ඒකීයභාවයට හානිකරන විසඳුමක්‌ ගෙන ඒමට රජයට ජනවරමක්‌ ලැබී නැහැ – විමල් වීරවංශ

වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව ජාතික නිදහස්‌ පෙරමුණේ නායක ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා සමඟ කළ සාකච්ඡාවක සටහන් මතු දැක්‌වේ.

යෝජිත පෞද්ගලික විශ්වවිද්‍යාල පනත රජය විසින් ඉදිරිපත් කර රජය විසින්ම හකුලාගෙන තියෙනවා. රජය කළේ මුට්‌ටිය දාල බැලීමක්‌ද?

ශ්‍රී ලංකාවේ දැනටමත් ක්‍රියාත්මක මට්‌ටමේ පෞද්ගලික විශ්වවිද්‍යාල තිහක්‌ පමණ තියෙනවා. ලියාපදිංචි කළ පණහකට වැඩි ප්‍රමාණයක්‌ තියෙනවා. පෞද්ගලික විශ්වවිද්‍යාල ඇති කරන්න අලුතින් නීති අවශ්‍ය නැහැ. ඒකට 1985 පමණ ආපු පනතකුත් තියෙනවා. රාගම වෛද්‍ය පීඨයට විරුද්ධව ශිෂ්‍ය ව්‍යාපාරය පාරට බැස්‌සේ එම පනත නිසා පිහිටුවන පළමු වන පෞද්ගලික විශ්වවිද්‍යාලය වෙච්ච නිසා.

පෞද්ගලික විශ්වවිද්‍යාල දැනටත් ශ්‍රී ලංකාවේ තියෙනවා. ඉදිරියේදී අලුතින් ඇතිවෙන්නත් ඉඩ තියෙනවා. ඒවාට අලුතින් පනතක්‌ අවශ්‍ය නැහැ. දැනටත් එය ක්‍රියාත්මක බව පැහැදිලියි.

එස්‌. බී. දිසානායක අමාත්‍යවරයා ගෙනෙන්න උත්සාහ කළේ, පෞද්ගලික විශ්වවිද්‍යාල දැනට තියෙන නිසා ඒවායේ නිsයාමනය සහ වගවීම පිළිබඳ විශේෂ නීති රාමුවක්‌ තමයි පනතක්‌ ලෙස එතුමා ගෙනෙන්න උත්සාහ කළේ. එම පනත ගෙනාවා නම් දැනට ක්‍රියාත්මක පෞද්ගලික විශ්වවිද්‍යාල පවත්වාගෙන යන ආකාරය ගැන සලකා බැලූ ප්‍රථම නීති රාමුව බවට මෙය පත්වෙනවා. එවිට කෙනකුට අවශ්‍ය නම් මෙය අර්ථකථනය කළ හැකියි පෞද්ගලික විශ්වවිද්‍යාල පිහිටුවීම සඳහා ආරම්භක පියවර තැබූ අවස්‌ථාවක්‌ කියලා.

එක්‌සත් ජාතික පක්‍ෂය සහ අන්තර්ජාතික බලවේගවල න්‍යාය පත්‍රය අනුව 2012 වර්ෂයේ අරගල වසරක්‌ කිරීමටයි ඔවුන් සැලසුම් කරල තියෙන්නේ. මෙම තත්ත්වය යටතේ ශිෂ්‍ය උද්ඝෝෂණවලදී එක්‌ ශිෂ්‍යයෙක්‌ හෝ මියගිය පසු ඔවුන් බලා සිටින්නේ හොඳ අරගල වසරක්‌ නිsර්මාණය කර ගැනීමටයි.

එබඳු පනතක්‌ ගෙන ඒම තුළින් සිදුවන හොඳ සහ නරක විමර්ශනය කළ යුතු බවයි අප පෙන්වා දුන්නේ. අනෙක්‌ අතට ශිෂ්‍ය ව්‍යාපාරය සමග ගෝරි දාගෙන මරාගෙන මැරිලා මේවා කරන්න බැහැ. හයෙන් පහක බලයක්‌ තිබුණු යූ. ඇන්. පී. ආණ්‌ඩුවේ අධ්‍යාපන ඇමැතිවරයා ලෙස සිටියේ රනිල් වික්‍රමසිංහ මහතායි. ධවල පත්‍රිකාව ගෙනාවා. මේ රටේ ශිෂ්‍ය ව්‍යාපාරය පාරට බැහැලා එය නැවැත්වූවා. යූ. ඇන්. පී. ආණ්‌ඩුව හකුළ ගත්ත එකම පනත ඒකයි. ශිෂ්‍යා කියන කෙනා අවබෝධ කරගෙන දිනා ගන්නවා විනා බය කරලා බලහත්කාරයෙන්, බලපෑම් කරලා දිනාගන්න බැහැ. මේ සමස්‌ත තත්ත්වය සලකා බලලයිs අප යෝජනා කළේ මෙම පනත ගැන පුළුල් සාකච්ඡාවක්‌ අවශ්‍යයි කියලා. ජනාධිපතිතුමා ඒ ගැන පෞද්ගලිකව අධ්‍යයනය කරලා එතුමා අමාත්‍ය මණ්‌ඩලයට දැනුම් දුන්නා. එවැනි පනතක්‌ එන්නෙත් නැහැ. නියාමනය සහ වගවීම පිළිබඳ ක්‍රියාවලියට වුවත් පනතක්‌ අවශ්‍ය නැහැ ඒ සඳහා දැනට තියෙන විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා බලතල හරහා හෝ 1985 පනතේ තිදෙන බලතල අනුව එය කළ යුතුයි කියා. ඒ හැරෙන්න අලුත් නීති රාමුවක්‌ මේ සඳහා අවශ්‍ය වී නැහැ කියලා ජනාධිපතිතුමා අමාත්‍ය මණ්‌ඩලයට දැනුම් දුන්නා.

