ඇමරිකානු දේශපාලනය හා ආගම කෙතරම් සමීප ව බැඳී තිබේ දැයි කිවහොත් 2005 වසරේ දී හිටපු ජනාධිපති ජෝර්ඡ් ඩබ්. බුෂ් ප්‍රකාශ කළේ 2003 දී තමාගෙන් ඉරාකය ආක්‍රමණය කරන ලෙස ඉල්ලා සිටියේ දෙවියන් වහන්සේ බව ය. ඉරාකය ආක්‍රමණය කිරීම සඳහා ප්‍රතිපත්තිමය තීරණයක් ගැනීමට පැවති 2002 දී ටෙක්‌සාස් සමුළුව අවසානයේ ඇමරිකානු ජනාධිපති බුෂ් හා බ්‍රිතාන්‍ය අගමැති ටෝනි බ්ලෙයාර් එක ම කාමරයක යාඥා කළ බව ප්‍රසිද්ධ කාරණයකි. ජනාධිපති ඔබාමා සමග එකට තරග කළ රිපබ්ලිකානු උප ජනාධිපති ධූර අපේක්‌ෂිකා සාරා පාලීන් වරක් ටෙක්‌සාස් ආණ්‌ඩුකාර ව සිටිය දී තම අයවැය සකස් කිරීමේ දී දෙවියන් වහන්සේගේ මැදිහත් වීම පැතූ බව පසුකාලීන ව ඇය ප්‍රසිද්ධියේ ම පිළිගත්තා ය. තම නායකයන්ගේ ආගමික භක්‌තිය පුරවැසියා තුළින් ද මනා කොට ප්‍රකට වේ.
පශ්චාත් නූතන ලෙස ඇතැමුන් සිතන ඇමරිකානු ජනගහණයෙන් තුනෙන් එකක් බයිබලය සත්‍ය ඉතිහාසයක් ලෙස ද එම ජනගහණයෙන් අඩක් පමණ පසුගිය වසර 10000 තරම් මෑත අතීතයක දී දෙවියන් වහන්සේ විසින් මිනිස්‌වග මැවූ බව ද පිළිගනිති. බුෂ් තම ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කරන්නේ ක්‍රිස්‌තියානි ඉවැන්ජලික ආගමික කණ්‌ඩායම්වල පූර්ණ අනුග්‍රහය ඇති ව බව ද විවාදාපන්න නොවේ. ඇමරිකානුවන් අතරින් සියයට 78.9 පමණ තමන් ක්‍රිස්‌තියානු ලෙස පිළිගන්නා අතර එය තම ‘ජීවිතයේ ඉතා වැදගත්’ අංශයක් ලෙස ද සලකති. කෙසේ වෙතත්, ප්‍රශ්නය ඇත්තේ එහි නොවේ. ඇමරිකාව තම විදේශ ප්‍රතිපත්ති තීරණය කිරීමේ දී කෙතරම් දුරට ආගම යොදා ගන්නේ ද යන්න ය, සහ එය ම ඇමරිකාවට වැරැදුණු තැන නොවන්නේ ද යන්න ය.
2012 ජනාධිපතිවරණය තරගයේ මූලික වටය දැන් ආරම්භ වී තිබීමත් සමගම දැන් නැවතත් කරලියට පැමිණ ඇත්තේ මේ මොහොතේ ඇමරිකාව මුහුණ දෙන දරුණුම ගණයේ පැවැත්ම පිළිබඳ තර්ජනය හෝ ආසියාවේ නැඟී එමින් තිබෙන නව සුපිරිබලය පිළිබඳ ගැටලු නොවේ. එහෙත් ආගමික ගෝත්‍රවාදයයි.
