ඒබ්‍රහිම් ලින්කන් තම දරුවා ඉගෙන ගන්නා පාසලේ මුල් ගුරුතුමාට යැවු ලිපිය

ආදරණීය මුල් ගුරුතුමනි, 

මගේ පුතාට කියාදෙන්න හැම මනුෂ්‍යයෙකුම සත්‍යවාදී හා සර්ව සාධාරණ නොවන බව.මේක මගේ පුතාට කරුණාකර උගන්වන්න.

නමුත් කියාදෙන්න මගේ පුතාට හැම තක්කඩියෙකු, දුර්ජනයකු පාසාම ගුණ යහපත් වීරවරයෙකුත් මේ ලෝකයේ සිටින බව. ඒ කියන්නෙ, හැම දෙනාම තක්කඩීන් නොවේ තක්කඩීන් වාගේම යහපත් උදවියත් සිටින බව මගේ පුතාට උගන්වන්න.

සෑම ආත්මාර්ථකාමී දේශපාලඥයකු වෙනුවට රටේ සුබසිද්ධියට කැපවුණු යහපත් දේශපාලන දූ පුතුන් ඉන්නා බව මගේ පුතාට ඒත්තු ගන්වන්න. සෑම සතුරකු පාසාම මිතුරෙකුත් සිටින බව මාගේ පුතාට කියා දෙන්න. ඒවාගේම කියා දෙන්න නොමිලේ කගෙන් හරි, කොහෙන් හරි ලැබෙන ඩොලර් පහට වැඩිය තාමාගේ දහඩිය මහන්සියෙන් උපයන ඩොලරය වටිනාකමෙන් වැඩි බව. එත් ඔහුට ඒ බව ඒත්තු ගැන්වීමට කලක් ගත වන්නට පුළුවන් බව මා දන්නවා. නමුත් එම න්‍යාය ඔහුට උගන්වන්න.

පරාජය විඳ දරා ගැනීමටත් ජයග්‍රහණය නිහතමානීව සතුටින් භුක්ති විදීමටත් මාගේ පුතාට උගන්වන්න. ඇතැම් උදවිය ඊර්ෂ්‍යාකාරීව ඔහු යටපත් කරන්නට, ඈත් කරන්නට ක්‍රියා කරන විට ඒවා ගෙන කළ කිරෙන්නේ නැතිව සන්සුන්ව සිටිමින් සිත යටින් සිනාසෙන්නට හැකි ශක්තියේ රහස ගැන ඔහුට උගන්වන්න. තමන්ගේ හයිය හත්තිය පෙන්වා මිනිසුන් බිය ගන්වන්නට එන අය පරාජය කිරීමට පහසුම අය බව ඔහුට අවබෝධ කරවන්න.

මුල් ගුරුතුමනි, ඔබට හැකිනම් ඔහුට පොතෙහි ඇති චමත්කාරය පෙන්වා දෙන්න. එපමණක් නොවෙයි, අහසේ සැරිසරන කුරුල්ලන්, හිරු රැසේ පියාඹන මී මැස්සන්, නිල්වන් කඳු බෑවුමක පිපී වැනෙන වනමල් කියාපාන සදාතනික රහස ගැන නිවීසැනහිල්ලේ සිතන්නට ඉඩ හරින්න. වංචා කිරීමට වඩා, හොර මැරකම් කිරීමට වඩා, පාරාජයට මුහුණදීම ගෞරවාන්විත බවත්, අනිත් අය කුමක් කීවත් තමන්ගේ අවංක අදහස් ගැන විශ්වාසය තබා ක්‍රියා කිරීම ඉතා වටිනා බවත්, ඔහුට වටහා දෙන්න.

ඒ වගේම මුල් ගුරුතුමනි, මගේ පුතා පුරුදු පුහුණු කරන්න, මෘදු මොළොක් මිනිසුන්ට මෘදු ලෙස සලකන්නටත්, රළු මිනිසුන්ට දැඩි ලෙස සලකන්නටත්, තමන් වටේ සිටින උදවිය කරන දෙය අන්ධානුකාරයෙන් පිළිනොගෙන තමාගේම බුද්ධිය මෙහෙයවා යුතුකම් අයුතුකම් තේරුම් ගෙන ක්‍රියා කිරීමේ ශක්තිය ඔහුට ලබාදෙන්න. සෑම දෙනෙකුටම සවන්දීමට ඔහුට උගන්වන්න. එහෙත් ඔහු අසන දෙය සත්‍යය අනුව කිරා මැන බලා හොඳ දෙය පමණක් ගන්නට ඔහුට හැකියාව ලබාදෙන්න. කුමන දුකකට පත් වූවත් එයින් පරිපීඩනය නොවී සිනාසෙන්නට ඔහුට උගන්වන්න. කදුළු හෙළීම ලැජ්ජාවට කරුණක් නොවන බවත් ඔහුට කියාදෙන්න.

හැම දේකම වැරදි සොයන්නන් ගණන් නොගැනීමටත් මිහිරි චාටු බස් දොඩන්නන් ගැන පරිස්සම් වන්නටත් ඔහුට කියාදෙන්න. තමන්ගේ ගතේ සිතේ වැඩිම මිලට ඉල්ලන්නන්ට විකුණුවත් තමන්ගේ හදවත සඳහා කිසිටිටෙකත් මිලක් නොඉල්ලන්නට ඔහුට උගන්වන්න.

බොරු ඝෝෂාවල් කරන සෙනග මධ්‍යයේ කන් පියාගෙන ඉන්නට ඔහුට ධෛර්යය දෙන්න. තමන් සත්‍ය යයි පිළිගන්නා දේ වෙනුවෙන් ධෛර්ය්‍යමත්ව සටන් කරන්න ඔහුට උගන්වන්න මුල් ගුරුතුමනි. ඔහුට මෘදු ලෙස සලකන්න. නමුත් ඔහු හුරතල් කරන්නට එපා.

වානේ හොඳින් තැනිය හැක්කේ ගින්නෙන් රත්වූ විට බව ඔහුට පැහැදිලි කරන්න. ඒ නිසා ජීවිත ගමනේදී තමාට හැඩි දැඩි රස්නයක් දැනුනොත් එයින් තේරුම් ගන්න සලස්වන්න ඔහු කාටත් යටත් කරන්න බැරි මිනිසෙකු හැටියට දියුණු වීමට ඒ අත්දැකීම් ප්‍රයෝජනවත් වන බව. ධෛර්ය්‍යමත්ව දරාගත යුතු නිර්භීත කමට අවශ්‍ය ඉවසීම ඔහුට තිබිය යුතුයි. හැම විටම තමා ගැන උදාර උසස් විශ්වාසය ඇති කරගන්න ඔහුට උගන්වන්න. මුළුමහත් මිනිස් වර්ගයා ගැනම එබඳු විශ්වාසයක් ඇති කර ගන්න පුළුවන් වන්නේ එහෙම කළොත් පමණයි.

ඔහුට මේ අධ්‍යාපනය දීම බැරෑරුම් කාර්යයක් බව මා දන්නවා. ඒ නිසා මුල් ගුරුතුමනි, ඔබට හැකිතාක් හැම දෙයක්ම මාගේ දරුවා වෙනුවෙන් මේ ආකාරයට කරන්න. මාගේ දරුවා ඒ අයුරින් පන්නරය ලබන බව මට විස්සාසයි.

මා ඔබේ හිතවත්,

ඒබ්‍රහිම් ලින්කන්

 - Nalaka Gamage

22,811 Viewers have read This article

113 Comments to “ඒබ්‍රහිම් ලින්කන් තම දරුවා ඉගෙන ගන්නා පාසලේ මුල් ගුරුතුමාට යැවු ලිපිය”

  1. සඳලිනි says:

    කරුණාකරලා මාතෘකාවට අදාලව ලියන්න. මෙතැන වෙන්නේ වගකීම් හා යුතුකම් ගැන කෙරෙන සංවාදයක්.
    පහන් දැල්ල ලියපු පිළිතුරු ලිපි දෙකටම 100% ක් මම එකඟ වෙනවා.
    තමන්ට හිමිතැන නොදන්නා මාපිය දූ දරු සම්බන්ධය නිසා අපේ සමාජය වල්මත් වෙලා.ඇස් ඇරලා බලන්න.
    බල්ලාගේ වැඩේ බුරුවට බාරදෙන්න එපා.

    • Anonymous One orig says:

      ඔච්චර අමාරු වුනේ මොකද? මේක නිකම්ම නිකම් පරිවර්තනයක් විතරයි. අත් දැකීමෙන් දැන ගන්න කැමති නම් ඇමරිකාවට තොලොංචි වෙන්න. ඉල්ලන්න ග්‍රීන් කාඩ් එක. අද බල්ලොත් යන්න බෑ කියනවා. ඒ වුනාට ඔයාට ගැලපෙයි. පුළුවන් නම් හත්මුතු පරම්පරාවම අරන් යන්න. එතකොට, තමන්ට හිමිතැන නොදන්නා මාපිය දූ දරු සම්බන්ධය නිසා වල්මත් වෙලා තියෙන අපේ සමාජයට ආරූඪ වෙච්ච අමනුෂ්‍යයන් ටිකක් අඩුවෙයි.

      • මාතර ආතර says:

        @Anonymous one orig

        යන්නේ කොහෙද මල්ලේ පොල්!

        • Anonymous One orig says:

          උඹටත් එක්කයි ඒ ටික කිව්වෙ පිස්සො.

        • මාතර ආතර says:

          @Anonymous one orig

          යන්නේ කොහෙද මල්ලේ පොල්!

          උඹේ -ක අස්සේ
          හන්ගන් ඉන්න
          පිස්සු දියසේන කුමාරයා
          මැව්වේ කවුද?

      • සිරිබිරිස් says:

        යම් දෙයක් ගැන හරියට වාක්‍ය 10ක් වත් ලියා ගන්න බැරි උඹ වාගේ ඌරු මීයෝ දන්නෙම ගුල් හාරන්න විතරයි.