හකුලා ගත් පෞද්ගලික විශ්වවිද්‍යාල පනත රජය පස්‌සා දොරින් ගෙනඒමට කටයුතු කරන බව අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා චෝදනා කර තිබුණා.

මේ ආණ්‌ඩුවට දොරවල් ගොඩක්‌ නැහැ. ඉස්‌සරහා දොරටයි පස්‌සේ දොරටයි දෙකටම තියෙන්නේ ඉස්‌සරහා දොර විතරයි. ආණ්‌ඩුවට එන අය එන්නෙත් ඒ දොරෙන් ආණ්‌ඩුවෙන් යන අය යන්නේත් ඒ දොරින්. පනත් ගෙනෙන්නෙත් ඒ දොරින්. පනත් අයින් කරන්නෙත් ඒ දොරින්. දොරවල් ගොඩක්‌ තියෙන පක්‍ෂවලට වුණේ මොකද කියල දැන් පෙනෙනවානේ. ඒ නිසා පස්‌සෙ දොරින් ගෙනෙන්න දේවල් නැහැ. ගේනව නම් ගේන්නේ ඉස්‌සරහා දොරින්. ඉස්‌සරහා දොරින් ගෙනෙන්න බැරි නම් අපි ගෙනෙන්නේ නැහැ.

අද විශ්වවිද්‍යාල පද්ධතියම අවුල් ජාලාවක්‌ බවට පත්වෙලා තියෙනවා. මෙම තත්ත්වය රජය හිතාමතා සැලසුම් සහගතව කරන බවට ශිෂ්‍ය සංගම් චෝදනා කරනවා.

රජය හිතා මතා සැලසුම් සහගතව ඇති කරන තත්ත්වයක්‌ නම් මේකෙන් මොකක්‌ද රජය බලාපොරොත්තු වෙන්නේ. මොකක්‌ද රජයට තියෙන ලාභය. හිතා මතා සැලසුම් සහගතව ඇති කරන තත්ත්වයක්‌ නම් ඉන් රජයට වාසියක්‌ තියෙන්න එපෑයෑ. මොකක්‌ද තියෙන වාසිය.

පෞද්ගලික විශ්වවිද්‍යාල පනත සම්මත කර ගැනීම සඳහා මෙවැනි තත්ත්වයක්‌ ඇති කරන බවයි ශිෂ්‍ය සංගම් චෝදනා කළේ.

පෞද්ගලික විශ්වවිද්‍යාල ගැන පනතක්‌ ගෙන එන්න ඕනෑ නම් ඒකට විශ්වවිද්‍යාලවල කලබල නැතිව තියෙන එකයි හොඳ. ශිෂ්‍යයෝ කලබලවලට ඇදගන්න එක රජයේ වැඩක්‌ නම්, ඒ කලබලවලට ඇදගන්න ශිෂ්‍යයෝ ඉන්න තැනකට පෞද්ගලික විශ්වවිද්‍යාල පිළිබඳ පනතක්‌ ගෙනෙන එක තවත් නරකයි. එවිට කලබල තවත් වැඩි වෙනවා. එනිසා රජයට අවශ්‍ය නැහැ විශ්වවිද්‍යාලවල ශිෂ්‍යයෝ කලබල කරන තත්ත්වයකට ගෙනෙන්න. හැබැයි සමහර විශ්වවිද්‍යාලවල ඇතැම් උපකුලපතිවරු අනුගමනය කරල තියෙන සමහර ක්‍රියාමාර්ගවලින් වෙලා තියෙන්නේ ශිෂ්‍ය ව්‍යාපාරයේ විනාශකාරී කල්ලි කණ්‌ඩායම්වලට අවශ්‍ය කරන වාසිය ලැබිල තියෙනවා. ඒක රජයක්‌ හැටියට වන දෙයක්‌ නොවෙයි, සමහර උපකුලපතිවරුන්ගේ තිබෙන අදූරදර්ශීභාවය නිසා ඇති වූ තත්ත්වයක්‌.

නමුත් රජයේ යුතුකමක්‌ නේද එවැනි උපකුලපතිවරු සම්බන්ධයෙන් තීරණයක්‌ ගැනීම.

