ?
හිනා යන්නේ නෑනේ, මාර සීන් එක….
හිනා යන්නේ නැ තමයි යකෝ. සාලිය මැරුණම හිනා යන්නේ කොහොමද ඩෝ?
“LANKACNEWS” AI MEY WAGE “KATHOLIKA AGAMATA” APAHASA WANA ARTICLE PALA KARANNEY, MEKA LIYAPU KENATA THAMUNGE PERSONAL ADAHAS PALAKARANNA PULUWAN SIMAWAK THIYENAWA, MEY MINIHA AI MECHCHARA KATHOLIKA AGAMATA APAHASA KARANNEY? EYA KATHA KARANNEY HARIYATA MAHA BRAKMAYA WAGE, APEY HITH WALA NETHI AGAM WADAYA MEWA EHENAKOTA APITATH ISMATHU WENAWA………….. “LANKACNEWS” MEHEMA GIYOTH OYALAGE WEB SIT EKATA PRASHNAYAK WEWI……DEN MEY SIT EKATA BALANNA APITH KEMATHI NETHI WEWI…………………… YOU’LL PRESENT U’R OPINITION WHEN U DRINK…………….
මුලින්ම කීමට ඇත්තේ මට කිසිදු ආගමකට ගැරහීමේ උවමනාවක් නොමැති බවය. එසේ මා ගැරහුයේ යැයි කිසිවෙකු කිව යුත්තේ සාධක ඇතිවය. ඔහු ඒ සාධක ඉදිරිපත් කළ යුතුය. එසේ නොමැතිව අන්තවාදියා වැනි වදන් ඕන කෙනෙකුට භාවිත කළ හැකිය.
මට කතෝලික, හිංදු, මුස්ලිම් මිතුරන් සිටී. ඔවුන් අදහන ආගම ගැන මට කිසිදු ප්‍රශ්නයක් නැත. ඔවුන්ට ඒ සඳහා ඇති අයිතියට මම සැමදා ගරු කරමි. මම හිංදු කෝවිල්වලට, කතෝලික පල්ලිවලට මගේ මිතුරන් සමග ගොස් ඔවුන්ගේ දේව මෙහෙයන්ටද සහභාගී වී තිබේ. ඒ සඳහා බුදු රජුන් මට කිසිඳු තහනමක් පනවා නැත. උන්වහන්සේද විවේක අවස්ථාවල එසේ අන්‍යාගමික අසපුවලට වැඩි බව බෞද්ධයෝ දනිති. කිසිදු අන්‍යාගමිකයෙකු බෞද්ධ විය යුතු යැයි මම නොසිතමි. එසේ වෙනවා නම් බෞද්ධ දර්ශනය හැදෑරීමෙන් පසුය.
මා මෙහි පළ කළේ (අ)සත්‍ය නමින් ලියන සිය නමින් පෙනී සිටීමේ හැකියාවක් නැති පුද්ගලයා බුදුදහමට සහ රටට ගරහා ලිපූ දේවලට පිළිතුරකි. ඔහු මා ලබා දුන් පිළිතුරු කිසිදු ප්‍රශ්න කිරීමකට ලක්කර නැතිවා මෙන්ම එය ප්‍රතික්ෂේප කිරීමටද අසමත් වී තිබේ. ඔහු ඊට ප්‍රතිඋත්තර දෙනු පසෙකලා පිස්සුවෙන් දොඩවයි. ලිපියේ හරය ගෙන ඊට පිළිතුරු සපයනු වෙනුවට එහි ඇතැම් කොටස් ගෙන නියං කල අහසක් සේ ගොරවයි. දෙවියන්වහන්සේගේ පුත්‍රයා මෙන් දරුවා යැයි අප අමතයි. දෙවියන්වහන්සේ මොහුට මිනිස් ශරීරයක් දුන්නද යමක් කියවා තේරුම් ගැනීමේ බුද්ධිය ලබා දී දීමට කාරුණික වී නැත. එහෙයින් forgive Father, for they don’t know what they are doing යැයි කීමට අපට සිදුවේ. මෙය ඔහුගේ වරදක් නොව ඔහු ලබා උපන් හැටිය.
අන්‍ය ආගම් හෝ ජාතිවලට ගැරහීමට අපට උවමනාවක් නැත. එහෙත් මේ අන්‍ය ජාතීන් සිය ආගමේ නාමයෙන් සිය ජාතියේ කොල්ලකෑමේ පුරුද්ද නාමයෙන් කිසිවෙකුට කරදරයක් නොකර ස්වාධීනව නැගී සිටීමට වෙර දැරූ සිංහල ජාතියට කළ විනාශය අපට පෙන්වා දීමට සිදුවී තිබේ. එය අපට පමණක් නොව සිය යටත් විජිත බවට පත්වූ සියලු ජාතීන් වෙත කරන ලද විනාශයකි. එම විනාශය පෙන්වා දෙන කල සාතන්ලාට රිදුණාට අපට කළ හැකි දෙයක් නැත. එසේ රිදේ නම් සිහිපත් කළ යුත්තේ සිය ස්වාමි වූ ආක්‍රමණිකයා මේ රටට කඩා පැන ඔවුන් විසින් අපේ කෙත්වතු, ගේ දොර, හරකා බාන ගිනි තබා විනාශ කොට, අවුරුදු 16ට අඩු සියලු සිංහල දරුවන් මරා, මහා සංඝ රත්නය මරා කරන ලද විනාශය නිසා මේ රටේ ජනතව කෙතරම් නම් දුක්විඳින්න ඇද්ද කියාය.
එහෙත් ඕස්ට්‍රේලියානු අගමැතිවරයා, තම මුතුන් මිත්තන් අතින් එරට මුල් පදිංචිකාරයින්ට වූ වැරදිවලට ආදීවාසීන්ගෙන් ප්‍රසිද්ධියේ සමාව ගත්තේය. සකලවිධ විද්‍යාවේ දියුණුවට පල්ලිය අකුල් හෙලීමේ වරදට පාප් වහන්සේ ලෝකයෙන් සමාව ගත්තේය. හෙළ උරුමය කළ වැරදිවලට අපට කළ හැකි දෙයක් නැත්තේ එය අප අනුමත කළ දේශපාලන ව්‍යාපාරයක් නොවන හෙයිනි. එහි මන්ත්‍රීකම තීරණය කරන්නේ පක්ෂය මිස අප නොවේ.
රටට විරුද්ධව දේශපාලනය කරයි නම් ඔහුට විරුද්ධව නැගී සිටීමට මට නම් ඔහුගේ ආගම බලපාන්නේ නැත. එසේ කරන්නා බෞද්ධ වුවද, මහනායක හිමි වුවද මට නම් ඒ කිසිවක් නොවටී. අනෙක් අතට තිස්ස විතාරණ හෝ කිසිවෙක් පැකේජ හරහා රට බෙදන්න යාම හරි යැයි මා කියා තිබේද? අපි ඊට කොන්දේසි විරහිතව විරුද්ධය.
මේ රටට ආක්‍රමණිකයා කරන ලද විනාශයේ එක්පැතිකඩක් වල්පොල රාහුල හිමියන්ගේ භික්ෂුවගේ උරුමය කෘතිය කියවීමෙන් ලද හැකිය. එයද සෑම සිංහල බෞද්ධයෙකු විසින් ම කියවිය යුතු කෘතියකි. බුදුදහම පිළිබඳ තම ආගමවත් මැනවින් නොදත් පුස්සන් නඟන තර්ක තෙකරම් නිසරු දැයි එකල මොහොට්ටිවත්තේ ගුණානන්ද හිමි කළ වාදවලින් පෙනේ. එය දැන් පංචමහාවාදය නමින් පොතක් ලෙස පළ වී තිබේ.
බෞද්ධ භික්ෂූන්වහන්සේලා දේශපාලනයට යාම පිළිබඳ අපට විවේචනයක් ඇත. ඇතැම් මූලධර්මවාදීන් මෙන් අප විශ්වාස කරන්නේ උන්වහන්සේලාට දේශපාලනයක් නැති බව නොවේ. එය පාර්ලිමේන්තු දේශපාලනයට ඉහළින් ඇති දෙයක් බවය.
අවුරුදු 500 පෙර පරිගණකය හදන්න තිබුණා කීවේ ලංකාවේ නොව ලෝකයේය. එය ලංකාවේ හැදීමේ අවශ්‍යතාවක් මා කී වේ නැත. බටහිර රටවල් කරන දෑ අපට කිරීමේ අවශ්‍යතාවත් නැත. බටහිර රටවල අය වැසිකිලි ගොස් පිසදාන නිසා අපිද පිසදාමියි කියා නොසෝදා සිටින ඊනියා සිංහලයින් දැන් මේ රටේ සිටින බව ඔබේ ප්‍රතිචාරවලින් පෙනේ. අප විවේචනය කරන්නේ පල්ලිය නොව, කතෝලික දහම නොව එහි දේශපාලන පරගැතිභාවයයි. මගේ ඉල්ලීම සිංහල බුද්ධාගම මෙන් ලාංකික කතෝලික දහමක් තනාගත යුතු බවය.
එහෙත් දෙවියන් වහන්සේ මිනිසා මැවූ සෙනසුදාට කලින් එනම් සතුන් මැවූදා, හරියටම කිවහොත් ඉස්සා මවන අවස්ථාවේ මැවූ පරපුරකින් පැවත එන අයෙකුට කළ හැක්කේ ජාතිවාදියා, ආගම්වාදීයා වැනි වදන්වලින් දමා ගසා තම හෙළුවැල්ල වසාගැනීමට පමණි. ඔහුගේ හිසේ ඇත්තේ ඉස්සාගේ හිසේ ඇති දේ මිස අනෙකක් නොවේ. එසේ නොවන්නන් කළ යුත්තේ ඒ ඒ කරුණ ගෙන මැනවින් විශ්ලෙෂණය කර මා පවසන දේවල වරදක් ඇත්නම් පෙන්වා දීමය. ඒ සඳහා මා නිරතුරුව සුදානම්ය. ලොව්තුරු බුදුන් සිය පියාටත් සවන් දුන්නේ නම් අප වැනි දුහුනන්ට ඊට කවර නම් බාධාවක්ද?
