ඉන්දීය විදේශ ඇමැති ක්‍රිෂ්ණා මහතාට අනුව ජනාධිපතිතුමා දහතුන්වැනි ව්‍යවස්‌ථා සංශෝධනයෙන් ඔබ්බට යැමට එකඟ වී ඇත. මෙයින් කියෑවෙන්නේ කුමක් දැයි ජනාධිපතිතුමා විස්‌තර කර නැත. එසේ වුවත් පොලිස් බලතල හා ඉඩම් පිළිබඳ බලතල පළාත් සභාවලට පවරා දීමට තමන් සූදානම් නැති බව එතුමා කිහිප වරක්‌ම පවසා ඇත. මේ අතර පසුගියදා පැවැති පුවත්පත් සාකච්ඡාවකදී ඩිව් ගුණසේකර, තිස්‌ස විතාරණ හා වාසුදේව නානායක්‌කාර මහතුන් ද තමන් පළාත් සභාවලට පොලිස් බලතල පවරා දීමට එකඟ නොවන බව ප්‍රකාශ කර ඇත. එය යහපත් ප්‍රකාශයකි. අප කළ යුත්තේ දහතුනෙන් එහාට යැම නොව හැකිනම් දහතුන් වැනි ව්‍යවස්‌ථා සංශෝධනය අහෝසි කිරීමය. එසේ කිරීමට යම් බාධා ඇත්නම් කළ යුත්තේ දහතුන්වැනි ව්‍යවස්‌ථා සංශෝධනයේ ඇතැම් වගන්ති ඉවත් කිරීමය. කෙසේ වෙතත් ඉන්දීය විදේශ ඇමැතිවරයාගේ ප්‍රකාශයෙන් පසුව රටේ යම් කැළඹීමක් ඇති වී තිබෙන බව පැහැදිලි ය.
දහතුන්වැනි ව්‍යවස්‌ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණේ ඉන්දියාවේ බලපෑම මතය. එයට පදනම සැකසූයේ අවුරුදු විසිපහකට පෙර අත්සන් තබන ලද අපකීර්තිමත් ඉන්දු – ලංකා ගිවිසුම ය. රජිව් ගාන්ධි මහතා ඡේ. ආර්. ජයවර්ධන මහතාගේ අත් බැඳ අත්සන් කරගන්නා ලද ගිවිසුම ඉන්දියාවේ මැර බලය ලෝකයාටම ප්‍රදර්ශනය කරමින් ක්‍රියාත්මක කරන ලද පරිප්පු දේශපාලනයේ ප්‍රතිඵලයක් විය. ඉන්දියාව තම බලය ප්‍රදර්ශනය කළේ මෙරට සිංහලයන්ට විශේෂයෙන්ම සිංහල බෞද්ධයන්ට එරෙහිව ය. ඉන්දීය නායකයන් බුදුදහම ගැන ප්‍රසිද්ධියේ යහපත් ස්‌වරයකින් කතාකළ ද ඉන්දියාවේ බුදුදහමට තැනක් නැති බව එරට සංචාරය කරන විට පෙනී යන කරුණකි. ලෝකයේ බිහි වූ එකම අනාත්මවාදී දහම යෑයි කිව හැකි බුදුදහමට ආත්මවාදී බමුණන්ගේ ඇත්තේ තදබල විරෝධයකි. ඔවුන් බුදුදහම ආරක්‍ෂා කළ සිංහලයන්ට වෛර කරන්නේ නම් ඒ ගැන පුදුම විය යුතු නො වේ. ලංකාවේ ඊනියා ජනවාර්ගික ප්‍රශ්නයක් ගැන ඉන්දියාව කිසි දිනක සිංහලයන්ගේ පැත්තෙන් බලා නැත.
තමිල්නාඩුවේ බලපෑම ද මත ඉන්දියාව ප්‍රශ්නය විග්‍රහ කළේ දෙමළ ජනයාගේ පැත්තෙනි. ඔවුන්ට අනුව සිංහලයන්ගෙන් දෙමළ ජනයාට විශාල අසාධාරණයක් වී ඇත. උතුරු හා නැගෙනහිර පළාත් දෙමළ ජනයාගේ සාම්ප්‍රදායික වාසභූමි වෙයි, ඒ පළාත්වලට බලය විමධ්‍යගත කළ යුතු වෙයි. එමෙන් ම ඉන්දියාව කිසි දිනෙක මෙරට ඉතිහාසය, සංස්‌කෘතිය භූගෝලීය ජන ව්‍යාප්තිය සලකා බැලුයේ නැත. ඈත අතීතයේ සිට මෙරට එක්‌සේසත් රාජ්‍යයක් වූ බව බුදුන්වහන්සේගේ කාලයටත් පෙර සිට ම වාංශික රාජ්‍යයන් රාශියකගේ එකතුවක් පමණක් වූ පැරණි භාරතයේ නූතන පාලකයන්ට හා ඉන්දීය සිවිල් සේවයට හා රෝ ඔත්තු සේවයට තේරුම් ගැනීමට නො හැකි විය. මොවුන්ගෙන් වැඩි පිරිස බ්‍රාහ්මණ වාංශිකයන් බව අමතක නොකළ යුතු ය. ඉන්දියාව ඒකීය රාජ්‍යයක් වූයේත් ඉන්දියාව වූයේත් ඉංගී්‍රසීන්ගේ යටත් විජිත පාලන සමයේදී ය. සිංහලයන්ගෙන් දෙමළ ජනයාට මහත් අසාධාරණයක් වී ඇතැයි යන පදනමේ සිට ඉන්දීය ප්‍රාන්ත ආකෘතිය මත පිහිටා ඉන්දියාව අප මත පළාත් සභා බලයෙන් පැටවීය. දහතුන්වැනි ව්‍යවස්‌ථා සංශෝධනයට සිංහලයන්ගෙන් බලවත් විරෝධතාවක් පැන නැගිණි. එය සම්මත කරගැනීමේදී ජයවර්ධන මහතාට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බස්‌රථ යොදා හෝටලයක සිට පාර්ලිමේන්තුවට එක්‌කරගෙන යැමට සිදුවිය. මේ ව්‍යායාමයේදී ඉන්දියාවට බටහිරයන්ගේ පූර්ණ සහාය ලැබිණි. ජයවර්ධන මහතා ඉන්දියාවට විරුද්ධව ඇමරිකාව ප්‍රධාන බටහිරයන්ගේ පැත්ත ගත් යෑංකිඩිකී වුවද බටහිරයෝ ඔහුගේ ආධාරයට නො පැමිණියහ. බටහිරයන්ගේ ආශිර්වාදය ඉන්දියාවට ලැබිණි.
