“Guardian” වෙබ් අඩවියේ පළවූ ගේ “A former student of Dr. De Silva” ගේ ලිපියත් “සමනලයා” ගේ ඊට පිළිතුරත් කියවූ පසු මෙසේ ලිවීමට මට සිත් වූයේ මමත් නලින් ද සිල්වා මහතාගේ දර්ශනය ගැන උනන්දුවක් දක්වන නිසාවෙනි.
පැහැදිලිවම ලංකාගාඩියන් වෙබ් අඩවියට අවශ්‍ය නලින් ද සිල්වා මහතාට මඩ ගැසීමට ය. නමුත් අපි එහි පළවූ ලිපිය මදක් විමසා බලමු. පළමුවෙන්ම කිව යුත්තේ නලින් ද සිල්වා මහතාගේ හිටපු ගෝලයෙකු ලෙස තමා හඳුන්වාගන්වා මෙම පුද්ගලයා (අපි මොහුට පළමු ලියුම්කරු යැයි කියමු.) එසේ ගෝලයෙකු වී ඇත්තේ නලින් ද සිල්වා මහතාගේ අදහස් පිළිබඳව නිසි අවබෝධයකින් තොරව බවය. සංක්ෂිප්තව පවසන්නේ නම් නලින් ද සිල්වා මහතා විසින් ඉදිරිපත් කරන ලද දැනුමේ හරය වන්නේ සියළු දැනුම නිර්මාණබවත් එය මනසට ඉංද්‍රිය පද්ධතියට හා සංස්කෘතියට සාපේක්ෂ බවත් (බටහිර, පෙරදිග සියළු දැනුම්වලට මෙය වලංගු වේ. ) එහෙයින් වාස්තවික යථාර්ථයක් කියා දෙයක් නොමැතිබවත් ය. තව දුරටත් එතුමන් පෙන්වා දී තිබෙන්නේ බටහිරයින් තම දේශපාලන බලය යොදාගනිමින් බටහිර විද්‍යාව පරම සත්‍ය ලෙස ඒත්තු ගන්වමින් එය සෙසු ලෝකය වෙත බලහත්කාරයෙන් පටවනු ලබන බවත්ය. බටහිර දැනුමින් මිදෙන තාක් කල් අපට නිදහසක් නොමැති අතර ඉන් මිදීම සඳහා විය යුතු අනිවාර්ය හා ප්‍රමාණවත් අවශ්‍යතාවයක් වන්නේ සිංහල බෞද්ධ චින්තනය මත පදනම්වූ අපේ දැනුමක් නිර්මාණය කිරීමයි.
කෙසේ හෝ පළමු ලියුම්කරුට මේවා වැටහී නොමැති නමුත් නලින් ද සිල්වා මහතාගේ ගෝලයෙකු වීමට ඔහු එවකට තීරණය කොට තිබේ. බුදු හමුදුරුවන්ටද මෙවනි ගෝලයෝ සිටියහ. අදටත් සිටිති. බුදු දහමේ නාමයෙන් විවිධ අකටයුතුකම් වල යෙදෙන්නෝ මොවුහුය. සමනලයා ද කියන අයුරින් පළමු ලියුම්කරු විශ්වවිද්‍යාලයේදී කර ඇති කුණු වතුර බකට් කිරීම වැනි ක්‍රියාකාරකම්වලින් අපට සිහි වන්නේ ජවිපෙ සිසුන් ය. ජවිපෙ හි පොදු ලක්ෂණය වන්නේ සමාජය කෙරෙහි වන්නාවූ වෛරයයි. පළමු ලියුම්කරු නලින් ද සිල්වා මහතාට ආකර්ෂණය වී ඇත්තේ “බටහිර විරෝධය” නිසාය. එය ද්වේශය පදනම්වූ ආකර්ෂණයක් පමණක් වේ. කුණු බිත්තර ප්‍රහාර, කැළෑපත්තර, අතින් පයින් කළ සාකච්ඡා යන මේවායේ පදනම ද්වේශයයි.
ඉංග්‍රීසි ඉගෙන නොගන්නා ලෙසට නලින් ද සිල්වා මහතා කොහේදීවත් ප්‍රකාශ කර නොමැත. ඒ මහතාගේ මෙන්ම මගේද මතය වන්නේ ඉංග්‍රීසි ද බටහිර විද්‍යාව ද ඉතා ඉහළින් අප උගත යුතු බවය. ඉගෙනීම එකකි. ඉංග්‍රීසියට හෝ බටහිර විද්‍යාවට වැඳ වැටීම තවෙකකි.
පළමු ලියුම්කරු මොන අර්ථයකින්වත් නලින් මහතාගේ දාර්ශනික ගෝලයෙකු නොවන බව ඔහුගේ ලිපිය කියවීමෙන් අපට පසක් වන්නේ ඔහු එතුමන්ගේ දැක්මේ මූලික කරුණුවත් හරිහැටි අවබෝධ කරගෙන නොමැති නිසාය.
මගේ ගුරුවරයා බුදුන් වහන්සේ වන අතර මම උන් වහන්සේගේ ගෝලයෙක් හෙවත් බෞද්ධයෙක් වෙමි. එමෙන්ම මම ගුරුකොට සළකන තවත් කීප දෙනෙකුම සිටින අතර නලින් ද සිල්වා ඇදුරුතුමන් ද ඉන් කෙනෙකි. මා නලින් ද සිල්වා මහතා ගුරුවරයෙකු ලෙස සලකන්නේ පාසැල් යන සමයේ සිට ය. එතුමන්ගේ විදුසර ලිපිත්, මගේ ලෝකය කෘතියත් කියවූ මම ප්‍රධාන වශයෙන්ම එහි තිබූ වාස්තවික යථාර්ථයක් නැතිය යන්නත්, අනිත්‍ය යනු නිත්‍ය නොවීමට වඩා ගැඹුරු අර්ථයක් ඇති වර්තමානයේ සිදුවන්නක්ය යන්නත් බටහිර විද්‍යාව යනු තවත් එක් දැනුම් පද්ධතියක් පමණක්ය යන්නත් ආදී කරුණු කෙරෙහි අතිශයින්ම පැහැදුනෙමි. එසේම එතුමන් තුළ වූ ස්වාධීන බව, එඩිතර හා නිර්භීත බව, අධිෂ්ඨානය, වීර්යය, ප්‍රඥාව, අල්පේච්ඡබව වැනි ගුණාංග එම පැහැදීම තීව්‍ර කරන්නක් විය. පළමු ලියුම්කරු මෙන් නොව මා බටහිර විද්‍යාව ද ඉංග්‍රීසි ද හොඳින් උගත්තේ ජාතික චින්තනය මෙන්ම බෞද්ධ දර්ශනය ද මැනවින් හදාරන අතරදී ය. සමථ හා විදර්ශනා භාවනාව ද මෙහිදී වැදගත් විණි. නලින් ද සිල්වා මහතා ඇතුළු අපි සැම නිවන ප්‍රාර්ථනා කරන්නෝ වෙමු.
ලංකාවේදී ඉංජිනේරු විද්‍යාව හදාළ මා ආචාර්ය උපාධිය හැදෑරීමට ඇමරිකාවට පැමිණියේ මීට වසර කීපයකට පෙර ය. නමුත් ඒ පළමු ලියුම්කරු මෙන් පදිංචියට නොව අධ්‍යාපන කටයුතු නිමවූ විගස ආපසු යන අටියෙනි. එතෙක් නලින් ද සිල්වා මහතාගේ මත වෙනුවෙන් පෙනී සිටිමින් වාද විවාද කිරීමට මා පුරුදුව සිටි අතර සමාන අදහස් දරණ අය සොයා ගොස් ඔවුන් සමඟ දැන හැඳුනුම්කම් ඇති කර ගැනීමටත් ජාතික චින්තනය හා දර්ශනය පිළිබඳව සාකච්ඡා කිරීමටත් මම කටයුතු කළෙමි.