ජාතිය සිංහල ආගම කතෝලික /ජාතිය සිංහල ආගම බෞද්ධ / පොදු සාදකය සිංහල / ඇන කොටා ගැනීමෙන් පොදු සාදකය රැකෙනු ඇතිද / බුධුන් වහන්සේ චුන්දසූකරට බන කියන්න ගියේ නෑ නේද
සමගිව දැහැමිව විසීමෙන් කතෝලිකයන් ස්වර්ගයටද බෞධ්දයින් නිවනටද යනු ඇත.එසේ නොකර ඇන කොටා ගැනීමෙන් (හිත දූෂ්‍ය කරගැනීමෙන් ) කවරකු නිවන් යනු ඇතිද කවරකු ස්වර්ගයට යනු ඇතිද
සැබෑ බෞධ්දයෙකුට හෝ සැබෑ කතෝලිකයෙකුට මෙලොව අත් නොහැරිය හැකි සම්පත් (රට ජාතිය ඇතුළුව ) තිබිය හැකිද ? රට ජාතිය ගැන සිතමින් බෞධාගම අදහන්නා බුද්දාගම් කාරයෙකු මිස සැබෑ බෞධයෙකු නොවන බව මගේ හැගීමයි.
මලික්,
අපට ද චුන්දසූකරයාට තබා කිසිදු සූකරයෙකුට බණ කීමට අවැසි නැත. කිසිවෙකු හා ඇන කොටා ගැනීමටද මට අවැසි නැත. කතෝලික ආගමක් සමග අපට ප්‍රශ්නයක් ද නැත. අපට ඇත්තේ පල්ලියේ දේශපාලනය පිළිබඳ ප්‍රශ්නයක් පමණි. එය කතෝලික ජනතාව සමග ප්‍රශ්නයක් නොවන බවද ඉන්ම පැහැදිලි වේ. ඇතැම් කතෝලික පියවරු මෙන් ම බොහෝ කතෝලික ජනතාවද මේ දේශපාලන ව්‍යාපෘතිය අනුමත නොකරන බවද මම දනිමි.
අපට ද අවශ්‍ය වන්නේ පොදු සාධකය ආරක්ෂා කරගැනීමටය. කතෝලික හෝ බෞද්ධ හෝ ඔහු සිංහලයෙක් නම් රටට එරෙහි දේශපාලනයට ඔහු එරෙහිවිය යුතුමය. පොදු සාධකය බිඳෙන්නේ එසේ නොකර හතුරාට උදව් දෙන කල මිස එසේ උදව් දෙන එක නතර කරන්නැයි ඉල්ලා සිටිම නිසා නොවේ. සමගිව දැහැමිව සිටීමට බාධා කරන්නේ අපි අතර සිට හතුරාට උදව් කරන්නවුන් මිස අප නොවේ.
කැලේ නසන්නට කැලේ ගසක් යොදා ගැනීමේ න්‍යායට දැන දැන ඉඩදිය නොහැකිය. අපි සිංහල බෞද්ධයින් මිස නිකන්ම බෞද්ධයින් නොවෙමු. අපේ මුතුන් මිත්තන් ඔබ කියන ආකාරයේ ඊනියා සැබෑ බෞද්ධයින් වෙන්න ගියා නම් අද සිංහල ජාතියටම වන්නේ නිවන් දකින්න නොව ස්වර්ගස්ථවන්නට බව සක්සුදක් සේ පැහැදිලිය. එහෙයින් ඒ අපේ මුතුන් මිත්තන් ගිය මග ගොස් අපේ ඊළඟ පරපුරටද නිවන් යාමේ මග ආරක්ෂා කරදිය යුතුවේ. ඔබ සිංහල බෞද්ධයෙක් නම් බෞද්ධයා යා යුතු මාවත කුමක්දැයි වල්පොල රාහුල හිමිගේ “භික්ෂුවගේ උරුමය” පොත කියවා අවබෝධ කරගන්න.
“අපි සිංහල බෞද්ධයින් මිස නිකන්ම බෞද්ධයින් නොවෙමු.”අදහස පැහැදිලිව තේරුම් ගතිමි comment එක සඳහා ස්තුතිය පිළිගන්න
මේ පුවත්පත ඊලග යුද්දයට පාර කපනවා. මොකද මේ වගේ උන්ට පෑවෑත්මක් තියෙන්නෙ යුද්දයක් තිබ්බොත් විතරඊ
ඔය අපේ රටේ ඉන්න ආචාර්ය මහාචාර්ය වරු කියන කරන සියලුම දේ විචාරශීලිව සහ බුද්ධිමත්ව කරනවාද කියල දැනගන්න තවත් හොදම උදාහරණයක් තමයි මේක.
kiyawalaa balamuda? says:2011 අගෝස්තු 07 වැනි දින රාවය පුවත්පතේ මහාචාර්ය එම්. ඕ. ඒ. ද සොයිසා සමග සිදු කළ කාලීනව වැදගත් ජාතික ගැටළුව හා සම්බන්ධ සම්මුඛ සාකච්ඡාවක් 7 වැනි පිටුවේ පළ කර තිබිණි. මහාචාර්ය සොයිසා වරෙක මෙසේ සඳහන් කරයි.
‛‛රටේ ඉන්න සියයට හැත්තෑපහක් විතර සිංහල බෞද්ධයන් පුරුදුවෙලා ඉන්නවා, අනික් සුළුතරය හිටියත් එකයි නැතත් එකයි කියලා හිතන්න. අද මං බස් එකේ එද්දි දැක්කා ගහලා තියෙනවා ‛මේ බුදුන්ගේ දේශය’යි කියලා. ඒකෙන් අනියමාර්ථයෙන් කියන්නේ බුදුන්ගේ දේශය තුළ අනෙක් ආගම්වලට ඉඩක් නෑ කියන එකනේ. මේක භයානක ආගමික අන්තවාදයක්. වැදගත්ම දේ තමයි මේ කියන ආගමික අන්තවාදයට මේ රටේ රජය සැලකීම. ආගමික අන්තවාදයට ඔවුන් සලකන්නේ ඒකෙන් තියෙන පටු දේශපාලනක වාසිය බලලා. නමුත් ඒකෙන් වන හානිය ගැන ඒ අය කොයි වෙලේවත් සලකන්නේ නෑ’’
‛මේ බුදුන්ගේ දේශය’ කියා ලියා තිබෙනු දුටු උගත් මහාචාර්යවරයාට දැනී ඇත්තේ නැත්නම් සිති ඇත්තේ එහෙමත් නැත්නම් ටිකිරි මොලේට කල්පනා වී ඇත්තේ බුදුන්ගේ දේශයේ අන් ආගම් වලට ඉඩ නැත කියන අර්ථයෙන් එය ලියා ඇති බවයි.එක්කෝ මේ සොයිසා මහතා බුදු දහම මොකක්ද කියා දන්නේ නැත නැත්නම් එසේ දැනගත්තත් කොහෙන් හරි NGO එකකින් එන මුදලට යටවී එසේ නොදන්නවා සේ සිටිනවා ඇත. බුදු මතය පිළිනොගත්තත් අන්‍ය ආගමිකයන් සියලු දෙනාටම කන්න අදින්න ඉන්න දීල සලකන්න කියල තියන එකම ආගමික සාස්තෘ වරයා අපේ තථාගත ගෞතම බුදු රජාණන් වහන්සේයි! ඒ හින්ද තමා ඒ මග ගොස් පෙර රජ දවසේදී අපේ රටේ පදිංචි වීමට මුස්ලිම් වරුන්ට ඉඩ කඩ ලැබුනේ.හින්දු කතෝලික මේ කාටවත් කිසිම ආගමික හිරිහැරයක් නොකිරුවේ. සොයිසා මහතා දුටුවා වූ වැකියේ තේරුම තමයි කරුණාව,මෛත්‍රිය අවිහිංසාව මේ රටේ පතුරුවන්න කියන එකයි ඔය කිසිවක් නැති නිසා තමයි සොයිසා මහතාගේ උගත් මොලේට මෙහෙම වැටහුනේ හරිනම් ඔය රුවන් වැකිය ගැසිය යුත්තේ ‛මේ ගෞතම බුදුන්ගේ දේශයයි’ කියා ඔහු යෝජනා කල යුතුයි.
kiyawalaa balamuda? says:
අවසන් වශයෙන් මහාචාර්ය එම්. ඕ. ඒ. ද සොයිසා මහතා ඉහත දැක්වූ ‛රාවය’ සම්මුක සාකච්ඡාවට ලබා දී තිබූ පහත අදහස සඳහන් කිරීමට කැමැත්තෙමි.
‛‛විවිධ ජන කොට්ඨාස වාසය කරන රටක භාෂාව සහ ආගම කියන්නේ ඉතාමත්ම භයානක ගිනි පුපුරු. ඒ දෙක ඕනෑ වෙලාවක දැල්විලා ගිනි අවුළුවා රට විනාශ කරන්න පුළුවන්. රටක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තුළින් සමාන පුරවැසියන් සහ සමාන ඉඩ ප්‍රස්ථා කියන කරුණු තහවුරු වෙලා තියෙන්න ඕනේ වුණත් නිදහසින් පසුව අපිට කිසිම ව්‍යවස්ථාවක් ගොඩනගා ගන්න බැරිවුණා මේ සිද්ධාන්තය යටතේ’’
පිළිතුර:
වෙලා තියෙන්නේ නිදහසින් පස්සේ ඔය කියන ඊනියා ව්‍යවස්ථා ගොඩනගන්න බැරිවෙච්ච එකට වඩා බුදු දහම රකිමින් ආරක්ෂා කල යුතුයි කියන කාරනාව ක්රියාත්ම කිරීමට මේ කියන සොයිසා මහතා වැනි අය ඉඩ නොදුන් එකයි ඔක්කොම කළු සුද්දෝ ටික එකතු වෙලා ඒක වගන්තියට වීතරක් සිමා වෙන්න ඉඩ හැරියා.තව දුරටත් එසේ නොකිරීමට කාලයයි මේ !