        උඹ අර නුතන ලිබරලෙක් බන්,උඹට ඒ ගැන නොතේරුනාට මේකේ මොලේ තියෙන එවුන්ට උඹ කව්ද කියල හොඳට තේරෙනවා.

        ඒ නිසා ගිහිල්ල හාරගනින් තවත් ගුලක්,මෙතැන බහුබූත නොකිය!

        • Anonymous One orig says:

          ගොන් බූරුවෝ, පිනා වගෙ කෙඳිරි නොගා, තේරෙන්නෙ නැත්නම් එහෙ කියපන්. මේක කියවපිය ඌරු මී පැටියගෙ අම්මෙ.

          http://www.lankacnews.com/sinhala/main-news/44850/#comment-207070 – keerthi ratnayaka says: January 28, 2012 at 1:53 am

        • මාතර ආතර says:

          @Anonymous one orig,

          කොක්කෙන් හරි කෙක්කෙන් හරි,
          කලිසම් ඇඳන්,
          අපේ හමුදා කොල්ලෝ ‘නන්දිකඩාල්’ ගියා,
          උඹේ පිස්සු රෙද්දේ අස්සේ හන්ගන් ඉන්න දියසේන කුමාරයා ඔලුව උඩ තියා නොගෙන.

          1918 ඉඳන් කලිසම් ඇන්දට,
          උන්ගේ ‘ඇට දෙක’ තාමත් හොඳින් වැඩ කරනවා වඳ නොවී,
          තව නන්දිකඩාල් ආවොත් ඕන මගුලක් හරි ඇඳගෙන,
          අවුරුදු 2600 ක් රැකපු රටයි තේරවාදී බුදුදහමයි රකින්න.

          අපි අපේ ‘ඇට දෙකයි’,රටයි,ථෙරවාදී බුදු සසුනයි රැක ගන්නම්,
          උඹ නිකන් උඹේ කාලේ නාස්ති නොකර
          උඹේ පිස්සු දියසේන කුමාරයව රෙද්ද අස්සේ හන්ගන් තියන්
          රැක ගනින්.

  2. මාතර ආතර says:

    @Anonymous one orig

    උඹේ මනක්ක්කල්පිත පිස්සු දියසේන කුමාරයා ඇඳපු සරමයි අමුඩයයි විසිකරලා,හදිස්සියකට දුවාගන්න පහසු සුද්දගේ කලිසම,අපේ හමුදා කොල්ලෝ ඇඳ ගත්ත වගේ, සුද්දගේ වුනත් හොඳ දේවල් ගත්තට කාරී නැත.

    • Anonymous One orig says:

      බලාපන්. උඹ අන්තිමට සුද්දටත් කඩේ යනවා. කලිසම කාගෙ දෙයක්ද කියල උඹට ලියපු උත්තරේක ඇති. මේ පුරුකෙන් බලපන්.

      http://www.lankacnews.com/sinhala/main-news/43967/#comment-204103

      “සුද්දගේ වුනත් හොඳ දේවල් ගත්තට කාරී නැත.” – මොකක්ද බං ඒ කතාවෙ තේරුම. සුද්දගෙන් ගන්න කිසිම හොඳ දෙයක් නෑ. ඔය සුද්ද බිහි වුනේ ඉස්සර සිංහල මිනිස්සු රටෙන් පන්නපු තේමිය කුමාරය කියන කම්මැලි තිරිසනාගෙන්. ඌ කොච්චර නරකද කියල සුද්ද ලෝකෙට කරපු ඒවායින්ම පෙනෙනවා. උඹ අරක මේක ඇල්ලුවට සුද්ද ගැන දන්නෙ නෑ.

      ඈ බං අමුඩෙට තමයි උඹ underwear කියන්නෙ. පුස්සො උඹ ඒවා අඳින්නෙ නැද්ද? ඔය කලිසම ඇන්දම, එල්ලිලා වැනි වැනි අඩු උෂ්ණත්වයක තියාගන්න ධාතු මල්ල ඇඟට හිර වෙලා අධිඋෂ්ණත්වය නිසා දරුඵල නැති පොන්නයෝ වෙනවා. සුද්දො ඕක අඳින්න බල කරන්නෙ පිරිමිකම නැති කරල නිවට එවුන් බිහිකරන්නයි. ගොන්නුන්ගෙත් ඒක තළල පුහු කරනවා හැඩි දැඩි පිරිමිකම නැතිකරන්න.

      පොඩ්ඩක් හිතපන්. උඹ මිනිසුන් වඳ කරන හින්දු අන්තවාදේට කඩේ යනවා. දැන් මිනිසුන් වඳ එවුන් කරන සුද්දගෙ කලිසමට කඩේ යනවා. මම කිව්ව එක ඔප්පු වෙනවා. උඹ මනුෂ්‍යයන් විනාශ කරන්න ආපු අමනුෂ්‍යයෙක්.

      • මාතර ආතර says:

        @Anonymous one orig,

        කොක්කෙන් හරි කෙක්කෙන් හරි,
        කලිසම් ඇඳන්,
        අපේ හමුදා කොල්ලෝ ‘නන්දිකඩාල්’ ගියා,
        උඹේ පිස්සු රෙද්දේ අස්සේ හන්ගන් ඉන්න දියසේන කුමාරයා ඔලුව උඩ තියා නොගෙන.

        1918 ඉඳන් කලිසම් ඇන්දට,
        උන්ගේ ‘ඇට දෙක’ තාමත් හොඳින් වැඩ කරනවා වඳ නොවී,
        තව නන්දිකඩාල් ආවොත් ඕන මගුලක් හරි ඇඳගෙන,
        අවුරුදු 2600 ක් රැකපු රටයි තේරවාදී බුදුදහමයි රකින්න.

        අපි අපේ ‘ඇට දෙකයි’,රටයි,ථෙරවාදී බුදු සසුනයි රැක ගන්නම්,
        උඹ නිකන් උඹේ කාලේ නාස්ති නොකර
        උඹේ පිස්සු දියසේන කුමාරයව රෙද්ද අස්සේ හන්ගන් තියන්
        රැක ගනින්.

  3. පහන් දැල්ල says:

    මෙන්න ලින්කන් දරුවාගේ පාසලේ මුල්ගුරු, ලින්කන් අප්පච්චිට ඔහුගේ ලියමන ආපසු හරවා යැව් විට ඇමුණු මුල්ගුරු ලියමන;

    වගකීම් මගේ වත්තට තල්ලු කර යුතුකම් කළා යයි උදම් අනන කාර්ය බහුල වූ ලින්කන් අප්පච්චියේ,

    මැණිකක් වූ උඹේ දරුවාට සාරදර්ම නමැති ජීවිතයේ පන්නරය දමා මා වෙත එවන්න එවිට මා ඒ මැණික හරියට ඔප මට්ටම් කර දෙන්නම්.

    උඹෙන් දරුවාට ලැබිය යුතු ‘කොන්දේසි විරහිත නියම පිය සෙනෙහස’ මට දෙන්නට හැකියාවක් නැත. ඔහුට ඒ සෙනෙහස නිසියාකාරව ලබාදෙන්න, එවිට ඔහු මනසින් තෘප්තිමත් වී දිදුලනු ඇත.

    එවිට ඔහුට ආදරයට ආදරය කරන්නට මෙන්ම අනාදරයටද ආදරය දැක්විය හැකි පුද්ගලයෙකු විය හැක.

    නීතියක් කඩන්නට වුවද නීති ඇති බව කියා දිය යුත්තේ උඹේ නිවස තුළදීමය. මගේ පාසලේ නීති ඇතිහෙයින් කරුණාකර දරුවා පාසලට එවන්නට මත්තෙන් ඔහුට නීති ගැන යම් දැනුමක් ලබා දෙන්න.

    අයාලේ යන අම්බරුවන් ආම්බාම් කරන්නට මට වෙලාවක් නැත. උඹේ දරුවාට විශේෂ අවධානයක් දෙන්නටද නොහැකිය.

    පිහි,දෑකැති,පොරෝ,බයිනෙත්තු භාවිතා කල/නොකළ යුතු තැන් ඇති අතර ඒ ඒ ආයුධයට ඇති කර්තව්‍යද එකිනෙකට වෙනස් වන හෙයින් ඒ ගැනද දැනුවත් කරන්න.

    අනුනට හිංසා කර සතුටු වන්නකු නොකරන්නට නම් හිංසාවේ මුල් පාඩම උඹේ නිවස තුලම ඔහුට කියා දෙන්න.

    අනුන්ගේ දියුණුවට හද තුල මුදිතාව නිර්මිත වෙන්නේ උඹ අනුනට උදව් කරනවා ඔහු දුටුවොත් පමණි.

    අවුල් කරගත් නිවසක් ඇත් නම් එය මුලින්ම පිළිවෙලට තබාගන්නට කටයුතු කර,දෙවනුව අනුන්ගේ අවුල් ගෙවල් ගැන වැඩ කරන්න.

    ලද දෙයින් තුටු වී ඇති දෙය අනිකා සමඟින් බෙදාහදාගෙන කන්නට ඔහුට පුහුණුව දෙන්න.

    හොඳ නරක වෙන් කරගන්නට ඔහුට සහය විය හැක්කේ උඹ ආදර්ශ වී එය පෙන්නුවොත් පමණි.

    ජීවිතය සරල කර ගන්නට ඔහුට උදව් කරන්න වෙළඳ පොලේ ඉත්තෙකු නොකර.

    විෂය දැනුම ඔහුට ලබා දෙන්නට කාලය මට ඇත,නමුත් ඒ ගැන උනන්දු වී පරතෙරට යා යුත්තේ ඔහුය.ඊට සහය උඹෙන්ද ලැබිය යුතුය.

    මට ඔහුට පැහැදිලි අනාගතයකට මාවත පෙන්විය හැකිමුත් ඔහු ඒ මාවත ඔස්සේ කනින් ඇඳ ගෙන යා නොහැක.

