ඇමරිකා එක්සත් ජනපදය සහ යුරෝපා සංගමය ඉරාන තෙල් මිලදී ගැනීමට එරෙහිව පනවා ඇති සම්බාධක අනුව යම් බැංකුවක් හරහා ඉරාන තෙල් මිලදී ගැනීම් සඳහා මුදල් ගෙවීම් කරනු ලැබුවහොත් එම බැංකුවේ බැංකු කටයුතු පවා තහනම් කිරීමේ හැකියාව යුරෝපා සංගමයට සහ ඇමරිකාවට ලැබී තිබේ. එහෙත් මෙම තීන්දුව ගැනීම ලෙහෙසි කාරණයක් වුවද ක‍්‍රියාත්මක කිරීම පහසු කාරණයක් වී නැත. මේ බව සනාථ කරමින් විදෙස් වෙබ් අඩවි පවසන්නේ ඉන්දියාව මෙම සම්බාධක පැනවීමට එරෙහිව සිටින අතර තෙල් හුවමාරුවේදී ‘ඩොලර්’ වෙනුවට විකල්ප ක‍්‍රියාමාර්ග සෙවීමට පෙළඹී සිටී. ඒ අනුව ඉරානය සහ ඉන්දියාව සහ ඉරානය සාකච්චා කරමින් සිටිනුයේ ජපන් යෙන් සහ ඉන්දියානු රුපියල් ගණුදෙනවේ මුදල් ලෙස යොදාගැනීමටය. එහෙත් අළුත්ම ආරංචි මාර්ගවලට අනුව තෙල් ගණුදෙනුවේදී මුදල් හුවමාරු කරනවා වෙනුවට රත‍්‍රන් හුවමාරු කිරීමට දෙපාර්ශ්වය එකඟ වී ඇතැයි කියැවේ. මේ අනුව යමින් ඉන්දියාව අනුගමනය කරන ක‍්‍රියාමාර්ගයම චීනයද අනුගමනය කරනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයෝ මත පල කරති.
ඉරාන තෙල් අපනයනයෙන් 22%ක් ඉන්දියාව පරිභෝජනය කරනු ලබන අතර චීනය 13%ක් පරිභෝජනය කරයි. එසේම බටහිර රටවල මෙම තහනම ජපානයේ සහ දකුණු කොරියාවේ ආරථිකය සම්බන්ධයෙන්ද බරපතල ලෙස දැනෙන බවඔවුහු මැසිවිලි නඟති.
ඉන්දියාවේ නව යෝජනාව ඉන්දියාවට අයත් UOC බැංකුව සහ තුර්කියට අයත් Halk Bankasi බැංකු හරහා ක‍්‍රියාත්මක කිරීමට නියමිතය. තුර්කියද ඇමරිකාවේ ඉරාන සම්බාධකවලට එරෙහිව ක‍්‍රියාත්මක වන රටකි.
- lakmini
දෙවන ලෝක යුද්දයෙන් පසු ඇමරිකාව විසින් නිර්මාණය කල ලොව ප්‍රථම ගෝලීය අධ්රාජ්‍යය ආරක්ෂා කිරීමටත්,එය පවත්වාගෙන යාමටත් අවශ්‍ය ප්‍රධානතම පදනම වැටුනේ ඩොලරය පදනම් කරගත් ලෝක රටාව තුලය.සොවියෙට් දේශයේ තිබු යල්පැනගිය මාක්ස්වාදී න්‍යායන් වලට පින්සිදුවන්නට සීතල යුද්දය තිබු සමයේදීම ඇමරිකාවට ඩොලරය ලෝකයේ ප්‍රධානතම විනිමය මාද්‍ය ලෙස භාවිතා කිරීමට හැකිවිය.ඇමරිකාවේ ඩොලරයට අභියෝග කිරීමට ලෝකයේ විවිධ නායකයින් විවිධ අවස්ථාවලදී නොයෙකුත් උත්සාහයන් ගත්තද ඇමරිකාව විසින් එම උත්සාහයන් හොඳින් හෝ නරකින් යටපත් කිරීමට ක්‍රියා කළේය.තමන්ගේ තෙල් වෙළදාම් වලදී ඩොලරය වෙනුවට යුරෝ මුදල් ඒකකය භාවිතා කිරීමට උත්සහගත් ඉරාකයේ සදාම් හුසේන්ටත්,අරාබි ලෝකයේ තෙල් වෙළදාමට ඩොලරය වෙනුවට ගෝල්ඩන් ඩිනාර්(රනින් කල ඩිනාර් නමින් හැදින්වෙන නවතම මුදල් ඒකකයක්) භාවිතා කිරීමට උත්සහගත් ලිබියාවේ ගඩාෆිට සිදුවූයේත් අවසානයේ තමන්ගේ ජීවිතවලින් වන්දි ගෙවීමටය.ඩොලරය පදනම් කරගත් ගෝලීය ආර්ථික රටාව හමුවේ ඇමරිකාවේ ආර්ථිකය ශක්තිමත් වූ අතර ඔවුන්ට මුදල් අවශ්‍ය වූ විට ඇති තරම් කළු සල්ලි මුද්‍රණය කිරීමටද හැකි විය.