ඒ බව අපි රාවය කල යුතුයි නැත රාව ප්‍රතිරාව කලයුතුයි!
Great machan… “මේ ගෞතම බුදුන්ගේ දේශයයි” that doesn’t mean other religions are not allowed to live here.
කරුණාව,මෛත්‍රිය අවිහිංසාව මේ රටේ පතුරුවන්න අඩු තරමේ උත්සාහයක්වත් ගත යුතුයි.
‘මේ බුදුන්ගේ දේශයෛ’ ස්ටිකරය සම්බන්ධවී .මම මේ හේල්ලලනම් කියන්ඩ ගියේ නේ .මොකද එක බොරින් නිසා.මේ දේවල් බෞද්යන්ට කිරීමට සිදු උනේ මේ රටේ ඇති මුලදර්මවදී මිත්‍යා දෘෂ්ටික ආගම්වල ආක්‍රමණය නිසා .බටහිර රටවලින් කුණුබක්කියට වෙටුණු මේ ආගම් වල පැවෙත්ම සඳහා දෙන් කරන්නේ කෝටි ගණන් මුදල් වේය කරමින් දුප්පත් රටවලට ගොස් මේවා ප්‍රචාරය කිරීමය් .මේ මිෂනාරීන් කරන්නේ බොරදියේ මාළු බේමක්.මා දන්නා යාපනයේ ඇතැම් ගම්මාන වල 100%ක් කතෝලිකයෝ .ඔහුන් මීට අව්රුදු 20 පෙර සියල්ලෝම හින්දු භක්තිකයෝ .යුද්දයෙන් අන්ත අසරණ තත්වයට පත් උන මෙමිනිසුන්ට පරණ ඇදුම් ටිකක් හා මුදල් සොච්චමක් දීල ආගමට හරෝගන තියෙන්නේ. .වතුකරයේ
සිටින දෙමල මිනිසුන්ටත් කරන්නෙත් මේදෙමය්. දෙන් මේ කොමෙන්ට් දාන අන්තවාදීන්ට තියෙන පුකේ අමාරුව තමා මේ බෞද්ධ පිපිදීම නිසා මේවා සිංහල ගම්මානවල කරන්ඩ බෙරිඑක. නමුත් තාමත් විවිද උපක්‍රම බාවිතා කරමින් ඉන්නවා දෙවියෝ ලෙඩ සනීප කිරීම එක උපක්‍රමයක් .මේ ලඟදි එහෙම එකෙක් මුළු රටටම නොන්ඩි වෙලා මාසයක් රිමාන්ඩ් එකේ ඉඳල දින 2 කට උඩදී නිදහස්වෙලා ආවා.උගේ දිවියන්ට මෙරිච්ච මිනිසුන්ට පනදෙන්ද පුළුවන් කියපු එක අන්තිමට හාමුදුරුවරුන්ට බල්ලෙක් වගේ දණගහල වෙන්දල සමාව ගත්ත.බෞද්ධයෝ කිසිමදාක තමන්ගේ ආගම අනුන්ට බලෙන් පටවන්ඩ යන්නේ නේ. එහෙම දෙයක් බුද්ධාගමේ කියලත් නේ.
සරල ප්‍රශ්නයක් අහන්නම්
සර්වබලධාරී දෙවි කෙනෙකු අතින් අසම්පූර්ණ නිර්මාණයක් බිහිවිය හැකිද?
නොහැකි නම් ඔහු විසින්ම මැවූ ලුසිෆර් නමැති දේවදූතයා යක්ෂයා බවට පත්වී සමාජයට විනාශයක්ම එකතු කරන විට දෙවියන් වහන්සේ බකන්නිලාගෙන සිටින්නේ ඇයි?
මොනවත්ම දන්නේ නැතිනම් ඉගෙන ගෙනීම නොවේද කල යුත්තේ මිත්‍රයා ? ඔබට ඒ සඳහා වන උනන්දුවක් ඇතිනම් එය අද්‍යනය කරන්න…
බයිබලය පමණක් නොව කුරානයද අධ්‍යනය කොට ඇත්තෙමි.පැනයට පිළිතුරු දෙනවා නම් අගේ කොට සලකමි.
Deviyan wahanse asampurana deyak mewwe nehe. Oba kiyanne minisa gena nam thaman asampurna bawa hithanne minisamai. Deviyan nove. Oba viswasakaloth saha watahagaththoth oba sampurnai kiya – Oba sampurnai.
Lusipher yakshaya wa api hadaganne apema hithin. Hithe geteemak nethnam yakek nehe.Jesus kiyapu anith kambula allanna keewe geteema nathiwunama nivana lebena nisa.(Ekata eka nokireema.)
කොයි කව්රුත් බෞද්ධ දර්ශනය කියවල බලල කතාකලොත් හොඳයි.තේරුමක් ඇතුව ප්‍රකාශ කිරීම් කරනවානම් තමා ඉතාම හොඳ නේද?
සාස්තෘවරුන්ට අගෞරව කිරීම් නොකර සිටීම ඉතා වැදගත් නේද?
මොන ආගම දිනුවත් පැරදුනත් අපි කාටත් වැඩක් තියෙනවද?
අපි සත්‍යය අවබෝධ කරගැනීම නේද ඉතාම නිවැරදි?
අසත්‍යය අවබෝධ කරගැනීම අගාදයට වැටීම නේද?
අවිහිංසා වාදී එකම දර්ශනය කුමක්ද?
නිවැරදි දර්ශනය කුමක්ද?
බෞද්ධ දර්ශනයද?
මුන් සින්දු කියද්දී අහිංසක සීලවතීලට ,කමලාවතීලට,අමරවතීලට අපහස කරනවා.ඔය රුපියල් 100 ට රෙද්ද උස්සන කසිප්පු විකුණන මේරිලා,රීටලා ,මාග්‍රට් ලා ඇන ලා
ගෙනත් සින්දු කියපල්ලකෝ .
me ratata moko me wela thiyenne. ayi mechchara samajaya pirihila. ayi agam walata bedila. mokakda eken thiyena pale
‛‛මේ බුදුන්ගේ දේශයයි’’, ‛‛මේ ගෞතම සම්බුද්ධ රාජ්‍යයයි’’ වැනි වැකි පන්සල්, අසපු වල මෙන්ම බස් රථ, මෝටර් රථ, ත්‍රීවීල් ඇතුළු රථ වාහන වල සහ තවත් විවිධ තැන් වල අලවා ඇති බව අපිට මේ දිනවල දැක ගත හැකි වේ.
ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් සියයට හැත්තෑපහක් හෝ ඊට අඩු හෝ වැඩි පිරිසක් සිංහල බෞද්ධයෝ වෙති. එපමණින් මෙය ‛බුදුන්ගේ දේශය’ නම් වේද? මෙරටේ වෙසෙන ඉතිරි සියයට විසිපහට අයත් අනෙකුත් ආගමික භක්තිකයින්ට මෙයින් අනියමාර්ථයෙන් හඟවන්නේ කුමක්ද? ඔවුන්ගේ ශාස්තෘවරුන්ට අදාල ‛දේශයන්’ ගොඩනගා ගන්නා ලෙසද? නැතහොත් එවැනි දේශයන් ඇත්නම් ඒවාට පිටුවහල් විය යුතු බවද? එසේත් නැත්නම් බෞද්ධයින් දෙන දෙයක් බුක්ති විඳ වෙන දෙයක් බලාගෙන නිහඬව, පාඩුවේ සිටිය යුතු බවද?
ශ්‍රී ලංකාවේ වෙසෙන සිංහල හා දෙමළ ක්‍රිස්තියානි/කතෝලික බැතිමතුන් වන්දනාමාන කරන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දේශය ඇත්තේ කොහිද? දෙමළ ජනතාව වන්දනාමාන කරන ශිව දෙවියන්ගේ දේශය ඇත්තේ කොහිද? මුස්ලිම් ජනතාව වන්දනාමාන කරන අල්ලාහ් දෙවියන්ගේ දේශය ඇත්තේ කොහිද? මොහොතකට අපි මෙසේ සිතමු. ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශයන්හි වැඩි වශයෙන් ජීවත්වෙන ක්‍රිස්තියානි/කතෝලික බැතිමතුන් එම ප්‍රදේශ ‛‛මේ ජේසුගේ දේශයයි’’ කිව හොත් අපි කුමක් කරමුද? උතුරේ දෙමළ මිනිසුන් එම ප්‍රදේශය ‛‛මේ ශිව දෙවියන්ගේ දේශයයි’’ කිව හොත් අපි කුමක් කරමුද? නැගෙනහිර කින්නියා ඇතුළු ප්‍රදේශවල ජීවත්වෙන මුස්ලිම් වැසියන් එම ප්‍රදේශයට ‛‛මේ අල්ලාහ් දෙවියන්ගේ දේශයයි’’ කිවහොත් අපි කුමක් කරමුද? දැනට පවතින දේශපාලනික අරගලවලට අමතරව මේ බෞද්ධ ආගමික නායකයින් අර අදින්නේ අන්තවාදී ආගමික ගැටුමකට ද? නැවතතත් වෙනත් මුහුණුවරකින් මිනිස් ජීවිත බිලි ගැනීමේ, ලේ වැගිරවීමේ යුද්ධයකට මෙවැනි සංකල්ප, මතවාද හරහා පාර කැපෙන්නේ නැද්ද?
