ආණ්ඩුව සහ හෙට දවසේ තාරුණ්‍යය

තිස් වසරක යුද්ධය, ලාංකීය මිනිස් සමාජයේ රිද්මය උඩු යටිකුරු කළේය. එම උඩු යටිකුරු කිරීම විසින් මිනිස්සු තමා මුහුණ දෙන පොදු ප‍්‍රශ්න දෙස යුද්ධයට යටත්ව දකින්නට පුරුදු වූහ. බඩු මිල ඉහළ යාම, ‘‘දේශපාලඥයන්ගේ අධි ආරක්‍ෂාව’’, පොදු දේපළ කොල්ලය, අඩපණ වන සංවර්ධනය, විනාශවන කුඹුරු යායවල් ආදී මේ සියල්ල යුද්ධයේ ප‍්‍රතිඵල ලෙස සිතා මහජනයා පවතින තත්ත්වයට අනුගත වූහ. එහිදී එක් තීරණාත්මක මංසන්ධියකදී ‘‘මියෙම්වා රකිම්වා’’ සිතා සතුරාට පහර දීමට සියල්ලන්ට බලකෙරුණි. අවසානයේදී කොටියා සමග කළ බිහිසුණු යුද්ධය අවසන් වූයේ ශ‍්‍රී ලංකා හමුදාවට ජය ලැබීමෙනි. එම සුවිශේෂී ජයග‍්‍රහණය සන්තෝෂයට කාරණයක් කර ගත්තවුන් මෙන්ම එය දුකට කාරණයක් කර ගත්තවුන්ද එකග වූ පොදු සාධකය වූයේ, මේ ජයග‍්‍රහණය රටට ජාතියට අත්පත් වූයේ ‘‘මහින්ද රාජපක්‍ෂ නායකත්වයේ සුවිශේෂත්වය’’ නිසාය යන්නටයි. ජයග‍්‍රහණය සතුට බවට පත්කර ගත් අය මහින්ද රාජපක්‍ෂයන්ගේ දෙවෙනි ජයග‍්‍රහණය සනිටුහන් කළේ තම ප‍්‍රතිවාදියාට හිතාගන්නවත් නොහැකි තරම් වූ විශාල ඡුන්ද පරතරයකිනි. සතුටුවන්නෝ මහින්ද රාජපක්‍ෂට ආශිරර්වාද කරමින් මහින්ද රාජපක්‍ෂ ‘‘දෙවෙනි ඉනිම’’ ක‍්‍රීඩා කරන ආකාරය දෙස විමසිලිමත්ව බලා සිටින්නට වූහ. අවසානයේ යුද ජයග‍්‍රහණයෙන් නොසතුටට පත්වූවෝද මහින්ද රාජපක්‍ෂගේ ආණ්ඩුව වටා පෙළගැසුනහ. ඒ ඉතිහාස කථාවයි.

සැබෑවටම මහින්ද රාජපක්‍ෂට ආශිර්වාද කළ පිරිස් රට ධනාත්මක වෙනසකට ලක්වනු ඇතැයි අවංකවම අපේක්‍ෂා කළහ. එහෙත් මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව ආරක්‍ෂා කරන එම පිරිස් කනගාටුවට, වික්‍ෂිප්ත භාවයට පත්කරවන සිද්ධි දිනපතා සිදු වෙයි. ඒවා අතර, මෙතෙක් රටට හිතැති ලෙස සිතා නිර්මාණය කළ ව්‍යාපෘති අතර අතිශය වැදගත් ව්‍යාපෘතියක් වන හම්බන්තොට වරාය, සෝබනයට කලින් විවෘත කිරීම නිසා මහා මුදල් කන්දරාවක් නාස්ති විය. නොඉල්ලූ විශ‍්‍රාම වැටුපක් වෙනුවෙන් තරුණ ජීවිතයක් බිලිගත්තේය. ජාතියට අවශ්‍ය අධිවේගී මාර්ග පමණක්ද සිතෙන තරමට මහා මාර්ග සංවර්ධනය සඳහා රටම ණය උගුලක සිරකෙරෙන බවක් පෙනේ. නමුත් තරුණ තරුණි◊යන්ට රැකියා අවස්ථා බිහි කරන නිෂ්පාදන ආර්ථිකයක් සඳහා එම මුදලින් සොච්චමක් හෝ වැය කරන බවක් පෙනෙන්නේ නැත.

ලන්දේසියා මෝඩ ඇළ කපා මුතුරාජවෙල නම් අපගේ සාරවත් කුඹුරු යාය මුතුරාජවෙල වගුරු බිම බවට පත්කරමින් ඇරඹි අපේ කුඹුරු ටික වනසාලන කුමන්ත‍්‍රණය අදටත් ක‍්‍රියාත්මක වේ. නිල්වලා යොජනා ක‍්‍රමය සහ කඩිනම් මහවැලිය ඔස්සේ ඉදිරියට ගෙන ගිය එම කුමන්ත‍්‍රණය දක්‍ෂිණ අධිවේගී මාග_යත් සමග තවත් ඉදිරියට ගියේය. ආසනික් විෂ සහිත කෘමිනාශක ආනයනය කිඣිමේ දුෂ්ට ක‍්‍රියාව සාධාරණීකරණය කිරීමට ආණ්ඩුව මැදිහත් විය. දැන් තව අවුරු≥20 – 30කින් කළයුතු දෙයක් අද කිරීම නිසා එළවළු ගොවියා මහ පාරට බස්සවා ඇත.