ඇමරිකාවට පැමිණි මට දැක ගත හැකි වූයේ අප රූපවාහිනියෙන් දැක තිබූ පුවත්පත් වලින් කියවා තිබූ ඇමරිකාවට වඩා හාත්පසින්ම වෙනස් තත්වයකි. ඔවුන් සතුව මනා සංවිධානාත්මකබවක් මෙන්ම බොහෝ කරුණු අතින් ලංකාවේ අද පවතින සංස්කෘතියට වඩා හොඳ සංස්කෘතියක් ද තිබේ. (ලංකාවේ අද ඇත්තේ සිංහල බෞද්ධ සංස්කෘතිය නොවේ.) බටහිර යටත්විජිතවාදයේ ප්‍රතිඵලයක් ලෙස පිස්සු කෙලින්නේ ඔවුන් නොව අප ය. පළමු ලියුම්කරු ද සඳහන් කර ඇති ආකාරයට ඇමරිකාවේ කාන්තාවකට තනියෙම පාරක, බස් රථයක කිසිදු කරදරයකින් තොරව ගමන් කළ හැකිය. තනියෙම නිවසක වාසය කළ හැකිය. එමෙන්ම ඊර්ෂ්‍යාව, අනුන්ගේ අනවශ්‍ය ඕපාදූප සෙවීම වැනි දුර්ගුණ ඔවුන් කෙරේ විද්‍යාමාන වන්නේ ඉතා අඩුවෙනි. ඇමරිකාව ජාතියක් ලෙස අනෙක් ජාතීන්ගේ ස්වාධීනත්වයට ගරු නොකළද ඇමරිකානුවෝ පුද්ගලයින් ලෙස අනෙකාගේ ස්වාධීනත්වයට ඉහලින්ම ගරු කරති. අන්ධානුකාරණය ඔවුන් තුළ නැති තරම් ය. මින් අදහස් වන්නේ ඇමරිකානු සංස්කෘතිය පරමාදර්ශී එකක් බව නම් නොවේ. එහි සතුන් මැරීම ජයටම සිදුවේ. Fishing, dove hunting වැනි තිරිසන් විනෝදාංශ ඔවුන් අතර වේ. ඔවුන් කාන්තාවට දී ඇති තැන ලාස් වේගාස් නගරයට ගිය විට දැක ගත හැකි වේ. මා මෙසේ බටහිර සංස්කෘතියේ හොඳ නරක ඉතා සංක්ෂිප්තව සඳහන් කළේ අප ප්‍රශ්නය දෙස අගතිගාමී නොවී මැදිහත්ව බැලිය යුතු බව අවධාරණය කිරීමටයි.
පළමු ලියුම්කරුට හමුවූ සේන අයියා වැන්නෙකු නොවුනද මගේ චින්තනයට ද ඉමහත් බලපෑමක් කළ පුද්ගලයෙකු මට ඇමරිකාවේ විශ්වවිද්‍යාලයේදී මුණ ගැසිණි. අපි ඔහුට ජයේ අයියායි කියමු. ජයේ අයියා අග්‍රගණ්‍ය බුද්ධිමතෙකු බව මම එකහෙළා ප්‍රකාශ කරමි. ඔහු තුළවූ නිර්මාණශීලීත්වය, විශ්ලේෂණයේ (analysis) හා පොදුකරණයේ (generalization) දක්ෂබව මා මීට පෙර කිසිවෙකු තුළින් දැක නොතිබුණි. (ඔහුගෙන් අනාගතයේ අප රටට විශාල සේවයක් වෙතැයි අපේක්ෂා කරමි. ) ජයේ අයියා හා මා අතර වූ සාකච්ඡාවල ප්‍රතිඵලයක් වූයේ මා වඩාත් උපේක්ෂා සහගතව ප්‍රශ්නයක් දෙස බැලීමට පුරුදු වීමයි. වරෙක නලින් ද සිල්වා මහතා විදුසර පුවත්පත මඟින් අභියෝග කර තිබුනේ එකම සෛලය බෙදී බිහිවන නිවුන් දරුවන් වෙනස් ගතිගුණවලින් යුක්තවීම කර්ම විපාකය යොද ගැනීමෙන් තොරව පැහැදිලි කරන ලෙසය. එවිට ජයේ අයියා මගෙන් විමසා සිටියේ ගසක එකම සෛලය දෙකට බෙදී සෑදෙන ගෙඩි දෙකක් එක හා සමාන ද යන්නය. එමෙන්ම එකම ඉලෙක්ට්‍රෝනය දෙකට බෙදුනොත් එම කොටස් දෙක එක හා සමාන ද යන්නයි.
නිර්මාණාත්මක සාපෙක්ෂතාවාදය යනු තවත් එක් දැනුමක් පමණි. එහි ඕනෑ තරම් අඩු පාඩු තිබේ. නලින් ද සිල්වාගේ මත පුනුරුච්ඡාරණය කරන ගෝලයින්ගෙන් නලින් ද සිල්වා මහතාටවත් රටටවත් ඵලක් නොමැත. නලින් ද සිල්වා මහතාගේ මත වුවද එක හෙළා විමසීමකින් තොරව පිළිගැනීම අනුවණකමක් බව ඒ මහතාම වරක් ප්‍රකාශ කළා මට මතකය. රටට අවශ්‍ය නලින් ද සිල්වා මහතාගේ මත වලද අඩුපාඩු පෙන්වා දෙන හරි දේ හරි ලෙසත් වැරදි දේ වැරදි ලෙසත් දකින විචාර බුද්ධිය ඇති පිරිසක් මිස ඒ මහතාගේ අන්ධානුකාරකයින් පිරිසක් නොවේ. ත්‍රිපිටකයේ පවා පිළිගත නොහැකි කරුණු ප්‍රශ්න කිරීමට අප පුරුදු විය යුතුය. (මේවා බුද්ධිමය සංවාද මිස මඩ ගැසීම් නොවිය යුතු බවද අවධාරණය කරනු කැමැත්තෙමි.) බුදු සසුන පවා අද ව්‍යාජ බෞද්ධයින්, එනම් පිළිමයට වන්දනාමාන කරන එහෙත් ප්‍රතිපත්තිමය වශයෙන් බෞද්ධයින් නොවන අය නිසා අනතුරට පත්ව තිබේ. අවාසනාවකට අද දැක ගත හකිව ඇත්තේ ද්වේශ සහගතව නලින් මහතාට මඩ ගසන පිරිසක් හා මහත් භක්තියකින් එතුමන්ගේ මත පුනුරුච්ඡාරණය කරන දෙපිරිසක් අතර සටනකි. මීට විකල්පයක් ලෙස නලින් ද සිල්වා මහතාගෙ මත වර්ධනය කළ හැකි නිර්මාණශීලී ගෝලයන් පිරිසක් බිහි නොවුනහොත් එතුමන්ගෙන් පසුව එතුමන්ගේ ජාතික කර්තව්‍ය ද අභාවයට යෑම නොවැලැක්විය හැකි වනු ඇත.
- දේශයට ලැදි ඉංජිනේරුවෙක්
පසු සටහන: සංවාදයට යොමුකරන ලිපි අපගේ [email protected] හෝ [email protected] හෝ යන විද්‍යුත් ලිපිනයන්ට පමණක් යොමුකරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
You’ve got it in one. Couldn’t have put it beettr.
ane umbala eka eka Nalin de Silva mahaththaya harida waradida kiyakiya inne natuwa thamange buddiyen sadaranawa hitanna patan ganilla, ethakota balamu oyalage buddimattamata anuwa. Mataka tiyaganna nalin de silva hari wena kenek hari wiwechanaya karanna kalin thamanta e gana niraul daneemak tiyada kiyala. Asanik kathawama gammuko, nalin mahattaya ge hari waradi bala bala inne natuwa asanik gana test karala viwrthawa hamotama piliganna salasena vidiyata wada kalama iwarane,,,,, mata therenne oya okkotama oone kaaale kanna set wenna witarai.
අම්මපා මටනම් හිතෙන්නේ මුන් ඔක්කෝටම දෙයියන්ගේ හාල් කැවිලා.
Apologies for typing in English. Very interesting chain of articles published by Cnews. I would suggest we should look at “Wave particle duality (of light wave)” and quantum entanglement too. I had seen an article which says particles divided (in quantum scale) have same characteristics throughout even if the are million miles apart.
In Quantum entanglement “It is possible for a particle to interact with another particle in such a way that the quantum states of the two particles form a single entangled state. The definition of an entangled state is that it is not entirely independent of other states: its state is dependent on another state in some way. Because of this dependency it is a mistake to consider either state in isolation from the other. Rather we should combine the states and treat the result as a single, entangled state.”
The other thing I have to say to Nilathna Ilangamuwa of SL guardian and Sandaruwan of LankEnews is this:
In their attack against government they seem to attack this kind of valuable arguments as well. I wonder how can they explain this:
1 Most British people do not eat broiler chicken any more and they eat corn fed or organic chicken where no steroids in them. Also more humanely produced 9Farming methods). (I know most Buddhists do not eat meat. I am writing this as for arguments sake.)
2. Most people now buy organic food in the west and use of pesticides are declining. Even in house gardens and allotments English people plant vegetables thus producing organic food and consume those.We drink organic milk here. Why?
3. We are drinking tea with brown sugar because white sugar is like heroin (People get addicted) and it is introduced by Americans to sell their (former) Cuban white sugar. I drink tea with hakuru or with Brown sugar. White sugar gives all the bad health problems and diabetes. In our company no one uses white sugar.
4. We eat brown bread and not so much of white bread. Why? Because it is healthy. Now what’s wrong with telling that to our people in Sri Lanka. Dr Nalin de Silva and his followers trying to save our people from the same health problems westerners are suffering.
5. Now what’s wrong Dr Nalin De Silva and his pupils campaign to get rid of bad chemicals and let our Sri lanka people to use their organic(Sinhalese) methods of farming and their request to check Arsenic or Cyanide in pesticide.
God Natha or not these are valuable claims.
Nilantha who is living in Us and Sandaruwan who is living in UK knows these facts well but hide from their readers because of their hypocrisy.
Thanks
Methanata liyanna one mama deviyan vishvasa nokarana bauddayek bava. mamth kiyanne Nalinta baneema ho saya deema nova ape rate minissun pavichchi karana bhayanaka paliboga nashaka navathviya yuthu bava.