බුදු රජාණන් වහන්සේ දේශනා කරන ලද නිවැරදි බෞද්ධ දර්ශනය තුළ වැට මායිම් ගසා ‛මේ බුදුන්ගේ දේශයයි’ යනුවෙන් රටවල් සින්නක්කරව වෙන්කර ගන්නා ලෙස දේශනාකර නැත. අද ශ්‍රී ලංකාවේ අනුගමනය කරන බෞද්ධ දර්ශනය බොහෝ විකෘති සහගත බවින් යුක්තය. නැත්නම්, අතුරුලියේ රතන නැමති චන්ඩි හාමුදුරුවෝ මිනිසුන් හැඳීගෑවී අත පය කැඩී කොරවී යන සේ පතා සීනිගම පොල් ගසා අබ, ගම්බිරිස්, මිරිස් අඹරන්නේ නැත. නැතිනම්, චීවරධාරීන් හදි හූනියම්, කොඩිවින, ඉනා කරන බවට ජනමාධ්‍යයේ දැන්වීම් පළ කරන්නේ නැත. චිවරධාරීන් මුදල් උපයා ඉතාමත් ධනවත් සුඛෝපභෝගී ජීවිත ගත කරනු ලබන්නේ ද මෙහි ප්‍රතිඵලයක් ලෙසිනි. එමෙන්ම, චීවරධාරීන් ලිංගබේදයකින් තොරව ලිංගික අපචාර කරන්නේ ද චීවරධාරින් හොර රහසේ පවුල් පංසල් වෙන්නේ ද මෙම ආගමික සෝදාපාළුවේ ඍජු ප්‍රතිඵලයන් ලෙසිනි. විශ්ව විද්‍යාලවල ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාගේ රඟ දන්නෝ විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝම වෙති. රුවන්වැල්ලේ සෝභිත වැනි තුච්ඡ චීවරධාරීන් බිහිවන්නේ ද මෙම විකෘත්ති සහගත භාවිතාව නිසාමය.
ඉහත දැක්වූයේ බෞද්ධ දර්ශනය ප්‍රචාරය කරන, එය ආරක්‍ෂා කරන, ඒ තුළින් සුසිල්වත් සමාජයක් බිහි කිරීම සඳහා වගකීම් පැවරී ඇති භික්‍ෂු ශාසනයේ දුසිල්වත් බවින් බිඳක් පමණි. පන්සිල් පද ආරක්‍ෂා කරන බවට උදේ හවා පොරොන්දු වෙන උපාසක උපාසිකාවන්ගේ දුසිල්වත්කම් ඉඩ මදිකම නිසා මෙහිදී සඳහන් කරන්නේ නැත (සියලූම භික්‍ෂු භික්‍ෂුනීන් සහ උපාසක උපාසිකාවෝ දුසිල්වතුන් බව මෙහිදී අදහස් නොකෙරේ). බෞද්ධ දර්ශනයේ විකෘතිසහගත ඇදහීමේ කූඨප්‍රාප්තිය ලෙස ශ්‍රී ලංකාව ‛බුදුන්ගේ දේශය’ ලෙස වෙන්කර හඳුනා ගැනීමේ උත්සහය හැඳින්විය හැකි ය.
2011 අගෝස්තු 07 වැනි දින රාවය පුවත්පතේ මහාචාර්ය එම්. ඕ. ඒ. ද සොයිසා සමග සිදු කළ කාලීනව වැදගත් ජාතික ගැටළුව හා සම්බන්ධ සම්මුඛ සාකච්ඡාවක් 7 වැනි පිටුවේ පළ කර තිබිණි. මහාචාර්ය සොයිසා වරෙක මෙසේ සඳහන් කරයි.
‛‛රටේ ඉන්න සියයට හැත්තෑපහක් විතර සිංහල බෞද්ධයන් පුරුදුවෙලා ඉන්නවා, අනික් සුළුතරය හිටියත් එකයි නැතත් එකයි කියලා හිතන්න. අද මං බස් එකේ එද්දි දැක්කා ගහලා තියෙනවා ‛මේ බුදුන්ගේ දේශය’යි කියලා. ඒකෙන් අනියමාර්ථයෙන් කියන්නේ බුදුන්ගේ දේශය තුළ අනෙක් ආගම්වලට ඉඩක් නෑ කියන එකනේ. මේක භයානක ආගමික අන්තවාදයක්. වැදගත්ම දේ තමයි මේ කියන ආගමික අන්තවාදයට මේ රටේ රජය සැලකීම. ආගමික අන්තවාදයට ඔවුන් සලකන්නේ ඒකෙන් තියෙන පටු දේශපාලනක වාසිය බලලා. නමුත් ඒකෙන් වන හානිය ගැන ඒ අය කොයි වෙලේවත් සලකන්නේ නෑ’’
මෙම ප්‍රකාශය තුළින් අද එටේ පවතින හා ඉදිරියට දරුණු විය හැකි ආගමික අන්තවාදය හරහා නැවත නැවත ගොඩ නැගෙන වාර්ගික ගැටුම පිළිබඳව මොනවට පැහැදිලි කරනු ලබයි.
බුදු හාමුදුරුවෝ ඉපදුණු ඉන්දියාවේ වත් අපට ‛‛මේ බුදුන්ගේ දේශයයි’’ යනුවෙන් නිශ්චිත කොට සඳහන් කළ හැකිද? බුදු රජාණන් වහන්සේ තෙවරක් මෙරටට වැඩියා වුවත්, ජනගහනයෙන් වැඩි ප්‍රතිශතයක් බෞද්ධ දර්ශනය ඇදහූවත්, බෞද්ධාගම පදනම් කරගත් අතීත ශිෂ්ඨාචාරය පිළිබඳව ඓතිහාසිකව කරුණු කාරනා කොතරම් සාකච්ඡා කළත් වර්තමාන ප්‍රජාතන්ත්‍රවාදී ජන සමාජය තුළ, ශ්‍රී ලංකාව නැමති ජාතික රාජ්‍ය නිරවුල්ව ගොඩනගා ගැනීමට අවශ්‍ය නම්, අප සියලු දෙනා මේ බෞද්ධාගමික මහන්තත්වයෙන් අත් මිදිය යුතුමය. ශ්‍රී ලංකාවේ සමස්ත භූමි ප්‍රමාණය බෞද්ධයින්ට සින්නක්කරව ලියා ගැනීම සඳහා ගන්නා ආගමික අන්තාවාදී උත්සාහයන් වර්ථමානයේ ජීවත්වන උගත්, බුද්ධිමත් හා ප්‍රජාතන්ත්‍රවාදී ගති ලක්ෂණ අගය කරන සියලු පුද්ගලයින් බැහැර කළ යුතුය. ‛මේ බුදුන්ගේ දේශයයි’ යනුවෙන් දේශනාකරණ ආත්මාර්ථකාමී මනෝවිකාර සංකල්පය හමුවේ මෙරටේ වාසය කරන අනෙකුත් ජනවර්ගයන්ට අගතියක් සිදුවනවා නිසැකය. එය අසාධාරණ ය. මෙවැනි සංකල්ප සාමාජගත කිරීම බුදුදහමටත් නිග්‍රහ කිරීමකි. ශ්‍රී ලංකාවේ සියයට සියයක් බෞද්ධයෝ සිටියත් එය බුදුන්ගේ දේශය වන්නේ නැත.
සෑම ආගමකින්ම සිදුකරන්නේ අසීලාචාර මිනිසා සීලාචාර කිරීම ය. එක් එක් ආගම්වලින් මිනිසා ශිෂ්ඨ සම්පන්න කරන ක්‍රමවේදය හා මාදිලිය වෙනස් විය හැකිය. නමුත් අවසානයේ දී බලාපොරොත්තු වන්නේ යහපත් දේ නැතිනම් ‛හොඳ’ පමණි. මේ නිසා බෞද්ධ ආගම පමණක් රාජ්‍ය ආගම විය යුතු නැත. සියලූම ආගම්වල දියුණුව සඳහා පවතින ආණ්ඩු පහසුකම් සපයාදිය යුතු ය. එවිට ව්‍යවස්ථාවේ බෞද්ධාගම පමණක් රාජ්‍ය භාෂාව ලෙස සඳහන් කිරීමට අවශ්‍ය නැති අතර බෞද්ධ, ක්‍රිස්තියානි, හිංදු, ඉස්ලාම් යනාදි ආගම් රාජ්‍යයේ පිළිගත් ආගම් ලෙස සඳහන් කළ යුතු ය. එමගින් ආගමික නිදහස හා ආගමික සහජීවනය ඇතිකර ගත හැකිය. එය නිරවුල් ය.
මේක ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයයි. එහි බෞද්ධ දර්ශනය අදහන වැඩි ප්‍රතිශතයක් සිටිති. එමෙන්ම, හිංදු, මුස්ලිම්, ක්‍රිස්තියානි සහ තවත් ආගම් අදහන ශ්‍රී ලාංකිකයෝ ද සිටිති. මෙම රට එක ශාස්තෲවරයෙක්ගේ නමින් පමණක් ප්‍රකට කළ යුතු නැත. මේක ‛‛බුදුන්ගේ දේශය’’ නොව ‛‛අපේ දේශයයි’’. එසේ සඳහන් කරන විට බුදුරජානන් වහන්සේ ද අප්‍රමානව සතුටුවන සේක. මෙහි සියලූම පුරවැසියන්ට තම තමන්ගේ ආගම නිදහසේ ඇදහීමට අයිතිය තිබිය යුතු ය. රට පාලනය කරන පාලකයින් මේවාට ඇඟිලි නොගැසිය යුතුයි. දේශපාලඥයින් ජාතිවාදී හා අන්තවාදී නොවිය යුතු ය. එමෙන්ම ආගමික නායකයින්ද අන්තගාමි නොවිය යුතු ය. ජාතිවාදි නොවිය යුතු ය.