සෙල්ලක්කාර ඇමැතිලාගේ රථ පෙළපාළි මහජනයාට කරන හිරිහැරය සහ තම පිලේ අයම ප‍්‍රසිද්ධියේ මරා ගන්නා තත්ත්වයට පත්වීම මහජනයාගේ පිළිකුලට ලක්වේ. මේ පිදුරු ගස් එක බැගින් ආණ්ඩුවට හිතවාදී අශ්වයන්ගේ පිට මතට පැටවෙමින් ඇත. අවසාන පිදුරු ගස් පැටවෙන්නේ කවදාදැයි අපි නොදනිමු.

කෙසේ වෙතත් මේ සමාජය තුළ දේශපාලන වශයෙන් තීරණාත්මක වැදගත්කමක් ඇති පිරිසක් සක‍්‍රියව සිටිති. ඔවුහු මේ තාක් දැක තිබෙන්නේ, අසා තිබෙන්නේ 1994න් පසුව ආණ්ඩු කළ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ප‍්‍රමුඛ පොදුජන එක්සත් පෙරමුණු ආණ්ඩුවේ ක‍්‍රියා කලාපයන් පමණි. 1977ඣී තේරී පත්වුණු ජේ.ආර්. ගේ ‘‘ධර්මිෂ්ඨ රාජ්‍යය’’ කරන ලද තරම් දේශ ද්‍රෝහී සහ පාපී ක‍්‍රියා පොදුජන එක්සත් පෙරමුණ ආණ්ඩුව කර නැති බව සැබෑවකි. එහෙත්, 80 දශකයේ අගභාගයේදී ඉපදී, අද වන විට මේ සමාජය තුළ ජවයෙන් පිරුණු තරුණ තරු◊යන්ගේ බළකායක් බවට පත් වී ඇති එම පිරිසට මේ ආණ්ඩුව සමග ඇති ගනුදෙනුව එතරම් හොඳ එකක් නොවේ. මාගේ නිරීක්‍ෂණයට අනුව මෙම කණ්ඩායම පැහැදිලිව පෙනෙන ස්ථර දෙකකින් යුක්ත වේ. ඔවුන් නම් තම දෙමව්පියන්ගේ සමාජ – ආර්ථික හයිය යොදාගෙන සමාජය තුළ කැපී පෙනෙන විවිධ අංශයන්වල රැකිරක්‍ෂාවන්හි නිරත වන හෝ එසේත් නැතිනම් අධික මුදල් ගෙවමින් නොයෙක් ජාතියේ ‘‘කෝස්’’ හදාරන පිරිසයි. අනිත් පිරිස තම දෙමව්පියන්ට ආර්ථික හෝ සමාජීය බලය නොමැති වුවත් යම් අධ්‍යාපන අවස්ථා හිමිකරගත් තරමක් දැන උගත් පිරිසයි. ඔවුන්ගෙන් යම් පිරිසක් යම් මට්ටමක රැකියා කරන අතර ඉතිරි අයද විවිධ පාඨමාලා හදාරති. නමුත් ඔවුන්ගේ පොදු සාධකය වැඩිදෙනා රැකියා විරහිතයෝ වීමය.