    උඹේ දරුවාගේ අනාගතය සරු වන්නේ උඹෙත්,මගෙත්,ඔහුගේත් සාමුහික එකතුවෙන් මිසක තනි තනිව යාමෙන් නොවන වගත් සිහිපත් කරමි.

    • මිස්සක යාපා says:

      @පහන් දැල්ල,

      උඹේ පිළිතුරු මුල්ගුරු ලියුම හරිනම් තියෙන්න ඕන ලින්කන් අප්පොච්චගේ ලියුම තියෙන තැන!

      වගකීම් වලින් පැනල දුවන එවුන්ට ඉනිමන් බඳින ලින්කන්ලාගෙන් තමයි දැන් සමාජය පෝෂණය වෙන්න පටන් ගෙන තියෙන්නේ. (නාලකටත් පිස්සුද කොහෙද ඔහොම ලිපි ලියන්න.)
      මේ යටතේ තියෙන කොමෙන්ටු දැක්කම හිතෙනවා මුන් නම් බටහිරයන්ට වඩා අන්තයි කියල.මොලේ තියෙන එකෙක් නම් කියාවිද ඒක මුද්‍රණය කරලා එල්ලන්න ඕන කියල.

      ප්‍රශ්නය තේරුම් ගන්න ඕන උත්තර ලියන්න නම්,උඹ දක්ෂ විදියට ඒක කලා,මගේ ආචාරය උඹට.

  4. Anonymous One orig says:

    පණිවිඩේ හම්බ වෙලා වගෙයි.

  5. Anonymous One orig says:

    නාලක ගමගේ උන්නැහේට එකක් කියන්නම්. කරුණා කරල ලියන්න දෙයක් නැත්නම් නිකන් ඉන්න. වැරදිලාවත් සුද්ද ඉංග්‍රීසියෙන් ලියපුව සිංහලට පරිවර්තනය කරන්න එපා. ඊට හේතුව නොදැනුම නිසා පරිවර්තනය කලාම, අශුචි ගොඩකට රත්රන් කන්දක් කියල ලියවෙන නිසයි. ලෝකෙ ඉන්න ජරාම එවුන් වර්ණනා කිරීමෙන් ඔබද එම ගණයට වැටේ.

  6. ඇම්ඩන් says:

    ආර්ථික, සාමාජීය හා දේශපාලන අවශ්‍යයතාවයන් යයි පවසමින් තවෙකෙකුගේ පදේට නටන රූකඩයක් වෙනුවට මිනිසත්කමෙන් පොහොසත් තමා ගැන මෙන්ම අනුන් හා අනාගතය ගැනද සිතනා මිනිසෙකු බිහි කිරීම උදෙසා…..

  7. කරන්දෙණියා says:

    මෙතන සම(හරක්) කරපු Comment දැක්කම මට ඔවුන් ගැන ඇත්තටම දුකයි. අපේ හුගක් මිනිස්සු පුරුදු වෙලා තියෙන්නේ කවුරුහරි කෙනෙක් “අන්න හද” කියලා ඇගිල්ල දික්කරලා හද පෙන්නුවම හද දිහා බලනන නෙවෙයි පෙන්නපු කෙනාගේ ඇගිල්ල දිහා බලන්න.

  8. Josheph says:

    Please follow the below link & listen it will be touched to you.

    Sachithra & Vichithra Internet Show Episode 1 – YouTube
    http://www.youtube.com/watch?v=EIvlKI_yoGk

  9. Josheph says:

    Pls follow the below link hope this letter will touch to your heart.

    I think this is a amazing lesson for every one

    Sachithra & Vichithra Internet Show Episode 1 – YouTube
    http://www.youtube.com/watch?v=EIvlKI_yoGk

  10. Joseph says:

    නාලක ගමගේ මහතාගේ මේ ලිපිය වැදගත් වන්නේ, Boga මහතා විසින් සපයා ඇති ඌන පුර්ණය නිසයි. එසේ නොවන්නට “El Gamal” සමග මා 100% ම එකඟයි. මා දකින අන්දමට, මේ ලිපියෙන් එබරන් ගොය්යා කොච්චර පොරක්ද, උගේ පුතාට කුමක් වීද, ගුරා මේ ලිපියට කුමක් කලේද, මේ ලිපිය අපේ උන්ට කියා දිය යුතුද ආදී ප්‍රශ්න (විවාද) වලට යාමට වඩා අප සතුව ඇති මෙවැනි දේ නැවත මතු කර ගැනීමට ආරම්භයක් ලෙස ගත යුතුයි.

    සරලව කියතොත්, එබරන් මෙවැනි ලිපියක් ලීවා කියා හෝ මම විශ්වාස නොකරමි. නමුත් එය නාගරික කටකතාවක් (urban legend යන්න පරිවර්තනය කළෙමි. පුරාවෘත්තය යන්නට වඩා කට-කතාවක් යන්න ගැලපේයැයි සිතමි.) ලෙස ප්‍රසිද්ධියට පත් වී ඇත. මා කුඩා කාලයේ පුවත් පත් වලින් මෙය කියවා ඇත. ජෝජ් වොෂින්ටන් චෙරි ගස කැපූ කතාවද මිට සමානය. ඒවා කතා මිස මටනම් වැදගැම්මකට නැත.

    අවුරුදු 400 පැරණි ඉතිහාසයක් පමණක් ඇති ජාතියකට මෙවැනි සුළු සිද්ධි ඉතා විශාල මාර්ගෝපදේශන ලෙස පෙනී යාම පිලි ගත හැක. නමුත් වසර 2600 ක ලිඛිත ඉතිහාසයක් ඇති, වසර 10000 එහා පුරා විද්‍යාත්මක සාධක සහිත සිෂ්ටචාරයක් ඇති ජාතියක් මෙවැනි “පොඩි ළමයින්ගේ” කතා නොහොත් සුරංගනා කතා වැදගත් කොට සැළකිය යුතුද? ඉන් ගම්‍ය වන්නේ “El Gamal” දැක්වූ තමන්ගේ රන් පර්වතයක් මත සිටිමින් අනුන්ගේ යකඩ කැබැල්ලකට ලොබ බැඳීම නොවන්නේද?

    මගේ මුලික ගැටලුව ඇත්තේ එය නොවේ. ඇමරිකාව ගොඩ නැගු චින්තන ක්‍රමය අපට වඩා වෙනස්ය. එබරන් විසින් ගුරාට උපදෙස් දෙන්නේ තම පුත්‍රයා “නියම ඇමරිකානුවෙකු” ලෙස හැඩ ගස්වන ලෙසයි, නියම බෞද්ධයකු නැත්නම් නියම සිංහලයකු ලෙස හැඩ ගස්වන ලෙස නොවේ. මෙම ලිපිය පන්ති කාමරයේදී හෝ කියවන කුඩා දරුවන් සිතන්නේ කෙලෙසද? ඉතා පැහැදිලිවම මෙය වැඩිහිටියෙක් විසින් තවත් වැඩිහිටියෙකුට ලියනු ලැබූ “වැඩිහිටියන්ට පමණයි” ලිපියකි. මෙය පාසල් යන ළමයින්, විශේෂයෙන් සිංහල බෞද්ධ ළමයින්, විසින් නොකියවිය යුතු බව මම සිතමි. ඒ වෙනුවට කියවිය යුතු උපදේශ ග්‍රන්ථ, කවි බොහෝ ප්‍රමාණයක් අප සතුව ඇත.

    • ThinkTwice says:

      මේ ලිපියේ කිසි තැනක තම පුත්‍රයා ඔබ පවසන පරිදි “නියම ඇමෙරිකානුවෙක් ” කරන්න යි කියා නැත. එහෙත්
      ඔහුව “යහපත් මිනිසෙක් කරන්න” කියන දෙය නම් මැනවින් ගම්‍ය වේ. ඔබ මේ ලිපියේ ඇති කරුණු ඇමෙරිකන් ජාතියට
      පමණක් අදාල කිරීමට උත්සහ කරයි. සිංහල බෞද්ධ දරුවන් මෙය නොකියවිය යුතු බවත් පවසයි. කරුණාකර
      මෙහි ඇති සිංහල බෞද්ධ දරුවෙකුට නොගැලපෙන ජේදයක් / කරුණක් ගෙන හැර දක්වන්න.
      යහපත් ගති පැවතුම් කිසියම් ජාතියකට පමණක් පොදුවූ දෙයක් නොවන අතර එය සමස්ත මානව වර්ගයාටම පොදු
      දෙයකි. සැම දරුවෙක්ම සමාජයට අයත් දරුවෙක් වන අතර දරුවන්ට දෙමව්පියන්ගේ පමණක් නොව මුළු මහත් සමාජයෙන්ම
      ආරක්ෂාව / ආදරය හා යහපත් පැවැත්ම ගැන ආදර්ශ ලැබිය යුතුය. එවිට පමණි තව දශකයක් දෙකක් එපිටින් බිහිවන
      සමාජය වඩා යහපත් වන්නේ.

  11. podi says:

    ඇයි මේ මොඩයිනේ හැමෝම අහන්නේ ලින්කොන්ම මෙටික දරුවට කියල දුන්නේ නැත්තේ ඇයි කියල …. යකුනේ මේ ලිපිය ලිව්වේ ලින්කොන් හිරේ ඉදන් .. හිරේ ඉදන් කොහොමද යකෝ ළමයට උගන්නන්නේ …එකයි මේවා ගුරුතුමාට ලියල යැව්වේ …ලින්කොන් ගේ ජීවිත කතාව කියවපල්ලකෝ

    • Helaya says:

      කොහොමත් ලංකාවේ ඉන්න සමහරුන්ට මේ ලිපිය තේරුමක් නෑ. ඒගොල්ල පාසලට ළමය යවන්නේ විබාග පාස් කරවගන්න හිතාගෙන විතරනේ.