මානව හිමිකම්, සමානාත්මතාවය හා ප්‍රජාතන්ත්‍රවාදය වැනි සංකල්ප ජාත්‍යන්තරව පිළිගත් මෙවැනි යුගයක විවිධ ආගමික පදනමින් හා වාර්ගික පදනමින් ශ්‍රී ලංකාවේ පුරවැසියන්ව වෙන්කර නොසැළකීමට සියලූම පාර්ශව සිත හදාගත යුතු ය. එය නීතිගත කළ යුතු ය. එය ව්‍යවස්ථානුකූල නීතියක් බවට පත් විය යුතු ය. එම ක්‍රියාමාර්ගය තුළින් ශ්‍රී ලංකාවේ ජාතික ගැටළුව විසඳිය හැකි ය. එමගින් මෙහි වෙසෙන එක් එක් වර්ග එකට එක් කොට ශ්‍රී ලාංකික ජාතිය නිර්මාණය කරගත හැකි වන්නා සේම නිරවුල් ජාතික රාජ්‍යය බිහිකර ගැනීමට ද හැකියාව ලැබෙයි.
අවසන් වශයෙන් මහාචාර්ය එම්. ඕ. ඒ. ද සොයිසා මහතා ඉහත දැක්වූ ‛රාවය’ සම්මුක සාකච්ඡාවට ලබා දී තිබූ පහත අදහස සඳහන් කිරීමට කැමැත්තෙමි.
‛‛විවිධ ජන කොට්ඨාස වාසය කරන රටක භාෂාව සහ ආගම කියන්නේ ඉතාමත්ම භයානක ගිනි පුපුරු. ඒ දෙක ඕනෑ වෙලාවක දැල්විලා ගිනි අවුළුවා රට විනාශ කරන්න පුළුවන්. රටක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තුළින් සමාන පුරවැසියන් සහ සමාන ඉඩ ප්‍රස්ථා කියන කරුණු තහවුරු වෙලා තියෙන්න ඕනේ වුණත් නිදහසින් පසුව අපිට කිසිම ව්‍යවස්ථාවක් ගොඩනගා ගන්න බැරිවුණා මේ සිද්ධාන්තය යටතේ’’
Brilliant & very important comment.
Well said.. hats off for u…keep it ur good work..
හරවත්ම comment එක කියන්න පුළුවන් … නාමල් මහතාට මේ රටේ බුද්ධිත් මිනිසුන් සමාව දෙනවා ඇත.
ලිපියක් හරවත් ද නැද්ද කියල බලන්නේ එකේ තියන වගන්ති ගණනින් නෙවෙයි. කොච්චර වැදගත් කරුණු එහි තියනවද කියන එකෙන්. ඒ අනුව මේ comment එක සත පහකට වැඩක් නැති ජරාවක්.
රොඩියෝ,උඹේ නමටම ගෙලපෙන කොමෙන්ට් එක .කොමෙන්ට් එකටම ගෙලපෙන නම.
කෝ රොඩියෝ පොඉන්ට්ස්.
දෙන් උඹලගේ ආගමේ ඉතුරුවෙලා ඉන්නේ රොඩියෝ ටික තමා.
monawada ban me kiyana katha. ochchara wairayak kohenda umbata. hariyata umba umbe agama adahanawa nam umba kawadawath ohoma kiyanne naha. umba kisima agamak wenuwen penee hitinna watina ekek neme
Api buddhagame nam viswasa karanne ekata adalawa apita katawath baninna behe. Mokada api kalin athmawala oya anith agam wala ipadila ethi. Eka kiyannai Buduhamudurowo kiwwe api thirasanuth wela thiyena wa kiyala. Sebe bauddayek kawadawath wena agamakata jathiyaka ta bannin nehe. (hamuduruwaruntath mea adalai.)
sebe bauddain oya thrill ekata bena bena innehe. Thamange wimukthiya hoyanawa.
Great article!
” එය දර්ශනයක් මිස ආගමක් නොවන අතර අවබෝධකර ගැනීම එතරම් පහසු නැත. ”
@ නාමල් උඩලමත්ත
ඔබට අවබෝදය ඇතත් දර්ශනය කියන වචනය අවබෝද වෙලා නැති පාටයි ඊටත් වඩා එක අනවබෝදය නිසා නෙමේ බහුතරයක් බෞද්ද ධර්මය ඒ විදිහට හඳුන්වන නිසා වෙන්න ඇති. බෞද්ද ධර්මය ආගමක් වත් දර්ශනයක් වත් නෙමේ ” එක ධර්මයක් ” එක තම මේ විශ්වයේ ධර්මය, නීතිය, භෞතික දේ පමණක් අවබෝද කරගන්නට පුළුවන් මිනිසුන්ට මෙය අව බොද කරගන්න අමාරුයි.
දර්ශනය කියන්නේ යම් කිසි පුද්ඝලයෙක් ගේ සිතුවිලි, දැකීමක් වගේ දෙයකට. බුදුහාමුදුරුවෝ අපිට කියල දුන්නේ විශ්වයේ තියෙන සත්‍ය, විශ්ව නීතිය නැත්නම් විශ්වයේ ධර්මය.
එකට දර්ශනයක් කියන එක කොහෙත්ම ගැලපෙන්නේ නැහැ මොකද දර්ශනය පුද්ගලික දර්ශනයක් වෙන්න පුළුවන්. බෞද්ද කියන්නේ විශ්වයේ සත්‍ය , එක ධර්මයක් .
ශහන් ඔබ හරි.
shan@paris,
ඔබ කියන කාරණාව සැබෑය. බුදුදහම පිළිබඳ ඔබේ අදහස අනුව ඔබ බෞද්ධයෙක් හෝ ඒ පිළිබඳ අවබෝධයක් ඇත්තෙකැයි සිතමි.
එහෙත් භාෂාව විෂයෙහි ගත් කල ඒ ඒ සංකල්පය වෙනුවෙන් වෙන වෙනම වචන නැති අතර එක වචනයක් ඇතැම් විට අර්ථ කිහිපයක් සඳහා යොදයි. එකල ඒ වචන යෙදුණු පරිසරය අනුව අරුත් නගයි.මල යන්නෙහි පුෂ්පය යන අරුත මෙන්ම අපිරිසිදු දෙය යන අරුතද ඇත. ‘නිල් මහනෙල් මල’ යන තැන පුෂ්පය යන අරුතිනි. ‘මලපහ’යන තැන දෙවන අරුතිනි.
එසේම දර්ශනය යන්නේ ඔබ පවසන පෞද්ගලික මතවාද යන අරුත මෙන්ම විශ්වධර්මතාව යන අරුතද ඇත.මා මෙහි යෙදුවේ ඒ අර්ථයෙනි. Buddhist Philosophy යන අරුතිනි. සාමාන්‍යයෙන් මෙහිලා භාවිත කරන්නේ දර්ශනය යන වචනය මිස ධර්මය යන වචනය නොවේ.
මැවුම්වාදය,දේවවාදය,බහුදේවවාදය,අදේවවාදය ප්‍රතික්ෂේප කර විශ්වයේ යථා ස්වභාවය පහදන බෞද්ධ දර්ශනය හැඳින්වීමට ධර්මය යන්න යෙදීම අනුචිතය. කිතු ධර්මය, ඉස්ලාම් ධර්මය ආදි යෙදීම් ද ඇති හෙයිනි.
@namal
Philosophy යනු ඉංග්‍රීසි වචනයකි භහුතික වාදය පිලිබඳ පමණක් දැනීමක් ඇති ඉංග්‍රීසි භාෂාවේ. ආගමට Riligion කියන්ඩත් දර්ශනයට Philosophy කියන්ඩත් වචන ඇත ධර්මය කියන්නේ කුමකින්ද ?
මා දන්නා පරිදි ධර්මයට ඉංග්‍රීසි වචනයක් නැත, හේතුව ඔවුන් බෞද්ද ධර්මය අවබෝද කරගෙන නැත, ඔවුන් සිතා සිටින්නේ බොදු ධහම යනු බුදුන්වහන්සේගේ ධර්ශනයක් (Philosophy ) කියාය.
ඔවුන් එඉන් තේරුම් අරන් සිටින්නේ එය බුදු හාමුදුරුවන් විසින් invent කරපු පෞද්ගලික අදහස් සහිත දර්ශනයක් කියාය.
ඉතින් ධර්මය කියන වචනය පාවිච්චිය අනුචිතයි කියන්න බැහැ. සිංහල භාෂාවේ ඇති ධර්මය කියන වචනයේ නිසි අරුත නොදැන ඕන කෙනෙකුට ඔවුන්ගේ ආගමට ධර්මය කියන වචනය බාවිතා කරන්න පුළුවන් එත් ඔවුන් ධර්මය කියන දේ ගැන නිසි awabodayak nomathi kamamatai.