රිපබ්ලිකානු පක්‌ෂයෙන් ඔබාමා සමග තරග කිරීම සඳහා තෝරා ගැනීමට පැවති පළමු මැතිවරණය වූ අයිඔවා ප්‍රාන්ත මූලික වටයේ දී ඡන්ද අටකින් පමණක් ජයග්‍රහණය කළ මිට් රෝම්නි මේ වන විට තම පක්‌ෂයේ ම දැඩි ආගමික ප්‍රහාරයකට ලක් වෙමින් තිබේ. මිට් රෝම්නිට පහර දෙන්නේ ඔහු මෝර්මන් නම් ක්‍රිස්‌තියානි නිකායට අයත් පල්ලියකට යන නිසා ය. මෙම නිකායට ඇමරිකානු ජනගහණයෙන් සියයට දෙකකටත් වඩා අඩු නියෝජනයක් තිබේ. ඇමරිකානු ඉවැන්ජලික ක්‍රිස්‌තියානුවෝ ඉහත ක්‍රිස්‌තියානි නිකාය හුදු ලබ්ධියක් ලෙස පමණක් සලකති. මේ අනුව, පසුගිය සති අන්තයේ දී ටෙක්‌සාස් වෙත රැස් වූ ක්‍රිස්‌තියානු එවැන්ජලිකයන් තීරණය කළේ මේ මොහොතේ තම සහාය හිමි විය යුත්තේ අපේක්‌ෂක රික් සන්ටෝරුම්ට බව ය.
මිළග මූලික වටයේ ඡන්දය පැවැත්වෙන උතුරු කැරොලිනා හි ජනගහණයෙන් සියයට 60 ක් පමණ ඉවැන්ජලිකයන් ය. අයියෝවාහි ඉවැන්ජලික ක්‍රිස්‌තියානි ජනගහණයෙන් මිට් රෝම්නි වෙත ඡන්දය ලබා දි තිබුණේ සියයට 14 ක් පමණක් වීම තුළ කැරොලිනා ඡන්දයෙන් ජයග්‍රහණය කිරීම රෝම්නි හට දැඩි අභියෝගයක් වනු නියත ය. ජෝර්ඡ් ඩබ්. බුෂ් ජයග්‍රහණය කළේ ද සාමාන්‍ය ඇමරිකානුවන්ට ජාන සෛල තාක්‌ෂණය පිළිබඳ පර්යේෂණ නැවැත්වීමට පොරොන්දු දීමෙන් හා ධන කුවේරයන්ට බදු සහන ලබා දෙන බවට පොරොන්දු වෙමිනි. බදු සහන දී අවසන් නිසා හා එය ඇමරිකානු ආර්ථිකය වළපල්ලට ද යෑවූ නිසා එම පොරොන්දුව දැන් කිසිවෙකුටත් අලෙවි කළ නොහැකි අතර රිපබ්ලිකානු අපේක්‌ෂකයින් තම තමන් පරයා යැමට දැන් යොදා ගනු ඇත්තේ උපත් පාලනය පිළිබඳ හා ජාන සෛල තාක්‌ෂණය පිළිබඳ ක්‍රිස්‌තියානි පොරොන්දු ය.
එහෙත් මෙම රචනාව කියවාගෙන යන විට කෙනකු තුළ නැඟෙන ප්‍රශ්නයක් වනු ඇත්තේ ඇමරිකානු සමාජය මෙතරම් ක්‍රිස්‌තියානි නම් මුස්‌ලිම් සම්භවයක් සහිත කළු ජාතික බරක් ඔබාමා ජයග්‍රහණය කළේ කෙසේ ද යන්න ය. ඒ ඔබගේ සාධාරණ ගැටලුව පිටුපස ද කතාවකි. 2008 වන විට යුද්ධ දෙකක දෙපය තබා ඩොලර් ටි්‍රලියන 13 ක ණයක් හිස දරා සිටි ඇමරිකාව බුෂ්ගේ පාලනය යටතේ නන්නත්තාර වී තිබිණි. ව්‍යාජ බුබුළු ආර්ථිකයක විපාකය වූයේ 2008 වන විට බුබුල දරා සිටීමට තරම් ශක්‌තියක් මහපොළොවෙන් නොලැබෙන විට එය කඩා වැටීම ය. 2008 වන විට ඇමරිකාවේ ආර්ථික දස මහා යෝධයන් එකා පිට එකා කඩා වැටෙමින් තිබිණි.