  12. Panchauda says:

    Abraham Lincoln lage lipi pitapath karagena adarsayata ganna epa eva adirajya wadi dhanapathi batahira kumanthtrana

  13. P.R.Shanmugarathnam says:

    yako muta thibunane teacher ta kiyanne netuwa mutama meka muge putata kiyaladenna. rate minissu ahaida muge putawath ahanne netikota.pissu linkon

  14. මුල් ගුරුතුමා says:

    ලංකාවේ සිටින සෑම තාත්තා කෙනෙක්ම මේ ලිපියේ එකක් ගහලා අනිවාර්යයෙන්ම තමන්ගේ දරුවාගේ ඉස්කෝලේ විදුහල්පතිට යැවිය යුතුයි.

    • මිස්සක යාපා says:

      @මුල් ගුරුතුමා,
      උඹල වාගේ මුල් ගුරාල ඉන්නකම් මුළු ලංකාවටම ගහන්නේ වැහි නැති හෙන.

  15. Saman 123 says:

    මේකෙන් මොකක්ද බලාපොරොත්තුව? අපේ දේශපාලුවෝ ලින්කන් ට සමාන කරන්නද … හා හා …. මෙහෙ තියෙන්නේ පවුල් පෝෂණය …

    • danuka says:

      හැම දෙකටම jvp ඇහ දාන්න එපා යකෝ , මේ ලියුමේ තියන වැදගත්කම තේරුම් ගනින් , නොතේරෙනවානම් මෝඩ comment නොදා ඉදපන් ,

      • Dhanushka says:

        ඈ බන් … එතකොට අපේ ලොක්කො ඒබ්‍රහම් ලින්කන් වගේ පේන්නෙ නැති උන් ඔක්කොටම තියෙන්නෙ JVP ඇස් ද? ….. මල කෙලියයි … ඒකත් අර සීතාම්බර පටේ ඇදගත්ත කතාව වගේ තමයි .. අන්තිමට පොඩි එකෙකුට තමයි කියල දෙන්න උනේ රජ්ජුරුවො හෙලුවෙන් කියලා …

  16. ඉස්කෝලෙ මහත්තයා says:

    මේ ලිපිය ගැඹුරට තේරුම් ගන්න නම් පියෙක් වෙන්න ඕන. තරමක් ගැඹුර තේරුම් ගන්න නම් ඔහු විදුහලක මුල් ගුරුතුමෙක් වෙන්න ඕන. උපරිම ගැඹුර තේරෙන්නෙ පිය පදවිය ලද මුල් ගුරුවරයෙකුට පමණයි. මෙවන් ලිපිවලට බාල කොමෙන්ට් දාන්න එපා කියලයි මගේ ඉල්ලීම. මම වැරදි නම් කරුණාකර ඒ ගැන මට කියා දෙන්න.

    • මිස්සක යාපා says:

      පැහැදිලි කලොත් තමයි හොඳ ඔය කියන ගැඹුර ගැන. අනේ තොපි වාගේ හරක්ගෙන්ද අපිත් අකුරු සාස්තරේ ඉගෙන ගත්තේ හැබෑට!
      සදාචාරය ගැන පැහැදිලිව ‘පහන් දැල්ල’ ලියල තියෙනවා.
      වගකීම්වලින් පැනල දුවන අප්පල හින්ද තමයි පව්ල් සංස්ථාව කඩන් වැටුනේ.
      තම දරුවා ගැන අම්ම,තාත්තට නැති කැක්කුමක් අනේ ඉතින් උඹලටම තමයි තියෙන්නේ!
      උදාහරණ ඕන නම් කියපන්,දෙන්නම් ටොන් ගණන්.

  17. සත්‍ය says:

    ලින්කන් මහත්මය මේ ලිපියේ කියල තියෙන දේවල් හොදද නරකද? බොහෝ අයට හොද දේ විදියට පෙනුනට ඉතා සුළු පිරිසකට මෙහි සදහන් කරුණු වැරදි සහ බයානක දේවල් ලෙස පෙනිලා තිබෙනවා නේද?

    දැන් අපේ රටේ මිනිස්සුම උනත්(ලෝකේ කොහෙත්)කොච්චර ඉන්නවද වැඩ කරන තැන මාටියා ගහන, වැඩක් කරගන්න එන මිනිස්සුන්ගෙන් පගා ගහල ගෙවල් දොරවල් හදා ගත්ත(සමහර විට අද රෑ කෑම කාල ඇත්තෙත් එහෙම සල්ලි වලින් වෙන්න පුළුවන්), දේශපාලකයෝ පස්සේ ගිහින් යුතු ලාභ වාසී ගන්න, තමන්ගේ සේවකයන්ව හූරගෙන කාල හරි පාරිභෝගිකයන්ව ගොනාට අන්දගෙන දියුණු වෙන්න හදන…….

    ඒ වගේ අයට මේ වගේ ලිපියක් දැක්කම තමන් කරන වැරදි ගැන ලොකු අසහනයක් ඇති වෙනවා. ලෝකේ ඔක්කොම හොරුනම් තමන්ට එහෙම අසහන හැගීමක් එනවා අඩු නේ. ඉතින් එක්කෝ දුම්මල වරම අතින් ගන්නවා, එහෙම නැත්නම් මෙයා මෙව්වා ඇහුවද?, මෙයා සුද්දෙක්ද? මෙයා මුණුපුරා දැන් මොකද කරන්නේ අරක මේක කිය කිය පස්ස පැත්ත ගිනි අරන් දගලනවා.

  18. පහන් දැල්ල says:

    බල්ලාගේ වැඩේ බූරුවට බාර දුන්න
    මීහරකෙක්ගේ ලිපියක්! (ඒබ්‍රහම් ලින්කන්ටවත්/ නාලක ගමගේටවත් නෙවෙයි මීහරක කිව්වේ මෙතැන)
    අම්මයි අප්පයි දෙන්න කරන්න ඕන දේවල් ගුරුවරුන්ට බාර දීල අත පිහිද ගත් පියෙකුගේ අසුන්දරකම දැනෙන්නේ මට විතරද!
    සාරධර්ම කියල දෙන වගකීම අම්මල අප්පල අතේ තිබිය යුතු දෙයක්.
    ආදරය,කරුණාව,සංවේදී බව,සරල කම,යුතුකම/වගකීම කියල දෙන්න ඕන අම්ම අප්පා.
    —–
    ඕක පිටට බාර දීපු බටහිරයෝ (ඇමෙරිකානුවෝ/ ජපන්නු ඇතුළු ) අද සිරගෙවල් පුරවන්නේ බාල වයස්කාරයන්ගෙන්.
    පිහි/තුවක්කු බලයෙන් ළමා ලෝකය විනාස කෙරෙව්වේ ඔය මීහරක්, වගකීම් අතින් අතට යවපු නිසා.
    පොඩිත්තෝ සියදිවි නසා ගන්නට පෙළඹුනේ අම්ම අප්පා හරියට වගකීම අතට ගත්තේ නැති නිසා.
    පැඟිර / පැඟිරියෝ මේ තරම් ප්‍රති මානසික අවපාත පෙති ගන්නට ( Anti – deppresants ) හේතු උනේ අම්ම අප්පා වල්මත් වෙලා වගකීම් මඟ ඇරිය නිසා.
    ලේබල් ගහල ADHD(Attention Deficiant Hyper -activity Disorder)/Asperger’s syndrome …කියමින් දරු පැටව් බෙහෙත් වලින් පිරෙව්වේ වගකීම් වලින් පැනල දුවපු අම්ම අප්පා නිසා.
    —–
    ඉස්සෙල්ල අම්ම අප්පා කෙනෙක් වෙන්නට නම් වගකීම් දැනගනිල්ලා/යුතුකම් ඉටුකරපල්ලා.
    අතින් අතට වගකීම් යවන්න පුරුදු වෙන්න එපා, රහසින්වත් පස් පව් කරන්න එපා.

    කෝම් පිට්ටු හදන්න වැලි අල්ලන්න පොඩිත්තෝ එක්ක වැලි නාපල්ලා.
    අන්ඩක් කඩපු අසරණ කුඹියට වතුර ටිකක් දෙන්න ලමාහිත සියුමැලි කරපල්ලා,කඩපු අන්ඩය උඹේ උනානම් දැනෙන වේදනාව ගැන අහන ගමන්.
    මහින්ද හිමියන් ගේ රන් තොටිල්ලේ කවි කියමින් කිරි කැටියව තුරුළු කරන් නලවපල්ලා, අහිංසකයන්ට හිස් වහල දිහා වත්/ තාක්ෂණයේ අරුමෝසම් දිහා වත් බලාගෙන ඉබේ නලවෙන්නට ඉඩ නොදී.
    මහින්ද හිමියෝ ලියල තියෙන ‘හොඳ ළමය’, ‘යුතුකම’ (ළමය හා මහල්ලා ) ‘අවිහිංසාව’ ‘මගේ දින චරියාව’ වාගේ කවි සින්දු දරුවට කියා දෙමින් උඹලත් උත්සහ කරපල්ලා අර්ථාන්විතව ජීවත් වෙන්න.
    දරුවට ආදරේ කරපල්ලා හදවතින්: මෙලෙක් විය යුතු විට සමන් පිච්ච මල් පෙත්තක් වාගේ සියුම් වෙලා, රළු විය යුතු තැන මහා මුහුද තරම් රළු වෙයල්ලා.
    ලෝකේ තියෙන/තත්පරෙන් තත්පරයට වෙනස් වෙමින් බිහිවෙන නිපැයුම් වලින් ළමා හිත් බහුබාන්ඩික කරවල ඒවගෙන් උන්ගේ ලෝකේ පුරවන්න කියල මීහරක් වාගේ සල්ලි පස්සේ දුවන්න එපා.
    දරුවන්ට උඹලගේ වෙලාවත් කැප කිරීමත්, උණුහුමත් ඕන. අම්ම අප්පගෙන් නොලබන උණුහුම උන් හොයනවා අකාලයේ පිටතින්, උඹල ඇස් අරගෙන තුරුළු කරන් නොහිටියොත්.
    මීහරකෙක් උනත් දරුවා තුරුළු කරගෙන කිරි ටික දෙන හැටි බලපල්ලා උගේ පැටියට.
    කිරි දරුවෝ කිරි උරතී
    මව්වරු දරු සැප විදිති
    කුඩල්ලෝ ලේ ම බොති
    ලේ බීල වණ කරතී
    [මහින්ද හිමි ]
    පහන් දැල්ල

    • සමන් කුමාර says:

      හැම දේම වැරදියට දකින මානසික අවපාත යෙන් පෙලෙන්නෙක් ගේ කොමෙන්ටුවක් .. :( :( කාර්ය බහුල ජනාධිපතිවරයෙකු ගුරුවරයුකුට මෙවන් ලිපියක් යැවීමේ වරදක් නැත.. මා අසා ඇති පරිදි ලින්කන්ගේ බිරිඳ නොහොත් ලින්කන් ගේ දරුවන්ගේ මව්, කරදරකාරී ජේත්තුකාර තැනැත්තියකි බිරින්දවකි. ඒ අනුව දරුවන්ට මවුගේ මගපෙන්වීමද නැති බව සිත ගුරුවරයා ගෙන් වත් එය බලාපොරොත්තු වුව වෙන්න ඇති

      • පහන් දැල්ල says:

        සමන් කුමාර,
        මාපිය ගුරුවරු අතර තිබිය යුතු සම්බන්ධය ගැන වැරැද්දක් කියන්නට මා උත්සහ කලේ නැහැ.

