13 වැනි සංශෝධනය හා පොලිස්‌ බලතල දුන්නොත් යළිත් යුද්ධයක්‌ ඇතිවෙයි

- ඝාතනයට ලක්‌වු මන්ත්‍රී සෑම් තම්බිමුත්තුගේ පුත් අරුන්

අරුන් තම්බිමුත්තු යනු මඩකලපුව හිටපු මන්ත්‍රී සෑම් තම්බිමුත්තුගේ පුත්‍රයායි. ප්‍රභාකරන්ගේ නියෝග මත සෑම් තම්බිමුත්තු හා ඔහුගේ බිරියව කොටි ඝාතකයන් විසින් කොළඹදී ඝාතනය කෙරිණි. ඒ වන විට අරුන්ගේ වයස අවුරුදු 7 කි. අරුන් සහ ඔහුගේ මිත්තනිය දිවි ගලවා ගත්තේ බ්‍රිතාන්‍යයට පැන යැමෙනි. අරුන් පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණ දේශපාලන කරළියට එක්‌වී සිටී. ඔහු මධ්‍යස්‌ථ ද්‍රවිඩ ක්‍රියාකාරිකයකු ලෙස විදෙස්‌ගත ජනතාව අතර ප්‍රසිද්ධියට පත්වී ඇත. අපි උතුරු නැගෙනහිර තිබෙනවා කියන අර්බුදය ගැනත් ද්‍රවිඩ ජනතාවට තිබෙන ප්‍රශ්න ගැනත් විමසුවෙමු.

මේ ඔහු ඊට දැක්‌වූ ප්‍රතිචාරයයි.

ප්‍රශ්නය – උතුරු නැගෙනහිරට පොලිස්‌ හා ඉඩම් බලතල සමග 13 වැනි සංශෝධනයක්‌ ද්‍රවිඩ සන්ධානය ඉල්ලනවා. ඔබ ඊට දක්‌වන ප්‍රතිචාරය කුමක්‌ද?

පිළිතුර – ඇයි, අතීතය සිහිපත් නොකරන්නේ? ඔය කියන පොලිස්‌ බලතල ලබාගෙන තමයි එදා උතුරේ සිට මහ ඇමැති වර්ධරාජා පෙරුමාල් සිවිල් බළකාය පිහිටුවනු ලැබුවේ. මේ බළකායට ද්‍රවිඩ තරුණයන්ව බලහත්කාරයෙන් බඳවා ගත්තා. අද පොලිස්‌ බලතල ඉල්ලා බෙරිහන් දෙන ද්‍රවිඩ සන්ධාන දේශපාලකයෙක්‌ එම බළකායට තරුණයන් හා ළමුන්ව පැහැරගෙන ඒමට සහය වුණා.

උතුරු නැගෙනහිර ද්‍රවිඩ ජනතාවට පොලිස්‌ බලතල සහ 13 වැනි සංශෝධනය අවශ්‍ය නැහැ. මේ බලතල පළාතේ මහ ඇමැති වෙත දුන්නොත් ඉන් සිංහල හා මුස්‌ලිම් ජනතාවට අගතියක්‌ නොවන බවට වගකියන්නේ කවුද? පොලිස්‌ බලතල දුන්නොත් නැවත විශාල අර්බුදයක්‌ ඇතිවෙයි. මෙලෙස පොලිස්‌ බලතල ඉල්ලන ද්‍රවිඩ සන්ධානය වැල්ලවත්ත හා කොළඹ අවට සිටින ද්‍රවිඩ ජනතාවත් උඩරට ද්‍රවිඩ ජනතාව ගැනත් කියන්නේ කුමක්‌ද? මේ රටට 13 වැනි සංශෝධනය සහ පොලිස්‌ හා ඉඩම් බලතල කිසිසේත් අවශ්‍ය නැත.

ප්‍රශ්නය – එසේනම් ද්‍රවිඩ ජනතාවට තිබෙන ප්‍රශ්නය කුමක්‌ද?