එක් අතිකින් මෙය දරාගත නොහැකි වූ පාවෙන ඇමරිකානු ඡන්දදායක කොටස එවර කල්පනා කළේ බුෂ්ගේ කපාපු පළුව වූ රිපබ්ලිකානු ජෝන් මැකේන් ධවල මන්දිරයට යවා නිව් යෝර්ක් හි ලෝක වෙළෙඳ මධ්‍යස්‌ථානයට වූ දෙය මුළු ඇමරිකාවට ම අත් කර දීම නොව යුද ගිනි නිවීමට හා විනාශ වී ගිය ආර්ථිකයට යළි පණක් දෙන බව කී ඩිමොක්‍රටික පාක්‌ෂික ආපේක්‌ෂකයා ජයග්‍රහණය කරවීම ය. ඩිමොක්‍රටික ජනාධිපතිවරුන්ට මෙය කළ හැකි බව කෙනඩිගෙන් පසු ඇමරිකාවට ප්‍රථම වරට අයවැය අතිරික්‌තියක් ගෙනා හිටපු ජනාධිපති බිල් ක්‌ලින්ටන් විසින් මනාව පෙන්නා දී තිබිණි. පාවෙන ඡන්දවලට අමතර ව අප්‍රිකානු සම්භවයක් සහිත කළු ඡන්දවල හා වෙනත් ආසියානු ආදී සංක්‍රමණිකයන්ගේ අති බහුතරය ද ඔබාමා වටා රොක් වී සිටියහ. කෙසේ වෙතත්, බුෂ් විසින් කැපූ වළ කෙතරම් ගැඹුරුද කිවහොත් ‘රටේ පැවැත්ම අපේ පැවැත්මය’ යන සංකල්පය ඉස්‌සරහට දැමූ ඇමරිකානුවා ඉන් ගොඩ ගැනීමට ඔබාමාට නොහැකි බව දැනගත් ඇමරිකානුවා 2010 කොන්ග්‍රස් මැතිවරණයේ දී ඔබාමාට කොන්ග්‍රස් ආසන 63 අහිමි කරමින් හා නියෝජිත මන්ත්‍රී මණ්‌ඩල පාලනය අහිමි කරමින් ගෙන දුන්නේ ලැඡ්ජා සහගත පරාජයකි. මෙයින් පැහැදිලි වන්නේ, ජනාධිපති ධුරයට අදාළ ක්‍රියාමාර්ග ගැනීම සඳහා අත්‍යාවශ්‍ය වූ කොන්ග්‍රස් බලය අහිමි වූ දා සිට පමණක් නොව අන්‍යාගමිකයකු වූ ඔබාමාට බයිබලයේ අත තබා දිවුරුම් දීමට ඇමරිකානු දේශපාලනය විසින් බල කළ දින සිට ම බරක් ඔබාමා යනු කල්ලෙකුට හිමි ‘පල්ල’ හිමි වූ තටු සිඳුණු ධවල මන්දිර පදිංචිකරුවෙකු පමණක් බව ය.