මෙරට ජනවාර්ගික ප්‍රශ්නයක් ඇත්නම් ඒ සිංහලයන් හා ඔවුන්ගේ සංස්‌කෘතිය මර්දනය කිරීම සම්බන්ධයෙන් වෙයි. ඉතා කෙටියෙන් නමුත් නැවතත් ඉතිහාසය මතක් කළ යුතුය. ගැමුණු රජුගේ කාලයේ සිට මෙරට පදිංචි වී සිටින දෙමළ ජනකායක් නැත. යාපනය විශ්වවිද්‍යාලයේ ඉතිහාසය පිළිබඳ ප්‍රථම මහාචාර්යවරයා වූ කාරතිගේසු ඉන්ද්‍රපාල මහතා තම උපාධි නිබන්ධනයෙන් පෙන්නුම් කර ඇත්තේ දොළොස් වැනි සියවසට පෙර මෙරට දෙමළ නිත්‍ය පදිංචිකරුවන් නොසිටි බව ය. අද යාපනයේ සිටින දෙමළ ජනයා පැවත එන්නේ දහහත්වැනි සියවසේ මැදභාගයේ එහි පදිංචි වී සිටි සිංහල බෞද්ධයන්ගෙන් (ඊනියා දෙමළ බෞද්ධයන් එහි සිටි බවට කිසිම සාධකයක් නැත. ඔවුන් ඉඳ ඇත්තේ විදේශීය ආධාර ද ලබන ඇතැම් මහාචාර්යවරුන්ගේ ඔළුවල පමණ ය.) මලයාලම් බස කතාකළ කේරළයෙන් පැමිණි වේලක්‌කාරයන්ගෙන් හා ලන්දේසීන් විසින් දහහත්වැනි සියවස අගභාගයේ දී දුම්කොළ වගාවට කෝරමණ්‌ඩල වෙරළෙන් ගෙනෙන ලද කෘෂිකාර්මික කම්කරුවන්ගෙනි. ලන්දේසීහු වෙල්ලාල නමින් හඳුන්වනු ලැබූ මේ කෘෂිකාර්මික කම්කරුවන් දකුණු අප්‍රිකාවට ද ගෙන ගියහ. එහි නැටෝල් ප්‍රදේශයෙහි ඔවුන්ගෙන් පැවත එන්නන් අදත් දැකිය හැකි ය. හින්දු කුල ක්‍රමය අනුව වෙල්ලාලයෝ ශුද්‍රයෝ වූහ. එහෙත් ඔවුහු සමාජ ධුරාවලියෙහි ඉහළ තැනකට ලන්දේසීන් හා ඉංගිරිසින් විසින් ඔසවනු ලැබීය. යාපනයේ සිටි සිංහල ගොවියන් හා වෙනත් අය දෙමළ හින්දු සමාජයෙහි කෝවියාර් (ගොවියා යන්නෙහි දෙමළ උච්චාරණය) හා වෙනත් පහත් යෑයි සම්මත කුලවලට ඇද දමා කෘෂිකාර්මික කම්කරුවන් ලෙස හින්දු කුල ක්‍රමයේ ශුද්‍රයන් වූ වෙල්ලාලයෝ කුල ධුරාවලියේ ඊනියා ඉහළ තත්ත්වයකට පත්කරනු ලැබූහ. ආරුමුගම් නවලාර්තුමා මේ ඊනියා උසස් කිරීමට සෛද්ධාන්තික පසුබිමක් සකස් කළේ යෑයි සිතිය හැකි ය.
මෙරට දෙමළ හින්දු සමාජයෙහි ඉන්දියාවේ මෙන් ප්‍රධාන බ්‍රාහ්මණ කුලයක් නොමැතිවීමෙන් පෙන්නුම් කෙරෙන්නේ ද ඈත අතීතයේ සිට පැවතෙන දෙමළ ජනකායක් මෙරට නොමැති බවය. ලන්දේසීන්ට අවශ්‍ය වූයේ කම්කරුවන් මිස පූජකයන් නො වේ. එබැවින් ඔවුහු මෙරටට බ්‍රාහ්මණයන් ආනයනය නො කළහ. වෙල්ලාලයන්ට බ්‍රාහ්මණ අවශ්‍යතා පිරිමසා ගැනීමට සිදුවූයේ එක් පැත්තකින් වැටුප් ලබන පූජකයන් පිරිසක් ඇතිකර ගැනීමෙනි. අනෙක් පැත්තෙන් ඉන්දියාවේ බ්‍රාහ්මණයන්ගෙන් උපදෙස් ලබාගැනීමෙනි. ජයලලිතලා නේරුලා පමණක් නොව චෙන්නායි මධ්‍යස්‌ථානය කරගෙන නිකුත් කෙරෙන හින්දු පුවත්පතේ අයිතිකරුවෝ ද බ්‍රාහ්මණ වංශිකයෝ වෙති. ලන්දේසිහු ද ඉංගිරිසිහු ද සිංහලයන්ට එරෙහිව හින්දු වෙල්ලාලයන් යොදාගත්හ. විශේෂයෙන්ම ඉංගිරිසිහු පොන්නම්බලම්, කුමාරස්‌වාමි පවුල ඔස්‌සේ මුළු රටටම වෙල්ලාල නායකත්වයක් ගොඩනැගීමට උත්සාහ කළහ. ඔවුහු දෙමළ ජනයාට හා සිංහලයන්ට ඉතිහාසය, ජනගහනය ආදී කිසිවක් නොසලකා ව්‍යවස්‌ථාදායකයේ එක සමාන නියෝජනත්වයක් ලබාදී සිංහලයන්ට විරුද්ධ දේශපාලනය තවත් තහවුරු කළහ. රාජ්‍ය මන්ත්‍රණ සභා යුගයේ පනහට පනහ ඉල්ලීම, ඩොනමෝර් කොමිසම හමුවේ සර්වජන ඡන්දයට එරෙහිව සාක්‍ෂි දීම, සෝල්බරී කොමිසම ඉදිරියෙහි සිංහලයන්ට බහුතරයක් නොලැබෙන ආකාරයට ආසන බෙදන ලෙස ඉල්ලීම ආදිය ඔස්‌සේ හින්දු වෙල්ලාල නායකයෝ තම සිංහල විරෝධී ව්‍යාපාරය දිගට ම ගෙනගියහ. එහෙත් 1931 සර්වජන ඡන්දයෙන් පසුව රටේ නායකත්වයට වෙල්ලාලයන් පත්වීම සිහිනයක් බවට පත්විය. රාජ්‍ය භාෂා පනතට කලින් 1949 දී චෙල්වනායගම් නම් උග්‍ර සිංහල විරෝධී දකුණු ඉන්දීය ක්‍රිස්‌තියානි සභාවේ දෙමළ නායකයා ඒ බව තේරුම් ගනිමින් දෙමළ ජනයාට වෙනම රාජ්‍යයක් පිහිටුවීම සඳහා ලංකා දෙමළ රාජ්‍ය පක්‍ෂය පිහිටුවා ගත්තේය. ප්‍රභාකරන්ලා ඔහුගේ දේශපාලන පුත්තු වූහ. චෙල්වනායගම්ගේ අවශ්‍යතාව පිරිමැසීමට පුත්තු ආයුධ අතට ගත්හ. ඔවුන්ට ඉන්දියාවේ ද බටහිරයන්ගේද මූල්‍ය, ආයුධ හා වෙනත් ආධාර ලැබිණි.