පිළිතුර – ද්‍රවිඩ ජනතාවට ඇති ප්‍රශ්නය භාෂා ප්‍රශ්නයයි. භාෂා ප්‍රශ්නයට කඩිනමින් විසඳුමක්‌ තිබිය යුතුයි. එය සිංහල ජනතාවටත් තිබෙනවා. මඩකලපුවට ආවොත් නාම පුවරු ඇත්තේ ද්‍රවිඩ භාෂාවෙන්. කච්ෙච්රියේ එකම සිංහල නිලධාරියෙක්‌වත් නැහැ. එසේ නම් සිංහල ජනතාවටත් එම භාෂා ප්‍රශ්නය තිබෙන බව පැහැදිලියි නේද?

ප්‍රශ්නය – උතුරු ප්‍රදේශය බෞද්ධ ආගම් ක්‍රමවේදයට ලක්‌ කරන බව ද්‍රවිඩ සන්ධානය චෝදනා නඟනවා. මෙහි පසුබිම කුමක්‌ද?

පිළිතුර – ඇයි? අපි ඇත්ත හෙළි නොකරන්නේ. සිංහල ප්‍රදේශවල කෝවිල් කොපමණ තිබෙනවාද? නමුත් සිංහල බහුතරය තමන් සිටින ප්‍රදේශය ද්‍රවිඩකරණයට ලක්‌වී ඇති බවට චෝදනා නඟන්නේ නැහැ. බෞද්ධ ආගම් පතුරුවාලීමට උතුරු ප්‍රදේශය භාවිත කරන බවට ද්‍රවිඩ සන්ධානය ගෙන යන ප්‍රචාරය මුලුමනින්ම සාවද්‍යයි.

ප්‍රශ්නය – යාපනයේ පුස්‌තකාලය ගිනි තබා විනාශ කළ සිංහල ආණ්‌ඩුව ද්‍රවිඩයන්ගේ ඉල්ලීම් නොදෙන බවට ජාත්‍යන්තර ප්‍රචාරයක්‌ ගෙන යනවා. ඔබ මේ ගැන දක්‌වන ආකල්පය කුමක්‌ද?

පිළිතුර – දැනුම් සම්භාරයක්‌ තිබූ යාපනය පුස්‌තකාලය විනාශ කිරීම කිසිසේත් අනුමත කරන්න බැහැ. නමුත් මෙරට ජනතාව සත්‍යය දැන ගත යුතුයි. මගේ තාත්තා රැස්‌ කරගෙන සිටි වටිනා ග්‍රන්ථ 6000 ක්‌ අපේ ගෙවත්තේම වළක්‌ කපලා පිච්චුවේ ප්‍රභාකරන්ගේ නියෝගය මතයි. ඊට පොට්‌ටුඅම්මාන් සම්බන්ධ වුණා. මේ ගැන මගේ තාත්තා පාර්ලිමේන්තුවේදී හෙළිකර ද්‍රවිඩයන්ට විමුක්‌තිය දෙන පිරිස මේව ද කරන්නේ කියා විමසුවා. ඒ නිසා ප්‍රභාකරන් මගේ තාත්තවත් අම්මවත් මැරුවා.

ප්‍රශ්නය – ද්‍රවිඩ සන්ධානය විදේශ රටවල් උසි ගන්වමින් දියත් කර ඇති ශ්‍රී ලංකා විරෝධී ව්‍යාපාරය ගැන ඔබේ නිරීක්‍ෂණය කුමක්‌ද?