උපකුලපතිවරු තෝරන්නේ ජනාධිපතිතුමා නොවෙයි නේ. විශ්වවිද්‍යාලයේ නියමිත ක්‍රමවේදයකට අනුව ඡන්දයකිනුයි උපකුලපති තෝරන්නේ. එම ඡන්දයෙන් පළවැනියට, දෙවැනියට සහ තෙවැනියට ලැබුණු නම් තුනක්‌ ජනපතිට එවනවා. සාමාන්‍යයෙන් වෙන්නේ එම අවස්‌ථාවේ ඡන්දය වැඩියෙන් තිබුණු කෙනාට උපකුලපති ධුරය දීමයි. වැඩියෙන්ම ඡන්ද තියෙන කෙනාට ගොඩක්‌ ප්‍රශ්න චෝදනා තියෙනවා නම් දෙවැනියට දෙනවා. ඕක තමයි වෙන්නේ. නැතිව ජනාධිපතිතුමා තනියෙන් මෙම තනතුර තීරණය කරන්නේ නැහැ. මෙය සමහර ආයතනවල සභාපති පත්කරනවා වාගේ තනතුරක්‌ නොවෙයි.

රජය ගත් ඇතැම් ක්‍රියාමාර්ග ඔබ දැඩිව විවේචනය කළා. එම ක්‍රියාමාර්ගවලට පිටතින් නැතහොත් විපක්‍ෂයෙන් නැඟිය හැකි විරෝධතා සමනය කිරීමට මේ අයුරින් ඔබ හැසිරෙන බවට සමහරුන් චෝදනා කරනවා.

එක එක අය එක එක ඒවා කියනවා. අපි ඕව ගැන මොකුත් නොකියා දැක්‌කෙ නැහැ වගේ හිටියොත් කියනවා අන්න බිල්ලෝ වගේ ඉන්නවා කියලා. එසේ නොමැතිව අවශ්‍ය විවේචනය කළාම කියනවා පිටතින් එන විරෝධය ඇතුළතින්ම සමනය කරගන්නා ක්‍රමවේදයක්‌ කියලා. අපි මොනව කළත් මොනව හරි කියනව නේ. කළොත් එකක්‌ කියනවා. නොකළොත් තව එකක්‌ කියනවා.

මෙතැනදී ඒගොල්ලෝ කියන එක නොවෙයි වැදගත්. ඇත්තටම අපේ යුතුකමක්‌ හා වගකීමක්‌ තියෙනවා. අපි ආණ්‌ඩුවක්‌ ඇතුළේ හිටියා කියලා හෘදසාක්‍ෂියට විලංගු දාගෙන ඉන්න ඕනෑ කියලා නීතියක්‌ නැහැ. ආණ්‌ඩුව ආරක්‍ෂා කිරීමට අපට තියෙන ප්‍රධාන වැඩ කොටස තමයි ආණ්‌ඩුවේ වැරැදි වුණත් හදා ගැනීමට ප්‍රයත්න දැරීම. අපි ගැන වැරැදි තියෙනවා නම් ඒවා හදාගන්න තරමට තමයි අපි නිවැරැදි වන්නේ. අපි වැරැද්ද පෙන්වා දෙන එකට දෝෂාරෝපණය කරලා වැඩක්‌ නැහැ. අපි විතරක්‌ නොවෙයි ආණ්‌ඩුව ඇතුළේ සිටින හැම මන්ත්‍රීවරයෙක්‌ම ආණ්‌ඩුව සම්බන්ධයෙන් තමන්ගේ මට්‌ටම් අනුව අදාළ විවේචනයන්a ඉදිරිපත් කරනවා. එයින් අදහස්‌ වන්නේ නැහැ ආණ්‌ඩුව හානිකර ගමනක යනවා කියා. හොඳ අරමුණකින් හොඳ ඉලක්‌කයක්‌ ඇතිව රට හොඳට ගෙනියන වෙලාවක අනවශ්‍ය තැන්වලින් ඇතිවෙන අර්බුදවලින් තමයි අසුබවාදී පින්තූරයක්‌ නිර්මාණය වන්නේ. අපි අපේ විවේචනය කරන්නේ සද්භාවයෙන්. ආණ්‌ඩුවත් රටත් දෙකම බේරා ගැනීමේ අරමුණින්. එසේ නොමැතිව විරෝධතා අභ්‍යන්තරව සමනය කර ගැනීමේ පටු අරමුණක්‌ අපට නැහැ.

නමුත් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මහලේකම්වරයා කියා තිබුණේ මෙය සාමූහික වගකීම පැහැරහැරීමක්‌ කියලයි.

මම නම් දන්නේ නැහැ එතුමා එහෙම ප්‍රකාශයක්‌ කළාද කියලා. කොහොම නමුත් සාමූහික වගකීම කියන්නේ වැරැද්දක්‌ දුටු විට පෙන්වා දීමයි. නිහඬව සිටීම නොවෙයි. ඒක මෙහෙමයි. සන්ධානයේ පක්‍ෂ අතර මාසයකට වතාවක්‌ විධිමත්ව සාකච්ඡා පැවැත්වෙනවා නම් ඒ පෙන්වා දීම ඒ මට්‌ටමින් වෙයි. එහෙම නොවෙයි එය පෙන්වා දීමට වෙන මාධ්‍යයක්‌ නැත්නම් රටට ඇහෙන්න කියයි.