I am an atheist as well as a Buddhist. I would not comment on God Natha or other gods. I respect your believes. All I am saying to others who are criticizing g Dr Nalin De Silva (Sri Lank\ Guardian etc) check the facts. Most pesticides are bad and most westerners trying to avoid, non organic food. So certain points made by Dr Nalin and the gang are correct.
සී නිව්ස් ස්තුතියි ඔබට, මුල් ලිපිය පලකිරීම පිලිබඳ,
මේ සංවාදයේදී බොහෝ දෙනෙක් එකිනෙකාට ගොනා මෝඩයා වගේ බොහෝම අරිත්බර විදියට ගරු කර ගන්නවා දැක්කා ඒකත් හොඳයි පොඩි ගෝ එකක් තියෙනවා එතකොට.
මේකෙදී මම නලින් ද සිල්වා මහතාගේ මුල් ලිපිය හැකි තරම් අවදානයෙන් කියෙව්වා. එතන ඉතාම වැදගත් කථාවක් තියෙනවා. ඒ තමයි ජාන පිටපත් කිරීමෙන් නිපදවන ජීවීන් දෙදෙනෙකුගේ එකෙකු කර්මානුරූපව හෝ වෙනත් බහු හේතුන් අනුව කොර සතකු විය හැකියි යන්න.
මෙතනදී මහාචර්‍ය තුමා ඉතා නිවැරදිව බහු හේතුන් පිලිබඳ සඳහන් කරනවා.
මම පෙරදීත් සඳහන් කල උදාහරනයක් දක්වන්නම්, එනම් එකම තණකොල ඇට පොකුරකින් මඩ ගොඩකටත් පාර මැදටත් ඇට දෙකක් වැටුනොත් මඩ ගොඩේ ඇති පැලය ඉතා හොඳින් වැඩෙද්දී පාර මැදට වැටුනු ඇටයෙන් එන පැලය මදක් වැඩෙද්දී කැඩී යාමෙනුත් නැවත නැවත වැඩීමට උත්සහ දරමිනුත් දුශ්කර උත්සහයකින් පසු මිය යනවා. දැන් මෙය එකම පවුලේ දරුවන්ට ආදේශ කරමු. (අපි හිතමු පවුලක එක් දරුවෙක් අනතුරකින් ආබාදිත වෙනවා කියලා) මෙතනදී අමූලිකා ශ්‍රද්දාවෙන් කර්මය අදහන්නා කියනවා ඒ දරුවා පූරුවෙ කර්මයක් නිසා ආබාදිත උනා කියලා.භෞතික වාදියා කියනවා එය අහම්බු සිදුවීමක් කියලා. එහෙමනම් අර පාර මද වැඩෙන තණ පැලයත් අකුසල කර්මයක් කර තිබිය යුතුයි.
එහෙත් මෙහිදී අදාල දරුවාට යෝනිසෝ මනසිකාරයකින් පසු උනා නම් බොහෝ විට අදාල අනතුර වලක්වා ගත හැකිව තිබුනා (ඕනෑම සිදුවීමක් පසු ආවර්ජනයක් කර බලන්න ) එහෙත් තණ පැලයට එවැනි හැකියාවක් නැහැ. මෙය තමයි මහාචාර්‍ය තුමා දක්වන ජීවයෙයි ප්‍රානයෙයි වෙනස. විඤ්ඤානයකින් තොර පීවියෙකුට situation analyze කරන්න බැහැ. මේ හැකියාව අපි තිරිසන් සතුන් තුලත් දකිනවා.
බටහිර විද්‍යාවම අදවන විට පිලිගෙන තියෙනවා කිවිවක් නිත්‍ය ලෙස නොපවතින බව හා සියලු භෞතිත වස්තූන් හුදු සංකල්ප පමනක් බව. ඒ වගේ බොහෝ ඉක්මනට ඔවුන් පිලිගනීවි සත්වයා තුල ඔවුන් දකින රූප කොටසට වඩා ඉතා වැදගත් නාම ධාතුවක් ඇතිබව (බුද්ධ දේශනාවට අනුව රූපය යනු පන්ච උපාදාන ස්කන්දයෙන් එකක් 1/5 පමණයි )
ජාන පිටපත් කිරීමෙන් 100% සමාන ජීවීන් දෙදෙනෙකු බිහි උනායයි උපකල්පනය කරමු. මේ දෙන්නාගෙන් එකෙකු වතුරට බහින්න බයයි අනෙකා වතුරට ආසයි වැනි තත්වයක් ඇතුවිය නොහැකිද? එත්කොට මේකත් බටහිර විද්යාවට අනුව කිසිදෙයක් සර්ව සම නොවෙයි කියා නිශ්ශබ්ද විය හැකිද? හුදු බෞතික තත්ව වලින්ම පමනක් සත්වයකුගේ විවිද වූ ප්‍රඥාව, අවබෝදය, තීරණ ගැනීම පහදා දිය හැකිද?
මම මහාචාර්‍ය තුමාගේ ගෝලයෙක් නොවෙයි.
බුදු හාමුදුරුවෝ කියල තියෙන විදිහට් කරමය බලපාන්නේ 1/5 යි.නියාම ධර්ම අනුව තමයි හෑම දෙයක් ම වෙන්නේ
Only idiots with an IQ around 80 would believe what this crackpot Nalin de Silva says. He is really gone mad.
ඔය හරියි කියන කට්ටියට විරුද්ධව තමයි නලින් ද සිල්වා සටන් කරන්නේ. ඒ නිසා ඒකේ ගැටළුවක් නැහැ. හැබැයි මම එක දයක් දන්නවා. ඒ තමයි, නලින් ද සිල්වා ළඟදීම දිනනවා.
ඒ කතාව ඇත්ත මාත් එහෙම තමයි හිතන්නෙ.මොකද සත්‍ය කවදාවත් යටපත් කරන්න බෑ
කරුනාකරල මට පෑහෑදිලි කරනවද ඈමීබාවා සත්වයෙක්ද? එහෙමනම් ඌට ආත්මයක් තියෙනවද? ශරීරය දෙකට බෙදුනම ආත්මයත් දෙකට බෙදෙනවද? එතකොට කර්මයට මොකද සිද්ද වෙන්නෙ, ඒකත් දෙකට බෙදෙනවද?
උඹ මොනවද? මෙතන කරන්නේ
අනේ බං උඹලගේ මහා විද්‍යාවනේ බං කියන්නේ ඇමීබා කියන්නේ එක සතෙක් කියලා.
ඇමීබා දෙකට බෙදෙනවා නම්, ඌ එක ජීවියෙක් වෙන්න පුළුවන්ද කියලා උඹට විද්‍යාව උගන්නපු එකාගෙන්ම අහගෙන වරෙන්. තව එකක්. මතක ඇතුව අහපන් ඇමීබාට ප්‍රාණයක් තියෙනවාද? ප්‍රාණ කියක් තියෙනවද කියලා?
තව තියෙනවා. උඹ දෙඹිඩි ළමයි දැකලා තියෙනවා නේද? ඒ කියන්නේ, එකම සතාගේ උනත් ජ්‍රාණියෝ දෙන්නෙක් ඉන්න පුළුවන් කියන එක නෙමේද බන්?
මූන් සත්තු දන්නෙත් නැහැ, ජීවියා දන්නෙත් නැහැ, ප්‍රණියා දන්නෙත් නැහැ. හැම මඟුලටම අත්මයක් ඇඳ ගන්නවා. ඊට පස්සේ ආත්මවාදයක් ගැන බයිලා කියෝනවා.
මෙම ලිපියේ ලියුම්කරු විසින් සඳහන් කර ඇති මහචාර්ය නලින්ද සිල්වාගේ පහත ප්‍රකාශය වන, “වරෙක නලින් ද සිල්වා මහතා විදුසර පුවත්පත මඟින් අභියෝග කර තිබුනේ එකම සෛලය බෙදී බිහිවන නිවුන් දරුවන් වෙනස් ගතිගුණවලින් යුක්තවීම කර්ම විපාකය යොද ගැනීමෙන් තොරව පැහැදිලි කරන ලෙසය.” යන්න, අඩංගු වූ විදුසර කලාපය ඔහු දන්වා එවා ඇත. එය ‘ඩොලී ගැන පාඩමක්’ යන කාලය විබ් අඩවියේ ඇති ලිපියක් බව ඔහු සඳහන් කර ඇත.
එහි යොමුවද, ඔහු එවා ඇත.
http://www1.kalaya.org/2011/04/blog-post_7712.html යන යොමුවෙන් එම ලිපිය ලබාගත හැකි බව ඔහු සඳහන් කර ඇත.
- ලංකාසීනිව්ස් -
ඉහත ලිපිය කියවීමෙන් පසු මට පෙනුනේ නලීන් මහතා නොලියූ දෙයක්ද ලියුම්කරු විසින් එසේ ලියුවා යැයි ලියා ඇති බවයි. බොහෝ දෙනා යමක් කියවීමේදී ඉවසිල්ලක් හොඳ අවධානයක් ඇතිව නොසිටිති. ඒ මහතාගේ ලිපි කියවීමේදී වැඩි සැලකිල්ලකින් කියවිය යුතු යැයි සිතමි.
නලින් මහතාගේ ලිපියේ ඇත්තේ මෙවැන්නකි.