        මා කියන්නේ අතින් අතට නොයා යුතු වගකීම් මොනවද කියල මතක් කර ගන්න කියලයි.

        සාරධර්ම වල අඩිතාලම වැටිය යුත්තේ මාපිය දෙපළ අතින්!

        කාර්ය බහුල වේවා නොවේවා පියෙකුගේ/මවකගේ යුතුකම කොයි වාගේ වියයුතුද කියල හිතල බලන්න,අනියමාර්ථයේ වචන මිඩංගු නොකර.

        මෙතැන, ලින්කන්ට වධක භාර්යාවක් හිටපු එකවත් දරුවෝ කීයක් හිටියද කියන එකවත් නෙවෙයි වැදගත් වෙන්නේ.

        ඔය ලිපියේ ලිපියේ අඩංගු හැම සාරධර්මයක්ම වපුරන්නට ගුරුවරයාට හැකියාව ලැබෙන්නේ එහි මුල් අඩිතාලම හරියට වැටුණු දරුවෙකුට විතරයි සමන් කුමාර!

    • ඉස්කෝලෙ මහත්තයා says:

      ඔන්න පුතේ නියම කොමෙන්ට් කියන්නෙ මෙන්න මේ විදියෙ දේවල්වලට. හරි වුනත් වැරදි වුනත් වෙනස් විදියට හිතන්න පුරුදු වෙයල්ලා…..

      • පහන් දැල්ල says:

        ඉස්කෝලේ මහත්තයෝ,
        හැංගි හොරා නැතිව කිව්වා නම් නොව වටින්නේ මා ලියු දේ තුල ගතයුත්තක් නැත කියල!

        එකම එක අකීකරු/මුරණ්ඩු/නීතියක් රීතියක් රකින්නට නොදන්නා/හරි වැරැද්ද කියා දුන්නට නොතේරෙන පොඩිත්තෙක් නුඹේ පාසලේ සිටියා නම් නුඹ ගන්න පියවර පැහැදිලි කරන්න.

    • Arunalu says:

      මේ කොමෙන්ට් එකේ මුලින් කියපු කාරණයට ඇර අනෙක් සියල්ලටම මමත් එකඟයි. මම නම් හිතන්නේ නැහැ දරුවන්ට දිය යුතු අධපනයේ ගැඹුර දැනගෙන හිටපු පියෙක් හැටියට ඒබ්රහම් ලින්කන් ඒ වගකීම සම්පූර්ණයෙන්ම ගුරුතුමාට බාරදුන්නා කියලා. මතුපිටින් බැලුවම නම් මේ ලියුමෙන් පෙනෙන්නේ ඒ වගේ තමයි. ඒත් මේ ලියුමේ හරය ඊට වඩා ගැඹුරුයි කියලයි මම හිතන්තේ. මම වැරදිනම් නිවැරදි කරන්න. ඒ වගේම තවත් දෙයක් කියන්න ඕනැ, දරුවො ඉන්න තාත්තා කෙනෙක් හැටියට මම නම් මගේ දරුවන්ට හැමදාම කියන්නේ පළමුවෙන් ලෝකයට බරක් නොවී ජීවත්වෙන්න, දෙවනුව ලෝකයේ (මිනිසා සහ සොබාදහමේ) පැවත්ම වෙනුවෙන් තමන්ගේ ජීවිත කාලය තුලදී හැකි උපරිම දෙයක් එකතු කරන්න මහන්සි වන්න කියලා.

      • පහන් දැල්ල says:

        අරුණළු,
        මම කියන්නෙත් එහි හරය ගැන නෙව.ඇයි මේ පිට පටලව ගෙන.
        ලෝකෙ හොඳ නරක දෙක තොර ගන්න පොඩිත්තා මුලින්ම පන්නරය ලැබිය යුත්තේ කොතැනින්ද?
        අපිට ගුරුවරු වෛවර්ණයෙන් දිගින් දිගටම හමු වෙනවා.
        දරුවෙකුට ඉන්නේ එක අම්මයි, එක අප්පච්චියි අරුණළු!
        තමන්ගේ ලෙයින් මසින් උපන්න දරුවට සැබෑ ආදරය දෙන්න පුළුවන්/ලෝකය ගැන කියා දෙන්න පුළුවන් ඒ දෙන්නට විතරයි.(විෂය දැනුම පැත්තකින් තියන්න )
        වෙන කව්රුවත් ඒක කරන්නේ නැහැ හිතේ උපන් කරුණාවෙන්!

        දැලිපිහියේ වැඩට වෑය යෙදුවොත් මොකද වෙන්නේ කියල හිතන්න.

    • Nariya says:

      අම්මප දන්නේ නැති හින්ද අහන්නේ මම, ඔය බටහිර රට වල විතරමද ඇත්තටම ළමා අපාචාර, බල අපරාද, එකම පවුලේ හතර දෙන පස් දෙන කපල කොටලා මරල දාන්නේ ? ඔය කිව්වා විදියට ජපානේ ඇමරිකාවේ වගේ රට වලට යන්ඩත් බය හිතෙනවා දැන් බලපුවම. අපේ රටේ නම් ඉතින් කවදාවත් ඔය වගේ දේවල් වෙන්නේ නැහැනේ නේද. අපි මේ වගේ ලිපි වර්ජනය කරන්න ඕනේ, අපේ සංස්කෘතිය උතුරලා ගිහිල්ල දැන් මාර ලස්සන දර්ම දීපයක් වෙලා නේ තියෙන්නේ, ඉතින් මොකටයි අපි ඔය එබරන් අන්කල් ගෙන් උපදෙස් ගන්නේ. හඳ පෙන්නපුවහම ඇඟිල්ලට බුරමු නේද.

      • පහන් දැල්ල says:

        නරියෝ,
        මම ලියපු දේ නැවත කියවන්න.වගකීම් අතින් අතට නොයවා තමන් කල යුතු දේ තමන් විසින් කරන්න කියලයි මම කියන්න බැලුවේ.
        පෙරදිගට හැරිලා ඉගෙන ගත යුතු දේ බොහොමයි ඒ උනාට වන්දනාව අපරදිගටම නේ!
        නැව ගිලුනට පස්සේ අනේ අපොයි කියල ලතවෙයල්ල,අනතුර දැකලත් ඊට කලින් පිළියම් නොයොද.

  19. Anonymous One orig says:

    The couple (Kabara Abaran Lincoln with Mary Todd) had four children, of which only one, Robert, survived to adulthood.

    Robert (Bob) Todd Lincoln: Born August 1, 1843 in Springfield, Illinois. At first Mary did not allow Robert to serve in the Union army. Later he did join and obtained the rank of Captain.

    Robert worked as an attorney, and later as Secretary of War (1881-1885), Minister to Great Britain (1889-1992), and president of the Pullman Company.

    Historians agree that Mary and Abraham had a troubled and stormy marriage. Here’s a look at some of the issues and problems in their marriage.

    Rest is more disgusting. Not worth to consider a model family even for dogs. Rhetoric means nothing at the end of the day. Never count a Yankee as good for whatever reason. If you do, you are a bloody fool.

  20. නූතන ශ්‍රිලන්කික තාක්සහනවේදියා සහ UOM නිරුවත says:

    කොසොල් රජ්ජුරුවොන්ගේ සිහින 16 දැම්මොත් කාටද ආඩම්බර ?

  21. නූතන ශ්‍රිලන්කික තාක්සහනවේදියා සහ UOM නිරුවත says:

    කඩේ යනහැටි පමණක් උගන්වන්න.

  22. ටිකිරි says:

    ඔහුට පුතුන් 4 දෙනෙකු සිටියා.ඒත් ඔවුන්ගෙන් 3 දෙනෙකුම වයස අවුරුදු 3,11 සහ 18 වයස් වලදී අකාලයේ මිය ගියා.වැඩිමහල් පුතා පමණක් අවුරුදු 82ක් ජීවත් වෙන්න සමත් වුණා.ඔහු තමයි ‘රොබර්ට් ටොඩ් ලින්කන්’.

    ඔහු නීතීඥයෙක්.ඒ වගේම ඔහු United State Secretary of the War සහ Minister to the United Kingdom යන තනතුරු ද දරා වසර 82ක් ආයුෂ ලබා 1926 දී මිය ගියා.
    ඒත් මේ ලිපිය ලිව්වේ මින් මොන පුතාටද කියල නම් හරියටම දන්නෙ නෑ.
    මම හිතනවා ඔහුට පුතුන් තිදෙනෙක් අහිමි වීම නිසා ඒ ලිපිය ලියන්න ඇත්තේ මෙම වැඩිමහල් පුතා සම්බන්ධව කියලා..