මේ තරුණ පිරිසේ ආකල්පයන් මොනවට පැහැදිලි වන අවස්ථා දෙකකට මේ ලියුම්කරුට සහභාගී වීමට අවස්ථාව ලැබුණි. මා මුලින් විස්තර කළ ස්ථරය නියෝජනය කරන තරුණ පිරිසක් එක්තරා අධි මිල පාඨමාලාවකට සහභාගීවෙමින් සිටියෝය. ඔවුහු ලංකාවේ විවිධ දිස්ත‍්‍රික්කවලින් පැමිණි තරුණ තරුණියෝ වූහ. එක් තරුණියක් පොළොන්නරුවෙන් පැමිණි අයෙකි. එකියක් ගම්පහ දිස්ත‍්‍රික්කයෙනි. ඒ පිරිස අතර කොළඹ දිස්ත‍්‍රික්කයේ හැදී වැඩුණු ප‍්‍රසිද්ධ පෙළේ පාසලක ඉගෙනුම ලැබූ තරුණ තරුණියන්ගේ ආකර්ශණය හොඳින් දිනාගත හැකි පෙනුමක් සහිත සහ එයටම ගැලපෙන ඇඳුම් පැළඳුම්වලින් සැරසී සිටි අයෙක්ද සිටියේය. ඔවුන් අතර විවිධ මාතෘකා ඔස්සේ ඇදීගිය කතා බහ දේශපාලනය කෙරෙහි යොමු විය. කාගේත් ආකර්ෂණය දිනා ගත් තරුණයා ආණ්ඩුව විවේචනය කරන්නට පටන්ගත්තේය. පිරිසේ සිටි තරුණ තරුණියන් සියලූ දෙනාගේ ප‍්‍රශ්නය වූයේ ‘‘ඔබ යූ.එන්.පී. ද?’’ යන්නයි. ඔහු නැතැයි අභිමානයෙන් පැවැසුවේය. එසේනම් ‘‘ඔබ ජේ.වී.පී. ද?’’ කියා තවකෙක් ඇසුවේ ඇඹුල් කරගත් මුහුණින් යුතුවය. දෙ අත් බැඳගත් තරුණයා ‘‘නැහැ මම Anti Rajapaksha’’ යැයි කීවේය. වික්‍ෂිප්ත වූ තරුණියෝ ඒ ඇයි කියා විමසූහ. එතැන් පටන් ඔහු මේ රටේ ඉහළම දේශපාලනය නිර්ධය ලෙස විවේචනය කළේය. ඔහුගේ තක්සේරුව අනුව ඉහළම දේශපාලඥයන්ගේ ළගම ඥාතීහු 500ක් පමණ විවිධ රාජ්‍ය ආයතන මෙහෙයවති. ඔහු 10%ක කොමිස්, නාස්තිය, දුෂණය, කාර් රේස්, සුපිරි ගණිකා ඇසුර වැනි විවිධ චෝදනා ඔස්සේ තම චතුර කතාව මෙහෙයවීය. ඔහුගේ කතාව අවසාන වන විට පිරිසේ සිටි සියලූ දෙනාම පාහේ, තමන් තුළ ඉහළම නායකත්වය කෙරෙහි තිබූ ගෞරවාදරය යම් පමණකට පලූදු කර ගත් බව පෙනු◊ණි. ඒ බව ඔවුන් තරුණයාට දැක්වූ අනුකූලතාවයෙන් මොනවට විද්‍යාමාන විය. පිරිසේ සියලූ දෙනාගේ අදහස වූයේ ඔවුන් එතරම් රට ඉහළ නායකත්වය පිරිහී ඇති බවක් නොදන්නා බවයි.

මාගේ දෙවන අත්දැකීමට පාත‍්‍ර වූයේ යූ.එන්.පී. ධවල භීෂණයේදී දිවි ගලවා ගැනීමට මම ගමෙන් පිට වූ පසු නිවසේ ඉතිරි වූ මා සතු පොත් පත් පරිහරණය කරමින් මා සම්බන්ධව ඥාතීන් තුළ වන අතීතකාමයෙන් ඔදවැඩුණු මගේ තරුණ ඥාති සොහොයුරෙකි. ඔහුද වත්මන් එජනිස ආණ්ඩුව කොටියාට ඉගැන්වූ පාඩම සම්බන්ධව අභිමානයෙන් සිටියෙකි. එහෙත් ඔහුට අහම්බෙන් ඉරිදා පුවත්පතක පළවූ වත්මන් ආණ්ඩුවේ පරිසර විරෝධී ක‍්‍රියා සම්බන්ධයෙන් වන විවේචනාත්මක ලිපියක් කියවන්නට ලැබී තිබුණි. ඔහු එම කාරණා එකින් එක මගෙන් ප‍්‍රශ්න කළේය. ඒවා නිර්දය සත්‍ය බැවින් ඒ සියල්ලම ‘‘ඔව්’’ යැයි පිළිගැනීමට මට සිදු විය. ‘‘මේවා මේ විදියට වෙනවා නම් අපිටත් ඉතිං මෙයාලට දීලා තියෙන බලය ආපසු උදුරගන්න වෙනවා’’ යැයි කේන්තිය මුසු ස්වරයෙන් කීවේය. බොහෝ විට මම මුණගැසුණු ඒ තරුණයා නියෝජනය කරන සමාජ ස්ථරය අධ්‍යයනය කරන විට එම ස්ථරයේ වැඩිදෙනාගේ මනස ඊට සමපාත වන බව මම නිරීක්‍ෂණය කොට ඇත්තෙමි.

