යුරෝපා කොමිසමේ රටවලට ඉරානයෙන් ඛණිජ තෙල් සහ ඒ අශ්‍රීත නිපැයුම් ආනයනය තහනම් කරමින් ඉරානය වෙත සම්බාධක පැනවීමේ පළමු පියවරට මීට ස්වල්ප මෙහොතකට පෙර බ්‍රසල්ස් හී සිටින යුරෝපා කොමසම් රටවල තනාපතිවරුන්ගේ අනුමැතිය හිමිවිය.
ඒ අනුව, යුරෝපා කොමිසමේ තනාපතිවරුන්ගේ අනුමැතිය හිමිව ඇති අදාල සම්බාධක යෝජනා මලාව කෙසේ ක්‍රියාත්මක කරන්නේ දැයි නිර්ණය කිරීම සඳහා යුරෝපා කොමිසමෙහි රටවල විදේශ ඇමතිවරුන්ගේ ආකෘතික අනුමැතිය ලැබීමෙන් පසුව එම සම්බාධකයන් දැඩි ලෙස ක්‍රියාත්මක කිරීමට යුරෝපා කොමසම විසින් බලාපොරොත්තු වේ.
යුරෝපා කොමිසමේ බ්‍රසල්ස් වලින් ලැබෙන වාර්තාවලට අනුව දැනට ඉරනයෙන් ඛණිජ සම්පත් මිල දී ගන්නා වූ යුරෝපා කොමිසමේ සියළුම රටවල් ඉදිරියේ දී පියවරෙන් පියවර ඉරානයෙන් ඛණිජ සම්පත් මිල දී ගැනීම අත්හිටවිය යුතු අතර ලබන ජූලී මස පළමුවෙනිදා සිට කිසිදු ඛණිජ සම්පතක් ඉරනයෙන් මිල දී ගැනීම නොකළ යුතු ද වේ.
ඉරානයේ න්‍යෂ්ඨික වැඩපිළිවෙල අරඹයා බටහිර ප්‍රජාව විසින් ඉරානය වෙත සම්බාධක පැනවීමේ උපරිම අවස්ථාවට පැමිණ ඇති බව මෙම සම්බාධකයන් පිළිබඳව විග්‍රහා කිරීමේ දී පෙනී යයි.
යුරෝපා කොමිසම විසින් ඉතිහාසයේ කිසිදු දිනක ඉරානය වෙත මෙසේ ප්‍රබල ආර්ථික සම්බාධකයන් පැනවීමක් සිදුකර නොමැත. යුරෝපා කොමිසමේ මෙම සම්බාධක පැනවීමට අනුව මෙම මස ආරම්භයේදීම ඇමෙරිකාව විසින් ඉරානය වෙත පැනවූ ආර්ථික සම්බාධක තව තවත් ශක්තිමත්වන පෙනී යයි.
යුරෝපා කොමිසමේ රටවල් 27 න්, ඉතාලිය, ස්පාඤ්ඤය සහ ග්‍රීසිය ඉරානයේ ප්‍රධාන ඛණිජ සම්පත් මිලදී ගන්නන් වේ. දැනට විශාල ආර්ථික අර්බුදයක සිටින ග්‍රීසිය සහ ඉතාලිය විසින් ඉරානය වෙත මෙසේ ප්‍රබල සම්බාධක පැනවීමකට මුලදී එතරම් කැමැත්තක් නොදැක්විය. ඉරාන ඛණිජ සම්පත් සඳහා සම්බාධක පැනවීම වසරකට අත්හිටුවන ලෙස ග්‍රීසිය යුරෝපා කොමිසමෙන් මීට පෙර ඉල්ලා තිබිණි. ඉතාලිය සහ ස්පාඤ්ඤයද, එයට සමාන වූ ඉල්ලීමක් මෙම සම්බාධකයන් අරඹයා යුරෝපා කොමිසමෙන් ඉල්ලා තිබිණ.
එහෙත්, යුරෝපා කොමිසම තුළ ප්‍රධාන භූමිකාවක යෙදෙන ප්‍රංශයේ දැඩි ඉල්ලීම වී තිබුයේ හැකි ඉක්මනින් ඉරානය වෙත මෙම සම්බාධකයන් පනවන ලෙසටය.
ඉරානයේ දිනක ඛණිජ තෙල් නිශ්පාදිතයෙන් සියයට හැත්තෑවකට (70%) ආසන්න ප්‍රමාණයක් යුරෝපා වෙළඳ පොළ වෙත අලෙවි කරන අතර එය බැරල් වලින් මිලියන 2.6 කි. මින් ඉතාලිය සහ ග්‍රීසිය තම දිනක බොරතෙල් පරිභෝජනය සඳහා එම ප්‍රමාණයෙන්, පිළිවෙලින් සියයට තිහක් (30%) සහ සියයට තිස්පහක් (35%) ඉරානයෙන් ඝෘජුවම ලබාගන්නා බව සඳහන් වේ. තවද, එම ප්‍රමාණය ග්‍රීසියේ දිනක ඛණිජ තෙල් පරිභෝජනයේ 1/3 ක් වන අතර ඉතාලියටද එය එසේම වේ.