  23. lasith says:

    හරවත් පණිවිඩයක් ගුරුතුමාට දීල තියෙන්නෙ ඒත් මෙතුමගෙ පුතාට මොකද උනේ කියල දන්නවද?

    Robert Todd Lincoln – Wikipedia, the free encyclopedia
    en.wikipedia.org/wiki/Robert_Todd_LincolnRobert Todd Lincoln (August 1, 1843 – July 26, 1926) was an American lawyer and Secretary of War, and the first son of President Abraham Lincoln and Mary .

  24. nuwan says:

    ‘ලින්කන්’ජනපතිතුමා මුල්ගුරුතුමාට යවපු ලියුම පලකලාට නාලක ගමගේ මහත්මයාට බොහොම ස්තුතියි.මම මේ
    ලියුම දුටු විගසම පිටපත්කරගත්ත.තමන්ගේ දු දරුවන් යහපත්’බුද්ධිමත්’ශක්තිමත්’පුරවැසියන් කර රටට දායාද
    කරන්නට බලාපොරොත්තුවන දෙමව්පියන් සිටින සැම නිවසකම මෙම ලියුම තිබියයුතුයි.
    අන්තර්ජාලය තුළ විවිධ නම්වලින් පෙනී සිටිමින්’මේවගේ හරවත් ලිපිවලටත් ඉතා පහත් නරුම ආකල්පවලින් ප්‍රතිචාර දක්වන අයගැන මට මෙහෙම දෙයක් හිතෙනවා.
    1.ලොව සිරිතට අඹුදරුවන් රකින අය.[දරුවෙක් හදාගන්ට බලාපොරොත්තුවක් නැතුව කායික අවශ්‍යතාවය මත
    පමණක් අඹු සැමියන් ලෙස ජීවත්වෙන අයට දාව උපදින දරුවන් කෙරෙහි එම දෙමව්පියන්ට දාරක ස්නෙහයක්
    ඇතිවෙන්නෙ නැහැ.එවන් දරුවෝ අයාලේ යනවා.]
    2.කායික අවශ්‍යතාවය පමණක් මුල්කරගෙන’ කුසතුලදීම දරුකළලය විනාස කරන දරුවන්ට කොහෙත්ම අකමැති
    අඹුසැමියන්.
    3.නාගරික හා ග්‍රාමීය ලුම්පන් සාමාජිකයන්,[අයාලේයන කාන්තාවන් හා පිරිමින් නිසා මුඩුක්කුවල උපදින
    බොහෝ දරුවන්ගේ පියා කවුදැයි හරියටම කියන්නට එම කාන්තාව හෝ දරුවන් දන්නේ නැත.එවන් බොහෝ
    දරුවන් වැඩිහිටියන් බවට පත්වුවද රට ජාතිය මානව ප්‍රජාව ගැන ධනාත්මකව හිතන්නට නොදනී]
    4.නරුමයින්.[හුදු ආත්මාර්ථය පමණක් සලකන'සියලුම යහපත් මිනිස්සුන්ට'යහපත් ව්‍යාපෘතිවලට'යහපත්
    යෝජනාවලට'විරුද්ධ පිරිස.මෙවන් අයට විකල්ප මතයක්ද නැත.එහෙත් සියලු යහපත දෙස බලන්නේ මහා
    ව්යිරයකිනි.]
    5.පරගැතියන්.[ජාතික ආධ්‍යාත්මය හඳුනානොගෙන;පරගැති මානසිකත්වයයෙන් හිස උදුම්මාගෙන'රට දැය සමය
    පහත්කොට සලකන පිරිස]

    ඉහත අංක පහක් යටතේ හඳුන්වාඇතිඅයට අන්තර්ජාල පහසුකම් තිබීම යනු’වඳුරාට දැලිපිහිය දුන්නා වගේමහා
    භයානක අනාතුරක්‌.
    ‘මහින්ද රාජපක්‍ෂ’රනිල් වික්‍රමසිංහ’මහත්වරුන් පමණක් නොවෙයි’බුදුන්වහන්සේ හෝ ක්‍රිස්තුස්වහන්සේ මෙරට
    ජනාධිපති වුනත් ඔයවගේ අයව නිසිමඟට ගන්ට බැහැ.
    ‘නාලක මහත්මයෝ අපිට පුස්සන්ගෙන් හෝ පිස්සන්ගෙන් වැඩක් නැහැ.ඔබ මින් ඉදිරියටත් සොයා බලා
    මෙවන් ලිපි ලේඛන නොකඩවා පලකරන්න.

    • කරන්දෙණියා says:

      නියමයි එල එල………

    • යසස් says:

      තමන්ගේ තියෙන දේවල් ගැනවත් දැනුමක් නැතුව අනුන්ගේ දේවල් වලට ආවඩන අය සිටීම කණගාටුවට කාරණයක්. ලින්කන් හිටපු රටේ මිනිස්සුවත් හරියට හැදිලා නැතිකොට මේ ශ්‍රී ලංකාවේ ඉන්න එවුන් විතරක් මේවා ඔලුවේ තියාගෙන දඟලනවා. අඩුම ගානේ අමෙරිකවවත් හරියට ගුණ ධර්ම ඇතුව හැදිලා ඉන්නවා නම් අපිට මේක පිළිගන්න තිබුනා. උනුත් පිස්සු කෙලින කොට, තව මොන කතාද ?

      • nuwan says:

        යසස්ගේ ‘ප්‍රකාශය ගැන මම කනගාටුවෙනවා.සාපේක්‍ෂව ගත්තාම නරක මිනිස්සු ලෝකයේ හැමරටකම ඉන්නවා.
        ලින්කන්’ජනපතිතුමාගේ ලියුම එකඑල්ලේ බලපාන්නේ දරුවන්ගේ අනාගතය ගැන සුබවාදී බලාපොරොත්තුවලින්
        කටයුතුකරන දෙමව්පියන්ට පමණයි.
        ඔබ එහෙම කෙනෙක් නොවෙන්ට පුළුවන්’ඒක වෙනම කාරණයක්.නමුත් ලෝකයේ කාව්රු හෝ කියාතිබෙන
        හොඳ දෙයක් පිළිගෙන ක්‍රියාත්මක කිරීම’නරක දේවල් කරනවාට වඩා හොඳයි නේද?

  25. PREMALAL ROMA says:

    මේලිපිය මුලුමහත් දු,දරු පරම් පරාවටත්, ගුරු පරාවටත් බවයි මගේ හෑගීම.+ නමුත් නෑවතිල්ලේ හිතලාබලත්දි “බොගාගේ” comment එකත් අපේ රටේ අපිට ගෙලපෙනවා.

  26. Senna says:

    ඔක්කොම කියලා තියන දේවල් නම් හරි වටින බව පේනව.. ඒත් ඇයි ඒක ගුරුතුමාට පැවරුවේ කියන දේ ප්‍රශ්ණයක්. ඔය වැනි දේවල් ගුරුවරුන්ට වැඩිය හොඳින් දරුවන්ට කියා දිය හැක්කේ දෙමාපියන්ටම පමණී.

    මෙතුමාගේ ගෘහ ජීවිතය යහපත් එකක් නොවූ බවනම් මා කියවා තියනවා. බිරිඳ වධක බාරියක්.

    • කරන්දෙණියා says:

      මා දන්නා තරමින් මෙම ලිපිය ලියන අවස්ථාව වන විට මොහු දේශපාලන සිරකරුවෙක්.

      • Senna says:

        දේශපාලන සිර කරුවෙක් ???? මම මෙතුමාගේ චරිතා පදානය කියෙව්වා.. මටනම් එහෙම එකක් මතක නැහැ…

  27. Dishani says:

    Robert Todd Lincoln (Abraham’s Son) was born August 1st 1843, with a short and stocky build, with a shy personality which is quite the opposite to Abraham Lincoln himself. Out of all Abraham’s children Robert was the only one to live to become an adult, graduating from Harvard College. He became a successful Lawyer and Businessman, with many different business relations.

    http://www.alincoln-library.com/abraham-lincoln-family.shtml

  28. El Gamal says:

    මේක පිස්සු විකාරයක්. යකෝ අපිට ආදර්ශ ගන්න තියෙන්නේ මේ පර සුද්දන්ගෙන් විතරද ? ඇයි ලංකාවේ ඉන්නේ මෙහෙම දෙයක් කියා ගන්න බැරි අඳබාලයෝද ? මීට වැඩ වටිනා උපදෙස් දුන්න මිනිස්සු ලංකාවේ ඉඳලම නැද්ද ?
    ඒ ඔක්කොටම වඩා මේ ටික කෙලින්ම එයාගේ පුතාට කියල දෙන්න තිබුනනේ. නිකන් ගොන් පාර්ට් විතරයි.
    අපේ සමහර ඉස්කෝල වලත් මේක එල්ලලා තියෙනවා. පොඩි එවුන් හිතනවා ඇති මේ ඇමෙරිකන් පර සුද්දෝ තම ඩයල් කියලා.

    • Mervin Silva says:

      ADOOOOOO.. MAGE DEWAL ADARSHYATA GANIW

      • El Gamal says:

        තෝව ආදර්ශෙට ගන්න හොඳ නෑ කියලා ඕන එකෙක්ට තේරෙනවා. එක තේරුම ගන්න තරම් මොලේ නැති බූරුවෙක් නම් මේ ලින්කන්ව ආදර්ශෙට ගත්තට කමක් නෑ.