මෙම සරල සිද්ධි හෝ ජවනිකා දෙක සමාජයට කරනු ලබන දරුණු සංඥාවන් ලෙස දකිමි. මා මුලදී විස්තර කළ සමාජ ස්ථරය වත්මන් සමාජය තුළ යම් මතවාදයන් පතුරුවා හැරීමේ සක්‍යතාව ඇති කොටස බවට සැකයක් නැත. ඔවුන් සතුව අන්තර්ජාලය ඇතුළු සකලවිධ මාධ්‍ය උපකරණ තිබේ. එසේම දෙවනුව සඳහන් කළ කොටස මේ බිම සමග සැබෑවටම හැපෙන තවමත් හැපෙමින් සිටින සැබෑ ගොවියන්ගේ, කම්කරුවන්ගේ, රජයේ සේවකයන්ගේ ආදී වූ තම තමන්ගේ මුල්වලින්ම පොළොවට බද්ධ වූ පිරිසකගේ දරුවෝ වෙති. ඔවුහු මේ බිමට ආදරය කරති. 87 – 89 වකවානුවේදී අප ජවිපෙට ආකර්ෂණය වූයේ සමාජවාදය සම්බන්ධව බොහෝ දැනුම් තේරුම් ඇතිව නොව ඔද වැඩුණු දේශපේ‍්‍රමයෙන් යුතුවය. ‘‘යූ.එන්.පී. ආණ්ඩුව’’ රට විනාශ කරනවා දුටු අපගේ පරම්පරාවේ තරුණයෝ අතට හසු වූ දෙයින් ඔවුන්ට පහර දීමට පෙළඹු◊. අවසානයේ රටට ආදරය කරන සුවිශාල තරුණ පරපුරක් සිය වටිනා ජීවිතවලින් වන්දි ගෙවීය.

අද තත්ත්වය එදා යූ.එන්.පී. ය මුහුණ දුන් තත්ත්වයට සමාන නැතත් තරුණ වෛරය ඒ දක්වා මෝරා යාමට ඉඩකඩ තිබෙන බව දිනෙන් දිනම වඩාත් පැහැදිලිව පෙනෙන්නට පටන්ගෙන ඇත. එදා ජේ.ආර්. ට නොතිබූ විශාල අනතුරු සමූහයක් අද මහින්ද රාජපක්‍ෂ හමුවේ ඇත. ඉන් එක් භයානක අනතුරක් නම් බටහිරයන් ඔහු කෙරෙහි පෙන්වන බද්ධ වෛරයයි. මැද පෙරදිගදී බටහිර අධිරාජ්‍යවාදීන් ඉතා සුළු ප‍්‍රචණ්ඩකාරීන් පිරිසකගේ උද්ඝෝෂණයන් උපයෝගී කොට ගනිමින් ඒ රටවල පාලකයන්ගේ ජීවිත බිලිගන්නා ආකාරය අපි දුටුවෙමු. එවැනි ප‍්‍රචණ්ඩත්වයකට කුමන්ත‍්‍රණකාරී ලෙස තල්ලූ කළ හැකි තරුණ මානසිකත්වයක් දැන් රටේ ගොඩනැගෙමින් තිබෙන බව බටහිරයන් නොදනීද?

පොදු ලාංකේය තරුණයා තුළ මෝදුවන ආණ්ඩු විරෝධය සහ ක‍්‍රම විරෝධය රාජපක්‍ෂ විරෝධය දක්වා වර්ධනය කිරීම බටහිර උවමනාවයි. එහිදී ජවිපෙ කැරලිකාර කණ්ඩායම තීරණාත්මක වැඩකොටසක්  බාර ගැනීමට ඉඩ ඇත. ජාතිකවාදී, දේශපේ‍්‍රමී සහ පරිසර හිතවාදී දියුණු තරුණ කොටස් අංශක 180 කින් කැරකී රාජපක්‍ෂ විරෝධයේ ගාමක බලවේගය බවට පත් වීමට ඇත්තේ විශාල ඉඩකඩකි. මෙම කරුණු සමහර විට අද මේ ආණ්ඩුව වටා පෙළ ගැසී සිටින පවිටු මිතුරන් හොඳින් දන්නවා ඇත. එසේ වුවත් ඔවුන් අනිවාර්යයෙන්ම උපදෙස් දෙනු ඇත්තේ කුමන හෝ මර්දන ක‍්‍රියාවක් අනුගමනය කිරීමෙන් ප‍්‍රශ්නය විසඳිය හැකි බවටය. සමහර විට යුද ජයග‍්‍රහණයෙන් අධි තක්සේරුවක් ඇති කරගත් රාජ්‍ය නිලධාරීන් මෙම උපදෙස් පිළිපැදීමට පවා ඉඩ ඇත. එය ආණ්ඩුව තව තවත් අමාරුවේ වැටෙන චක‍්‍රිය ක‍්‍රියාවලියක ආරම්භවිය හැක. මේ එළඹෙන්නේ රජය ජවයට හෝ බලයට වඩා මොළය යොදවා වැඩ කළ යුතු කාලයකි.

- ජීවන්ත ජයතිස්ස, ( [email protected])

බොලිවේරියානු සහයෝගීතාවයේ සම්බන්ධීකරණ ලේකම්.