සිංහලයන්ගේ විශේෂයෙන්ම සිංහල බෞද්ධයන්ගේ උරුමය අහෝසි කිරීමටත් ඒ සංස්‌කෘතිය විනාශ කිරීමටත් බටහිරයෝ අවුරුදු දෙසීයකට අධික කාලයක් තිස්‌සේ උත්සාහ ගනිති. ලංකාවේ ඇත්තේ ඒ ප්‍රශ්නය මිස 1956 න් පසු ඇතිවූ ඊනියා ජනවාර්ගික ප්‍රශ්නයක් නො වේ. ප්‍රශ්නය 1956 න් පසුව ඇතිවූයේ නම් රාමනාදන්ලාගේ ජාතිවාදී දේශපාලනය, චෙල්වනායගම් 1949 දී දෙමළ රාජ්‍ය පක්‍ෂය පිහිටුවීම ආදිය තේරුම් කරන්නේ කෙසේද? දෙමළ ජනයාට දෙමළ වීම නිසා මෙරට සිදුවී ඇති අසාධාරණයක් නැත. මුළු ලෝකයේම මෙරට වාසය කරන දෙමළ ජනයා තරම් වරප්‍රසාද ලබන “සුළු ජන” කොටසක් නැත. දහතුන්වැනි ව්‍යවස්‌ථා සංශෝධනය සිංහල උරුමය නැතිකිරීම සඳහා ඉන්දියාව ඇටවූ උගුලක් වේ. සිංහල බහුතරය එයට විරුද්ධ වෙති. එය සම්මත වූයේ ගිනි මැළ මධ්‍යයෙහි ය. එය අහෝසි කිරීමට හැකි නම් එය කළ යුතුය. සිංහලයන්ට එරෙහිව දෙමළ ත්‍රස්‌තවාදය යොදා ගනිමින් ගෙනගිය ව්‍යාපාරය නන්දිකඩාල් කලපුවේදී හමුදාමය වශයෙන් පරාජය කෙරිණි. හමුදා මෙහෙයුම් ද දේශපාලන ක්‍රියාමාර්ගයකි. අපේ රණවිරුවන් සටන් කළේ ඊළමට විරුද්ධව පමණක් නො වේ. දහතුන මගින් කළ බලය බෙදීමට ද විරුද්ධව ඔවුහු සටන් කළහ. නන්දිකඩාල් ජයග්‍රහණයෙන් පසු දහතුන දේශපාලනිකව අහෝසි විය. එහෙත් එය තවමත් නීතිය වෙයි. අප කළ යුතුව තිබුණේ නන්දිකඩාල් ජයග්‍රහණයත් සමග දහතුන්වැනි ව්‍යවස්‌ථා සංශෝධනය නන්දිකඩාල් කලපුවටම විසිකර එය අහෝසි කිරීමට දහනව වැනි ව්‍යවස්‌ථා සංශෝධනයක් ගෙන ඒම ය. එදා එය කළ හැකිව තිබිණි. අද යම් හේතූන් නිසා එය කළ නොහැකි නම් එහි ඇති සිංහල විරෝධී වගන්ති ඉවත් කිරීමට ව්‍යවස්‌ථා සංශෝධනයක් ඉදිරිපත් කළ යුතුය. එසේ නැතිව දහතුනෙන් එහාට යැමක් ගැන කතාවක්‌වත් නොකළ යුතුය. එසේ කිරීම රණවිරුවන්ගේ ජීවිත අවයව පූජාවලට කරන ෙද්‍රdaහිකමකි. ඔවුන්ගේ ජීවිත පූජා නැතිවම දහතුනෙන් එහාට යැමට තිබිණි. යුද්ධ ජයග්‍රහණවලින් දිනාගත් දේ විසිකර ආපසු සාකච්ඡා මේසයට යැමට සිංහලයන් කැමැති වේ යෑයි ඉන්දියාව සිතන්නේද? ඉන්දියාව හමුදා මෙහෙයුම් ආධාරයෙන් එකතු කරගත් ගෝව ප්‍රදේශය පිළිබඳ යළි සාකච්ඡා කිරීමට එකඟ දැයි අපි ක්‍රිෂ්ණා මහතාගෙන් අසමු.
- මහාචාර්ය නලීන් ද සිල්වා (දිවයින)
@පහන් දල්ල සහ දිනේෂ් සඳරුවන් වෙත,
මගේ ‘කොන්ද’ අවබෝදාත්මකවම කෙලින් කල එක ගැන ඔබට මගේ ප්‍රණාමය!ඔබ තුමාට පින්සිදුවෙවා!
දැන් කිසිම චකිතයක් නැතිව මට, අපේ රටේ මුස්ලිම්-දෙමල මගේ යාලුවෝත් ,දෙමල ක්‍රිකට් ක්‍රීඩක මුරලිත් එක්ක ‘මේ සිංහල අපගේ රටයි අප ඉපදෙන මැරෙන රටයි’යනුවෙන් බොක්කෙන්ම ගයන්න පුළුවන්.
මට, ඒ අයට, එම සින්දුවේ ඇති ‘ජාතිවාදයක් නැති,අපේ රටට සිංහල බෞද්ද ඉතිහාසයෙන් හිමි-සංස්කෘතික හරාත්මක පදනම’කියා දෙන්නත් පුළුවන්.
බලන් ගියාම,’මේ US / මේ පරංස / මේ ඉතාලි / මේ English / මේ ඉන්දීය / මේ බංගලි / මේ ජපාන / මේ රුසියන් / මේ චීනවූ / මේ කොරියන් / මේ Norway / මේ Sweeden / මේ සූවිස් / මේ සෞදි / මේ අබුඩාබි / මේ සිංගපූර් අපගේ රටයි’ යනුවෙන් ඒ රටවල සුද්දෝ,ඒ රටවල පුරවැසිකම ගත්ත ලංකාවේ සිංහල / දෙමල / මුස්ලිම් අප ඉදිරි පිට ගයා නැටූ විට,අපට ඩොන් යන්නේ නෑනේ.අපටත් උන්ගේ සින්දුව ගයමින් නටන්න පුළුවනි.අවුලක් නෑනේ.
දැන් මා දකිමි හඳුනමි, 100% මහගමසේකරයන්.එතුමා අද හිටියනං පහන් දල්ල කියපු විදියටම ඔය ටික කියාවි.