ඔය වෙන්නප්පුව කේන්ද්‍ර කරගෙන බිහිවන සංගීත කණ්ඩායම් වල ඉන්නේ ආගමික උන්මාදයෙන් ඉන්න ඉතාම නුගත් පිරිසක්.කෞරු හරි කියන්ඩ මෙයාලගේ එකම හරවත් නිර්මාණයක් තියෙනවද කියල.මටනම් ඒවා අහද්දී බඩ දගලනවා.මේවා අහන්නේ lowest category එක .මෙයාලගේ තියෙන විශේසය තමා තම ආගම ප්‍රචාරයට මෙයාලා සන්ධර්සන වලට සහබාගිවනවිට කුරුසයක් බෙල්ලේ එල්ල ගෙනීම.මේවට උපදෙස් දෙන්නේ පල්ලියෙන්.බලන්ඩ කියන්ඩ මේ ගෘප් එකකවත් ඉන්නවද සමාජයේ පිළිගත් කෙනෙක් . දෙන් බලන්ඩ ශ්‍රියන්ත මෙන්ඩිස් ජැක්සන්ඇන්තනි ,රවින්ද්‍ර රන්දෙනිය මේ ය හොඳ කතෝලිකයෝ නමුත් කුරුස එල්ලගෙන ඉන්නවා දෙකලා තියෙනවද .මේ අය පන්සලකට ගියොත් මලක් පුජාකරන අය .මේගොල්ල මහා කලාකරුවෝ කියල සෙම කෙනාම පිලිගන්නවා .
ලංකාවේ තරම් අන්තවාදී කතෝලිකයෝ ලෝකයේ කිසිම රටක නේ.මේ අය ගොඩක් නුගත් පිරිස් .උගත් අය එහෙම නේ .බලන්ඩ ඩොක්ට කලෝපොන්සේක එය මොනතරම් අනෙක් ආගම වලට ගරුකරනවද කියල. කිසියම් තරගයකට කතෝලිකයෙක් සහබාගි උනොත් ඒක ගොලුවෙක් උනත් කමක්නේ මේ උන්මත්තකයෝ ඒකට sms අරිනවා .මට
මතකය් සුරේන්ද්‍රට sms යවන්ඩ කියල ඕඩර් දුන්නේ පල්ලියෙන් .මෙරටට ලොකුම විනාසය කරන්නේ මේ අන්තවදියෝ .
නොදන්න දේවල් නොකියා හිටපිය මෝඩයෝ. මේ ගොන්කතා ලියන්න ගන්න වෙලාවේ මිරිස් පෑලයක් හිටවපිය ඒක රටට වට්ටිනවා.
බුදිසලා ක්‍රිස්ටියන් කාරයෝ ඉස්සරහ පැරදිලා තියෙන්නේ. ඕක තමයි ඉතින් ලෝක යතාර්ථය. ඕක වහගන්න, තමන්ගේ
පරාජය වහගන්න කොච්චර පිටු ගණන් ලිව්වත් වැඩක් නැහැ. පරදුනානන් පැරදුනා තමයි. අර දැම්ම පදේ තියෙන විදියට
පරදුනනන් දුක් වේවි හිටපන්.
Victory gives rise to hate,
those defeated lie in pain,
happily rest the Peaceful
surrendering victory-defeat
හැබැයි ඉතින් ඕගොල්ලන්ගේ ඔය ධම්ම පදය වැරදියි. මොන මිනිහෙක්ටවත් Peaceful විදියට ඉන්ඩ බැහැ. මොකද
මේ ලෝකේ ඉන්නවා අසමජ්ජතියෝ අනුන්ට නිකන් හිරි හැර කරන. ඉතින් උන් ඉන්නකන් බැහැ.
ඔය වෙන්නප්පුව කේන්ද්‍ර කරගෙන බිහිවන සංගීත කණ්ඩායම් වල ඉන්නේ ආගමික උන්මාදයෙන් ඉන්න ඉතාම නුගත් පිරිසක්.කෞරු හරි කියන්ඩ මෙයාලගේ එකම හරවත්
නිර්මාණයක් තියෙනවද කියල.මටනම් ඒවා අහද්දී බඩ දගලනවා.මේවා අහන්නේ lowest category එක .මෙයාලගේ තියෙන විශේසය තමා තම ආගම ප්‍රචාරයට
මෙයාලා සන්ධර්සන වලට සහබාගිවනවිට කුරුසයක් බෙල්ලේ එල්ල ගෙනීම.මේවට උපදෙස් දෙන්නේ පල්ලියෙන්.බලන්ඩ කියන්ඩ මේ ගෘප් එකකවත් ඉන්නවද
සමාජයේ පිළිගත් කෙනෙක් . දෙන් බලන්ඩ ශ්‍රියන්ත මෙන්ඩිස් ,ජැක්සන් ඇන්තනි ,රවින්ද්‍ර රන්දෙනිය මේ ය හොඳ කතෝලිකයෝ නමුත් කුරුස එල්ලගෙන ඉන්නවා දෙකලා
තියෙනවද .මේ අය පන්සලකට ගියොත් මලක් පුජාකරන අය .මේගොල්ල මහා කලාකරුවෝ කියල සෙම කෙනාම පිලිගන්නවා .
ලංකාවේ තරම් අන්තවාදී කතෝලිකයෝ ලෝකයේ කිසිම රටක නේ.මේ අය ගොඩක් නුගත් පිරිස් .උගත් අය එහෙම නේ .බලන්ඩ ඩොක්ට කලෝපොන්සේක එය මොනතරම්
අනෙක් ආගම වලට ගරුකරනවද කියල. කිසියම් තරගයකට කතෝලිකයෙක් සහබාගි උනොත් ඒක ගොලුවෙක් උනත් කමක්නේ මේ උන්මත්තකයෝ ඒකට sms අරිනවා .මට
මතකය් සුරේන්ද්‍රට sms යවන්ඩ කියල ඕඩර් දුන්නේ පල්ලියෙන් .මෙරටට ලොකුම විනාසය කරන්නේ මේ අන්තවදියෝ .
wihilu karanna epa. umbala wage ewun nisa thamai lankawata me kala gihin thiyenne. Umba thamai me anith agam wlata bana bana inna anthawadiya.
දියුණුවෙහි පැතිකඩ දෙකක් වෙයි. එය මානවයාගේ දියුණුව හා තාක්ෂනවේදයේ දියුණුව ලෙස අපට වෙනකොට හඳුනාගත හැක. තාක්ෂනවේදයේ දියුණුව උපයෝගී කොටගෙන මිනිසාට පරිගණක නිපදවීම , සඳ ජයගැනීම වැනි දෑ සිදුකල හැක. එහෙත් මානවයාගේ දියුණුව අනෙකකි. එය මිනුම් කිරීමට බටහිර නිර්ණායක බොහෝ ඇත. ඒක පුද්ගල ආදායම ඉහල යාම, අවශ්‍යතා වැඩි වීම, ක්‍රය ශක්තිය ඒවායෙන් සමහරෙකි. ජපානය වේවා වෙනත් රටක් වේවා දියුණුවෙහි හිනිපෙත්තට ගමන් කරන්නේ එම නිර්ණායක ඇසුරෙනි. එහෙත් බුද්ධිමත්ව බැලූ කල එම නිර්ණායක මගින් මානවයාගේ දියුණුව මැනිය නොහැකි බව අප හට වැටහෙයි. උදාහරණයක් ලෙස ඉතා දියුණු නගරයක ජීවත් වන , ඉතා ධනවත් , ඉතා බලවත් , නමුත් පිළිකා රෝගයකින් පෙලෙන ඇඳෙන් නැගිටීමට වත් ශක්තියක් නොමැති මිනිසෙකු පිළිබඳව සලක බලමු. බටහිර පිළිගන්නා (එක්සත් ජාතීන්ද අනුමතකල) බොහෝ නිර්ණායක අනුව බැලූකල ඔහු ඉතාමත් දියුණු පුද්ගලයෙකි. ඔහුගේ ආදායම ඉහලය. අවශ්‍යතා වැඩිය. ක්‍රයශක්තිය ඉතා ඉහලය. එහෙත් එමගින් සැබෑ නිගමනයකට එළඹීමට නොහැකි වී ඇති බව පෙනේ. පෙරදිග අපගේ නිර්නායකයන් ඒවා නොවන බව අවදාරණය කල යුතුය. එම නිර්නායක ලෙස අපට ,
1. තෘප්තිමත් භාවය ( මිනිසාගේ අවශ්‍යතාවයෙන් කොපමණ ඔහුට ලැබී ඇත්ද යන වග)
2. නිදහස හා ස්වාදීනත්වය ( ඔහුව අනවශ්‍ය පරිදි පාලනය කරන්නෙකු නොමැති බව.)
3. විවේකය ( ඔහුට තමන්ට අවශ්‍ය ඔන්නම වැඩක් අබිමත පරිදි කිරීමට ඇති කල පරාසය)
4. මානසික සැහැල්ලු බව ( අනාගත උන්නතිය සම්බන්දයෙන් මේ මොහොතේ කරදර නොවෙන ස්වභාවය )
සැලකිය හැක. සරල උදාහරණයක් ලෙස අනුරපුර යුගය සලකමු. අනුර පුර යුගයේ මිනිසුන්ට තමන්ට අවශ්‍ය එකම දෙය වන ගොවිතැනට අවශ්‍ය පසුබිම මනාව පැවතුනි. අවශ්‍යතා අඩු බැවින් (සාපේක්ෂව) ඔහුට තෘප්තිමත් භාවය ලබාගැනීම ඉතා පහසු කරුණක් විය.රටෙහි පවතින්නේ රාජ්‍ය පාලනය වුවද ග්‍රාම රාජ්‍ය සංකල්පය ක්‍රියාත්මක වූ බැවින් කලාතුරකින් විශේෂ අවස්ථාවක හැර සම විටම පුරවැසියන් හට කාගෙවත් අණකට කීකරු නොවී තම අභිමතය පරිදි කටයුතු කිරීමට හැකියාව තිබිණි. ( වර්තමාන ලෝකයේ යමෙක් වෙනත් පුද්ගලයෙකු ළඟ රැකියාවක් කරයිද ඔහු ස්වාමියාගේ කුලී කරුවෙකු පමණි. ස්වාදීනත්වයක් නැත.) ගොවිතැන තරම් විවේකී රැකියාවක් මෙලොව තවත් නැති තරම් ය. වසරකට දෙවතාවක් පමණක් වගා කරන ගොවියා ඉතා විවේකි පුද්ගලයෙකි. ඔහුට උදේ 8 සිට හවස 4 දක්වා සේවා මුර නැත. මේ ආකාරයට සැලකූකල වර්තමාන ජපානය වැනි රටක් දියුණුද නොදියුනුද යන්න ඔබටම වටහාගත හැකි වේ යි සිතමි.