4,866 Viewers have read This article

21 Comments to “ආණ්ඩුව සහ හෙට දවසේ තාරුණ්‍යය”

  1. modaya says:

    mata podi prashnayak thiyenawa ? danna kiyana aya uththarayak denna

    deshpremayathwaya, adhirajjya wirodaya kiyanne asanwiditha sancharaka wyparaya ta pramukathawaya deeemata, niruwath werala theera ethi kireemata, casino zone pihituweemata, thissamaharamaye motorcross race pewethweemata, night race pewethweemata, commonwealth games lankawata genwa geneemata bageta heluwen inna (me kale lassanai kiyana, hama sudu unama, konde pata karapu) tharunyata hetak eke colombo wala kello set ekak pita rata wala yawala bal neteema, 9 weni panthiyata witharak igena ganipu jonstant ta kiyala pasal guru bawathunta duwanna gesseemata ( mekee nokee thwath de thibe ) da ?

    me mahaththaru me anduwa reka reka , article liwuwata poth liwuwata ( Gundasa Amarasekara) wedak ne , thawa tika kalekin wenne Gunadasa Amarasekara lata minissu pitu panawa, mokada eyala thamai anduwata prashasthi gee gayanne, sadarana wiwechanayak karanne ne,

    lankacnews ekath ehemai… mahinda mahaththayata 13+ denna yanawanam karanna ona eka nathara karana eka, Kumar gunarathnam ge photo ekak prabhakaran , sampandan ekka ekata thiyala demma kiyala eka hariyanne ne, owa nikan mara lathoni witharai, Kumar ta hari kata hari owata support karanna puluwan wenne owa ta anduwa ida hadala thiyena nisa

    Mahinda Amaraweera lokka kiyanawa me anduwe ethule antha jathi wadeen innawalu, owa kiyanne katada kiyala amuthuwen kiyanna onana ne , oka thaai ada eththa thaththwe

  2. සුන්තක says:

    ඇමෙරිකාවේ සර්පොට් එක රැගෙන මේ හම්බයෝ ටික අතු ගාලා දාන්න ඕනි.

  3. සදාම් හුසේන් says:

    ඉතින් ඔහේ කියන්න හදන්නේ මහින්දගේ බලකාමයට වඩා බටහිර අධිරාජ්‍යවාදය දරුණු නිසා මහින්දගේ ආණ්ඩුව මොන මෝඩ චුන් කලත් උන්ට චන්දෙ දෙන්න කියලනේ ?
    හරි අපිට තේරුණා ! ජාති මාමකත්වයෙන් දේශප්‍රේමයෙන් ඔදවැඩුණු තරුණ පරපුරට බටහිර අධිරාජ්‍යවාද ලනුව කවා තව පාරක් චන්දෙ දිනන්න පුළුවන්. කිසි අවුලක් වෙන්නේ නැහැ.
    මහින්ද දිනනවා. ඒත් මට පෙනවිදිහට බටහිර අධිරාජ්‍යවාදය සහ නැගෙනහිර අධිරාජ්‍යවාදය අතර වෙනසක් නැහැනේ. අපි චීනෙට නය වෙනවා, ඇමරිකාව කියන දෙයට පිටින් යන්නේ නැහැ,
    කුක්ක්කෝ වගේ ඉන්දියාව කියනදේ අහනවා. ඉතින් තව අධිරාජ්‍යවාදයට යටවෙන්න දෙයක් නැහැ. නයවෙලාම එක සම්පුර්ණ වෙලා තියෙන්නේ !

  4. KUKUBABA says:

    MAME RATE RAKSHAWAL ETHIKARANNAI ONA IKMANATAMA ,NELUM POKUNU PASSE HARI GAHAGANNA BARIYE.ADUMA THARAME LED EKAKWATH HADAGANNA BARI MOLA KARAYODA AWURUDU 60 K THISSE BIHIKARALA THIYENNE.ANE MANDA MEHEMATH DEENA JATHIYAK ,ARAYATA MEYATA GARAHANNANAM HODA DANNAWA HA EKA THAMAI NATIONAL IDENTITYT EKA

  5. ජේමිස් බන්ඩා says:

    “”ලන්දේසියා මෝඩ ඇළ කපා මුතුරාජවෙල නම් අපගේ සාරවත් කුඹුරු යාය මුතුරාජවෙල වගුරු බිම බවට පත්කරමින් ඇරඹි අපේ කුඹුරු ටික වනසාලන කුමන්ත‍්‍රණය අදටත් ක‍්‍රියාත්මක වේ. නිල්වලා යොජනා ක‍්‍රමය සහ කඩිනම් මහවැලිය ඔස්සේ ඉදිරියට ගෙන ගිය එම කුමන්ත‍්‍රණය දක්‍ෂිණ අධිවේගී මාග_යත් සමග තවත් ඉදිරියට ගියේය. ආසනික් විෂ සහිත කෘමිනාශක ආනයනය කිඣිමේ දුෂ්ට ක‍්‍රියාව සාධාරණීකරණය කිරීමට ආණ්ඩුව මැදිහත් විය. දැන් තව අවුරු≥20 – 30කින් කළයුතු දෙයක් අද කිරීම නිසා එළවළු ගොවියා මහ පාරට බස්සවා ඇත”"”