මේ වන විට පැවැත්වෙන මූලික වටයේ ඡන්දවලින් ඔබාමා සමග තර`ගයට කුමන අපේක්‌ෂකයෙකු රිපබ්ලිකානු පක්‌ෂයෙන් මතු ව ඒ දැයි තාමත් කිව නොහැකි ය. කෙසේ වෙතත්, අයිඔවා ජයග්‍රහණය කළ රෝම්නි නම් උතුරු කැරොලිනාහි ජය ගනී යයි. කිසිසේත් ම සිතිය නොහැකි ය. පෙර සඳහන් කළ ලෙස ඊට ප්‍රධාන හේතුව නම් එම ප්‍රාන්තයේ සියයට 60 ක් වන ක්‍රිස්‌තියානි ඉවැන්ජලිකයන්ගේ සහාය රික් සන්ටෝරුම්ට හිමි වී තිබීම ය. ඇමරිකානු සමාජය පුරා ඔඩු දුවා තිබෙන ක්‍රිස්‌තියානි ආගමික හා සුදු වර්ගවාදයේ ගතිගුණ සන්ටෝරුම් හට හොඳට ම තිබේ. මේ වසරේ මුල් ම සතියේ දී සන්ටෝරුම් ප්‍රකාශ කළේ අන් යමෙකුගේ මුදල් ගෙන කළු ජාතිකයන්ගේ ජීවිත සැපවත් කිරීමට තමාට සූදානම් නැති බව ය. එහෙත් ප්‍රධාන ප්‍රශ්නය එය නොවේ. නොවැම්බරයේ පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් මෙසේ ක්‍රිස්‌තියානි ඡන්ද සහාය ඇති ව මතුවන රිපබ්ලිකානු අපේක්‌ෂකයා සමග තරග කොට ඔබාමාට ජයගත හැකි ද යන්න ය.
- මහින්ද පතිරණ (දිවයින)
මගේ සහාය හිමි වෙන්නේ සුද්දන්ට පමණක් සේවය කරන තද ක්‍රිස්තියානි කාරයෙක්ටය.
සුදු වර්ගවාදියෙක්ටම ඇමරිකානු ජනපති පදවිය හිමි වේවා !
E unkisiwak nisa nowa ma melowata bihiwee eththe sudda nisa bevini!Mathu athmayadith ape ammata suddekutadaawa mawa bihiwewa!!
Sadu! sadu!
ඇමරිකන් රාජ්‍ය නායකයින් තමන්ගේ ආගම අදහනවා වුනත් ආගම කිසිවිටෙකත් වෙනත් වැඩ වලට තීරණ ගන්න අතකොළුවක් කරගන්න ඔවුන්ට හැකියාවක් නැහැ ඔවුන් එහෙම කරන්නෙත් නැහැ.එහෙම කරන්න පුළුවන් කමක් තිබුනානම් නිව්යෝර්ක් නුවර මුස්ලිම් කල ත්‍රස්ත ප්‍රාහාරයේ විදියට අද එක මුස්ලිම් එකෙකුටවත් ඇමරිකාවේ ඉන්න නොලැබෙන්න තිබුනා.ඔබාමා මුස්ලිම් බව හොදාකාරවම දැනගෙනත් ඔහුට ඇමරිකන් ජනතාව චන්දය දුන්නේ දේශපාලනයට ආගම ඔවුන්ට වැදගත් නැති නිසයි.නිව්යෝර්ක් නුවර ත්‍රස්ත ප්‍රහාරයෙන් විනාශ වු ස්ථානයේ මුස්ලිම් වරුන්ට පල්ලියක් හදන්නත් අවසර දුන් ඔබාමා පැවසුවේ ඇමරිකාව ක්‍රිස්තියානි රටක් නොවන බවයි.තෙරේසා මව් තුමියගේ ගුණානුස්මරණ උත්සවය සදහා ඒ අසලම ඇති එම්පයර් ගොඩනැගිල්ලේ ශාලාව කතෝලික පල්ලියට දීම ගොඩනැගිල්ල හිමි සමාගම ප්‍රතික්ෂේප කලා.ලෝකයේ තිබෙන හැම ජතියේම ආගම් ඇමරිකාවේ තිබෙනවා.මොකද එයාලට තමන්ගේ ආගම් ඇදහීමේ නිදහස ඇමරිකන් කාරයගේ රටේ තහවුරු කර තිබීම ගැන විශ්වාස නිසා.ලොව පුරාම විශෙෂයෙන්ම ආසියාවේ මැදපෙරදිග අප්‍රිකාවේ රටවල ඇමරිකන් විරෝධී මුවාවෙන් ක්‍රිස්තියානි කතෝලිකයින්ටත් පල්ලි වලටත් පහර දෙනවා ගිනි තියනවා.නමුත් ඇමරිකාව තුළ එක පන්සලකටවත් කොවිලකටවත් මුස්ලිමි පල්ලියකටවත් ඔවුන් හානි කරන්නෙ නැහැ.කරන්න ඉඩ දෙන්නෙත් නැහැ.විරෝධතා ප්‍රකාශ කරන්න පෙළපාලි යන කොට ඒවටත් විරුද්ධව පෙළපාලි යන්නත් ඇමරිකන් කාරයො පෙළ ගැසෙනවා.එහෙම රටේ නායකයින් තමන්ගේ ආගම ඇදහීම කිසිවෙකුට වැරදි විදියට පෙනෙන්න පුළුවන්කමකුත් නැහැ.