    • ගලබොඩ says:

      සිංහලයා මෝඩයා කියන කතාවට හොදම උදාහරණය තමඊ මෙන්න මේ බුරුවා —–> El Gamal සුද්දගේ උනත් හොද දේ අගය කරපන් මෝඩයා

      • El Gamal says:

        ගලබොඩයෝ, උඹ comment 1 පටන් ගෙන තියෙන්නේ “සිංහලයා මෝඩයා ” කියලා. උඹ දන්නවද දන්නෑ ඕකේ තව කෑල්ලක් තියෙනවා කියල. ඒ තමා,
        “සිංහලයා මෝඩයා
        කැවුම් කන්න යෝදයා ” ….
        උඹ දන්නවද එකත් හදලා සිංහලයට පුරුදු කලේ සුද්දා කියල ? සිංහලයා මෝඩ නෑ බන්. (උඹ වගේ කීප දෙනෙක් හැරුණු කොට) සිංහලයට තියෙන්නේ හීනමානය. ඒ හීනමානේ හැදුවේ සුද්දා. අපිට අපේ දෙයක් ගොඩ නගා ගන්න බැරි ඒ නිසා. උඹ දකින්නේ මේක සුද්දගේ හොඳ දෙයක් කියලා. අපේ තිබුණු හා තියෙන හොඳ දේවල් එක්ක බලද්දී මේවා නිකන් අඳුරේ තියෙන කණාමැදිරි එලි වගේ. උඹ ඉන්නේ අඳුරේ නම් ඒ කණාමැදිරි එළියත් ලොකු දෙයක්.

        • ගලබොඩ says:

          කැවුම් කන්න සුද්දද පුරුදු කරේ ???? උඹ දන්නවද ” කැවුම් කන්න යෝදයා ” කියල කියන්නේ මොකද කියල ???? දන්නවනම් කියපන් බලන්න ගොන් කතා කියන්නේ නැතුව ……

    • ටිකිරි says:

      එහෙම කියන්න එපා සහෝදරයා.ඕනම මිනිසෙකුගෙන් අපිට ඉගෙනගන්න යමක් තියෙන්නෙ පුළුවන්.එතනදි ඔහු සුද්දෙක්ද,ආසියානුවෙක්ද හෝ ගෝත්‍රිකයෙක්ද යන කාරණය වැදගත් වෙන්නෙ නැහැ.ප්‍රශ්ණය තියෙන්නෙ ඔහු සුද්දෙක්ද කියන කාරණය නෙවෙයි.අපි ගත යුත්තේ ඔහුගෙන් අපට ගන්න පුලුවන් දෙය පමණයි.

      මමත් අතීතයේ මෙන්ම වර්තමානයේ සුද්දාගේ ක්‍රියා කලාපයට විරුද්ධ කෙනෙක්.
      ඒත් අපි අමතක කල යුතු නැහැ හැම සුද්දෙක්ම එක වගේ නොවන බව.
      ඒක අපිටත් පොදුයි.වීර පුරන් අප්පු,අනගාරික ධර්මපාලතුමා,සෝම හිමියන් වගේම මර්වින් සිල්වා,සංචාරකයා මරපු සභාපති පවා සිංහල.ඕනම ජාතියක හොඳ සහ නරක දෙවර්ගයම ඉන්න පුලුවන්.

      ඒබ්‍රහම් ලින්කන් කියන්නෙ වටිනා මනුස්සයක්.ඔහුගෙන් අපිට ගන්න තියන දේවල් බොහොමයි.එතනදි එතුමා සුද්දෙක් කියන කාරනය වැදගත් නැහැ.

      • El Gamal says:

        ටිකිරි සහෝදරයා, ඔව් ඇත්ත, හැම ජාතියකම එක එක විදියේ මිනිස්සු ඉන්නවා. වීර පුරන් අප්පු,අනගාරික ධර්මපාලතුමා,සෝම හිමියන් වගේම මර්වින් සිල්වා,සංචාරකයා මරපු සභාපති වගේ අය ඉන්නවා තමා.
        මම කියන්නේ, මේ සුද්දන්ගේ equates අනුගමනය කරන්න තරම් අපි අසරණ නෑ කියලා. අපිට ඉන්නවා මීට වැඩ වටිනා අපිට ගැලපෙන දේවල් කියපු මිනිස්සු. අපි ඒවා වත් අනුගමනය කරන්නේ නැතුව සුද්දන්ගේ ඒවා ගැන කියවනවා. මෙතන comment දාල තියෙන ගොඩාක් එවුන්ට මේක මහා ලොකු දෙයක්. එත් උන් දන්නේ නෑ උන් මේ ඉන්නේ රත්තරන් පර්වතයක් උඩ කියලා. උන්ට එක පෙන්නේ නෑ. එහෙම ඉන්න ගමන් ඈත තියෙන යකඩ කෑල්ලකට ආවඩනවා.

      • ගලබොඩ says:

        මචන් ”ටිකිරි ” El Gamal කියන පුද්ගලයට යමක් තේරුම් ගැනීමේ අපහසුවක් තියෙනවා, සමහර මිනිස්සු තව කෙනෙක්ගේ හොද දේවල් අගය කරනන එක මදිකමක් විදිහට සලකනවා, El Gamal කියන පුද්ගලයට මේ ලෙඩේ දරුණු ලෙස තියෙන බව පේනවා, මේක එක්තරා විදිහට මානසික ලෙඩක් .. ඉක්මනින්ම සුව වේවා ……….!

        • El Gamal says:

          @ ගලබොඩ
          1. කැවුම් කන්න පුරුදු කලේ සුද්දා කියලා කිව්වේ කවුද ? සුද්දා පුරුදු කලේ ඒ කවිය. නැතුව කැවුම් කන්න නෙමෙයි. නිකන් ගොන් ප්‍රශ්න අහන්නේ නැතුව ලියලා තියෙන 1 තේරුම ගනින්.

          2. හිරු එලිය තියෙද්දී අනුන්ගේ දේවල් අගය කරන්න ඕනේ කියලා, අඳුරේ තියෙන කණාමැදිරි එලියට මම ආවඩන්නේ නෑ. උඹලට ලින්කන්ගේ ලියුම මහා දෙයක් උනාට,ඊට වඩා වටින කියමන්,මගපෙන්වීම්, ආදර්ශ ඕනේ තරම් ලංකාවේ ගන්න තියෙනවා. ඒකයි කියන්නේ රත්තරන් පර්වතයක් උඩට වෙලා (එකේ වටිනාකම දන්නේ නැතුව) ඈත තියෙන යකඩ කෑල්ලකට ආවඩනවා කියල.

        • ගලබොඩ says:

          බුරුවා උඹ කියල උඹට තේරෙන්නේ නැති එක දුක තමා, මට මේවට උත්තර දීපන් මහා ලොකු පණ්ඩිතය

          1. සුද්ද ඒ කවිය සිංහලයට පුරුදු කරේ මන්ද ?

          2. එකෙන් සුද්දට උණු වාසිය කුමක්ද ?

          3.සුද්දා ඒ කවිය කියන්නට හේතුව කුමක්ද ?

          ලොකු ටෝක් දෙන්නේ නැතුව මේකට උත්තර දීපන් ..

    • කරන්දෙණියා says:

      උඹ හෙන දෙශාප්‍රේමියෙක් වගේයි.උඹ හිතගේන ඉන්නෙ නම් එහෙම වෙන්න ඇති.හැබැයි උඹ කරල තියේන්නේ උඹේ ගොන් කමයි මෝඩ කමයි ප්‍රදර්ශණය කරපු එක.

      • El Gamal says:

        උඹ වගේ බූරුවෙක්ට උත්තර දෙනවට වඩා හොඳයි කට පියන් ඉන්න එක.

        • ඔබාමා says:

          බුරුවා උඹ කියල උඹට තේරෙන්නේ නැති එක දුක තමා, මට මේවට උත්තර දීපන් මහා ලොකු පණ්ඩිතය

          1. සුද්ද ඒ කවිය සිංහලයට පුරුදු කරේ මන්ද ?

          2. එකෙන් සුද්දට උණු වාසිය කුමක්ද ?

          3.සුද්දා ඒ කවිය කියන්නට හේතුව කුමක්ද ?

          ලොකු ටෝක් දෙන්නේ නැතුව මේකට උත්තර දීපන් ..

        • ගලබොඩ says:

          බක පණ්ඩිත El Gamal ඔබාමා අහල තියෙන මේ ප්‍රශ්න වලට දීපන් උත්තර ????

    • සමන් කුමාර says:

      පර සුද්දද, චීනද, ඉන්දියනුවද, නෙවෙයි ප්‍රශ්නය .. හරිදේ කරන්නේ කවුද, ඒ අනුව යමින් කටයුතු කරන්නේ කවුද යන්නයි. එබ්‍රහම් ලින්කන් කළු ජාතික වහලුන්ට නිදහස ලබා දීමට මුල්වී ක්‍රියාකළ ශ්‍රේෂ්ට නායකයකු බව බොහෝ දෙනෙක් පිළිගන්න දෙයකි

  29. manoj says:

    හොද ලිපියක්.මමත් යම් කරුණු මගේ ජීවිතේටත් එකතු කරගත්ත.නමුත් දැනගන්න කැමතියි එතුමාගේ පුතාට මොකද වුනේ කියලත්.?

  30. Boga says:

    මචන්සලා මට හම්බවුනා අපේ ලෝකල් පොරක් මුල් ගුරු තුමාට යවපු ලිපියක් කියවල බලන්න එක කොහොමද කියල.