    මොම බොලීවීයානු විප්ලව කරුවන්ගේ කුහක මෝඩ චූන් මෙම උපුටාගත් කොටසින් ඇත, ලන්දේසි ඇල ගැන මම නොදන්නෙම්, එහෙත් මහවැලි ව්‍යාපාරය නොකරුනේනම් රජරටක් නැත, සහල්වලින් ස්වය සල්ලන් වෙනු ඇත, ජලය උදෙසා ගහ මරා ගනු ඇත. ප්ලාස්ටික් කූඩ භාවිතය තව වසර 30කින් ගේන විට විප්ලව කාරයන්ගේ චින්තනය හිතා ගත හැක. රටට අවශ‍ය්‍ය කාර්මික සමාජ විප්ලවයකි, ඉන් නව නිපයුම් බිහිවනු ඇත, විප්ලව කාරයන්ගේ නිෂ්පාධණ ආර්තිකය යනු, තේ,පොල්,වැටකුලු, බන්ඩක්කා, වී, වට්ටක්කාය, මෙවා හැමෝම වවන නිසා හැමෝම මොනවා හෝ තම්බන් කති, එය නිෂ්පාධණයක් වූවාට නිෂ්පාධණ ආර්තිකයක් නොවේ, එය එසේ උනානම් රජරට අද දිවයිනේ පොහොසත් මිනිසුන් සිටින පළාත විය යුතුය, මොනරාගල දුප්පතුන් නැති විය යුතුය, මන්ද විප්ලව කාරයන්ගේ නිෂ්පාධණය එය වන බැවිනි. එසේනම් විප්ලවය විය යුත්තේ කාර්මික විප්ලවයකි, මේසදහා අධ‍ය්‍යාපන විප්ලවක් අවශ‍ය්‍යය, එය කැන්ටිමට පුටුවක්, කුනු අයින්කරන්න කම්කරුවෙක්, රැග් කරන්න අයිතියක්, ගුරුවරුන්ට ගල් ගහන්ඩ අයිත්යක් වැනි ගුනාත්මක නොවන තුප්පහි වැඩවලින් ඔබ්බට ගොස් ගූණාත්මක අධ‍ය්‍යාපනයක් වෙනුවෙන් ශිෂ‍ය්‍ය ව්‍යාපාර ගමන්මග වෙනස් කල යුතුය, විද්‍ය්‍යාගාරයට පහසුකම්, පර්යේෂණ සදහා පහසුකම්, ඇගයීම් ක්‍රම උදෙසා සටන් කර මෙම කාර්මික විප්ලවය නොහොත් නව නිපයුම් බිහිකල යුතුය, දේශපාලකයන් වෙනස් කර නව නිපයුම් බිහිවනතුරු අධ‍ය්‍යාපන විප්ලව නවතා නොතබිය යුතුය.විප්ලවය සැබෑ මග ගතයුතුය එය මෝඩ චූන් එකකට එහා ගිය දැක්මකින් ඉදිරියට ගත යුතුය, බොලීවියානු සොයුර වෙනස, ඔබට දිය හැකි දෙය, දිය යුතු දෙය සහ අවශ‍ය්‍යතාව තේරුම් ගත යුතුය.