ෂෙල්ටන් මහතා ප්‍රශ්නය පටලවාගෙන ඇත.
ඇමරිකාවේ ජනාධිපති ක්‍රිස්තියානි කාරයෙක් විය යුතු බවත්, ප්‍රංශ ජනාධිපති කතෝලිකයෙක් වියයුතුබවත්, එන්ගලන්ත අගමැති ඇංග්ලිකන් ක්‍රිස්තියානි කාරයෙක් වියයුතුබටටත්, ඒ රටවල නීතිපොතේ නැති, නමුත් පිළිගත් සම්ප්‍රදායන් පවතී.
හොඳින් හිතට ගන්න; අපි එම සම්ප්‍රදායන්ට විරුද්ධ නෑ.
නමුත්, බටහිරයන් උන්ගේ ආගම සහ බැඳුනු දේශපාලනය කරගෙන යනගමන්, අපිට “සර්ව ආගමික වන්නැයි” වැදි බන කීම හෙලා දැකිය යුතු කාරණයකි.
නාලක ගමගේ තුමාට මේ මහින්ද පතිරණ තුමාගෙන් යැංකීන් ගැන යමක් ඉගෙන ගන්න පුළුවන්.
දේශපාළුවා ආගම, ජාතිය ඉදිරියට දාන්නෙ දේශපාලන හෙළුව වසා ගැනීමටය. එවැනි දේශපාළුවන් නායකයන් වන්නෙ රටක අවසාන භාගයේය.
ඔබාම මුස්ලිම් නොවේ. බයිල කියන ගිටාර් ගහන ඇප්‍රෝ-ඇමරිකන් කුරුස කාරයෙකි.
ලංකාවෙ සුදු ඒජන්ත ආංඩුවත්, යැංකී ආංඩුවත් අද අපායේ දොරටුව අභියසට විත්, එය හැරෙනකම් බලා සිටී. ප්‍රධාන ජන කොටස සම සමව බෙදී ඇත. වැඩි ඡන්ද සුළු ජන කොටස් වන සංක්‍රමණිකයන් අතේය. ලේ බොන මදුරුවන් වැනි සංක්‍රමණිකයන් තම රැකුමට අත දෙන්නාට ලෙඩ දෙයි. එමනිසා කලින් වර මෙන්ම මෙවරත් ඔබාම දිනනු ඇත. එයට දායකවන සංක්‍රමණික මදුරුවන් යැංකි අධිරාජ්‍යයයේ මළගමට දින නියම කරනු ඇත.
විසිවන සියවසේ ලෝකයේ පහලවූ මහා ප්‍රාඥයා ලෙස පිළිගැනෙන්නේ ඇල්බට් අයින්ස්ටයින් ය. සාපේක්ෂතාවාදය පිළිබඳ අදහස් තමුන්ට ලැබෙන්නේ දෙවියන් වහන්සේ ගෙන් බවත්, තමුන් ඉතා භක්තිමත්ව දෙවියන් අදහන බවත් ඔහු ප්‍රසිද්ධියේ ප්‍රකාෂ කලේය. තමා තුල ඇති දෙව භක්තිය ප්‍රසිද්ධියේ ප්‍රකාෂ කිරීමට ඔහු ලැජ්ජා නොවූ අතර, ඔහුගේ එම ක්‍රියා කලාපය, අවමානයට හෝ අපහාසයට ලක් කිරීමට, එදා බටහිර සමාජය ඉදිරිපත් නොවීය.