“එකම ෙසෙලය දෙකට බෙදීමෙන් බිහිවන නිවුන් දරුවන් වෙනස්වන්නේ ඇයි දැයි බටහිර ජීවවිද්‍යාවට තේරුමි කළ හැකි ද? හැකිනමි එසේ තේරුමි කරන ලෙස අපි අභියෝග කරමු. ජීවය යනු හුදෙක් ජීවයෙන් (ජානවලින් ආදියෙන්) පමණක් තේරුමි ගත හැකි නො වෙි. එහි දී වෙනත් හේතු ද බලපායි.”
ඉහත ලිපියේ දක්වා තිබුණේ වෙනත් දෙයකි.
“වරෙක නලින් ද සිල්වා මහතා විදුසර පුවත්පත මඟින් අභියෝග කර තිබුනේ එකම සෛලය බෙදී බිහිවන නිවුන් දරුවන් වෙනස් ගතිගුණවලින් යුක්තවීම කර්ම විපාකය යොද ගැනීමෙන් තොරව පැහැදිලි කරන ලෙසය.”
නලින් මහතාගේ වාදයෙහි කර්මය යොදානොගැනීම ගැන කිසිවක් කියා නැත. කියා ඇත්තේ හැකිනම් ජීව විද්‍යාව භාවිතයෙන් නිවුන් දරුවන්ගේ වෙනස්කම් පැහැදිලි කරන ලෙසය. විශ්ලේෂණයට හෝ සාධාරණීකරණයට යාමට පෙර කළයුත්තේ එළඹසිටි සිහියෙන් යුතුවීම බැවු ගෝලයන්ටද ගෝලයන් නොවන්නන්ටද ඉතිරි අයටද වැදගත් වනු ඇතැයි අපි සිතමු.
ane gono,
batahira vidhyawa oka pahadili karanne karma vipakayenda ethakota?
“batahira vidyawen pahadili karanna” kiyana prakashayen gamya wenawa karma vipakaya yoda ganimen thorawa kiyala. ekawath therenne nedda?
මේ ‘ඩොලී ගැන පාඩමක්’ කියන නලින් ද සිල්වා මහත්තයගේ ලිපිය දැන් මම සෑහෙන වාර ගණනක් කියෙව්වා.
නැවත නැවතත් කියෙව්වා. ඒත්, මටනම් පේන්නේ මෙතන දී නලින් ද සිල්වා මහත්තයා පරාදයි වගේ.
ජයේ අය්යගේ කථාවේ ගත යුත්තක් තියෙනවා කියලා මට හිතෙනවා.
Analysis and Generalization බැරිවීම නිදහසට කාරණයක් වුනත් සිංහල නොතේරී කියවන්නට යාම ගැන සමාවක් නොලැබෙයි. නලින් මහතා අභියෝග කර ඇත්තේ හැකිනම් ජාන පදනම යොදාගෙන පැහැදිලි කරන ලෙස මිස කර්මවිපාකය යොදානොගෙන පැහැදිලි කරන ලෙස නොවේ. නලින් මහතා එය කර්ම නියාම සහ තවත් නියාම යොදාගෙන පැහැදිලි කරන බව ඇත්තකි. බටහිර විද්‍යාඥයන් එය යොදා නොගෙන වෙනත් පැහැදිලිකිරීම් සඳහා යාමට ඇති අවස්ථාව බැහැර වී නැත. සමාන නිඹුල්ලුන් සහ අඹගෙඩි හෝ ඇමරිකාවෙ ඇපල් වල විකාශය සැසඳිය හැක්කේ ඒවායේ රූපික වෙනස්කම් සැලකීමෙනි. එවැනි වෙනස්කම්වලට DNA වලින් පැහැදිලි කිරීම් දිය හැකිද? එසේ දෙන පිළිතුරු ආධ්‍යාත්මික වෙනස්කම් පැහැදිලි කිරීමට ප්‍රමාණවත් වේද? නලින් මහතාගේ වාදයේ සාරය වනුයේ ජීවය DNA වලට ඌනනය කල නොහැකි බවය. Analysis and Generalization අයියලාට ද්‍රව්‍යවාදීව ඊට පිළිතුරුදීමට හැකිනම් ප්‍රශ්නයක් නැත. මේ වනතුරු බටහිර විද්‍යාඥයින් එවැනි පිළිතුරක් නිර්මාණය කරගෙන නැති බව පමණක් කිව හැකිය.
ප්‍රශ්න වලට විසඳුම් හිතන්නට පෙර කළයුත්තේ ප්‍රශ්නය නිරවුල්ව තේරුම් ගැනීමයි. මෙතැනදී එය සිදුවී නැති බව වසා දැමීමට ගම්‍ය වෙනවා යැයි කෙඳිරි ගෑමෙන් නොහැකිය. (ගම්‍යවිය හැකි බොහෝ දෑ අතර එය එකක් පමණකි) නලින් මහතාව වන්දනා කිරීම හෝ ජයේ අයියලාව වන්දනා කිරීම තම තමන්ගේ රුචිකත්වය අනුව කෙරෙන්නකි. මිනිසුන් අනුන් වන්දනා කරන්නේ තර්කානුකූලව සිතීමෙන් නොවන බව අපි දනිමු. එයට දොස් කිව හැකි නොවේ. ඒ දෙකටම වඩා වටින්නේ තමුන්ගේ කියා මතයක් නිර්මාණය කරගැනීමට හැකිවීමයි.
මුල් ප්රතිචාරයෙන් කියන්න ඕනෙ කරපු දේවල් කෙටියෙන් කියුවත් සමහරු කියන දේවල් දැක්කම මුකුත් නොලියා ඉන්නත් බෑ… ආයෙ පාරක් කියනවනම්, අපි නිකමට හිතමු ජයේ අයියට සර්වසම අඹ ගෙඩි දෙකක් හම්බවුනා කියලා… දැන් ඔය දෙක හරියට සර්වසම නිවුන්නු වගේ… අපි කතා කරන්නෙ එතනින් එහාට වෙනදේ ගැන….හරියටම කිවුවොත් විඤ්ඤාණය ඇතිවෙන්නෙ කොහොමද කියන එක ගැන…. මම 99.99%ක කතාව කියුවෙ සර්වසම නිවුන්නු භෞතිකව අතිශයින්ම සමානයි කියන්න මිසක්, ඔවුන් .01% අසමානයි කියන්න නෙමෙයි..
ඕනෙනම් 99.9999%ක්ම උනත් සමානයි කියන්න පුලුවන්… කොහොම උනත් අර කියන 0.01%න් මොලේට වෙන බලපෑම නොගිනියහැකි තරම් කුඩා අගයක්… මම එහෙම කියන්න හේතුව, බටහිර විද්යාවට අනුව විඤ්ඤාණය කියන්නෙ මොලේ සිදුවෙන ක්රියයාවලිය නිසා ඇතිවෙන මායවක් කියල කියන නිසා…
කොහොමත් පොදුවේ ගත්තම සමාන පරිසර සහ සමාජ වටාපිටාවක ජීවත්වෙන එකම පවුලෙ දෙන්නෙක් හාත්පසින්ම වෙනස් හැසිරීම් පෙන්නන එක කර්මවාදයෙන් පැහදිලි කරන්න පුලුවන් විසංවාද නැතුවම…. අපි කියන්නෙ කෙනෙකුගෙ හැසිරීම තීරණය වෙන්නෙ ඔහුගේ හෝ ඇයගේ සමාජ වටාපිටාව,සංස්කෘතිය, පෙර කර්ම ශක්තිය සහ ශරිර තත්වයන් අනුව( උදා.. ලෙඩෙක් සහ නීරෝගී කෙනෙක්) කියලයි.. මහාචාර්යයතුමා කියන්නෙ මේකෙන් කර්මවාදය අතහැරලා පුද්ගලයෙකුගේ හැසිරීම් පහදන්න බැහැයි කියන එක… අපි කොහොමත් හැමදේම කර්මයට ඌනනය කරන්න හදන ඌනතිවාදියො නෙමෙයි… කොහොම උනත් මෙච්චර කියලත් ජයේ අයියා කියුවෙ ගොන් කතාවක් කියලා තේරෙන්නෙ නැත්නම් ඒකට හේතුවත් අපූරුවට කර්ම වාදයෙන් පහදන්න පුලුවන්…..
Mahasona, Samanalaya, Jaye Ayyage Gon Katha,
Can you explain the difference between twins using Kamma, and without using analysis or generalization. The explanation should use “realization” (prathakshaya) rather than adopting any other western scientific methodology or method. This is not a challenge but just want to learn!
Because I don’t see any fundamental difference between your arguments or a ratioanlity. Prof Nalin is talking something fundamentally different from western method but I don’t see anything like that in your arguments. What you all are doing is reiteration of Prof Nalin’s theories without understanding them well.
මේ මහත්තයෝ, මම එකක් කියන්නම් බොරුවට චන්ඩියා වෙන්න හදන්න එපා.
මෙතන ප්‍රශ්නේ මොකද්ද? ජයේ අය්යාගේ කථාව මිසක් නලින් සර්ගේ කථාව නෙමේ මෙතන ප්‍රශ්නේ.