සඳරුවන් මහතාණෙනි,පහන් දැල්ල විසින් මගේ ‘කොන්දට’ බැඳී ‘පත්තුවත්’ එම පත්තුවෙන් සුවපත් වී මවිසින් පහන් දැල්ල තුමාට ලියන ලද පිළිතුරත්, ඔබගේ ව්‍යක්ත ඉංගිරිස් බසට හරවා LCN පිළිතුරකින් පල කල මැනව.
මවිසින් එය,අනාගතයේ ‘මහගමසේකරයන් REVIEWED’(මහගමසේකරයන් නැවත දැක්ම) නමැති ත්රීභාශාත්මක පොතකින් ලක් සහ ලෝක ජනතාවට සංග්‍රහ කිරීමට බලාපොරොත්තු වෙමි.
එම පොත, ලෝකයේ සියලුම භාෂා වලට එය පරිවර්තනය කලොත්, ලෝක යුද්ද වැලකීමට පිටුවහලක් වනු ඇත.(හැබැයි ආයුද නිපදවල ලෝකේ වැඩියෙන්ම සල්ලි හම්බ කරන යක්කු ඒකට ඉඩ දෙයිද මන්ද!)
මොන ආකාරයක සංශෝධනයක් වුවද ජනමත විචාරනයකින් සමිමත කරගත යුතුය
මුලින්ම උගත් මහාචාර්යතුමාගේ අවංකකමට තුති. ඔබතුමා සිංහලෝත්තමවාදය වෙනුවෙන් පෙනිසිටින බවත්, දෙමළ ජනයා කෙරෙහි ඇති කැකෑරෙන වෛරයත්, බටහිර ජාතීන් වෙත ඇති අප්‍රසාදයත් නොසඟවයි.
ඔබතුමා ඉදිරිපත් කරන කාරණා කිසිවක් සනාත කිරීමට වෙහෙසී නැති නිසා ඒවා අනාත කිරීමට උත්සාහ නොකරමි. නමුත් උදහරණ දෙකකින් ඔබ එල්බ සිටින මනෝරාජික නිගමනයන් හුවා දක්වමි.
1. “ඈත අතීතයේ සිට මෙරට එක්‌සේසත් රාජ්‍යයක් වූ බව” මෙය අතිශ්‍යෝක්තියක් නොවේනම් දුටුගැමුණු,වලගම්බා,විජයභාහු වැනි කීර්තිමත් රජවරු ඒ ඒ කාලවල රට එක්සේසත් කලබව කීම මුසාවකි. අප දන්නා ඉතිහාසයට අනුව නම් අප රට එක්සේසත්ව පැවති ඉතිහාසයට වඩා ප්‍රාදේශීය පාලකයින් විසින් විවිධ ප්‍රදේශ පාලනය කල ඉතිහාසය වැඩිය.
2 “.සිංහලයන්ගේ විශේෂයෙන්ම සිංහල බෞද්ධයන්ගේ උරුමය අහෝසි කිරීමටත් ඒ සංස්‌කෘතිය විනාශ කිරීමටත් බටහිරයෝ අවුරුදු දෙසීයකට අධික කාලයක් තිස්‌සේ උත්සාහ ගනිති” සිංහලයන්ගේ උරුමය ලෙස අද හඳුනගෙන ඇති බොහෝ දේ එච්.සී.පී. බෙල් වැනි බටහිරයන් විසින් එළිපෙහෙළි කරදුන් බව අමතක කිරීම සැබෑ කුහක කමකි. අදටත් සිදු කරන බොහො පුරාවිද්‍යා කැණීම්වල බරපැණ දරන්නේ යුනෙස්කෝව බව හිතා මතාම අමතක කිරීම තේරුම් ගත නොහැකි තත්වයකි. එය ඊලාම් යුද්ධය පරාජය කල රණවිරුවන් අතරට දිගුදුර මෙහෙයුම් වලට හා බුද්ධි අංශයට අනුබද්ධව සිටි දෙමලුන් හා මුස්ලිමුන් ඇතුලත් කර නොගැනීම වැනි තත්වයක් විය යුතුය.
13 නොදිය යුතුය යන ඔබතුමාගෙ මතයට නැවත නැවතත් එකඟ වෙමි. නමුත් ඒ ඔබතුමා අසම්පූර්ණ ලෙස ඉදිරිපත් කරන සිංහලෝත්තමවාදය නිසා නොව ඊලාම් බෙදුම්වාදය පැරදවිය යුත්තේ සිංහල වර්ගවාදී ප්‍රවේශයක් තුලින් නොව “ජාතික වාදී” ප්‍රවේශයකින් බවට විශ්වාස කරන බැවිනි.13න් හෝ 13+ වලින් පවත්නා බෙදීම් තීව්‍ර කරනවා විනා සංහිඳියාවක් ඇති කරන්නට අසමත් බැවිනි.
නැතහොත් ඔබතුමා පැටලිලි සහගත ලෙස ඉදිරිපත් කරන කරුනු දෙමලෙකු විසින් යාල්පාන වෛපවමාලෙයි පොතෙන් බිඳිනු ඇත. එය බිඳින්නට ඔබතුමා තවත් තර්කයක් ගෙනෙනු ඇත. නැවත ප්‍රභාකරන් කෙනෙකු උපදින තුරු මේ ආකාරයෙන් කල් මැරිය හැකිය.එවිට ඔවුනොවුන්ගේ ලේ පිපාසාවන් සංසිඳුවා ගත හැකිය.
මේ මොකාද මේකා. ඔය කියන ඒවට උත්තර මේකෙ තියනවා http://www1.kalaya.org/2012/01/blog-post_8156.html
ඔබතුමාගෙ අසන ප්‍රශ්නවලට එතුමා බොහෝ කාලයකට පෙර පිලිතුරු දී ඇත. උනඳුවක් ඇත්නම් සොයා බලන්න.
හෝමෝ සේපියන් මානවයා පරිණාමය වෙලා ව්‍යාප්ත වුනේ මධ්‍යම අප්‍රිකාවෙන් නෙවෙයි ලංකාවෙන් කිවුවත් පිලිගන්න අය අපේ අතර ඉන්නවා
hekinam kiyawanna ethumage PRABHAKARAN OHUGE SEYALA BAPPALA SAHA MASSINAALA POTHA
බූරු කතා නොකිය හිටපං. උඹ සිංහලයා, දෙමළා, හින්දිකාරයා කියන එවුන් නොදැන තෙපර බානවා. ගොඩක් එවුන් උන්ගෙ ජීවිත කාලෙට කලින් මනුෂ්‍යයෝ හිටියද කියල දන්නෙ නෑ. ඒ තමයි මනුෂ්‍යයකම ගත් තිරිසන් සත්තු.