නමුත් මහාචාර්ය නලින් ද සිල්වා මහතා, නාථ දෙවියන් ඇදහීම, උපහාසයට ලක්කරන “මැටි මෝලුන්”, අද ශ්‍රී ලංකා සමාජය තුල බහුලව දැකිය හැකිය.
අයින්ස්ටයින් සමග සමාන කිරීම සුදුසු නැත.
1. අයින්ස්ටයින් ආණ්ඩුවලට කඩේ ගියේ නැත. මැර ඇමතිවරුන් ගුණ යහපත් මිනිසුන් ලෙස වර්ණනා කරමින් ප්රoකාශ නිකුත් කලේ නැත.
2. තමන්ගේ ආගම පමණක් උසස්කොට සලකමින් අනෙකුත් ආගම්වලට පහත් වචනයෙන් නින්දා කලේ නැත.
3. වෙනස් මත දරන්නන්ට අපහාස කලේ නැත.
4. ජාතීන් හෝ ආගම් අතර වයිරය ඇතිකරන්නට කටයුතු කලේ නැත.
Well Said
නියම් උත්තරේ. මහාචාර්ය නලීන් ද සිල්වා යනු ලංකාවේ තවත් එක් මහාචාර්යවරයෙක් පමණි. ඔහුටද අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදය හදාරන්නට සිදු වුණා මිස ඔහු අමුතු දෙයක් කර නැත.
ය්න්නේ කොහේද? මල්ලේ පොල් උත්තරයක්.
පර සුද්දා, සඳහන් කරන කාරනා 4 තාරක කියූ දෙයට කිසිම අදාල කමක් නැත. තාරක කියන්නේ, ඇල්බට් අයින්ස්ටයින් දෙවියන් ඇදහීම ගැන කථා නොකරන “මැටි මෝලුන්”; නලින් ද සිල්වා දෙවියන් ඇදහීම උපහාසයට ලක්කරන බවයි.
මැටි මෝලුන්ට, මැටි මෝලුන් යැයි පැවසීම, මැටි මෝලුන්ට උහුලා ගැනීමට බැරිය.
ඔව් සමහරවිට එහෙම වෙන්න ඇති….කොහොමත් තාරක ඒක ලියල තියෙන්නේ මැටි මෝලුන්ටනේ… ඒක නිසා ඔබතුමාට ඒක තේරුනාට අපිට තේරුම් ගන්න අමාරැයි මහත්තයො !
පර සුද්දා වෙත
1. තාරක මෙය ලියා තියෙන්නේ මැටි මෝලුන්ට බව කොතැනකවත් සඳහනක් නැත.
2. එය ඉතාම සරල භාෂාවෙන්, ඕනෑම අයෙකුට (මන්ද බුද්ධිකයෙකුට හැර) තේරුම් යන පරිදි ලියා තිබේ.
3. නමුත් එය තෙරුම් ගැනීමට අපහසු බව ඔබම පවසයි.
4. එයින් ගම්‍ය වන්නේ, ඔබද යම් කිසි බුද්ධි ඌනතාවයකින් පෙලෙන බවයි.
ලන්කාවේ ඉන්න ආගම ගැන සමානාත්මතා කථා කරන පර් පොන්නයෝ දැන් මොකද කියන්නේ.
ලන්කාවේ ප්‍රධාන ආගම බෞද්ධාගම විය යුතුයි. එයට ප්‍රමුකත්වය ලැබිය යුතුයි. රටේ නායකයා උපතින්ම බෞද්ධයකු විය යුතුයි.