පිළිතුර – මා මුලින්ම කිවයුත්තේ සම්පන්දන්ලා ද්‍රවිඩ ජනතාවට ලබාගත් දෙය කුමක්‌ද යන්න හෙළි කරන ලෙසයි. ඔවුන් අද වන තෙක්‌ කිසිම දෙයක්‌ ලබාගත්තේ නැහැ. ඔවුන් කළ එකම දෙය රටරටවල සවාරි යැමත් විරෝධතා පැවැත්වීමත් පමණයි. ඔවුන් පසුගිය කාලයේ කා සමග ද සම්බන්ධ වී සිටියේ. වරක්‌ ඔය ද්‍රවිඩ සන්ධාන දේශපාලකයෙක්‌ මඩකලපුවේ අපේ නිවස සමීපයට අවුත් ගෙදර වෙඩි හඬක්‌ ඇසුනාදැයි විමසා තිබෙනවා.

ප්‍රශ්නය – මේ පසුබිම යටතේ ඉන්දීය රජය යෝජනා කරන 13 වැනි සංශෝධනය හා පොලිස්‌ හා ඉඩම් බලතල නොදිය යුතු යෑයි ඔබ කියන්නේද?

පිළිතර – 2012 වසර කියන්නේ 1987 වසර නොවෙයි. එදා ඉන්දීය රජය මෙරටට ඇබ්බැහි කළ පළාත් සභා ක්‍රමය අපේ රටට දැන් ඔබින්නේ නැහැ. අපි කුඩා රටක්‌. එහෙත් ඉන්දියාව විශාල රටක්‌. ඒ රටට පළාත් සභා ක්‍රමය සුදුසු වුණාට ශ්‍රී ලංකාවට සුදුසු නැහැ. පොලිස්‌ බලතල දීමෙන් සිදුවන්නේ නැවත යුද්ධයකට මඟ පෑදීමයි. විදේශ බලවේගත් එහි පසුබිමේ සිටිනවා. එය රට ආපස්‌සට ගෙන යැමට දරන උත්සාහයක්‌.

ප්‍රශ්නය – එහෙත් ද්‍රවිඩ සන්ධානය කියන්නේ පොලිස්‌ බලතල නැතිව උතුර නැගෙනහිර පාලන කටයුතු ගෙනයැම අසීරුයි කියලයි.

පිළිතුර – බ්‍රිතාන්‍යයේ හැරෝ ප්‍රදේශයේත්, කැනඩාවේ ස්‌කැබ්රෝ ප්‍රදේශයේත් ශ්‍රී ලාංකික ද්‍රවිඩයන් විශාල සංඛ්‍යාවක්‌ සිටිනවා. එහෙත් ඔවුන් කැනඩා හෝ බ්‍රිතාන්‍ය ආණ්‌ඩුවලින් පොලිස්‌ බලතල ඉල්ලන්නේද? මම මේ ප්‍රශ්නය බොහෝ දෙනකුගෙන් ඇසුවම ඔවුන්ට කටඋත්තර නැති වුණා.

ප්‍රශ්නය – උතුර සිංහලකරණයට ලක්‌වෙනවා යෑයි චෝදනා නැඟෙනවා?

පිළිතුර – මේ සියලු ප්‍රචාර තම දේශපාලන පැවැත්මට යොදා ගන්නා දේවල්. එසේනම් වැල්ලවත්ත, කොටහේන, වත්තල, මීගමුව වැනි ප්‍රදේශ ගැන කිවහැක්‌කේ කුමක්‌ද? උතුරේ අයට වැල්ලවත්තට ඇවිත් පදිංචිවීමට ඉඩ ලැබී තිබෙන අයුරින් සිංහලයන්ට ද යාපනයට ඇවිත් පදිංචිවීමේ හිමිකම තිබිය යුතුයි.

ප්‍රශ්නය – නැගෙනහිර පළාතේ දේශපාලන කරළිය පිළිබඳව ඔබේ අදහස කුමක්‌ද?