පසුගිය දිනවල ඔබ සරත් ෆොන්සේකා නිදහස්‌ කළ යුතුයි කියා ප්‍රකාශ කර තිබුණා. එය කළේත් ආණ්‌ඩුවේ න්‍යාය පත්‍රයට අනුවද?

දැන් බලාගෙන ගියහම මම මොක කිව්වත් ආණ්‌ඩුවේ න්‍යාය පත්‍රයට නේ යන්නේ. හෙට දවසේ මම කිව්වොත් ආණ්‌ඩුව පෙරළන්න ඕනෑ කියලා ඒකත් කියයි ආණ්‌ඩුවේ න්‍යාය පත්‍රයට අනුවයි එය කියන්නේ කියලා. එහෙම බැලුවම මොකුත් කියන්න බැහැ.

එසේ නම් ඇයි ඔබ හදිසියේ එවැනි ප්‍රකාශයක්‌ කළේ?

මම ඒ කාරණය බොහොම පැහැදිලිව කිව්වා. ෆොන්සේකා මහත්තයා දේශපාලනයට ආධුනිකයෙක්‌. ඔහු පළපුරුදු හමුදා නිලධාරියෙක්‌. ඔහු පළපුරුදු හමුදා නිලධාරියෙක්‌ නිසා ඔහුට හිරේ ඉන්න එක ලෙහෙසියි එළියට ඇවිත් දේශපාලනය කරනවාට වඩා. පළපුරුදු හමුදා නිලධාරියකු හිරේ ඉන්නවා කියන එක දිරවගන්න බැරි වැඩක්‌ නොවෙයි. හැබැයි එහෙම අයට දේශපාලනය කරන්න ආවොත් එළියේ ඉන්න එකයි අමාරුයි. එනිසයි මම කියන්නේ එතුමාට පොදු සමාවක්‌ දීලා නිදහස්‌ කරන්න කියලා. වෙන ක්‍රමවේදයක්‌ නැහැ එම සමාව දිය යුත්තේ ජනාධිපතිතුමායි. එතුමාට පොදු සමාවක්‌ දුන්නොත් අනෙක්‌ අයත් සමඟ ටික ටික ගැටුම් ඇතිවෙනවා. රනිල්ට පක්‍ෂය ඇතුළෙන්ම තව තර්ජනයක්‌ නිර්මාණය වෙනවා. මෙම තත්ත්වය අර්බුද ජනිත කරවන සාධකයක්‌ බවට පත්වෙනවා. ඒක වෙන්න නම් එතුමා එලියේ ඉන්න ඕනෑ. ඇතුළේ හිටියට ඒක වෙන්නේ නැහැ. මම කියන්නේ ෆොන්සේකා මහතාව නිදහස්‌ කළ යුතුයි කියලයි. කෙනකුට කියන්න පුළුවන් මේක සදාචාර විරෝධී විග්‍රහයක්‌ කියලා. නමුත් දේශපාලනය කරද්දී ප්‍රතිවාදීන් දුර්වල වෙන්නේ කොහොම වුණොත්ද, ශක්‌තිමත් වෙන්නේ කොහොම වුණොත්ද කියලා බලනවා. මම මේ කියන්නේ දුර්වල කරන ක්‍රමයයි.

ඔබ කියලා තිබුණා සරත් ෆොන්සේකා බලයට ආවා නම් ඝාතන ලැයිස්‌තුවක ඔබත් සිටියා කියලා. ඊට ප්‍රතිචාර දක්‌වමින් සරත් ෆොන්සේකා මහතා කියා තිබුණෙ ඔහු ගැරඬි මරන්නේ නැහැ කියලා.

ෆොන්සේකා මහතාගේ මානසික තත්ත්වය එම ප්‍රකාශයෙන්ම පෙනෙනවානේ. ඒකයි මම වැඩියෙන්ම ඔහුව නිදහස්‌ කරන්න කියලා කියන්නේ. එතුමා එළියට ආපු හැම මොහොතකම ටී. වී. එකට පෙනෙන්න කාට හරි මොනව හරි කියාගෙන යනවා. එතුමා මානසිකව හොඳින් ශක්‌තිමත්ව ඉන්න බව ඉන් හඟවනවා. නමුත් ඒකෙන් පෙනෙන්නෙ ඒක නෙමෙයි. ඒකෙන්a පෙනෙන්නේ එතුමා කොපමණ පුංචි මිනිහෙක්‌ද කියලයි. පොඩි දේවල්වලට මොනවා හෝ කියා මානසික සතුටක්‌ ලබනවා. කෙනෙක්‌ සිරගතවෙලා ඉන්න කොට ඔහු ගැන සතුරටත් දුක හිතෙන්න ඕනෑ. එයාගේ හතුරටත් වේදනාවක්‌ ඇතිවෙන්න ඕනෑ. එතුමාගේ හැසිරීම දීලා බැලූ විට හතුරට නොවෙයි ඔහුගේ මිතුරාට වුණත් හිතන්නේ හිරේ ඉන්න එකම තමයි හොඳ කියලා. රණ්‌ඩු කෙක්‌ක වගේ මේ අයුරින් හැසිරෙන නිසාම තමයි මම කියන්නේ එතුමාව එළියෙන් තියන්න කියලා. එතකොට නියම රණ්‌ඩු ටිකක්‌ බලා ගන්න පුළුවන්.