ඔක්කොටොම ඉස්සෙල්ල වාහන එලවනකොට ඩිම් එකේ යන්ඩයි, හෙඩ් ලයිට් දාගනේ යන වෙලාවේ ඉස්සරහෙන් මොන පැත්තට එන වාහනයක් ආවත් ඕක ඩිම් කරන්න ඉගෙනගත්තොත් හොදයි. ඕකට ඉතින් තව අවුරුදු 25ක් වත් යයි, හැබැයි අපි එතනින් පටාන් ගමු, මේවගේ පිටු ගණන් විකාර හැළි ලියන්නේ නැතුව.
එහෙනම් හෙට ඉදලා, තමුන්ගේ ඔය දොස්තර කම අයින් කරලා ලන්කාවේ විදිහට අමුඩේ ගහලා කුඹුරු කොටන්න යනවද? ලෝකයේ දියුනු බව සලකන්නෙ ආර්තීකයම නොවයි. ඔබ නොදන්නවාට ඒක බටහිර රටවල මිනිස්සු දන්නවා. ඒක නිසා තමයි ඔවුන් රටවල් විවිධකාරයෙන් වර්ග කරන්නේ. ලන්කාවේ මිනිස්සු තමන්ගේ ආදායමෙන් වෑඩි කොටසක් කෑමට වියදම් කරන කරනකොට බටහිර මිනිස්සු ආදායමෙන් වෑඩි කොටස විනෝදය සදහා වෙන් කරන බව ඔබ දන්නෙ නෑතිව ඈති. එහෙම කරන්නේ තෘප්තිමත් වීම සදහා තමයි. ජපානේ පිලිකා රෝගියාත් ලන්කාවේ පිලිකා රෝගියාත් අතරින් ජපානේ පිලිකා රෝගියා තෘප්තිමත්ව තම්යි ඉන්නෙ. එහි වෙනස දකින්න්නට නම් ඔබට ජපනයට ගොස් ලකාවට එන්න වේවි. හෑබෑයි ඔබ වෑන්න වුන් දියුනු රටකට ගොඩබෑහෑපු ගමන් ගුවන් තොටුපලේදීම ඒවයේ පිලිවෙල අනුව ලන්කාව ගෑන දුක හිතෙවි. ඔබලාගේ සිතුවිලි නිසාම නේද ලකාවට මෙහෙම වෙලා තියෙන්නෙ කියලා.
සම්පූර්න ගීතයම ඇහුවද….?
එහෙනම් තේරෙන්න ඕන එම ගීතයෙන් කියවෙන සිද්ධි, වලින් අපහාස කරන්නේ කවුරුන් හටද කියලා…
[ දුවලා හති වැටිලා "නරියෙක්" දවසක්දා විශාල නුග සෙවනක සැතපුනා........
වනයට අධිපති වූ නුග ගහේ ගෙඩි දැකලා " මැවු දෙවියන් " හට සරදම් කළා]
ගීතයෙන් කියන්නේ කකුල් හතරේ නරියෙක් ගැනමයි කියමු…?
අහවල් දෙයක් තේරෙනවද නරියෙකුට තමන්ව මැව්වද…නැද්ද…? කියලා.
ඌට ඒ ගැන ප්‍රශ්නයක් ඇත්තෙත් නැහැනේ…..
පිO මාලු වලේ…. ගීතයත් සමාජ වැරැද්ද පෙන්වීමට වඩා ” සිOහල නම්” වලට අපහාස කිරීමේ උවමනාව මතම රචනා කරන ලද ගීතයකි…..
මදක් විමර්ශනාත්මකව බලන මෙන් කියා සිටිමි……!
රෙද්දක් කියන්නේ නැතිව බුදිය ගනින්. සන් ප්ලවරස් ලා මහලොකු nugegoda මහල් වාසි සිංහල බෞද්ධ ප්‍රබුද්ධ ගායක ගායිකාවන්ට වැඩිය රටේ දුප්පත් මිනිස්සු එක්ක ඉන්නවා. උන් හැම ලොකු ප්‍රගතිශීලි ගායක ගායිකාවගේම ළමයි දැන් ඉන්නේ පිටරටවල. එකට ඔය සන් ප්ලවර්සලා, තාම ගමේ දුප්පත් මිනිස්සු එක්ක ඉන්නවා, එක දන ගනින්
Pin Malu wale geethiya gena liwwa article ekak neme meka. eka podi udaharanayakata witarai aran tiyenne. Oya kiwwa widiyata pin malu wale geethaya wiwechanaya karannath puluwan. eke “Bana Kiyana Gaman Dharmapala Mathpen Bonawa” kiyanne Samahara Hamuduruwaru Arakku Bonawa kiyana eka thama…a geethaya eka athakin apahasayak thama, namuth me article eka a gena neme.meka sampurnayen kiyawala balanna
මේක ලියපු එකාට ලොකු ක්‍රිස්තියානි හීනමානයක් තියනබව නම් හොදට පේනවා
සන්සුන් වන්න දරුව,මා කීවේ ඈත්ත. සත්ය්‍ය ලෙසම ඈත්ත. ඈත්ත තිත්ත තමයි. ඒත් ඈත්ත ඈත්තමයි. මට නාමල් හා පන්ඩිත රෑල මෙන් වෙනත් ආගම් හා ජාතීන්ට ගෑරහීමේ කිසිම උවමනාවක් නෑත. මක්නිසාද එය ආගම් වලින් බෑහෑරව වුවුද මනුස්සකමට සරිලන්නේ නෑත. පෙර අදහස් පලකිරීමේදි මා එම දේවල් හුවා දෑක්වුයේ ඔබලා අති පවිත්‍රයයි කියන ඔබ සමාජය තුලම සිදුවු සහා සිදු වෙමින් පවතින අකටයුතුකම් පෙන්වා දීමටයි.(මතක තබා ගන්න මේ විවෙචනයේදී සින්හලයෙකු වෙන මටද එය අදාල බව, ඔබලා වෑරෑද්ද බෞද්ධයන් නොවන සියල්ලන් පරගෑතියන් සේ සලකීමයි. ඒකට තමයි කියන්නේ අන්තගාමීත්වය කියලා අපි පරගෑතිකාමීන් කියමින්ම ඔබලා කරන්නේ අන්තගාමීත්වය වෑපිරීමයි ) හෑම ආගමක ඉන්නෙ මිනිස්සු. ඔබලාඒ වෑරෑද්ද තමන්ගේ අය කරන වෑරදි ගෑන විවේචනය නොකර අනුන්ගේ වෑරදි විවෙචනය කිරීමයි. කඹුරුගමුවේ වජිර හිමි, තිස්ස විතාරන වෑන්නවුන් ච්‍රන්ද්‍රිකාගේ පෑකේජ් එක හරහා රට බෙදන්න හදපු ඒක හරිද? එතකොට ඔවුන්ට කතොලික චෝදනාව දානවාද? එසේම කතොලික පල්ලිය දෙශ්පාලනය කරනවායයි කියන්නේ කෙසේද? රටේ තිබෙන ප්‍රශ්නයකදී අද්හස් ප්‍රකාශ කිරීමේ අයිතිය සියල්ලන් සතුවේ.87දි ජේ ආර් වගකීමෙන් නිදහස් කිරිමේ පනත ගෙනෙන විට එයට පලමුවෙන්ම විරුද්දත්වය ප්‍රකශ කරමින් රටපුරා පල්ලිවල එයට විරෝධය පලකීරිමත් වෑරදිද? ලන්කාවේ හෑම ප්‍රදාන පක්ශයකම භික්ශු සම්ති තිබෙන්නේ බෞද්ධාගමට එකගවද? රුපවාහිනි නාලිකාවල ඔවුන් බෑන අඩ් ගස ගන්නෙ කතොලික පල්ලිය නිසාද? ඒකත් කතොලික පල්ලියේ වෑඩෑක්ද? ඔබලා දෑන් එස් එල් ගුනසේකර මහතා ගෑන කතා කරන්නේ කටින්ද? 94දි මන්ත්‍රිකමට සිටිය එකම සුදුස්සවුන එතුමාව සිහල උරුමයෙන් පන්නලා දෑමුවේ ඔබලාගේ රෑල තමයි. ඕක තමයි ජේ ආර් ජයවර්දන්ගේ තාත්තලා මාකස් ප්‍රනාන්දුට කෙරුවේ, ඩි එස්ලා ඊ ඩබ්ලිව් පෙරෙරාට කෙරුවෙත්. අපේ ඉතිහාසය ගෑන මා සදහන් කලේ එදා පෑරෑන්නන් කල දේවල් ඉදිරි පරම්පරා වලට දීලා නෑත්තෙත් අපේ වරෑද්දෙන්මයි. ඒකට සුද්දාට බෑනලා වෑඩෑක් නෑහෑ. පුස්කොල පොත්වල විතරමද අපේ තාක්ශනය ලියලා තිබ්බේ.යුරෝපයේ රටවල් එකිනෙකාට විරුද්දව අවුරුදු සියගනන් යුද්ද කලත් ඔවුන් දියුනු රටවල් බවට පත්වෙලා. ඒ ඔවුන් තමන්ගේ දෑනුම පිලිවෙලට ඉදිරි පරම්පරාවලට ලබාදීපු නිසයි. වෙනත් ආගම් අහදනන් විතරමද දාර්ශිකයන් නෑනවතුන් මරලා තියෙන්නේ?. ලන්කවෙදි එහෙම මිනිස්සුන්ව මරලාදාලා නෑද්ද? අවුරුදු 500,600 පරිගනක හදන්න පුලුවන්කම තිබුනානම් පරන්ගි ලන්කාවට එන්න ඉස්සෙල්ලා ලන්කාවේදි පරිගනක හදන්න තිබුනනේ. ඔන්න ඕකට තමයි මම කියන්නෙ කුහකත්වය කියලා. තමන්ගේ වරදි වහාගන්න අනුන්ගේ වෑරදි හොයනවා. ඔබලා නොදන්නවාට බටහිර රටවල කතොලික පල්ලිය ඉතාමත් තදබල විදිහට විවෙච්චනය වෙනවා(ක්‍රිස්තියානි ආගම නෙවෙයි ). හෑබයි ඒවා ඔබලා කියවන දිනමින පත්තරේවත් ස්වදීන රුපවාහිනියේවත් දකින්නට ලෑබෙන්නෙ නෑහෑ. ඒක නිසා ඔබලා දන්නේ නෑතිව ඈති ඔබලාගේ නොදෑනුවත් කමට අපගේ බලවත් කනගාටුව. බෞද්ධ ජපානය දෙවන ලෝක යුද්දයේදි නෑත්තටම නෑතිවුනත් ඔවුන් ලෝකයේ අ0ක එකේ රටක් බවට පත්වුනා. ඔය දිවයින් මානසිකත්වයෙන් මිදිලා අඩුම ගනනේ බෞද්ධ ජපානය දිහා බලලවත් සිතුවිලි වෙනස් කරගන්න. අපි උත්ශහා කලයුත්තේ අනෙක් අයගේ වරදි ගෑන සෙවීමට නොව අපිට වෑරදුන බව පිලිගෑනිමත් එම වෑරදි අදුනාගෑනිමත්ය. ඉතාමත්ම අමාරු අපගේ වෑරදි හදුනා ගෑනිමයි, එය කල හෑකිවුවිට අපටත් බෞද්ධ ජපානය මෙන් නෑගි සිටිය හෑක.