කෙටියෙන් කියනවා නම්, එකම සෛල බෙදිලා හැදෙන සෛල එක සමාන නැත්නම්, ද්‍රව්‍යයට ජීවන ඌණනය කරන්න පුළුවන් කියන මතය පිළිගන්න වෙනවා.
මෙතන ඔය කියන කවුරුවත් නලීන් සර් කිව්වේ මොකද්ද කියලා ඇහුවේ නැහැ.
(එත් මම විශේෂයෙන් ඊ-මෙල් එකකින් ලංකාසීනිව්ස් එකෙන් ඉල්ලා සිටියා මෙම ලිපිය ලියපු පුද්ගලයගෙන් අහලා “නලින් සර් කිව්වාය කියන කථාව” තිබුන විදුසර පත්‍තරේ දිනය කරුණාකරලා මෙහි සඳහන් කරන්න කියලා. ඒත් තාම පිළිතුරක් නම් නැහැ)
ඒ නිසා, අපිට බෞද්ධයෝ වශයෙන් වැඳගත් වෙන්නේ අන්න ඒ ද්‍රව්‍යවාදී කථාව හරිද වැරදිද කියලා දැනගන්න එකයි.
අනිත් දේවල් පස්සේ බලමු. පෘතග්ජනයන්ට යම් යම් සාධක අනුව බටහිර විද්‍යාව වැරැදියි කියලා කියන්න නිවන් දකින්න ම අවශ්‍යය නැහැ. චතුරාර්ය සත්‍ය සම්පූර්ණයෙන් අවබෝධ කරගත යුතු වෙන්නෙත් නැහැ. අපි කවුරුත් මෙතන මාර්ග ඵල ලබලා නැහැ. එහෙම කියලා බටහිර විද්‍යාවේ වැරැදි දකින්න මාර්ග ඵල ලබන්නම ඕන වෙන්නේ නැහැ. නලින් සර් කරන්නේ පෘතග්ජනයන්ට සාපෙක්‍ෂ වශයෙන් බටහිර විද්‍යාවේ ඇති වැරැදි කියලා දෙන එක. නමුත් එහෙම කිව්වා කියලා බටහිර විද්‍යාව තමන්ගේ මුඩුම ප්‍රවාද අස්කරගන්නේ නැහැ.
බටහිර විද්‍යාවේ මේ සෛල කියන්නෙත් වියුක්ත ප්‍රවාදයක් විය යුතුයි. වියුක්ත ප්‍රවාද වලින් ලෝක සත්‍යය දකින්න පුළුවන් ද? චතුරාර්ය සත්‍යය අවබෝධ කරගන්න පුළුවන්ද? අනිත්‍ය, දුඛ්‍ය, අනාත්ම අවබෝධ කරගන්න පුළුවන් ද? මෙව්වා මේ.., නිකං කොලේ වහලා ගහන වැඩ විතරයි.
Spontaneous division of the zygote into two embryos is not considered to be a hereditary trait, but rather a spontaneous or random event(http://en.wikipedia.org/wiki/Twin#Identical_.28monozygotic.29_twins)
Why is the above event or the forming of identical twins as explained in western Zoology is Random?
ඔබට දාපු comment එක දැම්මේ Explainට, ඒක වැරදිලා ඔබට වැටුනේ
Hey, that’s the geratest! So with ll this brain power AWHFY?
ඔයා ඕක ජයේ අයියාගෙන්ම අහ ගත්තොත් නරකද මෙතන අපෙන් අහනවාට වඩා.
1 එකම ශුක්රානුව හා දිම්බයෙන් දෙන්නෙක්(identical twins) බිහිවන්නේ ඇයි?
2 To Lankacnews extracted from සමනලයා “එත් මම විශේෂයෙන් ඊ-මෙල් එකකින් ලංකාසීනිව්ස් එකෙන් ඉල්ලා සිටියා මෙම ලිපිය ලියපු පුද්ගලයගෙන් අහලා “නලින් සර් කිව්වාය කියන කථාව” තිබුන විදුසර පත්‍තරේ දිනය කරුණාකරලා මෙහි සඳහන් කරන්න ” කරුණාකර මෙය පැහැදිලිකරදෙන්න
“The causes of monozygotic twinning are generally unknown and unidentified. No one really knows why an egg splits; technically it’s a malfunction of the normal development process.
There’s no hereditary trait that influences a predisposition to having identical twins. Identical twins do not run in families. Although there are families with a high incidence of identical twins, it is due to chance, coincidence or plain good luck. ” Why?
http://multiples.about.com/od/funfacts/a/identicaltwins.htm
Keep these articles coimng as they’ve opened many new doors for me.
සිංහලය ගේ මෝඩ තර්ක ඇහෙද්දී අහක බලන් ඉන්න බෑ. එයටත් එය ලියුව ඒවම අරගෙන උත්තර දෙන්න වෙනවා.
1. “නමුත් නලින් සර්ගේ අභියෝගය වැරදියි. නලින් සර් කියන්නේ නිවුන්නු දෙදෙනෙකු වෙනස් වීම පැහැදිලි කළ හැක්කේ කර්ම විපාකයෙන් පමණයි කියලා. නමුත් ජයේ අයියා පෙන්වා දෙන්නේ එතැන භෞතිකමය වෙනසක් තිබෙන නිසා එම වෙනස පැහැදිලි කිරීමට කර්ම විපාකය යොද ගැනීම අත්‍යවශ්‍ය නෑ කියලා. ” -
දැන් ඔය ක්ලෝන කරණය (100% ජාන සමාන ) ගැනත් අයෙක් ලියල තියෙන්නේ . ක්ලෝන කරණයෙන් (එය 100% සාර්ථක ද යන්න වෙනම කාරණයකි ) ගත්ත ජීවින් දෙන්නෙකුගේ හැසිරීම් ගැන කවුරුත් විමසලා නැති නිසා ඒගැන කතා කරන්න බැහැ. හැබැයි ඊට පස්සේ තියන ආසන්නම උදාහරණය තමයි සර්වසම නිවුන්නුන්ගේ කතාව. ඒක අතීතයේ ඉදන් තියන කවුරුත් අත්දැකලා තියන දෙයක් . ( ජාන 100% සමාන පරීක්ෂණය කරන්න බැරි හින්ද 99.99% සමාන පරීක්ෂණය කරමු ). මං හිතන්නේ නලින් ඒ උදාහරණය ගත්තෙම ඔයා වගේ බොරු පඬියන්ට කර්ම විපාකය හේතුවෙන් විඤ්ඤාණය වෙනස් වන හැටි පැහැදිලි කරන්න. දැන් අපිට සිංහලය කියන්නේ මෙතන පාලිත පරීක්ෂණය (controlled experiment ) කරලා ප්‍රතිපල පෙන්නන්න කියලද? අනෙක “හැකිනම් කර්ම විපාකය නැතිව පැහැදිලි කරන්න” කියන්නේ “පැහැදිලි කළ හැක්කේ කර්ම විපාකයෙන් පමණයි ” කියන එක නෙවෙයි. ප්‍රශ්නයට උත්තර දෙන්න කලින් ප්‍රශ්නය වටහා ගන්න.
2. “කර්ම විපාකය අපිත් පිළිගන්නවා. ඒ ශ්‍රද්ධාවෙන්.” – අපිනම් ඔයා වගේ අමුලික ශ්‍රද්ධාවෙන් යමක් පිලි ගන්නේ නැ. අයෙක් කාලයක් තිස්සේ කරපු දේවල් ඊට පස්සේ එයාගේ ජීවිතයට බලපාන හැටි ගැන ඕන තරම් අද්දැකීම් තියනවා. ඕනනම් මෝහනයෙන් පහු ගිය ආත්ම ගැන විමසුහම එහි ප්‍රතිපලයක් ලෙස මේ ආත්මයේ ලබපු දේවල් දැනගන්න පුළුවන්. මේගැන බටහිරත් ඕනෑතරම් පරීක්ෂණ කරලා තියනවා. කර්මය පටිසන් දෙන ආකාර 4 පිළිබඳව කියවල එන්න.
3. “වෙන විදියකින් කියනවනම් කර්ම විපාකය එකක්. ඒක ඔප්පු කිරීම තව එකක්. ” -කර්ම විපාකය කියන එකෙන්ම කියන්නේ කර්මය ප්‍රතිපල ගෙන දීම කියන එකයි. යමකට කර්මය මුල්වෙලා තිබෙයි නම් එය මුල් වූ ආකාරය පෙන්වා දිය හැකි විය යුතුයි. (අපට එය හරියට කරන්න බැරි නම් ඒක වෙනම කාරණයකි. බුදු හාමුදුරුවොත් ඕන තරම් එය කරලා තියනවා). අනෙක් අතට විචාරය කරලා විමර්ශනය කරලා පිලි ගන්න කියල තියන ශ්‍රී සද්ධර්මය ශ්‍රද්ධාවෙන් පිලි ගන්න යනවනම් ඒක ඔයාගේ මෝඩකම. එහෙම නැතිව “කර්මය කියල එකක් තියනවා..ඒක අපි පිලි ගන්නවා(ශ්‍රද්ධාවෙන්) එත් එකෙන් මොකද වෙන්නේ කියල නම් අපි දන්නේ නැ…” කියල සිල්ලර ටෝක් දෙන්න එපා. ..