මරන්න හිටපු ලැයිස්‌තුවේ සිටියේ ගැරඬිද, සිංහයෝද, නරි ද, මුවෝ ද කියලා මම දන්නේ නැහැ. හාවොත් ඉන්න ඇති. හැබැයි අනිවාර්යයෙන්ම විසිපහක විතර නම් ලැයිස්‌තුවක්‌ තිබ්බ. ඒ අයව මරන්න හමුදාවෙන් පැනල ගිය අය කණ්‌ඩායම් හදල තිබ්බ. ඒක හසුරුවන්න ජවිපෙ සමහරක්‌ නායකයන්ටත් භාරදීලා තිබුණ කියන එක මම සියයට දාහක්‌ දන්නවා. මම එය වගකීමක්‌ ඇතිවයි කියන්නේ. ඒකෙ මගේ නම විතරක්‌ නොවෙයි ඒකේ රාජපක්‍ෂවරුන්ගේ නම් පවා තිබුණා. ඒකටනේ අර හෝටලයකට ගිහිල්ලා, කණ්‌ඩායමක්‌ වටකරගෙන හිටියේ. එතුමා දිනලා එනවිටම ජනාධිපති මන්දිරය වටකරලා, ජනාධිපතිතුමාව අරගෙන, දරුවෝ අරන්, මහ බිහිසුණු දිනයක්‌ නිර්මාණය කරන්නයි සූදානම් වෙලා හිටියේ.

ජාතික ගැටලුවට විසඳුම් ලබාදීම සඳහා රජය විසින් 13 වැනි ආණ්‌ඩු ක්‍රම ව්‍යවස්‌ථාවෙන් ඔබ්බට ගිය විසඳුමක්‌ ගෙන එන බව ප්‍රකාශ කර තියෙනවා. ඒ සඳහා සෙනෙට්‌ සභාවක්‌ පත් කරන බවත් කියනවා. මේ ගැන ඔබේ ස්‌ථාවරය කුමක්‌ද?

දහතුන ප්ලස්‌ එක හෝ දහතුනෙන් එහාට යන විසඳුමක්‌ පිළිබඳව තවමත් අපට පැහැදිලි කිරීමක්‌ ලැබිලා නැහැ. ඒ ගැන නිශ්චිතව යමක්‌ ප්‍රකාශ කළ හැක්‌කේ ඔය කියන කාරණය පිළිබඳව නිශ්චිතව කරුණු දැන ගැනීමෙන් පසුවයි.

නමුත් එක්‌ කාරණයක්‌ පැහැදිලිවම කිව හැකියි. මේ රටේ ඒකීයභාවයට දශමයකින් හෝ හානි කරන විසඳුමක්‌ ගෙන ඒමට රජයට ජනවරමක්‌ ලැබිලා නැහැ. ඒ වගේම රටේ ඒකීය භාවයට හානි කරන සන්ධීය ආණ්‌ඩුක්‍රම රාමුවක්‌ හැදීමට ජනතාව රජයට ජනවරමක්‌ දීලත් නැහැ.

ගමට මුදල් ලැබෙන, ගමේ සංවර්ධනය ඉලක්‌ක කරගත් පාලන ක්‍රමයක්‌ අවශ්‍ය බව අප පිළිගන්නවා. නමුත් ඒකට උත්තරය අසාර්ථක පළාත් සභා ක්‍රමය පෝෂණය කිරීම හෝ සන්ධීය රාමුවක්‌ සහිත පාලනයක්‌ ඇති කිරීම නොවෙයි.

සාකච්ඡා කළේ : වසන්ත ලියනගේ (Divaina)

8,878 Viewers have read This article

18 Comments to “ඒකීයභාවයට හානිකරන විසඳුමක්‌ ගෙන ඒමට රජයට ජනවරමක්‌ ලැබී නැහැ – විමල් වීරවංශ”

  1. Mora says:

    කොටින්ගෙන් එල්ල වූ දරුණු පහරවල් පවා විදගෙන සටන ගෙන ගිය කෙනෙකුගේ මානසික ශක්තිය තේරුම් ගන්න විමල් මහත්තයට බැරි බවයි පෙන්නුම් කරන්නෙ.