රුවන්වැල්ලේ සෝභිත ගැන ඔයාලට වඩා හොදට අපි දන්නවා…
ඌ කිසිම ගුරු ස්වාමීන් වහන්සේ කෙනෙකු ලග පැවිදි වුන එකෙක් නොවෙයි.
කඩෙන් සිවුරක් අරගෙන ඒක පොරවගෙන තමන්ගේ තුච්ජ නිහීන වැඩට ඒ උතුම් චීවරය පාවිච්චි කරපු එකෙක්.
බුදු දහම ගැන ඕන තරම් කතා කරන්න, ප්‍රශ්න කරන්න අපිට අපේ දහමෙන්ම නිදහස දීලා තියෙනවා[ඒහි පස්සික].
ඒ අපේ දහමේ රහස්, බොරු, සැගවිය යුතු තැන් නොමැති නිසා.
ඔය හොර එළිවෙනවට බය ආගම් තමයි තමන්ගේ ආගම ගැන කටක් හොල්ලන්න නොදෙන්නේ….
[ සර්ව බළධාරී දෙවියන් වහන්සේ මේ ලෝකය මවා, සෑම දෙයකම පාලනය තමන් විසින් සිදු කරන බවට බයිබලයේ සදහන්ව තිබේ....." එසේ නම් කතෝලික, ක්‍රිස්තියානි පල්ලි වලට අකුණු සන්නායක සවිකරන්නේ කුමටද....?" ]
oba thuma karuna karala danna dewal gana katha karanna. api enne nahane budhdhagama gana katha karanna. mokada danne naha. e wagema mata hondatama wishawasai oba thuma ape agama danne naha kiyalath.
Mr nalin. oba tuma kiyana widiyata catholic aya awe 1505 passeda? lankawata catholic awe anuradapura samaye. ekata onetaram evidence hambuwela tiyenawa. ewath ape hamuduruwo naha passe genawa kiyala kiyanna haduwa. ai ewage kata wada karanne? ewata ans ko? Migara kiyala e kale hitapu senpatiyai,eyage family1kai catholic. ewata one taram evidence hambu wela tiyenawa. Buddisht1ka religion1kak newi kiyala dannawa. ai ehenam temples anik ratawai wala gihin danne? darmaya deshana karana newida? anika hamuduruwo marry karala enna ewa boruwata catholic aya karana ewa kiyala boru danna epa. tamunge religion1ke waradi wena ayata dana1ka tamai buddist ayage lokuma waradda. me lagadin ali patiyekwa geniche me catholic ayalu. owage gon talks danna epa.. danne nattanm ohe enna.
Anika buddha kiyala tiyenawa neda, dakala, ahala eka nuwanin hitanna kiyala? ehenam ai niwan dakka kiyala kiyala tiyene? kawuda danne niwan dakkada kiyala?mala da kiyala? puluwanam ekata ans1kak denna? ogollonge religon1kemai tiyene dakine natuwa adahana epa kiyala. ehema baluwaoth eya kiyala tiyene mara pacha ne? anika buddha kiyala tiyenawa eda minissunge ayusa(live time) adu wenawa kiyala? etin dan minissunge anusha wadi wenawane? lankawe tamai adu wenne? owage boru kata kiyala tiyene ai?
(Namal Udalamaththa) hane gon borwa uba hagam beda hati karannada yanne uba oda baudayaknam hant hagam vewachannaya karnnha (uba bududamata negrakarannawa) budu dhama sestai
Me lipi walin, comment walin penne lankawe wadi hariyak inne jaathi wadiyo, agam wadiyo kiyala thamai. e wage aya ekka tharka karana eken katawath wadak naha.
ඉතින් මිස්ට නාමල් උඩලමත්ත අපිට කියන්ඩ ඔයා ඉන්නේ මඩ බිත්ති වලින් හදපු ගෙදරකද කියල?
මම මේක කියන්නේ සන්ෆලවර්ස්ලට එරෙහිවම නොවෙයි…
නමුත් ඔවුනුත් ක්‍රිස්තියානි පල්ලියේ අතකොළුවක්….
අහලා ඇතිනේ ඔවුන් කියන මේ ගීතය…[ දුවලා හති වැටිලා නරියෙක් දවසක්දා, විශාල නුග සෙවනක සැතපුනා]
මේ ගීතය සම්පූර්නයෙන් අහලම, ඒ අහපු කෙනා මේකට කමෙන්ට් එකක් දාලා කියන්නකෝ [නරියා] කියලා එම ගීතයෙන් ව්‍යOගයෙන් අපහාස කරන්නේ කාටද කියලා……?
උඹට පිස්සු. උඹල නිකන් අහක යන දේවල් ඇදගෙන ප්‍රශ්න කරගන්නවා. දැන් උඹ
කියන්නේ සන් ෆ්ල්වෙර්ල්ස් නරිය කිව්වේ බුදුන්ටද කියල?
ela kiri machun…mae Nalin kiyunaee mun hithunae ara pissu mahacharyaa kiyalala
නියම ලිපිය… බටහිර ගැට්ටන්ගේ සහ බෞද්ධ විරෝධීන්ගේ මරුනිලයක් අල්ලලා…
Thamun Atthatama hoda bauddayek nam ara Ruwanwelle Sobitha wage ganu lamainge papuwa atha ganna enna kiyana chiwaradariyanta oya bana kiyanna, Mokada catholic agame ohoma papuwa balala palliyata ganu lamainta enna kiyanne na kawuruwath. Hama deyakatama Agam alla ganna epa….Mokada agamak gana katha karanna thamunta thiya thamunge thatthawath aithiyak na, mokada thamaun Rahath wela nathi nisa
Hi Andrew (Andare), Christiany karayo karana ewwa api nodannawaye..lama apacharama kochchara karanawada Punarupthapanaya karanawa kiyala? namuth api wage umbala wiwurtha nehe..api weraddak dekkama agama gena nositha wiwechanaya karanawa namuth umbala umbalage agame un karana ewwa wahanawa..anna ekai ewa aduwen eliyata enne…api awankai..wiwurthai..umbala wage neme….
BAUDDAYA, oya sebe bauddayaek nam oya dannawa oya giya athmaye thirisenek wela ipadennath puluwan. Ae wagema ape sansare oyath mamath muslim wela , christiyan wela, suddo wela demala/muslim wela ipadenna ethi? thamange sahorarayinta/Demawpiyanta neda oya baninne?
“Schooling the World – The White Man’s Last Burden” කියල ඉංග්‍රීසි වාර්තා වැඩසටහනක් තියෙනවා, පුලුවන්නම් හොයන් බලන්න.
කරුනාකරලා මේ Film තියෙන megavideo වල හරි වෙන කොහේ හරි තැනක ලින්ක් එකක් දාන්න බැරිද?
මං ළඟ තියෙනවා. මමත් කැමතියි බෙදා හද ගන්න. කොහොමද එවන්නේ, එක 1GB විතර ලොකුයි. නිදහස් ගුහාවක් හොයන් ඔබන්නම්. ඔබල ලනුව එවන්නම්, ඔබ තුමා ඇදල ගන්න.
මෙන්න ඒක, ඉස්සෙල්ල වැරදි තැන දාල තියෙන්නේ. සමා වෙන්න.
Part 1: http://www.fileserve.com/file/kktJMfa
Part 2: http://www.fileserve.com/file/wMNkyW5
Part 3: http://www.fileserve.com/file/UuzzYPc
Part 4: http://www.fileserve.com/file/kemUrzY
Part 5: http://www.fileserve.com/file/G2NeeyV
Part 6: http://www.fileserve.com/file/qcyuPB8
Part 7: http://www.fileserve.com/file/MjX6ust