පිළිතුර – නැගෙනහිර දේශපාලනය තුළ බරපතළ හිස්‌ තැනක්‌ තිබෙනවා. මේ තත්ත්වයට පිළියමක්‌ ලෙස රටට හිතැති දේශපාලනඥයන් සිටිය යුතුයි. අද නැගෙනහිර දැඩි සංවර්ධනයක්‌ ක්‍රියාත්මක වෙනවා. මහාමාර්ග පද්ධතිය ඉතාමත් සතුටුදායකයි. ද්‍රවිඩ ජනතාව වෙනුවෙන් කැපවූ බව පවසන ද්‍රවිඩ සන්ධානය රජය ඉදිරිපත්වී ජනතාවට පහසුකම් සලසන තුරු කළ දෙයක්‌ නැහැ.

ප්‍රශ්නය – රජයේ දේශපාලනඥයන් දෙදනකුත් 13 වැනි සංශෝධනය දිය යුතු යෑයි පවසනවා. ඒ ගැන කියන්නේ කුමක්‌ද?

පිළිතුර – කවුද 13 වැනි සංශෝධනය ඉල්ලුවේ ද්‍රවිඩ ජනතාවද? නැහැ. එය දෙන්න කියන්නේ ඉන්දියාවයි. ඔවුන්ට ඒ බව කියන්න අයිතියක්‌ නැහැ. අපේ රටේ කටයුතු තීරණය කළ යුත්තේ අපි මිස ඉන්දියාව නොවෙයි.

ප්‍රශ්නය – ඔබව සම්බන්ධීකරණ නිලධාරියකු ලෙස ජනාධිපතිතුමා විසින් පත්කර තිබෙනවා. ඒ කුමක්‌ පිණිසද?

පිළිතුර – නැගෙනහිර පළාත දැඩි සංවර්ධනයකට ලක්‌ කිරීම ජනාධිපතිතුමාගේ අරමුණයි. ජනතාවගේ ප්‍රශ්න ගැන දැන ගැනීමට එතුමා මාව පත්කර තිබෙනවා. මම තවමත් ශ්‍රී ලංකා ගමන් බලපත්‍රය භාවිත කරනවා. එහෙත් ඇතැම් අය විදෙස්‌ ගමන් බලපත්‍ර භාවිත කරමින් රජයට බලපෑම් කරනවා.

අරුන් තම්බිමුත්තු සිය ප්‍රතිචාර අවසන් කිරීමට පෙර තවත් කරුණක්‌ හෙළි කළේය. එදා කොටි හත් හැවිරිදි වියේ පසුවූ ඔහුවත් මවත් පැහැරගෙන ගොස්‌ මඩකලපුවේ කිරාන් කඳවුරේ සිර කළහ. එකල එම කඳවුරේ නායකයා වූයේ විනයාගමුර්ති කරුණායි. පසුව බ්‍රිතාන්‍ය බලධාරීන්ගේ බලපෑම් මැද ඔවුන් දෙදෙනාව මුදාහැරීමට ප්‍රභාකරන්ට සිදුවිය.

අද කරුණා රජයේ ඇමැතිවරයෙකි. අරුන් තම්බිමුත්තු ජනාධිපතිගේ නියෝජිතයෙකි.

- කීර්ති වර්ණකුලසූරිය (Divaina)

10,680 Viewers have read This article

25 Comments to “13 වැනි සංශෝධනය හා පොලිස්‌ බලතල දුන්නොත් යළිත් යුද්ධයක්‌ ඇතිවෙයි”

  1. මාතර ආතර says:

    @Anonymous one orig
    @Mudiyanse
    @උලමා

    මෙන්න මගේ අනිත් මන්තරේ.

    අනේ පුලුවන්නම් උඹේ පිස්සු දියසේන කුමාරයට කියල
    මේ-සුද්දගේ-කොඩිවිනෙත් කපාපන්.

    මෙහෙ ජීවත්වන සිංහලයන්ට නැති,
    දෙමල මුස්ලිම් අයට ඇති,
    මේ තුන් ගොල්ලන්ටම ප්‍රස්න්සේ එංගලන්තේ ..පුරවැසිකම ගත්තම නැති,
    ප්‍රශ්න මොනවද?