පට්ට ඇත්ත මචන්
අපේ රටේ ඉන්න බටහිර ලැදි හාල් පාරුවන් උන්ගේ මතවාද, නිරුවත හෙලි වන විට ඇටි කෙහෙල් කාපු උගුඩුවන් වගේ ගොලු වෙනවා.
http://www.kalaya.org
http://www.sinhalagamunu.wordpress.com
මන් හිතන්නේ මේක තාරකට ලියපු එකක් වගෙයි
අමරිකාවේ නායකයන් ආගම ඇදහීමත් අපේ රටේ උන් ආගම ඇදහීමත් අතර ඇති වෙනස තේරුම් ගන්න සහමර එවුන්ට මොලයක් නැති එක ගැන කණගාටුයි.
ඇමරිකාවේ ජනාධිපතිවරණ රැස්වීම්වලට පූජකවරු ගෙන්නාගෙන පෙළපාලි යවන්නේ නැත
ඇමරිකාවේ නායකයෝ තමන්ගේ හෙන්චය්යන්ට ආගමික මධ්යාස්ථාන බාරදීල ඒවා විනාස කරන්නේ නැත
ඇමරිකන් සම්ප්‍රදායට අනුව, ජනාධිපතිවරයා “ක්‍රිස්තියානුවෙක්” වියයුතුය. ඇමරිකානු ඉතිහාසය තුල ජනාධිපති බවට පත්වූ එකම “කතෝලිකයා” ජෝන් එෆ් කෙනඩිය. අවසානයේ, කුමන්ත්‍රණකරුවන් ඔහුව වෙඩිතබා ඝාතනය කරනු ලැබීය.
ඇමරිකානු ජනාධිපතිවරනයේදී, ජෝන් එෆ් කෙනඩිගේ විරුද්ධවාදීන්, ඔහු “කතෝලිකයෙක්”ය යන කාරණය, ඉස්මතුකර, ඒහේතුව නිසා, ඔහු ඇමරිකානු ජනාධිපති ධූරයට නුසුදුසු බව ප්‍රචාරය කරනලදී. පසුව කෙනඩි ප්‍රසිද්ධ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා, ආගම සහ දේෂපාලනය යනු දෙකක් බව ප්‍රකාෂ කරන ලදී.
hik hik lajja nathuwa kiyanava ne deviyan avila araka kiwa meka kiwa kiyala pissu yakku
කවුරු ගැනද ඔය කියන්නේ? ඇල්බට් අයින්ස්ටයින්ද?
රටක ආගම් ධර්මය අනුව නායකයා පත්විම වැරැද්දක්ද? රටක නායකයෙකු ආගම ධර්මය අනුව රට පාලනය කිරිම වරැද්දක්ද. ? අපගේ බලයට එමට අවශ්යව වටපිටව ගන්න පමණක් ආගම භවිතා කරන අතර එයින් පසු ආගම හෝ ආගමික නායකයින් සත පහකට හෝ මයිම් නොකරනු ලබයි. අපේ අය එසේ නොකර අනේ නායකයින් ආගම අනුව රට පාලනය කිරිම ඉතාමත් වැදගත් සහා රටේ ජනතාවට සුවදායිවනු ඇති. මෙවාගේ දේවල් වලින් හොදදේ ගන්නත් අපගේ අයට නොහැකිවිම අපගේ කරැමයි.
sampoorna aththa ! apee chande dena harakunta oowa notheerena eka thamai karume !
Amerikawe ehema unath lankawe ehema wenneneee… Ape Janapapathwaru Buddhagama wqikunaneee neee
Lankaaawe….ape Lankaaaweee……..
ape lokkatath deviyo avila kiwanam kohomada 13+ kriyathmaka karana kiyala he he he he he
Lankawe nevey, American politics pawa dannawa. Ane yako, thopi dannawa white house wisthara… modaya
hik hik hik……hik….api nodanna american politics !
WHAT ABOUT OUR CORRUPTED GOVERNMENTS & DISTORTED BUDDHISH ( GODS MIXED SOUP ) !! At least western keeping have their Religeion where it’s meant to be .. But our mafias…. Shame to say Bana , pirith , Religeion for 24 hours & every single thing . Buddhist statutes in every 10 mtrs. But one of the baberic country in the world .