“මොලේ කලඳක් වත් නැති සිංහල බෞද්ධ/ක්‍රිස්තියානි” කියන මෝඩ රැළට, මහාවම්ශ හෙවත් දෙමළවම්ශ කියන දෙයට වඩා මොකුත් නැත. මෑතකදී ලිව් දෙමළවම්ශ පරිච්ඡේද වගේම කලින් ලියපුවාත් තම වම්ශය බේරාගන්න ලියා ඇත. මේ හැතිකරේ බොරු සිංහල වෙස් ගත් විජේ කුමාර් පරපුරේ හෝ පරංඟියාගේ අනුගාමිකයන්ය.
ප්‍රශ්ණ බිහි වූයේත්, ඒවාට අවශ්‍ය විසඳුම් ඇත්තෙත්,“මොලේ කලඳක් වත් නැති සිංහල බෞද්ධ” කියන මෝඩ රැළට කලින් මේ රටේ ජීවනාළය වූ මනුෂ්‍යකම අගයන සිංහල විරුවන් අතය.
“මොලේ කලඳක් වත් නැති සිංහල බෞද්ධ” කියන මෝඩ රැළ මොනවා කිව්වත්, අතීතයේ සපථ කල ලෙස දියසේන කුමාරයා ඉපිද ඇත. සුදුසු කල් යල් බලා සිංහල ජාතිය සුරකිනු ඇත. එය හොඳින් හෝ ලෝකය උඩුයටිකුරු වූ සොහොනක් කර හෝ කෙරෙන බව සිංහලයන් දැන ගත යුතුය. එය කරන බව ඒකාන්තයි. මේ කියන මම යථාර්තවාදියෙක් වන අතර සොයාගත් දත්ත මත මෙම නිගමනයට ආවෙමි. එය නැවතිය හැකි ජගතකු සම්බන්ධව කිසිදු ජාතියක් සතු තොරතුරු වලින් හෙලි නොවේ.
OBAGE SIYALU THARKA MAHAWANSAYATA NINDA AWAMAN KIREEMA WATA GETHEE ETHA.
@Anonymous one orig
1.
ලෝකේ මැවුනේ ස්වාභාවිකවමද?
2.
නැත්නම්,ලෝකේ මැව්වේ උඹේ මනක්කල්පිත ‘පිස්සු දියසේන කුමාරයාද’?
3.
උඹේ ‘පිස්සු දියසේන කුමාරයා’ගැන,කාටත් පිළිගන්න පුළුවන්-සාක්කි තියෙන,වාක්‍ය 11ක් ලියහන්කෝ
4.
පිස්සු දියසේන කුමාරයා උඹද?
පිටිදුවේ සිරිදම්මද?
Al -චන්-oxford ද?
ජිනදසරාසද?
@Anonymous one orig
Anonymous one නමින් පට්ටි ගොන් අවශ්‍යතා 11ක්, මිනිස් ගුණ තමයි කියල LCN ඔක්ස දී බ්‍රිජ් ට ලීව්ව
පට්ටි ගොනා උඹද?
1.
ලෝකේ මැවුනේ ස්වාභාවිකවමද?
2.
නැත්නම්,ලෝකේ මැව්වේ උඹේ මනක්කල්පිත ‘පිස්සු දියසේන කුමාරයාද’?
3.
උඹේ ‘පිස්සු දියසේන කුමාරයා’ගැන,කාටත් පිළිගන්න පුළුවන්-සාක්කි තියෙන,වාක්‍ය 11ක් ලියහන්කෝ.
උඹ වගේ “මොලේ කලඳක් වත් නැති සිංහල බෞද්ධ” කියන මෝඩ රැළට අයිති එවුන් කෑ ගැහුවට ඵලක් නැත. කෑ ගහල උඹල මොනවද කලේ?
මම උත්තර දුන්නට තේරෙන්නෙ නෑ. මානසික ආබාධ වලින් පෙලෙන විට, එකම දෙය නැවත නැවත කිරීමත්, හැම අවස්ථාවකදීම එකම ප්‍රතික්‍රියාව දැක්වීමත් සිදුවේ. ප්‍රතිකාර ලෙස බලි යාගයක් කර ගැනීම, එම ආබාධය නිට්ටාවට සුව කරයි.
@Anonymous one orig
1.
ලෝකේ මැවුනේ ස්වාභාවිකවමද?
2.
නැත්නම්,ලෝකේ මැව්වේ උඹේ මනක්කල්පිත ‘පිස්සු දියසේන කුමාරයාද’?
3.
උඹේ ‘පිස්සු දියසේන කුමාරයා’ගැන,කාටත් පිළිගන්න පුළුවන්-සාක්කි තියෙන,වාක්‍ය 11ක් ලියහන්කෝ
@ජිනදාසරාස
උඹ ඔය කියන ඒවා එකක්වත් රකින බවක්,කිසිම මෙත් බවක් නොමැති උඹගේ ‘භාෂාවේ’ නම්,නොපෙනේ.
ලංකාවට සෙතක් වෙන්න නම් සතිපට්ට්හානේ වඩන ගමන්,ප්‍රභාකරන්ලව එලෝ යවන්න විතරක් මෙත අමතක කරමින්, පහල මන් ලියපු සමාජයේ ඔඩු දුවා ඇති නරුම දේශපාලනය,අප එක්ව,නවතා දැමිය යුතුයි.
මෙය සරසවියට පමණක් නොව සිංහල දෙමල මුස්ලිම් සැවොම ජීවත් වන මුළු රටටම අදාලයි.
‘සියලු-සිසුන්-බිය’ නැති කරමින්,මලයකුන්,පිසාචයන්,පෙරේතයන්,කුම්භාන්ධයන් පලවා හැර,සරසවියට සරස්වතී දේවි වඩම්මන්න නම් කල යුතු දේ;
1.
සමහර ‘පට්ටි ගොන් සිංහල බෞද්ද රජවරු’ බුදු බණට විරුද්දව,අසරණ කෙල්ලන්ව බලෙන් සිර කරගෙන උන්ට ‘දරු ගිනි’ දෙමින් සිටි-අන්තක්පුර නැති වූවා සේ,සිංහල බෞද්දයන්ට-නොකැප,තම ජෙෂ්ට බලය යොදමින් අසරණ නවකයන්ට, ඔවුන්ගේ කැමැත්තට විරුද්දව,දෙන නවක වදය වහා නවතා දැමිය යුතුය.
මේ සඳහා සැම සිසුවෙක් ගෙන් ම සරසවියට ඇතුළුවීමට පෙර,නවක වදය කලොත් සරසවියෙන් වහා නෙරපෙන,නීතිමය ලෙස අත්සන් කරන ලියවිල්ලකට යටත් වන නීති, වහාම සම්පාදනය කල යුතුය.
2.