    • Anonymous One orig says:

      “මෙහෙ (සිංහල රටේ) ජීවත්වන සිංහලයන්ට නැති, දෙමල මුස්ලිම් අයට ඇති, මේ තුන් ගොල්ලන්ටම ප්‍රස්න්සේ එංගලන්තේ ..පුරවැසිකම ගත්තම නැති, ප්‍රශ්න මොනවද?” –

      මේ හැලි වඳුරා (මූට තමයි හින්දියෝ අල්ලන්නෙ), ප්‍රශ්ණයක් වත් අහන්න දන්නෙ නැහැනෙ. මෙහෙම අහපන්.

      “මෙහෙ ජීවත්වන සිංහලයන්ට නැති, දෙමල මුස්ලිම් අයට ඇති, ප්‍රශ්න මොනවද?” – හැලි වඳුරෝ,දෙමල මුස්ලිම් එවුන් හොරෙන් රිංග ගෙන ඉන්නෙ අනුන්ගෙ (සිංහලයන්ගෙ) රටක. ආපහු යනකම් සැනසුමක් නෑ. එකට හිටපු මිනිස්සු කතා කරන්නෙ එක භාෂාවක්. වෙනස් භාෂා කතා කරන්නෙ හොරෙන් රිංගපු එවුන්. තව එක සැරයක් ඇහුවොත් උඹෙ අතපය පූට්ටු වේවි.

      “සිංහලයන්ට නැති, ප්‍රංශෙ, එංගලන්තේ පුරවැසිකම ගත්තම, මාතර ආතර වැනි බෞද්ධ, මුස්ලිම්, දෙමළ අහිගුන්ඨකයන්ට ඇති ප්‍රශ්න මොනවද?” – කටින් කයි ගැහුවට, වැඩෙන්, ඉවරයක් නැති, උන්ට අර උඹ රෝල් කරල ගහ ගන්න පැත්ත දීම.

      පසු වදන: ගූගල් පිහිටෙන් සිංහල කන මේ හැලි වඳුරාගේ සිංහල කම සුද්ද අන්දපු කලිසම දිගේ බේරෙනවා.

      • මාතර ආතර says:

        @Anonymous one orig

        පිස්සු දියසේන කුමාරයව තාමත්
        -ක
        අස්සේ හන්ගන් ඉන්න
        උඹ
        මේවට උත්තර දීල නැත.

        ලංකාවේ කොල්ලොයි,
        (සුද්දොයි),
        චීන්නුයි
        එදා සිට අද දක්වා
        කලිසම් ඇන්දට,

        උන්ගේ ඇට දෙක
        යස අගේට රැක ගෙන,
        බුදුබනත් පිළිපදිමින්,

        තම වර්ගයා බෝ කිරීම
        සිදු කරන බව
        උඹේ පිස්සු දියසේන කුමාරයා
        දන්නවද?

  2. RATHNASIRI NALLAPERUMA says:

    kieerthi warnakuia mahathanani. madya sammana,janadipathi sammana mona bambuwa nethath oba ithihasaya purama me ratata hithawathwa pena hasurawapu madya wediyeki. iniya bedum wadayata sebe pilithuru lebena meweni charitha thawathawath handunwa dimata obata shakthiya lebewa.

  3. Future says:

    “කවුද 13 වැනි සංශෝධනය ඉල්ලුවේ ද්‍රවිඩ ජනතාවද? නැහැ.”

    ඇත්තට… අපිට නං ඉල්ලපු දේවල්මයි ලැබුනෙ.
    හම්බන්තොට වරාය,නෙලුම් පොකුණ,නෙලුම් කුලුණ,මත්තල ගුවන් තොටුපොල,අධිවේගී මාර්ග
    තව තියනවා කියන්නෑ ද්‍රවිඩ ජනතාවට ඊර්ශ්‍යා හිතෙන හන්දා?