  2. Kuma says:

    උඹලගේ දේශපලනෙත් උඹලගේ කොමෙන්ට්ස් මැකිල්ල වගේ තමයි

  3. Hela Sinha says:

    Oba thumage boho adahas walata akagai. namuth sarathwa nidahas kranna kalin 1 kondesiyak danna ona. 1 thamai, ohu aliyata awata passe ratin pitawenna denna be. mokada athakota ohu vijatika balawega samaga akathu v gotabayata ha shavindra silva mahatharunta arehiwa boru yuda aparada chodana ella kala haki nisa. ohu rata pannata passe ayeth alla gannath be. ohu digin digatama ratata arehiwa kumanthrana diyath krawi. me genath tikak hithala balanna.

  4. shelton says:

    කවුරුවත් මේ ලෝකෙට උපතින්ම දේශපාලනය කරපින්නාගෙන එන්නෙ නැහැ.කවුරුත් ආධුනිකයො විදයට තමයි දේශපාලනය ආරම්භ කරන්නෙත්.විමල් මහත්තයලගෙ ගජ මිතරු ගඩාපිත් මියන්මාරයේ ජුන්ටාවොත් හමුදා කාරයො.සතුරාට අනුකම්පා කරපු වාමාංශික දේශපාලකයෙක් ලෝකයේ කිසිම තැනක බිහි වෙලා නැහැ හැකි වීරියෙන්ම පළි ගත්ත අය මිසක්.මානසිකව ඇද වැටීමක් බලාපොරොත්තුවක් තමා සරත් පොන්සේකා මහතා සිර කර තැබීමේ ප්‍රධාන අරමුණ.නමුත් ඒක හරිගියෙත් නැති පාර ලැජ්ජාව වහ ගන්න මරණ ලැයිස්තුවක් ගැන කතා කළේ.සරත් පොන්සේකා මහත්තයා මානසිකව ඇද වැටුනා නම් මෙලහටත් නෝනා ලවා සමාව අරගෙන.කොටින්ගෙන් එල්ල වූ දරුණු පහරවල් පවා විදගෙන සටන ගෙන ගිය කෙනෙකුගේ මානසික ශක්තිය තේරුම් ගන්න විමල් මහත්තයට බැරි බවයි පෙන්නුම් කරන්නෙ.

  5. සියාතු says:

    ඔබ තුමා ජාතිකවාදී ජනතාවගේ පුරෝගාමී නායකයෙක්. මානුෂීය මෙහෙයුම අවසන් කාලෙ කවුරු හිටියත් ඒක පටන් ගද්දි හිටියෙ කවුද කියල තාම ජනතාවට අමතක නෑ.

    තවමත් ජාතිකවාදීන්ව නියෝජනය කිරීම ගැන ස්තුතියි

  6. marusira says:

    වරමක් නැතුව දුම්මලගත්තු හනුමවගේ වැඩේ කරලා දමයි

  7. මාතර ආතර says:

    ලංකාවට සෙතක් වෙන්න නම් සතිපට්ට්හානේ වඩන ගමන්,
    ප්‍රභාකරන්ලව එලෝ යවන්න විතරක් මෙත අමතක කරමින්,
    පහල මන් ලියපු සමාජයේ ඔඩු දුවා ඇති නරුම දේශපාලනය,
    අප එක්ව,නවතා දැමිය යුතුයි.

    මෙය සරසවියට පමණක් නොව සිංහල දෙමල මුස්ලිම් සැවොම ජීවත් වන මුළු රටටම අදාලයි.

    ‘සියලු-සිසුන්-බිය’ නැති කරමින්,මලයකුන්,පිසාචයන්,පෙරේතයන්,කුම්භාන්ධයන් පලවා හැර,සරසවියට සරස්වතී දේවි වඩම්මන්න නම් කල යුතු දේ;
    1.
    සමහර ‘පට්ටි ගොන් සිංහල බෞද්ද රජවරු’ බුදු බණට විරුද්දව,
    අසරණ කෙල්ලන්ව බලෙන් සිර කරගෙන උන්ට ‘දරු ගිනි’ දෙමින් සිටි-අන්තක්පුර නැති වූවා සේ,
    සිංහල බෞද්දයන්ට-නොකැප,
    තම ජෙෂ්ට බලය යොදමින් අසරණ නවකයන්ට,
    ඔවුන්ගේ කැමැත්තට විරුද්දව,
    දෙන නවක වදය
    වහා නවතා දැමිය යුතුය.

    මේ සඳහා සැම සිසුවෙක් ගෙන් ම සරසවියට ඇතුළුවීමට පෙර,
    නවක වදය කලොත් සරසවියෙන් වහා නෙරපෙන,
    නීතිමය ලෙස අත්සන් කරන ලියවිල්ලකට යටත් වන නීති,
    වහාම සම්පාදනය කල යුතුය.
    2.
    සරසවි ගුරුන්ගෙන් වැඩි වාසි ගැනීමට සිසුන් විසින් (මෙර්වින් සිල්වා මෙන්, ඉස්සර චන්ද්‍රිකාට, දැන් මහින්දට, ඉදිරියට රනිල්ට) කරන්නා වූ බෝල මිරිකීම / ඇට පොලිෂ් කිරීම නැවතීමට,
    සරසවි ඇදුරන් සහ සිසුන් සමග මහජනයා එකතුව,
    ‘රූපවාහිනී-පාරදෘශ්‍ය-සාකච්චා මාර්ගයෙන්’
    එකඟ විය යුතු වැඩ පිළිවෙලක්
    වහාම සම්පාදනය කල යුතුය.
    3.
    සිංහලයන්ට නැති
    ලංකාවේ දෙමල සහ මුස්ලිම් පිරිසට පමණක් ඇති ප්‍රශ්න
    සොයා විසඳීමටද
    මෙම ක්‍රමය අගනේය.