  6. Duka says:

    සොරාගත් තාරුණ්‍ය ……….
    නුසුදුස්සන්ගේ කටු ඇකයේ ඉකිබිඳින තාරුණ්‍ය………
    පිබිදෙන්නට සිටි තාරුණ්‍ය……………..
    යුධ ජයග්‍රහණයේ දැවැන්ත ගන කබායෙන් හුස්ම හිරකර වදදෙන තාරුණ්‍ය …….
    හෙටක් ඇති අදක් කිසිදා නැති තාරුණ්‍ය …..
    සිල්වතෙක් වීමට ඇඟිලිගනිමින් සිටි තාරුණ්‍ය …
    නෙලුම් පොකුණේ අත්තිවාරම යට වැළලී ගිය තාරුණ්‍ය ………
    හම්බන්තොට වරායේ පත්ල මත වැළලු තාරුණ්‍ය …….
    දෙමාපියන් සැනසීමට බලාසිටි තාරුණ්‍ය ………..
    සහෝදර සහෝදරියන් රක ගැනීමට බලාසිටි තාරුණ්‍ය……
    රට දැය වෙනුන්වෙන් නව නිමවුම් කල තාරුණ්‍ය …….
    සින්ගාලොවද සුත්‍රය පිලිපැදි තාරුණ්‍ය ……..
    පියෙක් ,මවක් වීමට බලාසිටි තාරුණ්‍ය ……..
    ඇමතිලගේ කුණුවූ හකු තුල හපයක්වූ තාරුණ්‍ය ………..
    අදිවේගයේ දෙපස ගස් ගල් වී සුන්දර යාන වාහන දෙස හූන්ලන තාරුණ්‍ය …..
    මිතුරන්ගෙන් කොන්වුන තාරුණ්‍ය …………..
    තොරතුරු තාක්ෂණ මායාවේ අතරමන්වූ තාරුණ්‍ය …….
    ඇයට හිතපුරා පෙම් කිරීමට සිටි තාරුණ්‍ය ………….
    නෙලුම් කුලුනේ සිරස මත එල්ලා මරාදැමීමට නියමවූ තාරුණ්‍ය ………
    මිහින් ගුවන් යානයේ වැදී වලාකුළෙන් බිමට වැටි තාරුණ්‍ය ………
    ගල් අඟුරු බලාගාරයේ බෝයිලේරුව තුවතුල කපාටයෙන් මිරිකෙමින් කාන්දුවන තාරුණ්‍ය …….
    උත්සව සබාවේ පොල්තෙල් පහනේ දැල්ලෙන් පිලිස්සී ගිය ඉද්ද මල වූ තාරුණ්‍ය …………
    නැති බැරි කම නිසා නෑදෑයින්ගේ වහලෙක්වූ තාරුණ්‍ය ………………
    හඬන්නට කඳුල අතුරුදහන්වූ තාරුණ්‍ය ………………………
    පැදුර මත නිදිවර්ජිත තාරුණ්‍ය ……………………………..
    කුණු බක්කියේ CV – පතක් වූ තාරුණ්‍ය …………………..
    රූප පෙට්ටියේ රැඟුම් අතර නිර්වින්දනය වූ තාරුණ්‍ය …………………..
    මෙතෙ බුදුන්ගේ සිරි පතුල කඳුලින් තෙමා දුක කීමට බලා සිටි තාරුණ්‍ය
    ඉරට ,හඳට, මහපොළවට අවනඩුව කියූ තාරුණ්‍ය …………
    දහසක් දුක් මැද දෙමාපියන්ට සැනසු තාරුණ්‍ය ………….
    කලාකන්නියා ලෙස හංවඩු ගැසූ සත්පුරුෂ තාරුණ්‍ය …….
    ධනාත්මක චින්තන වැඩමුළුවේ ආසනය යට බූත වෙස්ගත් තාරුණ්‍ය………..
    බෝ සමිදුන්ගේ පත් අතර වැරහැලි කොඩියක් වූ තාරුණ්‍ය
    යුක්තියේ සුසානයේ සදාරණත්වය නම් දේහය සොයා හොල්මන්කළ තාරුණ්‍ය ……….
    සිය දුක කියා ආඩම්බර කාරතාත්තාට ලිපියක් යවා බලාසිටින
    මීළඟ සම්මුක පරීක්ෂණයට අමතනතුරු
    ස්වයන් රැකියාවෙන් නිපදවූ දේ විකුණාගත නොහැකිවූ තාරුණ්‍ය

    • Duka ගෙ බාප්පා says:

      උඹේ ආච්චිට හාල්ගරන්න
      උඹට නොතේරෙන තාරුණ්‍යය …..

  7. වීරභාහු says:

    වැදගත් ලිපියක්. අපිට වෙනසක් අවශ්‍යයි. අලුත් නායකයෙක් ධාර්මිකව රට පාලනය කරන. හොරු අපිට එපා.

    • පුරවැසියෙක් says:

      ඊලග නායකයා මෙම දුෂිත ප්‍රජන්තර වාදී නොවෙන විධායක ජනාදිපති ක්‍රමය වෙනස් කල යුතුය .මැතිවරණයෙන් ජයග්‍රහණය කර දිවුරුම් දුන් විගස බාරකාර රජයක් පත් කර වියවස්තව වෙනස් කර අව්රුදු තුනක් හෝ හතරක් බලය තියෙන පාර්ලිමේන්තුවක් ස්ථාපිත කල යුතුය .මෙම නායකයා බලයට මුදලට කෑදර නොවෙන සියලු මිනිසුන්ට කරුණාවන්ත මනුෂයෙක් විය යුතුය .විධායකයේ රසය දැනුන හොත් කොතරම් හොද මිනිසෙක් උනත් 1977 සිට පත් වුන අය දිහා බලන විට පෙන්නේනේ පළමු අවුරුදු දෙකෙන් පස්සේ පිස්සු නටන්න පටන් ගන්නා බවයි .මේ විධායක ක්‍රමයයි මනාප කරමයයි වෙනස් ක‍රන්නේ නැතිව අපේ රටට කවදාකවත් දියුණුවක් නැත .

    • lakmal says:

      මෙන්න මෙ කියන ජතියෙම මි-හරකෙක්

  8. පුරවැසියෙක් says:

    “යම් ප්‍රජාතන්ත්‍රවාදී රටක දේශපාලඥයන් අවස්ථාවාදීන් හා කපටියන් නම් ඡන්දදායකයන් මෝඩයන් නම් එවැනි රටක බිහිවන රාජ්‍ය තරම් භයානක රාජ්‍යයක් මුලු ලෝකයේම නැත්තේය.”

    හැරල්ඩ් ජේ. ලැස්කි
    (1893-1950)

    (උපුටා ගත්තේ මාතලන් වෙබ් අඩවිය )

  9. sakwithi says:

    ආණ්ඩුවෙ ඔලුව පවිච්චි කරන එකෙක්වත් ඉන්නවද? මුලින්ම UNP එකෙන් ආපු කාලකන්නි ටික පන්නන ඕන.