සරසවි ගුරුන්ගෙන් වැඩි වාසි ගැනීමට සිසුන් විසින් (මෙර්වින් සිල්වා මෙන්, ඉස්සර චන්ද්‍රිකාට, දැන් මහින්දට, ඉදිරියට රනිල්ට) කරන්නා වූ බෝල මිරිකීම / ඇට පොලිෂ් කිරීම නැවතීමට, සරසවි ඇදුරන් සහ සිසුන් සමග මහජනයා එකතුව, ‘රූපවාහිනී-පාරදෘශ්‍ය-සාකච්චා මාර්ගයෙන්’එකඟ විය යුතු වැඩ පිළිවෙලක් වහාම සම්පාදනය කල යුතුය.
3.
සිංහලයන්ට නැති ලංකාවේ දෙමල සහ මුස්ලිම් පිරිසට පමණක් ඇති ප්‍රශ්න සොයා විසඳීමටද මෙම ක්‍රමය අගනේය.
THAMANTA AYTHI NETHI DUPATH RAJYAKATA THAMANGE ETHEY KIYANA VIYAJA AYITHIYA OPPU KIRIEMAY.!
දෙමළ ජනයාට දෙමළ වීම නිසා මෙරට සිදුවී ඇති අසාධාරණය මොනවද?
සිංහලයන්ට නැති,දෙමල සහ මුස්ලිම් අයට පමණක් ඇති ප්‍රශ්න මොනවද?
භාෂා ප්‍රශ්නේ තමයි ඉතින්.මම ගොඩක් අවස්ථාවලිදි දැකල තියෙනවා සිංහල ඉංග්‍රිසි භාෂා හරි හැටි නොදන්නා කම නිස එම ජනතාව පිඩාවට පත් වෙන අකාරය.
ENGLISH NODANNA KAMIN SINAHALAYAN SAHA DEMALA AYA PEEDAWATA PATH WEE. SINHALA NODANNA KAMIN DEMALA AYATA WANA PEEDAWAK ETHA. EYA WISANDEEMATA 13+ AWASHYA NOWEE. SARALA BHASHA PRATHIPATHTHIYAK PRAMAANAWATH WEE.
හා හා ඔහොම අහන්න එපා ජාතිවාදිය කියයි …..බලාගෙන
විශ්‍රාම ගියාට තාම කල්පනාව නම් රාක්ෂයගෙ කම්මල වගෙයි. 13 නොවෙයි, මුළු ව්‍යවස්ථාවම කඩදාසි රෝලක් කරල, සුද්දගෙ කාලකන්නි ආංඩුවයි, ඒකෙ මුවාවෙන් රට කන දේශද්‍රෝහී රැළයි එක්ක එංගලන්තෙට යවන්න ඕන. ලංකාව (ලංකාපුර) කියන්නෙ අගනුවර. ඒකෙ රට කියන කොටස තමයි අද ඉන්දියාව කියන්නෙ. අගනුවරට රට කිව්වෙත්, කෑලි වලට කඩලා දූ පුතාලට බෙදුවෙත්, සිංහල බෞද්ධ කියන නමින් රට කාපු දෙමළ ආක්‍රමණිකයෝ. පලාත් නවයකට බෙදුවෙ සුද්දෝ. ඔය බෙදීම් අල්ලගෙන දෙමළ, හින්දු එවුන් යකා නටන්නෙ සිංහල බෞද්ධ කියන මෝඩ රැළගෙ තියෙන අමනකමයි ඉන්දියානු ගැතිකමයි නිසයි.
ඔය හින්දුයි දෙමළුයි කරන කරදර වලින් ගැලවෙන්න නම් සිංහල මිනිසුන්ට කරන්න තියෙන්නෙ උන්ට ගහල පන්නලා දාල තමන්ගෙ රට ආයේ තමන්ගෙ යටතට ගන්න එකයි. ඒක නුදුරු අනාගතේ වෙනව කියල මම ස්ථීරවම කියනවා. එතකොට සිංහල බෞද්ධ කියන මෝඩ රැළ ඔය ආව කියන තැන් වලටම හරි, මුහුද මැදට හරි දාන්නත් පුළුවන්. උන් නිසා තමයි නැති ප්‍රශ්ණ ඔක්කොම හැදුනෙ.
මට නම් වෙන කිසිම විසඳුමක් පෙනෙන්නෙ නැහැ. අනිත් කරදරත් සිංහල බෞද්ධ කියන මෝඩ රැළටම එකතු කරල අරින්න ඕන. මොකද වපුරල ගත්ත අස්වැන්නත් එයාළගෙ නේ. විශ්‍රාම ගිය නලින් සිල්වාට සිංහල, දෙමළ, හින්දු කියන වචන තුනේ නියම අරුත් ඉක්මනින් තේරේවා. ඒ වගේම සිංහල කියන නම බෞද්ධ කියන මෝඩ රැළට ගාවා කරන මහා අපහාසයත් තේරේවා.
මොලේ කලඳක් වත් නැති මී හරකෙක්. මුන් තමයි මේ රටට හේනේ වෙලා තියෙන්නේ
උඹ වගේ “මොලේ කලඳක් වත් නැති සිංහල බෞද්ධ” කියන මෝඩ රැළට අයිති එවුන් කෑ ගැහුවට ඵලක් නැත. කෑ ගහල උඹල මොනවද කලේ?
ඔව් ඔව් , දකුණු ඉන්දීය ආක්‍රමණ වලින් රට ආරක්ස කරගන්න බැරිව ගිය සුර්ය නමස්කාරය කරන් හිටපු . යක්ස , රාක්ෂ . නාග , දේව ගොත්රිකයන්ව නැවත හොයල රට බාරදෙන්න ඕන … එතුමන්ලාගේ යුතුකම හරියට ඉටුකලානම් අද මෙහෙම වෙන්නේ නෑ…දුකයි ඊත් ඇත්ත
oya vela thiyana de kalinma dakka handa thami general fonseka war eka ivera una gaman aluth jathika arakshaka salasmak haduve.indiea vata apita military pathann balapamak karanna bari venna.aka danagathata passe thami indieava nirupamage munussaya dala fonseka anduva perallana hadanava kiyala bayakala commander kamin aiyan karvea.mihindama singappuruve paper ekkata kiyala thibuna fonseka haduve indiea vath ekkath happenna kiyala.ayata notharunata fonseka dannan hitiya indeia puluvade,barida.dannam mr tah tharanava atti general hari kiyala
අනිවාර්යෙන් රට ඒකිය වෙන්ඩ ඔනෙ,නැතුව ඉන්දියන්කරය බලෙන් පටවපු ලණු ගිලල හරියන්නෙ නැ.සංන්ධාන ආණ්ඩුවට චන්දෙ දුන්නෙ රට ෆෙඩරල් කරන්ඩ නෙමේනෙ,ඒකිය රටක් කරන්ඩ.අනිවාර්යෙන් ඒක මෙතුවක් සුරකපු ආකාරයෙන් ඉදිරියටත් වෙන්ඩ ඔනෙ.මොකද මේ ආණ්ඩුවට චන්දය දුන්නෙ සිංහල මිනිස්සු,වෙන ජාතින් චන්දෙ දුන්නෙ නැනේ.ඒහෙම ඒකේ සිංහල මතයයි කියාත්මක වෙන්ඩ ඔනෙ.වෙන ජාතින්ට මොනව හරි දෙයක් දෙන්ඩ කලින් ඒකට අපි කැමති වෙන්ඩ ඔනෙ.කොටින්ම කියනවනමි අපේ ආණ්ඩුව වැඩ කරන්ඩ එනෙ අපිට ඔනෙ විදිහට.