  8. අමල් says:

    පලාත් සබා අහෝසි කරනු ගම් සබා ඇති කරනු

  9. මාතර ආතර says:

    ජාතික සමගියේ පදනම උදෙසා මහගමසේකරයන් ගීතය

    ‘මේ සිංහල අපගේ රටයි අප ඉපදෙන මැරෙන රටයි’යනුවෙන්,
    දැන් කිසිම චකිතයක් නැතිව මට,
    අපේ රටේ මුස්ලිම්-දෙමල මගේ යාලුවෝත් ,
    දෙමල ක්‍රිකට් ක්‍රීඩක මුරලිත් එක්ක
    බොක්කෙන්ම ගයන්න පුළුවන්.

    එම සින්දුවේ ඇති
    ‘ජාතිවාදයක් නැති,අපේ රටට සිංහල බෞද්ද ඉතිහාසයෙන් හිමි-සංස්කෘතික හරාත්මක පදනම’
    මට,
    ඒ අයට කියා දෙන්නත් පුළුවන්.

    ‘මේ US / මේ පරංස / මේ ඉතාලි / මේ English අපගේ රටයි’
    යනුවෙන් ඒ රටවල සුද්දෝ,
    ඒ රටවල පුරවැසිකම ගත්ත ලංකාවේ සිංහල / දෙමල / මුස්ලිම්
    අප ඉදිරි පිට ගයා නැටූ විට,
    අපට දෝන් යන්නේ නෑනේ.
    ඒ රට වල ඉන්න පුරවැසිකම ගත්ත
    අපේ එවුන්ටත්
    උන්ගේ එම සින්දුව ගයමින් නටන්න පුළුවනි.
    අවුලක් නෑනේ.

    දැන් මා දකිමි හඳුනමි, 100% මහගමසේකරයන්.
    එතුමා අද හිටියනං මේ විදයටම ඔය ටික කියාවි.

    සඳරුවන් මහතාණෙනි,පහන් දැල්ල විසින් මගේ ‘සිංහල බෞද්ද හර පද්දතියෙන් මදක් ඌන වුන කොන්දට’ බැඳී ‘පත්තුවත්’ එම පත්තුවෙන් සුවපත් වී මවිසින් පහන් දැල්ල තුමාට ලියන ලද මෙම පිළිතුරත්, ඔබගේ ව්‍යක්ත ඉංගිරිස් බසට හරවා LCN පිළිතුරකින් පල කල මැනව.

    මවිසින් එය,අනාගතයේ ‘මහගමසේකරයන් REVIEWED’(මහගමසේකරයන් නැවත දැක්ම) නමැති ත්රීභාශාත්මක පොතකින් ලක් සහ ලෝක ජනතාවට සංග්‍රහ කිරීමට බලාපොරොත්තු වෙමි.

    එම පොත, ලෝකයේ සියලුම භාෂා වලට එය පරිවර්තනය කලොත්,
    ලෝක යුද්ද වැලකීමට පිටුවහලක් වනු ඇත.
    හැබැයි ආයුද නිපදවල ලෝකේ වැඩියෙන්ම සල්ලි හම්බ කරන යක්කු ඒකට ඉඩ දෙයිද මන්ද!

  10. අප ඔබේ මතවාදය සමගයි

  11. Atul says:

    Meyage kaiwaaruwa witharai. Aakarshaneeya talk.
    Wadath puluwan athi… eth kisima balayak denne naane.
    Rajathuma meyawa thiyagena inne wirudda paksha walata gahannai, Rajathumata yahamin wajabendai.

  12. suba says:

    Kohomada wimal mahaththaya Private univercity panathata Sudu Hunu gaanna try karana hati…

  13. Soldier says:

    SF hire inna ekama hondai kiyala ,oba ethulu aanduwata hithenne mokada? Pehediliwama eeta hethuwa General Sarath Fonseka kerehi ethi aseemitha biya saha thaman guilty bawa thamange conscience eka thamanta kiyana nisa.