    • Anonymous says:

      හම්බන්තොට වරාය,නෙලුම් පොකුණ,නෙලුම් කුලුණ,මත්තල ගුවන් තොටුපොල,අධිවේගී මාර්ග පාවිච්චි කරන්නේ සිංහල උන් විතරයි මචං….

      දෙමළ මුස්ලිම් උන්ට ලගටවත් එන්න දෙන්නේ නැ…!!!! how sad!!!!

    • konda says:

      machanlaaa……. dan ithin oya 13 dunnoth, kohomada ban TNA eka uthura diyunu karanne? TNA ekata magic balayak tiyanavada uthura diyunu karanna?

  4. Future says:

    එතකොට ඡන්දෙ කාලෙ ජනාධිපතිතුමා කිව්වෙ උතුරු නැගෙනහිර ප්‍රශ්ණයට එතුමාගෙ හිතේ විසඳුමක් තියෙනව කියලා. ඒක කෝ? හිතේ තිබිලා තියෙන්නෙ 13ද?. නැත්තං හිතේ මුකුත් තිබ්බෙ නෑ කියන්න බැරිකමට මේක ඉස්සරහට දානවද?

    මගේ සමහර කමෙන්ට්ස් පලවෙන්නෙ නෑ. කුනුහබ්බ ලියන්නැති හින්දද මන්දා. කමක් නෑ, කපන කෙනා හරි බලනවනෙ….

  5. i salute this great man arun he is a patriot.. i know his father and moter was killed by killer prabakaran, also my appr. to patiot journalist keerthi warnakulasuriya for this marvelous artical

  6. malaka says:

    pala baba aynkaranna

  7. lamaya says:

    oya niyama janadipathi niyojithayek

  8. මහ රජා says:

    අපෝ මං දෙයි 13+ මට මේ පලාත්සභා අහොසි කරගන්න ඔනි එක්ට ඉඩක් නැහැ අපෙ හැත්ත අඩනවා අපිට කඩේ යන උන්ට ගසා කන්න විදිහක් නැතිවෙනවා කියලා බලන් ඉදපල්ලාකෝ මං දෙනකන්

  9. mudiyanse says:

    හැම ප්‍රශ්නෙකටම මුල ලංකාව කුඩා දුර්වල රටක් වීම.මැලේසියාවෙන්,ඉන්දියාවෙන්,සිංගප්පූරුවෙන් වෙනම රටක් ඉල්ලන්නෙ න්තුව ලංකාවෙන් ඉල්ලුවෙම ඇගේ පතේ අමාරුවක් නැතුවම ගෙඩිය පිටින් කඩාගන්නයි

    • මුදියන්සේ මහත්තයෝ, මේ සිරිලක දුර්වල රටක් නොවේ. රජකරගෙන හිටපු කොටින්ව නන්දිකඩාල් වලින් අවසන් ගමන් යැවූ නායකයෙක් සිටින් රටක්. අනේකවිධ බාධක රට තුලින් මෙන්ම බාහිරින්ද දේශද්‍රෝහී කුමන්ත්‍රනකාරයෝ දැම්මත් මහින්ද රාජපක්ෂ නම් අභීත නායකයා නිසි නායකත්වය ලබා දී එය අවසන් කලා. එයට බහුතරයක් වන සින්හල බෞද්ධ සියළු දෙනාගේ ආශිර්වදය ලැබුනා.

      ඉතින් ඔබතුමා මේ සිරිලක කුඩා දුර්වල රටක් කියලා කිඅයන්නේ කොහොමද. රට කුඩා උනත් දුර්වල නැ. රටක් දුර්වලයි කියන කොටම අදහස් වෙන්නේ දේශපාලන ස්ථාවරයක් නැති රටකටයි. ඒත් ලන්කාවේ නම් ආන්ඩුවේ ස්ථාවර භාවය ගැන අලුතින් කියන්ඩ ඕන නැනේ.