නමුත් ඇමරිකාව විසින් ඉරානයට දමන ලද තෙල් සම්භාදක නිසා උරණ වූ ඉරානය රුසියාව සමග කරන සියලුම ගනුදෙනු වලදී ඔවුන්ගේම මුදල් එකක භාවිතා කිරීමටත්,ඉන්දියාව සමග කරන තෙල් ගනුදෙනුවලදීද ඔවුන්ගේම මුදල් එකක භාවිතා කිරීමටත් තීරණය කිරීම ඩොලරය පදනම් කර ගත් ලෝක රටාවට එල්ලවූ දැවැන්ත මාරු පහරක් වනු නොඅනුමානය.එසේමමේ නිසා රුසියානු රුබලයට ලෝක වෙළදපොලේ ඉහල වටිනාකමක් හිමිවූ අතර ඉරානයේ රියාල් මුදල් ඒකකයද ආරක්ෂා විය.එසේම තෙල් ගනුදෙනුවලදී රත්‍රන් භාවිතා කිරේම නිසා ශ්‍රී ලංකාව වැනි රටවලටත් ඉරානය සමග කරන තෙල් ගනුදෙනු වලදී බටහිර බලපෑම්වලින් තොරව නිදහසේ කටයුතු කිරීමටත් අවකාශය උදා වනු ඇත.එසේම චීනයත් තමන්ගේ වෙළඳ කටයුතුවලදී ඩොලරය වෙනුවට යුවාන් මුදල් ඒකකය භාවිතා කිරීමට තම අවධානය යොමු කර තිබීම ඇමරිකාව සසල කිරීමට හේතු විය.මන්දයත් ඇමරිකාවේ භාණ්ඩාගාර බිල්පත්වල වැඩියෙන්ම ආයෝජනය කර ඇත්තේ චීනය වන අතර ඇමරිකාව චීනයට කොතරම් නය වී ඇද්ද නම් ඇමරිකාවේ දල ජාතික අදායමට වඩා ඇමරිකාව චීනයට ණය වී ඇත .චීනය යම් හෙයකින් ඩොලරය අත්හැරියොත් ඇමරිකාවේ ආර්ථිකය පය 24 ක් යාමට මත්තෙන් සිම්බාබ්වේ ආර්ථිකයටත් වඩා පහලට කඩා වැටෙනු ඇතිබව බොහෝ ආර්ථික විශ්ලේෂකයෝ දැනටමත් ඇමරිකාවට අනතුරු අඟවා ඇත.එසේම මේ ගෙවී යන්නේ තම අධි රාජ්‍යයේ අවසාන සමය බව අන් කිසිවකුටත් වඩා ඇමරිකාව හොඳින් ම දනී.ඒ නිසා මාවන් තත්වයක් හමුවේ ඇමරිකාවේ ප්‍රතිචාරය කෙබදු වේද?ලෝකය ඉදිරියේ ඇති ඊළඟ ප්‍රශ්නය එයයි
පැණි වරකා ගෙඩියක් සහ හිඹුටු ගෙඩියක් සංසන්දනය කිරීමට හිතන්නා පවා මෝඩයෙකි
sorry. wrong place
Ela ela dena kala warrelakoo . Dolar walata kelinna giya
බුදු දහම හා ඉස්ලාම් ආගම අතර කතා කරන්න දෙයක් නැත.එය විහිලුවකි.
එතකොට වීරවන්සලගේ දේශප්‍රේමී ආන්ඩුව ඉරානෙන් තෙල් ගන්නෙ නැද්ද?
හරියට හරි මොකටද ඇමරිකන් ඩොලර් පාවිච්චි කරන්නේ තමන්ට පුලුවන් මාධ්‍යයෙන් ගනුදෙනු කරන්න තියෙන්නේ.
ඉස්ලාම් බෞද්ධ සංවාදය
මේ සංවාදය දිගට පවත්වා ගෙන යන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් ඉදිරියට එන්න.
http://wasawarthimarayagekanisama.blogspot.com/2012/01/blog-post.html
බුදු දහම හා ඉස්ලාම් ආගම අතර කතා කරන්න දෙයක් නැත.එය විහිලුවකි…..
agreed 100000%
ඉස්ලාම් ආගම සහ බෞද්ධ දර්ශනය අතර සංවාදයක් අවශ්‍ය නැත.එවැනි සංවාද අවශ්‍ය වන්නේ සන්සන්දනය කල හැකි දර්ශන සහ ආගම් අතරය.
ඉල්ලන් කන්න වෙයි කියන බයට නෑ????
thanks for undestanding
පැණි වරකා ගෙඩියක් සහ හිඹුටු ගෙඩියක් සංසන්දනය කිරීමට හිතන්නා පවා මෝඩයෙකි….
@ maraya wasawarthi
http://www.youtube.com/watch?v=jmfqQvRfdKQ
May videos balala thiranayk ganna
Jus woch n take a dessication dont waste any time.
sanwaada? monaa ganada? pissuda?