මීට වඩා හරවත් තර්කයක් ගොඩ නැගෙන්නේ නැත්නම් වැඩිදුර කාලය කා නොදමා මෙම වාදය අවසාන කිරීම උචිතය. කෙතරම් පැහැදිලි කිරීම් කලත් 0.01 ම එල්ලී මෝඩ කතා කියන සිංහලයාගේ “විචාරශීලී බුද්ධිය” ගැන අපට දැනෙන්නේ අනුකම්පාවකි.
ජයේ අයියාගේ බටහිර විද්‍යාව මත පදනම් වූ ගොං කතා.
1.ගසක එකම සෛලය දෙකට බෙදී සෑදෙන ගෙඩි දෙකක් එක හා සමාන ද යන්නය.
2. එකම ඉලෙක්ට්‍රෝනය දෙකට බෙදුනොත් එම කොටස් දෙක එක හා සමාන ද යන්නයි.
මේ ජයේ අයියාගේ කියුම් දෙකම බටහිර විද්‍යාව මත පදනම් වූ අපි කවුරුවත් දැකපු නැති කල්පිත මත පදනම් වූ කතා දෙකක්. මම නම් අද වෙනකම්ම ඔය කියන එක සෛලයක් දැකලා නැහැ. ඔය සෛල කියලා සර්ව සම ඒකක වලින් ජීවීන් හැදිලා තියෙනවා කියන එක තමයි බටහිර විද්‍යාඥයො කියන්නේ. බෞද්ධ පොතකවත් පරණ සිංහල වෙද පොතකවත් ඔය සෛල ගැන කියන්නේ නෑනේ. ඕක බටහිර විද්‍යාඥයොම නිර්මාණය කරගත්ත කතාවක්. දැන් ෙසෙල ගැන කියවන ජයේ අයියා නොකියා කියනවා, බටහිර විද්‍යාඥයොන්ගේ වියුක්ත ප්‍රවාදයට පදනම් වූ කතාවට අනුව සෛල සමානයි කිව්වට සමානම නෑ පොඩ්ඩක් වෙනස් ඒක නිසා කර්මය නැතව මේ වෙනස පැහැදිලි කරන්න පුළුවන් කියලා.
දෙවැනි උදාහරණයත් ඒ වගේමයි. විද්‍යාඥයො කියනවා ඉලෙක්ට්‍රෝන කියලා එකිනෙකට සර්ව සම අංශු ජාතියක් පරමාණවේ න්‍යෂ්ඨිය අවට සෑරිසරනවාලු. ඉලෙක්ට්‍රෝනයක බර හිටං මෙයාලා මෙච්චරයි කියලා කියනවා. ඒත් අපි කවුරුවත් ඉලෙක්ට්‍රෝනයක් දැකලා නෑ. ඔය කියන විද්‍යාඥයොත් ඉලෙක්ට්‍රෝන දැකලා නෑ. නමුත් මේ ජයේ අයියා ඒවා දැක්කා වගේ අපට කියනවා ඉලෙක්ට්‍රෝන දෙකට බෙදිලා අසමාන ඉලෙක්ට්‍රෝන හැදෙන බව. මෙයාට ඉලෙක්ට්‍රෝනයක් කියන්නේ ඉන්ද්‍රිය ගෝචර නොවන කල්පිත එකනෙක සමාන වූ අංශුවක් කියන එකවත් තේරෙන්නේ නැහැ. මහ ලොකුවට විදේශගත වෙලා බටහිර විද්‍යාව ඉගෙන ගන්නේ හැබැයි බටහිර විද්‍යාඥයො කියන ඒවා හරියට දන්නේ නෑ වගේ. මිනිහගේ උපේක්ෂා සහගත බැල්මට බටහිර විද්‍යාවේ කල්පිත මිසක් මේ සිංහල බෞද්ධ අපටත් ඉන්ද්‍රිය ගෝචර වන එක උදාහරණයක්වත් මතක් වෙන්නේ නැති හැටි.
අනික නලින් ගුරුතුමා මීට ටික කලකට පෙර, පුළුවන් නම් ඉලෙක්ට්‍රෝන දුසිමක් ගෙනත් පෙන්නන කියලා අභියෝග කරා. ඒත් තාම කාටවත් ඉලෙක්ට්‍රෝන දුසිමක් තියා එකක්වත් හොයාගන්න බැරි වෙලා හැඩයි.
Wanted Few Electrons
http://www.kalaya.org/files3/NP_i110202.pdf
ඉලේක්ට්‍රෝන දුසිමක් අවශ්‍යව ඇත එහෙත් ඉන්ද්‍රිය ගෝචර විය යුතුය
http://www.kalaya.org/files3/v431.pdf
විදුසර 2011-02-02
http://www.vidusara.com/2011/02/02/feature2.html
මේ කථාව ඇත්තද,
****ඔය සෛල කියලා සර්ව සම ඒකක වලින් ජීවීන් හැදිලා තියෙනවා කියන එක තමයි බටහිර විද්‍යාඥයො කියන්නේ.******
එහෙම නම් මේ ලිපියෙන් කරන්න හදන්නේ නලින් සර්ට සහ ගෝලයන්ට ගැසීමක්.
එහෙම නම් මේක පට්ට පල් බොරුවක්. මේ ලියුම්කරුගේ උවමානව නලින් සර්ගේ ගෝලයින්ට ගහන්න.
මම හිතන්නේ නලින් සර්ගේ ගෝලයෝ කියලා වෙනම කට්ටියක් නැහැ.
හැමෝම වගේ විදුසර, දිවයින කියවලා නලින් සර්ගේ මත පිළිගන්න අය තමයි ඉන්නේ.
එහෙම නම් මේකේ අරමුණ ඒ අයට ගහන්න.
වෙන දෙයක් මේකේ නැහැ.
බටහිර විද්‍යාවම කියනවා නම් ‘සෛල කියලා සර්ව සම ඒකක වලින් ජීවීන් හැදිලා තියෙනවා’ කියලා මේ අය කරන්නේ තනිකර වංචාවක්නේ.
මේ වගේ ලියුම් ලියලා ලැජ්ජ නැති වැඩ කරන්න එපා හලෝ. දර්ශනයක් ඛන්ඩනය කරන්න බැරි වුනාහම බොරු කියලා ඒකට ගහන්න හඳනවා.
ෂුවර් එකටම මේ “සිංහලයා” කියලා කොම්මන්ට් දාලා තියෙන හාදයා තමයි මේ වැඩේ කරන්න ඇත්තේ.
කොහොම නමුත් ‘සෛල කියලා සර්ව සම ඒකක වලින් ජීවීන් හැදිලා තියෙනවා’ කියලා බටහිර විද්‍යාව කියන විත්තිය දැන ගන්න ලැබුන එකනම් ලොකුම ලොකු දෙයක්.
*** නලින් සර් කියනවා වගේ මුන් බංකොලොත් හාල්පාරුවෝ *****
මෝඩ කතා කියන්න එපා
පුහුල් හොරා කරෙන් දැනේ කිව්වලු.
නියං යන්න මහත්තයා යන්න.
බටහිර විද්‍යාව කියනවා නම් A කියන සෛල බෙදිලා A ට සර්‍ව සම තවත් B, C කියලා සෛල දෙකක් හට ගන්නවා කියලා (A=B=C) මෙතෙන මොනවද කථා කරන්න තියෙන්නේ. එතනින් එහාට තියෙන්නේ බුදු දහම විතරයි. නිකං බයිලා ගහන්න එපා. තේරෙන්නේ නැත්නම් ඉගෙන ගන්න. ජයේට කියනවා තව ඉගෙන ගන්න කියලා. ඔයත් තව ඉගෙන ගන්න.
යකෝ, මෙච්චර බොරු කියන මිනිස්සුන්ට තවත් කොහොමද කථා කරන්න කියලා කියන්නේ?
තර්ක විතර්ක තුලින් ඉතාම හොඳ බුඩ්ධිමය ස්ංවාදයක් ඇතිවී තියෙනවා, මොන ආකාරයට වාදකරත් හැමෝම අවසානයේ බුද්ධිමය ස්ංවාදයකට ලැදි උන් බවනම් පෙනවා.
ලංකා සී නිව්ස් මෙවැනි මං විවුර්ත කිරීම පිං කමක්
කර්මය හා පදාර්තය කියන කාරනයේදී, ඔය ජයේ අයියා තර්ක කල ආකාරයටම මමත් හිතුවා කාලෙකට උඩදී. එකම තණ කොල ඇට පොකුරෙන් මඩට වැටෙන් ඇටයයි පාර මැදට වැටෙන් අටයයි දෙයාකාරයක ජීවිත ලබන්නේ කෙසේද? මිනිස් පවුලක ඒදෙයම වනවිට අපි ඇයි කර්මය එයට ආදේශ කරන්නේ කියලා. බෞදයන් වන අපිත් එක්තරා දෘශ්ටි වාදී බවකින් පිලිගන්නවා ගහට විඤ්ඤානයක් නැති බව, එහෙමනම් ජීවන පැවත්ම තුල විවිදත්වයක් ඇති වන්නේ කෙසේද?