මොකද ඔක දුන්න කියලවත් මහින්ද ජනාධිපතිතුමාට චන්දයක්වත් ඔය ජාතින් දෙනවද,නැනේ.ඒහෙම එකේ අපි අසන්තෝස කරල ඔවුව දිල,අපෙන් නමි චන්දෙ ඉල්ලන්ඩ එන්ඩ එපා.
නිරවුල් මෙම අදහස් වටා ලංකාවට ආදරය කරන පොදු ජනයා රැස් කරන වැඩ පිළිවෙලක් වහාම කව්රුත් එකමුතු වී හදා ගමු . මෙතුමන්ගේ අදහස් මත රට අනාගතයේ යොමුකලොත් සිංහලයත් රැකෙවී. අනිත් ජනයාත් රැකෙවී.
බටහිර හෝ ඉන්දියානු උවමන මත පාලනය ගෙනයාමට උත්සහ කලොත් දරුණු සිදුවීම් අපේ රටට වේවි.
මෙතුමන්ගෙ අදහස් තවතවත් අපෙගේ දැනගැනීම පිණිස ප්‍රකාශයට පත්කරන්න.
කැළණි කැම්පස් එකේ ඉන්නකන් මෙතුමාව මරාගෙන කන්න හැදුව , As ගැන කතා කල නිසා, සහ ආණ්ඩුවට කඩේ යනවා කියල …..සිංහලයින්ගේ අයිතිවාසිකම් ගැන කතාකලම ජාතිවාදිය කිව … මෙතුමාගේ ලිපිවල හරය තේරෙයි මේ රටේ මෝඩයින්ට තව අවුරුදු 10 කින් , හැබැයි ප්‍රමාද වැඩි ..
දෙමළ ජනයාට දෙමළ වීම නිසා මෙරට සිදුවී ඇති අසාධාරණය මොනවද?
සිංහලයන්ට නැති,දෙමල සහ මුස්ලිම් අයට පමණක් ඇති ප්‍රශ්න මොනවද?
දෙමළ ජනයාට දෙමළ වීම නිසා මෙරට සිදුවී ඇති අසාධාරණය මොනවද?
සිංහලයන්ට නැති,දෙමල සහ මුස්ලිම් අයට පමණක් ඇති ප්‍රශ්න මොනවද?
.
පලාත් සබා අහෝසි කර ගම්සබා ක්‍රමය ඇති කරනු
කෙරෙන්න ඕනෙ දහතුනෙන් එහාටවත් මෙහාටවත් යන එක නෙමේ, දහතුන මුළුමනින්ම අහෝසි කරන එක. ජනතාව පෙළගැස්විය යුතුව ඇත්තේ එතනට.
මෙතුමන්ගෙ අදහස් තවතවත් අපෙගේ දැනගැනීම පිණිස ප්‍රකාශයට පත්කරන්න.
check his website for more info bro..
http://www.kalaya.org/
දැනට උතුරු සහ නැගෙනහිර පලාත්වල සිටින දෙමල ජනගහනය මුලුජනගහනයෙන් 6% පමණ වේ. නමුත් දෙමල සන්ධානය ඉල්ලාසිටින්නේ රටේ මුළු භූමි ප්රලමානයෙන් 33% ක් සහ සාගරයෙන් 66% ක් ප්රධමාණයක පාලනයයි. ජන සංගනනයක් පැවැත්වුවහොත් නිවැරදි දෙමල ජනගනය එලිදරව් වන නිසා එය අවලංගු කිරීමට හෝ කල් දැමීමට විවිධ බලවේග නොයෙක් ආකාරයේ කූට උපක්රිම ක්රිරයාත්මක කරමින් පවතී. ජනසංගනනයක් පවත්වන්නේ වසර 10කට වරකි. සාමාන්ය සම්ප්රපදායක් ලෙස එකේ ඉලක්කමෙන් අවසන්වන වසරක පවත්වනු ලබයි. එනම් 1971, 1981, 1991, 2001…..යනාදී ලෙසයි. මේ වනවිට 2011 වසරත් ගෙවී ගොස්ය. ජනසංගනනයේ අවසන් වාර්තාව, 2012, මාර්තු මාසයට පසුව නිකුත් කිරීමට සැලසුම් කර ඇත. මාර්තු මාසේ ඇති වැදගත්කම කුමක්ද?. මාර්තු මාසයේ ජිනීවා නුවර මානව හිමිකම් සමුළුව පැවැත්වේ. ඇමරිකාව ප්‍රමුක බටහිර රටවල් කර ඇති තර්ජනය නම්, මාර්තු මාසයට පෙර දෙමළ සංධානයට ඉඩම් සහ පොලිස් බලතල ලබා නොදුනහොත් ශ්‍රී ලංකාවට එරිහිව යුධ අපරාධ චෝදනාව නැවතත් කරලියට රැගෙන එනබවයි. එමනිසා මාර්තු මාසය වනතෙක්, උතුරේ සහ නැගෙනහිර සත්‍ය දෙමල ජනගහනය හෙලිදරවු නොකිරීම අත්‍යවශ්‍ය කාරණයකි. 6%ක් පමණ වූ දෙමල ජනගහනයකට 33% ක් භූමියකට හිමිකම් ලබා දීම කිසිසේත්ම සාධාරණ නොවන බව, දෙමල බෙදුම් වාදීන් හා උන්ගේ හාම්පුතුන්වන බටහිරයන් පවා හොඳින්ම දනී. එමනිසා ජනසංගනනයේ අවසන් වාර්තාව නිකුත් කිරීම, 2012 මාර්තු මාසය තෙක් කල් දමා ගැනීම අවශ්‍යවී තිබේ. සංගනනයට අවශ්‍ය ලේඛන මුද්‍රණයට භාරදුන් සමාගම, ඒවා මුද්‍රණය කිරීම පමාකර ඇතැයි, ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තු මේන්තුව පවසයි. මේ වා සියල්ලම ජන සංගනනය පමා කිරීමේ අරමුණින් දියත් කර ඇති කුමන්ත්‍රණවේ. දෙමල සංධානයේ අරමුණ, ජන සංගනනයට පෙර ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල උදවු උපකාර ඇතිව ඉඩම් සහ පොලිස් බලතල සහිත පලාත් සභාවක් ලබා ගැනීමයි.