      හබැයි මොකා පිනුම් ගැහුවත් මේ රටෙන් කැල්ලක් ගෙඩිය පිටින් කඩා ගන්ඩ හබ්බ වෙන්නේ නැ.

      http://www.sinhalagamunu.wordpress.com
      http://www.sinhalagamunu.blogspot.com

  10. ”පොලිස්‌ බලතල ඉල්ලන ද්‍රවිඩ සන්ධානය වැල්ලවත්ත හා කොළඹ අවට සිටින ද්‍රවිඩ ජනතාවත් උඩරට ද්‍රවිඩ ජනතාව ගැනත් කියන්නේ කුමක්‌ද? ”

    ”සිංහල ප්‍රදේශවල කෝවිල් කොපමණ තිබෙනවාද? නමුත් සිංහල බහුතරය තමන් සිටින ප්‍රදේශය ද්‍රවිඩකරණයට ලක්‌වී ඇති බවට චෝදනා නඟන්නේ නැහැ”

    ”බ්‍රිතාන්‍යයේ හැරෝ ප්‍රදේශයේත්, කැනඩාවේ ස්‌කැබ්රෝ ප්‍රදේශයේත් ශ්‍රී ලාංකික ද්‍රවිඩයන් විශාල සංඛ්‍යාවක්‌ සිටිනවා. එහෙත් ඔවුන් කැනඩා හෝ බ්‍රිතාන්‍ය ආණ්‌ඩුවලින් පොලිස්‌ බලතල ඉල්ලන්නේද? මම මේ ප්‍රශ්නය බොහෝ දෙනකුගෙන් ඇසුවම ඔවුන්ට කටඋත්තර නැති වුණා.”

    ”මේ සියලු ප්‍රචාර තම දේශපාලන පැවැත්මට යොදා ගන්නා දේවල්. එසේනම් වැල්ලවත්ත, කොටහේන, වත්තල, මීගමුව වැනි ප්‍රදේශ ගැන කිවහැක්‌කේ කුමක්‌ද? උතුරේ අයට වැල්ලවත්තට ඇවිත් පදිංචිවීමට ඉඩ ලැබී තිබෙන අයුරින් සිංහලයන්ට ද යාපනයට ඇවිත් පදිංචිවීමේ හිමිකම තිබිය යුතුයි.”

    ”අපි කුඩා රටක්‌. එහෙත් ඉන්දියාව විශාල රටක්‌. ඒ රටට පළාත් සභා ක්‍රමය සුදුසු වුණාට ශ්‍රී ලංකාවට සුදුසු නැහැ. පොලිස්‌ බලතල දීමෙන් සිදුවන්නේ නැවත යුද්ධයකට මඟ පෑදීමයි. විදේශ බලවේගත් එහි පසුබිමේ සිටිනවා. එය රට ආපස්‌සට ගෙන යැමට දරන උත්සාහයක්‌.”

  11. api owata wiruddai. owa JVP ya vinasakirimata ena kumanthrana.

  12. Hambaya says:

    well said

  13. මාතර ආතර says:

    විශ්ව සාධාරණ ගැටුම් නිරාකරණ ගීතය

    ජාතික සමගියේ පදනම උදෙසා මහගමසේකරයන් ගීතය

    ‘මේ සිංහල අපගේ රටයි අප ඉපදෙන මැරෙන රටයි’යනුවෙන්,
    දැන් කිසිම චකිතයක් නැතිව මට,
    අපේ රටේ මුස්ලිම්-දෙමල මගේ යාලුවෝත් ,
    දෙමල ක්‍රිකට් ක්‍රීඩක මුරලිත් එක්ක
    බොක්කෙන්ම ගයන්න පුළුවන්.

    එම සින්දුවේ ඇති
    ‘ජාතිවාදයක් නැති,අපේ රටට සිංහල බෞද්ද ඉතිහාසයෙන් හිමි-සංස්කෘතික හරාත්මක පදනම’
    මට,
    ඒ අයට කියා දෙන්නත් පුළුවන්.