මා මෙහිදී ප්‍රශ්න කරන්නේ ගස් දෙකක බෞතික ලක්ශන නොවෙයි.
මම දකින ආකාරයට කර්මය අපි පිලිගෙන ඇති ආකාරයේ විශාල ගැටලුවක් තියෙනව්වා. කර්මය සහ කර්ම පලය අපි බෞතික ලක්ශනහා ජීවන පැවැත්ම තුලින් දකින්නට ගොස් පටලවාගෙන. කර්මය සහ කර්මපලය පහදිලි කල හැක්කේ සිතුවිලි,අවබෝදය, තීන්දුතීරන ගන්නා ආකාරය, තමන් ගන්න වූ තීන්දු තීරන තමන්ට බලපාන ආකාරය වශයෙනුයි. මම හිතනවා නලින් ද සිල්වා මහාචාර්යතුමාගේ නිවුන් දරුවන් ප්‍රශ්නයටත් පිලිතුර ඇත්තේ එතනයි කියලා. අවබෝදයක් ඇතිකෙනෙක් මේ කරුන තව ටිකක් පැහදිලි කරන්න.
ජයේ අයියා කියන්නේ කර්ම විපාකය බොරු කියලා නෙමේ. මමත් කර්ම විපාකය පිළිගන්න කෙනෙක්. නමුත් නලින් සර්ගේ අභියෝගය වැරදියි. නලින් සර් කියන්නේ නිවුන්නු දෙදෙනෙකු වෙනස් වීම පැහැදිලි කළ හැක්කේ කර්ම විපාකයෙන් පමණයි කියලා. නමුත් ජයේ අයියා පෙන්වා දෙන්නේ එතැන භෞතිකමය වෙනසක් තිබෙන නිසා එම වෙනස පැහැදිලි කිරීමට කර්ම විපාකය යොද ගැනීම අත්‍යවශ්‍ය නෑ කියලා. ඒකෙන් කියන්නේ කර්ම විපාකය නෑ කියන එක නෙමේ.
(අනික නිවුන්නු කතාවෙන් කර්ම විපාකය ඔප්පු කරන්න පුළුවන්නම් බුදු හාමුදුරුවො එහෙම නොකර ඉදියිද?)
මේක හරිම සරල තර්කයක්. නලින් සර් කොයිතරම් දක්ෂ වුනත් එයා හදලා තියෙන ගෝලයින් මේ වගේ දෙයක් තේරුම් ගන්න බැරි, නලින් සර් කියන දෙයකට එහායින් ඇති පොඩි දෙයක්වත් තේරුම් ගන්න බැරි ගෝලයෝ පිරිසක් කියලා මේකෙ තියෙන ප්‍රතිචාර බැලුවම පේනවා.
වෙන විදියකින් කියනවනම් කර්ම විපාකය එකක්. ඒක ඔප්පු කිරීම තව එකක්. කර්ම විපාකය අපිත් පිළිගන්නවා. ඒ ශ්‍රද්ධාවෙන්. නිවුන්නු වෙනස්වුනයි කියලා ඒක ඔප්පු වෙන්නේ නෑ.
සිංහලයා ඔබට ස්තුතියි,
අපි ඒක දිහා මෙහෙම බලමු, නිවුනුන්ගෙ ප්‍රශ්නයේදී බෞතික කාරනා බලපාන බවත් ජයෙ අයියා ගෙ කතාවෙ ගත යුත්තක් ඇති බවත් හරි. නමුත් දැන් නිවුන් බව ඉක්මවා ගිය ක්ලෝනකරනයක් තියෙනවා. එමගින් උපත ලබන එකම මාතෘ ජීවියෙකුගේ මවු සයිල සහිත දරුවන් දෙදෙනෙකුගේ ජානමය ලක්ශන 100% එක සමානයි. ඒත් එවැනි දෙදෙනෙකුගේ ජීවන් පැවැත්ම, බුද්ධිය, තීරන ගැනීම එක හා සමාන විය හැකිද?
මෙහිදී ජීවන පැවැත්මට බලපාන කාරනා මගේ ඉහත තණ කොල ගහේ කථාවට සමානයි. නමුත් බුද්ධිය අවබෝදය සහ තීරන ගැනීම විස්තර කල හැක්කේ කෙසේද?
A අසමානයි A නම් වස්තු 2ක් අනිවාර්යයෙන්ම භෞතිකව වෙනස්. ඒ කිව්වේ වස්තුවක් ඊටම වෙනස් නම් (නලින් සර් මයි එහෙම කියන්නේ) වස්තු 2ක් සර්ව සම වෙන්නේ කොහොමද?
තව දෙයක්, කර්මය ඔප්පු කිරීම නිවන සඳහා අනවශ්‍යයි, එලෙසම එය දෘශ්ටිවාදීව පිලිගැනීමත් අනවශ්යයි. තර්කය තුලින් මත ජය ගැනීමත් අනවශ්‍යයි. ඒත් සාකච්චාව තුලින් අවබෝදය ඉතාම අවශ්‍යයි.
To Lakmal:
Lakmal ඔයා පොරක් වගේ හිටියට කිසි දෙයක් නොදන්නා මෝඩයෙක්. කතාවක් වත් හරියට ගලපා ගන්න දන්නේ නැහැ. ඔයාගේ මෝඩ කතා එකින් එක අරන් උත්තර දෙන්න හිතුන.
1. “චතුරාර්ය සත්‍යය ගැන කතිකාවක් කරන්න මම චතුරාර්ය සත්‍යය අවබෝධ කරගත්ත කෙනෙක් නිසා මට බැහැ”- ඔයා චතුරාර්ය සත්‍යය අවබෝධ කරගත්ත කෙනෙක්ද ? එහෙනම් මෙතන comment දදා වාතවෙන්නේ ඇයි?
2. ” නිර්මාණාත්මක හෝ පොදු සපෙක්ෂතවාදයෙන් හෝ ලෝකයට යහපතක් වෙනවනම් එකේ කිසි ප්‍රශ්නයක් නැහැ”- නිර්මාණාත්මක සාපේක්ෂතාවාදය හා සාධාරණ සාපේක්ෂතාවාදය යනු සම්පුර්ණ වෙනස් ප්‍රවාද දෙකකි. පළමු වන්න දැනුම පිළිබඳව සිංහල- බෞද්ධ චින්තනයේ ගොඩනැගුනකි. දෙවැන්න ගුරුත්වාකර්ෂණය මගින් අවකාශ කාලයේ වක්‍රතාව කෙසේ වෙනස් වේදැයි පිළිබඳව අයින්ස්ටයින් ගොඩ නැගු ප්‍රවාදයකි. ඔබ ඉහත දෙකෙන් එකක්වත් හරිහැටි නොදන්නා බව පෙනෙයි.
3. “අද බටහිර විද්‍යාවේ සැබෑ විජ්ජාවන් කෙරෙන්න පටන් අරන් කියලත් සෑම දෙනාම දැන ගන්න ඕනේ”-කියන්ඩකෝ බලන්න ඔයා අලුත් විජ්ජාවන් ටික..අපිටත් දැන ගන්න.
4. “නලින් ද සිල්වා මහත්මය ජීවිතේ එක එක කළා වලදී වෙනස් වෙනස් විදිහට හිතන්නේ”- මිනිස්සු පරිනත වෙද්දී තම මතය වෙනස් කර ඊට වැඩ නිවැරදි හා ශක්තිමත් මතයකට ය යුතුයි. සමාජයේ ප්‍රගමනය වෙන්නේ එහෙමයි. ඔයා ට ඕනනම් එක තැන පල වෙවී ඉන්න.
5. “එතකොට තමුන්නාසේලාට වෙන්නේ ඔය නිර්මාණාත්මක සාපේක්ෂතාවාදය ඇත ඇරලා දල ඒ මතය ගන්නවද නැද්ද කියල තීරණය කරන්ඩයි”- නිර්මාණාත්මක සාපේක්ෂතා වාදයට වඩා නිවැරදි මතයක් ගොඩ නැගුනොත් අපි එක පිලි ගන්නවා. ඔයාට එක අප්සෙට් නම් පිලි නොගෙන ඉන්න .
6. “එකම සෛලය බිදී බිහිවන දරුවෝ වෙනස් ගති ගුණ වලින් යුක්ත වෙනවා විතරක් නොවෙයි සමහර වෙලාවට එක වගේ ගති ගුණ වලින් යුක්ත වෙනවා.”-මෙතන කතාව යන්නේ වෙනස් ගති ගුණ වලින් යුක්ත වෙන්නේ ඇයි කියල. එකම ගතිගුණ වලින් යුක්ත වෙනවනම් ප්‍රශ්නයක් නැනේ.
ඔයාටත් කියන්න තියෙන්නේ මීට පස්සේ කයිය ගහන්න කලින් හොදට ඉගෙන ගෙන එන්න කියල තමයි.
oya kayya gahanna kalin godak dewal igana gena thiyana hinda me ahanne.
kalin kenek kiyala thibuna saila 99.99% samanai kiyala. ethokota 0.01% wenas kama thiyana sailekin eka samana gathigula thiyana dennek bihiwanne kohomada. wenas wena dewal wagema samanakam ethi wena hetith kiyala denawada. mata oya drawyawadeen, bauthikawadeen, sapekshathawadeen, ara wadeen me wadeen genanam kiyanna epa. mata egollo gena kiyanne nethiwa saralawa kiyala denawada.