1960 ගණන්වල සිට මදුරාසි ප්‍රාන්තය තුළ නැවතත් දෙමළ ජාතිවාදය බලසම්පන්න වෙමින් පැමිණි සමයේදී බෙදුම්වාදය වක්‍රව නොව සෘජුවම මර්දනය කිරීම සඳහා ඉන්දීය මධ්‍යම ආණ්‌ඩුව විසින් 1963 දී ඉන්දීය ව්‍යවස්‌ථාවේ 16 වැනි සංශෝධනය ගෙන එන ලදී.
මෙකී 16 වැනි සංශෝධනය බොහෝ දෙනකු විසින් හඳුන්වන්නේ බෙදුම්වාදයට එරෙහි සංශෝධනය වශයෙන් වුවද එහි බෙදුම්වාදයක් ගැන වචනයක් වත් සඳහන් කොට නැත. කෙටි පනතක් වන එය විසින් කරන්නේ ඉන්දීය “ස්‌වෛරී භාවයට හෝ භෞමික ඒකාග්‍රතාවයට” පටහැනිව කටයුතු කිරීම තහනම් කිරීම පමණි.
ඉන්දියාවේ ඡන්දවලට ඉදිරිපත් වන අපේක්‍ෂකයින්ට තමන් විසින් ඉන්දියාවේ ස්‌වෛරීභාවයට හා භෞමික ඒකාග්‍රතාවයට එරෙහිව කිසිවක් කරන්නේ නැති බවට ප්‍රතිඥවක් දෙයි. ඡන්දය ජයගෙන තම තනතුරු වල වැඩ බාරගැනීමට පෙර නැවත වතාවක් ඔවුන් මේ බවට දිවරුම් දෙයි.
එම 16 වැනි සංශෝධනය ගෙන ඒමෙන් පසු මදුරාසි ප්‍රාන්තය තුළ කිසිවෙක් දෙමළ බෙදුම්වාදය ගැන එළිපිට කතා කළේ නැත. 1967 සිට අද දක්‌වා තමිල්නාඩුවේ බලය අල්ලාගෙන සිටින්නේ අර පැරණි ද්‍රවිඩ ජාතිවාදී ප්‍රශ්න වලින් පැවත එන දේශපාලන පක්‍ෂ වුවත් අද වන තුරුත් බෙදුම්වාදය ගැන එක වචනයක් වත් දකුණු ඉන්දියාවෙන් ඇසෙන්නේ නැත. ඒ ඉන්දීය ව්‍යවස්‌ථාවේ 16 වැනි සංශෝධනයේ සාර්ථකභාවය කියා පාන්නකි.
by Manoj Abedeera ‘Divaina’ 23/01/12
ඉංග්‍රීසින් කොහොමත් කලේ සුළුතරය උඩට ගෙන පාලනයේ ඉහලට එසවිම්ය්. එය කරනු ලැබුවේ රට තුල ජාතීන් අතර අසමගිය ඇති කර සුද්ද ට පාලනය ලේසි කරගැනීමටය. මෙය සුද්දා විසින් ඉන්දියාවේද කරන ලදී. ඉන්දියාවේ සීක් සුලුතරයයි. නමුත් සුද්දා සීක් ජාතීන් හට රටේ පාලනය බර දුන් විට මහජාතිය සුලුජාතියට යටත් විය. එවිට රටේ අසමගිය ඇති වී සුළු ජාතිය හා මහා ජාතිය අතර ප්‍රශ්න ඇතිවුණි. එය සුද්දා හට රට පාලනය කිරීමට පසුවක් විය. මෙය divide and rule යන සංකල්පය විය. අද ශ්‍රී ලංකාව හා ඉන්දියාව සුද්දගේ මෙම උගුලේ තවම පැටලී ඇත. තුන්වන ලෝකේ බහුතරයක් රටවල් වල තත්වය මීට සමනය. බටහිර රටවල් ( ඔවුන්ගේ මිම්ම අනුව ) නොදියුණු රටවල මෙම තත්වය ප්රෝයෝජයනයට ගෙන ඔවුන්ගේ මල්ල පුරවගනී. ඒ බව නොදන්නා අප එකිනෙකා කුලල් කාගෙන මෙම රටවල් කුජීත තත්වයෙන්ම ඉදිරියට ගෙන යාමට සුද්දාට උදව් කරන්නෙමු !
** මෙම ලිපිය සදහාවත් පාඨකයින් එකිනෙකා ගහ මරා ගන්නේ නැතුව බුද්දීමත්ව
විචාරේ යෙදේවා කියා බලාපොරොත්තු වෙන්නෙමු.
ඉන්දියාව ඔහොම තමා.බලෙන් කරපු කොච්චර දේවල් තියෙනවද.අශෝක රජතුමාගෙ කාලෙ ලන්කාවෙ මිනිස්සුන්ට බුදුදහම බලෙන් පෑටෙව්ව.අපිට පුන්චිකාලෙ ඉගෙන්නුවෙ ලන්කාවට බුදුදහම ගෙනාවෙ මිහිදු රජතුමාගෙ කාලෙ කියල.ඒකත් දෑන් වෙනස් වෙලාද දන්නෙ නෑ.
විජය කියල නාහෙට නහන එකෙක්ව එව්ව.දෑන් කියනව එයාගෙන් නෙමෙයිලු අපි එන්නෙ.අනේ මන්ද මහාවන්සයෙ අලුත් එඩිශන් එකක් ඈවිල්ලද දන්නෙ නෑ.
මචන් Fernando, අශෝක රජතුමා බුදු දහම බලෙන් පැටෙව්වේ නෑ. මිහිඳු මහා රහතන් වහන්සේ ඇවිල්ල කලේ ධර්මය දේශනා කරපු එක. බුද්ධිමත් මිනිස්සු ඒ ධර්මය සරණ ගියා. එහෙමයි උනේ.හැබැයි පෘතුගීසි ඇවිල්ලා කලේ නම් ක්‍රිස්තියානේ බලෙන් දුන්න එක.
අනිත් එක තමා කොහෙවත් උගන්නලා නෑ ලංකාවට බුදු දහම ගෙනාවේ මිහිඳු රජතුමාගේ කලේ කියල. ඒ දේවානම්පියතිස්ස රජතුමාගේ කාලේ
සමාවන්න.මට පොඩි වෑරදීමක්.දේවානම්පියතිස්ස රජතුමාගෙ කාලෙ, මිහිදු මහරහතන්වහන්සේ.(නමුත් නලින් සිල්ව මහත්තය ඒක පිලිගන්නෙ නෑ).ඔබ කියනදේම තමා මමත් කියන්නෙ.
You should study the history little one.
අප රටේ සිංහලයන්ට නැති,දෙමල සහ මුස්ලිම් අයට පමණක් ඇති ප්‍රශ්න මොනවද?
මංනං දන්නවා කියල්ලැ