    ආදරණීය මුල් ගුරුතුමනි,

    මගේ පුතාට කියාදෙන්න බහුතර මනුෂ්‍යයෙකුම සත්‍යවාදී හා සර්ව සාධාරණ නොවන බව.මේක මගේ පුතාට කරුණාකර උගන්වන්න. කියන්න මගේ පුතාට හැකිතරම් තක්කඩි, චන්ඩි ගෙන් වැඩගන්නේ කොහොමද කියල. ආත්මාර්ථකාමී දේශපාලඥයකු රටේ සුබසිද්ධියට කැපවුණු යහපත් දේශපාලන ක් ලෙස පෙනිහිටින්නේ කොහොමද කියල මගේ පුතාට ඒත්තු ගන්වන්න. සෑම සතුරකු පාසාම මිතුරෙකුත් සිටින බව මාගේ පුතාට කියා දෙන්න. ඒවාගේම කියා දෙන්න නොමිලේ කගෙන් හරි, කොහෙන් හරි ලැබෙන සල්ලි අහුනොවෙන්න වියදම් කරනහැටි. පරාජය විඳ දරා ගැනීමටත්, පසුව හින් නුලෙන් ගේම දෙනහැටි මාගේ පුතාට උගන්වන්න. ඇතැම් උදවිය ඊර්ෂ්‍යාකාරීව ඔහු යටපත් කරන්නට, ඈත් කරන්නට ක්‍රියා කරන විට ඒවා ගෙන කළ කිරෙන්නේ නැතිව සන්සුන්ව සිටිමින් දිය යටින් ගින්දර ගෙනයන ක්‍රමය ගැන ඔහුට උගන්වන්න. තමන්ගේ හයිය හත්තිය පෙන්වා මිනිසුන් බිය ගන්වන්නට එන අය පරාජය කිරීමට පහසුම ක්‍රමය පාතාලයෝ කීපදෙනෙක් වටේ සිටිය යුතු බව ඔහුට අවබෝධ කරවන්න.මුල් ගුරුතුමනි, ඔබට හැකිනම් ඔහුට පොත් පෙරලීමේ ඇති චමත්කාරය පෙන්වා දෙන්න. එපමණක් නොවෙයි, . වංචා කිරීම, හොර මැරකම් කිරීම , ඉතා වටිනා බවත්, ඔහුට වටහා දෙන්න.ඒ වගේම මුල් ගුරුතුමනි, මගේ පුතා පුරුදු පුහුණු කරන්න, මෘදු මොළොක් මිනිසුන් අන්දන හැටිත් , රළු මිනිසුන් ට කකුල් මට්ටු දාන හැටිත් කියාදෙන්න. . සෑම දෙනෙකුටම සවන් දෙනවා වගේ ඉන්න හැටි ඔහුට උගන්වන්න. එහෙත් ඔහු අසන දෙය සත්‍යය අනුව කිරා මැන බලා තමන්ට වාසි දෙය පමණක් ගන්නට ඔහුට හැකියාව ලබාදෙන්න. කදුළු හලලා හරි ගොඩයන හැටි ඔහුට කියාදෙන්න. මිහිරි චාටු බස් දොඩා ලොක්කන් සහ සොක්කන් නොමග යවන හැටි ඔහුට කියාදෙන්න. ඉල්ලීම් ඉල්ලන අය ඉදිරියේ කන් පියාගෙන ඉන්නට ඔහුට ධෛර්යය දෙන්න.

    ඔහුට කැත්තට පොල්ල වගේ ඉන්න. නමුත් ඔහු හුරතල් කරන්නට එපා.ඕන ගේමක් දෙන්න පුරුදු කරන්න, ඔහු කාටත් යටත් කරන්න බැරි මිනිසෙකු හැටියට දියුණු වීමට ඒ අත්දැකීම් ප්‍රයෝජනවත් වන බව. ධෛර්ය්‍යමත්ව දරාගත යුතු නිර්භීත කමට අවශ්‍ය යටිකුට්ටු වැඩ කිරීමේ හැකියාව ඔහුට තිබිය යුතුයි. හැම විටම තමා ගැන උදාර උසස් විශ්වාසය ඇති කරගන්න ඔහුට උගන්වන්න. ඔහුට මේ අධ්‍යාපනය දීම ලොකු දෙයක් නොවන බව මා දන්නවා. මොකද මම සැහෙන්න දේවල් කියල දීල තියන නිසා.ඒ නිසා මුල් ගුරුතුමනි, ඔබට හැකිතාක් හැම දෙයක්ම මාගේ දරුවා වෙනුවෙන් මේ ආකාරයට කරන්න. මාගේ දරුවා ඒ අයුරින් පන්නරය ලබන බව මට විස්සාසයි.

    • unknown says:

      articl z best

    • mnj says:

      වටිනා ලිපියකට ගොන් comment එකක්…අපරාදේ ලියන්න ගිය වෙලාව..

    • manoj says:

      මැක්සා මචන්.සම්පුර්ණ ඇත්ත අපේ රටට අදාලයි.

      • මකුළුවා says:

        මේ අනික..මොකක්ද (LOL) යකෝ මේක.කෙලින් කියපන්කො සිංහලෙන්.අපිත් දන්නවා ඕක.අනුන්ගේ රෙද්දවල් කරේ තියන් පොරවල් වෙන්න හදන එවුන්.

    • PREMALAL ROMA says:

      නෑවතිල්ලේ හිතලාබලත්දි “බොගාගේ” ලිපියත් අපේ රටේ අපිට ගෙලපෙනවා.

    • podi says:

      පට්ට මචන් පට්ට…මේකනම් සම්පුර්ණ සත්‍ය … සත්‍ය පවා කාලයේ , දේශයේ පරිසරයේ හැටියට වෙනස් වියයුථුඉ .. එල

  31. Sinhaya says:

    Nice Article….Thanks lot to publish…

  32. Sunari says:

    may kopiya siyaluma niwes wala alawa hemadama Hemadenama KIYAWIYA YUTUI…YAhapath MINISEKU BIHI WEEMA SADAHA AWASHSHAYA SIYALU DE MEMA LIPIYE ETHA..LAMUN PAMANAK NOWA WEFIHITIYANDA NITHARA NITHARA KIYAWIYA YUTUI…

  33. මෙවැනි හරවත් දේවල් නිරතුරුවම ලියන්න සුබ පැතුම්…!

  34. Kasaya says:

    Thanks, great article

  35. එරික් says:

    කෙටි උනත් ධනාත්මක සිතුවිලි වලින් පිරිපුන් ලිපියක් ! පලකිරීම පිළිබඳව තුති.

  36. me says:

    “සෑම ආත්මාර්ථකාමී දේශපාලඥයකු වෙනුවට රටේ සුබසිද්ධියට කැපවුණු යහපත් දේශපාලන දූ පුතුන් ඉන්නා බව මගේ පුතාට ඒත්තු ගන්වන්න”

    මේ වැකිය අපිට අදාල නැ

  37. Atul says:

    Check…. Umbe mole check karaganin. Comments daanna issella.
    Yako Ebrahim Lincoln kiyanne rate Janadhipathi. Eka karana gaman lamainta uganwanna wela naa bola….

  38. Kamal9 says:

    මෙහෙම අය ඉන්නේ කොහෙද? ඇමෙරිකාවේ ! ඇමෙරිකාවේ !

  39. Check says:

    ඉතින් එයාට තිබ්බනෙ ඕව ටික එයාගෙ කටින්ම පුතාට උගන්නන්න

  40. thaaththa says:

    නාලක ගමගෙ මහතානෙණි ! බුද්ධිමතුන් විසින් හෙලිදක්නාලද යහපත් කියමන් යලි හෙලි දැක්වීම ඉතා අගයකොට සලකමි !

  41. KMRK says:

    අපේ ඉස්කෝල වල හැම පන්ති කාමරයකම රාමු කරල ගහන්න වටින ලිපිය. ඇමරිකන්කාරයෙක් ලියපු එකක් හින්දා අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක් කියයිද දන්නෑ.

  42. podda says:

    me wage harawath dekata comment ekak daanna ekek wath nehe. eken ma therenawa methana comment daana kattiyage level eka….haha

  43. මාතර බබා says:

    ජීවිත ගමනේදී තමාට හැඩි දැඩි රස්නයක් දැනුනොත් එයින් තේරුම් ගන්න සලස්වන්න ඔහු කාටත් යටත් කරන්න බැරි මිනිසෙකු හැටියට දියුණු වීමට ඒ අත්දැකීම් ප්‍රයෝජනවත් වන බව.
    ඒබ්‍රහිම් ලින්කන්.

  44. ටින් ටින් says:

    මහි සඳහන් දේවලට සුදුසුකම් සපයන එක්කෙනයි ලංකාවටම ඉන්නේ
    ජෙනරාල් සරත් ෆොන්සේකා
    ඔබට දීගායු !!!!!!!!!!!!!!!!!
    ජයවේවා

  45. යසලාලකතිස්ස says:

    හරවත් පණිවිඩයක් ගුරුතුමාට දීල තියෙන්නෙ ඒත් මෙතුමගෙ පුතාට මොකද උනේ කියල දන්නවද?

    • Malaya says:

      ඉතින් දන්නවනම් ලියපන්කො අපිටත් දැනගන්න

    • manoj says:

      ඇත්තටම මමත් මේ වෙනකම් දන් නැ මචන් එතුමාගේ පුතාට වුන දේ සහ ඔහුගේ අනාගතේ කෙසේ සිදුවීද කියල.දැනගන්න කැමතියි.කවුරුහරි දන්නා කෙනෙක් ඉන්නවනම් කියල දෙන්නකෝ.

    • ටිකිරි says:

      ඔහුට පුතුන් 4 දෙනෙකු සිටියා.ඒත් ඔවුන්ගෙන් 3 දෙනෙකුම වයස අවුරුදු 3,11 සහ 18 වයස් වලදී අකාලයේ මිය ගියා.වැඩිමහල් පුතා පමණක් අවුරුදු 82ක් ජීවත් වෙන්න සමත් වුණා.ඔහු තමයි ‘රොබර්ට් ටොඩ් ලින්කන්’.

      ඔහු නීතීඥයෙක්.ඒ වගේම ඔහු United State Secretary of the War සහ Minister to the United Kingdom යන තනතුරු ද දරා වසර 82ක් ආයුෂ ලබා 1926 දී මිය ගියා.
      ඒත් මේ ලිපිය ලිව්වේ මින් මොන පුතාටද කියල නම් හරියටම දන්නෙ නෑ.
      මම හිතනවා ඔහුට පුතුන් තිදෙනෙක් අහිමි වීම නිසා ඒ ලිපිය ලියන්න ඇත්තේ මෙම වැඩිමහල් පුතා සම්බන්ධව කියලා.

      • ඉස්කෝලෙ මහත්තයා says:

        ස්තුතියි…මා නොදැන හිටි කරුණක් මේක.

Leave a Comment