යුරෝපා කොමිසමෙහි මෙම සම්බාධකයන් සමඟින් ඉරානය තුළ ඉතා දරුණු ආර්ථික අර්බුදයක් හට ගනු ඇති බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දේ. විශේෂයෙන් ඉරාන මූල්‍යය සංස්ථාව සම්පූර්ණයෙන්ම බුදයකට යන බව ඔවුන්ගේ පෙන්වාදීම වේ. ඉරාන දැවැන්ත කර්මාන්ත ශාලා සහ බැංකු විශාල ප්‍රමාණයක් ක්‍ෂණිකව වැසියන බව ඔවුන් වැඩිදුරට සඳහන් කර සිටිති.
ඉරානය වෙත ඉහත සම්බාධකයන් පැනවුවහොත් ඉරාන අයිතිය හිමි පර්සියන් ගල්ෆ් කලාපය හරහා හොර්මුස් සමුද්‍ර සන්දිය තුළින් වැටී ඇති ලෝකයේ සෙසු රටවල බොරතෙල් ප්‍රවාහණය සම්බූර්ණයෙන්ම අහුරා දමන බවට ඉරානය විසින් ද මීට පෙර දැඩිව ප්‍රකාශ කර තිබිණ.
යම ලෙසකින් ඉරානය විසින් එවැනි ක්‍රියාමාර්ගයකට ගමන් කළහොත් යුධමය වශයෙවන් ඉරානය වෙත පහරදීම සඳහා ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර ප්‍රජාව බලාපොරොත්තුවෙන් සිටිති.
- සහන්
………………………………………………………..
………………………………………………………..
yako manoj,
americawa asadarana widiata wade denne..unta oni dollar eka rakagena
unge balaya rekaganna..mekat mataka tiyaganin,..americawa ikmanatama watenawa..
Enna dena.Nilabala arala Danna. Irakayata Jaya veva!!!!!!!!
ඇමරිකාවට ගහන්න කිවීමට අවශ්‍ය නැත. අඬන්න තියන ඇහැට අනින්නා මෙන් ඉරානය මේ තත්වයට ඇද දමා විනාශ කිරීම ඔවුන්ගේ අරමුණ වේ. ඇෆ්ගන් , ඉරාක් , ලිබියා පසුව ඉරනය දැන් අල්ලා ගැනීමට තැත් කරන්නේ රට රටවල් වලට අවශ්‍ය ආකාරයෙනි. විටෙක ජාත්‍යන්තර ත්‍රස්ථවාදයද විටෙක න්‍යෂ්ටික අර්බුදයද පෙන්වමින් නෙලා ගෙන නෙලා ගෙන යයි.
රටවල් එකතු වී සංවිධාන හදාගෙන තමන්ට අවශ්‍ය ලෙස පාලනය කරමින් සිටින අතර ලෝක සාමය කියා හොට දැමීමද සිදුවේ. මේ අනුව රටවල් වලට සම්බාදක පණවමින් හුදකලා කරන අතර ආර්ථීකය කඩා දමා යුද්ධ කර විනාස කරයි.
ලංකාවද මදක් හිස පාවිච්චි කල යුතුය. ඊලඟ ඇගිල්ල අපේ ඇස වෙත යොමුවිය හැක. එ විට අඬීමට නොව වැඳීමට සිදුවිය හැක. ඒ කියන්නේ හිස නැමීමට නොවේ . බුද්ධිය පාවිච්චි කිරීම පමණි
ඇමෙරිකාව ප්‍රමුක යුරෝපය අනිවාර්යෙන්ම යුද්දය සහ ඉලක්කය දිනනවාමයි.ඒක ඒකාන්තයි..ඉරානේ දාපු පුස් සද්ද බලමු දැන්.යන එන මන් නැතිවෙනවමයි උන්ට.
එය එසේම සිදුවිය යුතු දෙයකි.
මේ මොන බම්බුවක්ද, ඇයි යකෝ බලන් ඉන්නේ , ගහලා දාන්නේ නැතිව… ගහපියව් ඕකුන්ට! බුහා.. හා.. හා.. හා..
I wish u Iran we are with U
iran lokkaga kaia vitarai iranwalata yana anamak natiwai. americanuwan dinanava akantai.
palayan yako puka denne nathiwa kari hambayanta …..