    ‘මේ US / මේ පරංස / මේ ඉතාලි / මේ English අපගේ රටයි’
    යනුවෙන් ඒ රටවල සුද්දෝ,
    ඒ රටවල පුරවැසිකම ගත්ත ලංකාවේ සිංහල / දෙමල / මුස්ලිම්
    අප ඉදිරි පිට ගයා නැටූ විට,
    අපට දෝන් යන්නේ නෑනේ.
    ඒ රට වල ඉන්න පුරවැසිකම ගත්ත
    අපේ එවුන්ටත්
    උන්ගේ එම සින්දුව ගයමින් නටන්න පුළුවනි.
    අවුලක් නෑනේ.

    දැන් මා දකිමි හඳුනමි, 100% මහගමසේකරයන්.
    එතුමා අද හිටියනං මේ විදයටම ඔය ටික කියාවි.

    සඳරුවන් මහතාණෙනි,පහන් දැල්ල විසින් මගේ ‘සිංහල බෞද්ද හර පද්දතියෙන් මදක් ඌන වුන කොන්දට’ බැඳී ‘පත්තුවත්’ එම පත්තුවෙන් සුවපත් වී මවිසින් පහන් දැල්ල තුමාට ලියන ලද මෙම පිළිතුරත්, ඔබගේ ව්‍යක්ත ඉංගිරිස් බසට හරවා LCN පිළිතුරකින් පල කල මැනව.

    මවිසින් එය,අනාගතයේ ‘මහගමසේකරයන් REVIEWED’(මහගමසේකරයන් නැවත දැක්ම) නමැති ත්රීභාශාත්මක පොතකින් ලක් සහ ලෝක ජනතාවට සංග්‍රහ කිරීමට බලාපොරොත්තු වෙමි.

    එම පොත, ලෝකයේ සියලුම භාෂා වලට එය පරිවර්තනය කලොත්,
    ලෝක යුද්ද වැලකීමට පිටුවහලක් වනු ඇත.
    හැබැයි ආයුද නිපදවල ලෝකේ වැඩියෙන්ම සල්ලි හම්බ කරන යක්කු ඒකට ඉඩ දෙයිද මන්ද!

    • උලමා says:

      මේ ආතරයො, යකෝ ඕක කීපොලක ලිව්වද.
      මේකලා මංතර ජප කොරනවා වගේ එකම හෑල්ල හැමතැනම දමනවනෙ බොලව්

      • Anonymous One orig says:

        ගණන් ගන්න එපා. මූට දැන් පිස්සු. මම කිව්වම ඇහුවෙ නෑ. මමයි විනේ කලේ. කපනවා බොරු. එකම කෙනාටයි ඒක කපන්න පුළුවන්. මූ ඒ මනුෂ්‍යයටත් පිස්සා කියලා කෝප කරගත්තා. LCN පාඨකයන්ට දෙයියන්ගෙ පිහිටයි.

        • මාතර ආතර says:

          @Anonymous one orig
          @Mudiyanse
          @උලමා

          මෙන්න මගේ අනිත් මන්තරේ.

          අනේ පුලුවන්නම් උඹේ පිස්සු දියසේන කුමාරයට කියල
          මේ-සුද්දගේ-කොඩිවිනෙත් කපාපන්.

          මෙහෙ ජීවත්වන සිංහලයන්ට නැති,
          දෙමල මුස්ලිම් අයට ඇති,
          මේ තුන් ගොල්ලන්ටම ප්‍රස්න්සේ එංගලන්තේ ..පුරවැසිකම ගත්තම නැති,
          ප්‍රශ්න මොනවද?

      • mudiyanse says:

        මංතර ජප කරන කතාවනම් ඇත්ත තමයි

      • ලොකු බංඩා says:

        අතරයාගේ සින්දුව හොදයි. උලමගේ කතාවත් ඇත්ත…… :)

Leave a Comment