  10. විමසුම says:

    කතාව ඇත්ත .මේ රටේ උ ත්සාහෙන් කෙලින් වෙන්න බලන
    නංගිලා මල්ලිලාට හිමි තැන කඩේ යන උන්ට දීල ,අසරණ නංගිලා මල්ලිලාගේ
    ජීවිත සුන්නද් දූවිලි කරලා ඒ අයව අපරාද කාරයන් කරන්න
    තීරණ ගන්න සියලු දෙනාට ……………මේ LCN එකේ “ලංකාවේ ලක්ෂ 60 ක් මානසික රෝගීන්”
    කියන හෙඩිම යටතේ ගියපු ලිපිය යට පිළිතුරු ලිපියක් ලෙස මම මෙය දකිමි.මුල් ලිපියේ
    තුලින් එලියට පැමිණි සමාජ යථාර්ථයේ හඬ ඉවසනු නොහැකි වූ ඉහත ඊනියා ලිපියේ
    සඳහන් සමාජ ව්‍යසනයට වගකිවයුතු බලකාය එම මුල් ලිපිය හිටි හැටියේ පැමිණ
    සුදු වැන් එකක දමාගෙන ගියෝය .
    තාරුණ්‍යට ඇත්තේ හෙටක් පමණි,තාරුණ්‍යට අදක් කවදාවත් නැත.

  11. හෙලයෙක් says:

    රටට ආදරය කරන නායකයෙක් බිහිවන්නේ කලාතුරකිනි. ඒ නායකත්වය රැකගැනීම සැමගේ වගකීමකි. සැබවින්ම රටේ මිනිසුන්ට මේ රජය පෙරලීමේ උවමනාවක් නැත.

    රජතුමාගේම කඩුව රැගෙන මැස්සන්ට ගසන්නට යන ඥාති හිතමිත්‍රාදීන්, මැර මැතිඇමතිවරු, දුෂිත නිලධාරීන්, අත්තනෝමතික පාලනයන් ගෙන යන උපකුලපතිවරු සහ උපදේශක වන්දිභට්ටයන්ගෙන් මිදෙන්නට මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමාට හැකිවේවා!

    • abe says:

      රජතුමා දැන දැනම කඩුවට නිසි ආරක්ෂාවක් නොදී තමාට
      හිතවත් අයවලුන් එය පාවිච්චි කර අමාරුවේ වැටුණු පසු දහස් වාරයක් හෝ
      බේරාගැනී.

  12. චුට්ටා says:

    ආදරණිය ජීවන්ත අයියේ,
    ඔයාගේ ලිවුම ලස්සනයි. ඔය කිව්වේ නැහැනේ ඟති මල්ලිගේ කතා අනුමතකරාට එයට දීපු උපදෙස්, ජන අරගල කාරයින්ට අහු නොවී ඉන්න හැටි.
    ඔය කියන විධියට මේ ආණ්ඩුව ජනතාවට එරෙහිව යනවලු, එහෙනම් මොන කෙන්ගේඩියකටද ආණ්ඩුවේ තවත් ඉන්නේ? තේරෙන බාසාවකින් කියහන්කෝ බන් අපි මොකද කරන ඕනි දැන්, අපි මැරුණත් විමල් වීරවංස මාමට තමයි, අපිව අතරමන් කරන එපා.

  13. El Gamal says:

    මම දැකලා තියෙනවා ශ්‍රී ලාංකික Facebook සාමාජිකයින් බහුතරයක් ඔය කියන anti-Rajapaksha බව. ඒ තරුණ අය….

    • Notherena says:

      මමත් දෙකල තියනවා මී විරූදින්ව. ඊ අයගේ පොදු ලක්ෂණයක් තියනවා. ඊ තමි ඊ බොහොඕ දෙන එක්කෝ අද සමාජයී ඉන්න මේද පන්තිය කියන්න පුළුවන් කට්ටිය. ඒ ය දේශපාලනය දන්නේ නේ. පත්තර බලනවා උඩින් පල්ලෙන්. ගෙම්බුරු අද්‍යයනයකට යොමු වෙලා නේ. ගොඩක් ය හවසට ගොසිප් ලංකා බලල රටේ දේශපාලන ආර්ථික සමාජෙය තත්වය විග්‍රහ කරගන්න අය.

      පසුගිය දශක කෙපයේම අපේ අද්යපනෙන් බිහිකරලා තියෙන්නේ මේ අන්ද්බල පරපුර තමඊ. එක රටේ වෙරද්දක්. samasthayak widihata yamak diha බලල thiranayak ganna ඒ අය iganagena නේ. prasnaya ekai.

      • lakmal says:

        මෙ ලිපීයෙ තියන ගොඩක් කරුන වලට මම එකගයි…ඒත් මෙ කියන තරුන පරපුර 87-89 , ලිබියාවට වඩා වෙනස් …මුන් මහා බුරු රෑලක් , මෙලො මුගුලක් තෙරෙනෙ නෑ…නිකන් ෆෑන්ටසි ලොකවල ජිවත්වන අය…මුන් කවදාවත් විප්ලව කරන්ඩ යන්නෙ නෑහ…කටින් බතල හිටවනව මිසක්

Leave a Comment