  14. පුරවැසියෙක් says:

    අද මේ ආණ්ඩුවට කිසිම ජාතික ප්‍රතිපත්තියකට වැඩ කරන බවක් පෙන්නේනේ නැහැ .අද වැඩ කරන්නේ නයට අරගෙන මගුල් කන ප්‍රතිපත්තියක්.සියලුම දේවල් කරන්නේ IMF ,WB ඕනෑ හැටියටයි .කිසිම ප්‍රතිපත්තියක් නැහැ .කන මිනිහ ඉස් මුරුත්තාවටම කනවා නැති මිනිහා තුන් වෙලෙන් එක වේලක් බොහොම අමාරුවෙන් පිරිමහ ගන්නවා .ඔබලා පරිනත දේශපාලකයෝ නම් කවදද රටේ දුප්පත් මිනිහගේ ප්‍රශ්න ගැන හඩක් නැගුවේ ? ඒවාට විසදුමක් ඉදිරිපත් කලේ .රටේ නය බර හැමදාම වැඩි කරනවා විනා ඒවා ගෙවල ඉවර කරන්න ක්‍රම වේදයක් සකස් කරලා තියෙනවද ?අහිංසක ගැණු ළමයි ටික මැද පෙරදිග අරාබි කාරයන්ගේ වලන් සෝදන්න යවල හම්බ කරන විදේශ විනිමයත් යොදවන්නේ ධනපතීන්ගේ සුඛ විහරණය සදහා මිස රටේ ආර්ථිකය නැංවීමටද ?
    හැමදාම 13+,ජාතියන්තර ආක්‍රමණ ,දේශප්‍රේමය .රටේ ජනතාවට ඔහුන්ගේ ප්‍රශ්න අමතක කරන්න මොකක් හරි උප්පරවටියක් දාල මාද්‍ය මගින් විසාල ප්‍රචාරයක් දෙනවා .( දැන් ලංකාවේ තියෙන මාද්‍ය වලින් 90% පමණ ආණ්ඩුවේ හිතවතුන් ගේ ) .හරිම කණගාටු දායක තත්වයක්

  15. තාරක says:

    දැනට උතුරු සහ නැගෙනහිර පලාත්වල සිටින දෙමල ජනගහනය මුලුජනගහනයෙන් 6% පමණ වේ. නමුත් දෙමල සන්ධානය ඉල්ලාසිටින්නේ රටේ මුළු භූමි ප්‍රමානයෙන් 33% ක් සහ සාගරයෙන් 66% ක් ප්‍රමානයක පාලනයයි. ජන සංගනනයක් පැවැත්වුවහොත් නිවැරදි දෙමල ජනගනය එලිදරව් වන නිසා එය අවලංගු කිරීමට හෝ කල් දැමීමට විවිධ බලවේග නොයෙක් ආකාරයේ කූට උපක්‍රම ක්රිරයාත්මක කරමින් පවතී. ජනසංගනනයක් පවත්වන්නේ වසර 10කට වරකි. සාමාන්‍ය සම්ප්‍රදායක් ලෙස එකේ ඉලක්කමෙන් අවසන්වන වසරක පවත්වනු ලබයි. එනම් 1971, 1981, 1991, 2001…..යනාදී ලෙසයි. මේ වනවිට 2011 වසරත් ගෙවී ගොස්ය. ජනසංගනනයේ අවසන් වාර්තාව, 2012, මාර්තු මාසයට පසුව නිකුත් කිරීමට සැලසුම් කර ඇත. මාර්තු මාසේ ඇති වැදගත්කම කුමක්ද?. මාර්තු මාසයේ ජිනීවා නුවර මානව හිමිකම් සමුළුව පැවැත්වේ. ඇමරිකාව ප්‍රමුක බටහිර රටවල් කර ඇති තර්ජනය නම්, මාර්තු මාසයට පෙර දෙමළ සංධානයට ඉඩම් සහ පොලිස් බලතල ලබා නොදුනහොත් ශ්‍රී ලංකාවට එරිහිව යුධ අපරාධ චෝදනාව නැවතත් කරලියට ‍රැගෙන එනබවයි. එමනිසා මාර්තු මාසය වනතෙක්, උතුරේ සහ නැගෙනහිර සත්යග දෙමල ජනගහනය හෙලිදරවු නොකිරීම අත්‍යවශ්‍ය කාරණයකි. 6%ක් පමණ වූ දෙමල ජනගහනයකට 33% ක් භූමියකට හිමිකම් ලබා දීම කිසිසේත්ම සාධාරණ නොවන බව, දෙමල බෙදුම් වාදීන් හා උන්ගේ හාම්පුතුන්වන බටහිරයන් පවා හොඳින්ම දනී. එමනිසා ජනසංගනනයේ අවසන් වාර්තාව නිකුත් කිරීම, 2012 මාර්තු මාසය තෙක් කල් දමා ගැනීම අත්‍යවශ්‍යවී තිබේ. සංගනනයට අඅවශ්‍ය ලේඛන මුද්‍රණයට භාරදුන් සමාගම, ඒවා මුද්‍රණයය කිරීම පමාකර ඇතැයි, ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තු මේන්තුව පවසයි. මේ වා සියල්ලම ජන සංගනනය පමා කිරීමේ අරමුණින් දියත් කර ඇති කුමන්ත්‍රණවේ. දෙමල සංධානයේ අරමුණ, ජන සංගනනයට පෙර ඇමරිකාව ප්‍රමුක බටහිර රටවල උදවු උපකාර ඇතිව ඉඩම් සහ පොලිස් බලතල සහිත පලාත් සභාවක් ලබා ගැනීමයි..

Leave a Comment