ඔයාට මාව පොරක් වගේද පෙන්නේ? ඔය නලින් මහත්තයාගේ නියම අනුගාමිකයෙක්, වෙනස් මතයක් ඉදිරිපත් කලහම පට්ට විදිහට බනිනවා, එකත් ඔය සිහල බෞද්ධ විද්‍යාවේ එක ආචාර ධර්මයක් වෙන්ඩ ඇති නේද?
1.මම අයෙත් කියන්නේ, මම මගේ අදහස් කෙටියෙන් ප්‍රකාශ කරනවා විතරයි, මෙලොව පරලොව යහපත සදහා නොවෙන දේවල් වලට මගේ කාලය නාස්ති කරන්ඩ මට අවශ්‍ය නැහැ. මගේ අදහස් ප්‍රකාශ කිරීම ඔයාට පේන්නේ වාත වීමක් විදිහටද? මම ඔයාගෙන් ඇහුවේ ඔයා චතුරාර්ය සත්‍යය අවබෝධ කරගත්ත කෙනෙක්ද කියල.. ඔයාට එක ගැන හරි අවබෝධයක් නැත්නම් ඔයත් එක්ක මොන කතාද?
2. සාපේක්ෂතා වාද ගැන ඔයා මගේ දැනුම ගැන කරලා තියෙන නිගමනය වැරදියි.මම ලියල තියෙන දේ අයෙත් හොද සිහි බුද්ධියෙන් කියවන්ඩ.
3. බටහිර විද්‍යාවේ වෙන්නේ මොනවද කියල දැනගන්න අවශ්‍ය නම් ඒ ගැන හොයා බලන්න. අන්තගාමී මතවාදයන්ගෙන් ඔලුව පුරෝගත්ත ඉතාමත්ම සුළු පිරිසකට බටහිර විද්‍යාව කාසි කබල් වුනාට, මේ ලෝකේ පොළොවට පය ගහල ජීවත් වෙන සැබෑ මිනිස්සු බටහිර විද්‍යාවේ ප්‍රයෝගික අංශයෙන් කෙරෙන දේවල් ගැන අදට වඩා හෙට උනන්දුයි කියල මතක තියා ගන්න.
4. නායකයෙක්ට තමන්ගේ දර්ශනය ගැන නිවැරදි දැක්මක් තියෙන්න ඕනේ. ඒ කලේ මාර්කස් වාදය ගැන යටි ගිරියෙන් කෑ ගැහුවා. ඒක ප්‍රයෝගික නැහැ කියල ලංකාවේ සමනය බුද්ධියක් තියෙන මිනිස්සුන පවා ඒ කාලෙම තේරුණා. එකටද පරිනතවීම කියල කියන්නේ? දැන් දෙවියොත් අල්ලාගෙන අයෙත් සැරයක් බුද්ධාගමට.දැන් ලංකාවේ මිනිස්සු නාථ දේවාල හොයාගෙන යයි හැම දෙයක්ම කරගන්ඩ. ඊට පස්සේසෝම හාමුදුරුවෝ වගේ කෙනෙක් පහල වෙනකම් ලකාවේ මිනිස්සුනට දෙවියන්ගේ පිහිටයි. “ඔයා ට ඕනනම් එක තැන පල වෙවී ඉන්න”. මේක දෙකේ පන්තියේ ප්‍රකාශයක් මහත්තයෝ.
5. මේකත් දෙකේ පන්තියේ ප්‍රකාශයක්.
6. මේකට පිළිතුර සෝන දීලා තියෙනවා.
නලින් මහත්තමය කරන කියන හැම දේම හරියි කියල හිතන්ඩ එපා. නලින් මහත්තයා හොද බෞධයෙක් කියලද හිතන්නේ. අයි නලින් මහත්තයට භාවනා කරන්න බැරි? ඕනවට වඩා තර්කවදී වෙන්ඩ එපා. වැඩම නැති දැනුම් පද්ධතිවලින් මනස පුරෝ ගන්න එපා. දන්නෙම නැතිව තමන්ගේ අධ්‍යාත්මය තමන්ම විනාශ කර ගන්නවා.
To Lakmal,
මම කෙලින්ම කියනවා ඔයා මෝඩයෙක්. උත්තර දෙන්නේ නිකන් ගෑනු ළමයි love letters ලියනවා වගෙයි.
1. කරුණාකර ඔයාගේ මුල්ම reply ඒක ඔයාම නැවත වතාවක් කියවන්න. එකේ ඔයා කියන්නේ ඔයා චතුරාර්ය සත්‍යය අවබෝධ කර ගත්ත කෙනෙක් කියල. බොරු කියන්න එපා හලෝ .. ඔයා “දුක්‍ය සත්‍යය ” වත් හරියට අවබෝධ කරන නැහැ. (සමුදය, නිරෝග, මාර්ග ගැන පස්සේ කතා කරමු. ) ..එහෙම අවබෝධ උනානම් මෙතන ඔයා comment දදා ඉන්නේ නැහැ.
මම එය අවබෝධ කරගත්ත කියල මම කොතනකවත් කියල නැහැ. එකනේ ඔයාලගේ ගොන් comments වලට උත්තර බැඳ බැඳ කාලෙ කන්නේ. ඒක හරියට අවබෝධ උනානම් තමයි “සසර කලකිරීම ” ඇති වෙන්නේ. ඊට පස්සේ කරන්නේ මහන වෙලා නිවන් දැකීම අරමුණු කරලා භාවනා කරන ඒක.
2. “සාපේක්ෂතා වාද ගැන ඔයා මගේ දැනුම ගැන කරලා තියෙන නිගමනය වැරදියි.” -මං නැවතත් කියන්නේ ඔයා ඒ දෙක ගැන දන්නේ නැහැ. ඕනනම් තර්ක කරමු.
3. “බටහිර විද්‍යාවේ වෙන්නේ මොනවද කියල දැනගන්න අවශ්‍ය නම් ඒ ගැන හොයා බලන්න”- දැන් ඔයානේ කිව්වේ මහා ලොකු දේවල් වෙනවා කියල..ඉතින් ඔයාම කියන්න.
4. ” ඉතාමත්ම සුළු පිරිසකට බටහිර විද්‍යාව කාසි කබල් වුනාට, මේ ලෝකේ පොළොවට පය ගහල ජීවත් වෙන සැබෑ මිනිස්සු බටහිර විද්‍යාවේ ප්‍රයෝගික අංශයෙන් කෙරෙන දේවල් ගැන අදට වඩා හෙට උනන්දුයි කියල මතක තියා ගන්න.”- බටහිර විද්‍යාව කසි කබල් කියන එකේ තේරුම ඔයාට තේරිලා නැහැ. ඒ කියන්නේ එහි තිබෙන ඉදිරියට යාමේ අපහසුව. ප්‍රයෝගික (practical applications) පැත්තට ගොඩක් ඉදිරියෙන් තමයි එහි සෛද්ධාන්තික (theoretical) පැත්ත තියෙන්නේ. එකෙත් සමහර theories වැඩි දුර දියුණු කරන්න බැරි ඒවගේ පදනමේ (used axioms) තියන ප්‍රශ්න හින්ද. කයිය ගහන්න කලින් ඉගෙනගෙන එන්න.
5. මම ඉන්නේ නලින් ට සුදුහුණු ගන්නවත් සෝම හාමුදුරුවන්ට මඩ ගහන්නවත් නෙමෙයි. සෝම හාමුදුරුවන්ට වඩා ශ්‍රී සද්ධර්මය ගැන නිවැරදි දැක්මක් තිබ්බ සංඝයා වහන්සේලා ලංකාවේ හිටිය/ ඉන්නවා. ඔයා රේරුකානේ චන්දවිමල හාමුදුරුවන්ගේ, පොල්වත්තේ බුද්ධ දත්ත හාමුදුරුවන්ගේ පොත් ටිකක් කියවල එන්න, හැකිනම් නා උයනේ අරියධම්ම හාමුදුරුවෝ හමුවී කතා බස් කරන්න. මම සෝම හාමුදුරුවන් හින්ද ශ්‍රී සද්ධර්මය දැන ගත්තේ නැ. හැබැයි උන්වහන්සේ හින්ද ලංකාවේ ගොඩක් දෙනෙක් යහ මගට යොමු වුනා.
6. ලොකු කතා කියන්න කලින් දෙකේ පන්තියේ ප්‍රකාශ වලට උත්තර දීල එන්න.
7. Sona ටත් ඒවගේ හිතන අනිත් මෝඩයන්ටත් උත්තර මගේ කලින් ලිපියෙන් දී ඇත.
8. නලින් භාවනා කරන්නේ නැත්තේ ඇයි කියල ගිහිල්ල එයාගෙන් අහන්න.
9.”ඕනවට වඩා තර්කවදී වෙන්ඩ එපා. වැඩම නැති දැනුම් පද්ධතිවලින් මනස පුරෝ ගන්න එපා.”… තර්කයෙන් තමයි ඔයා ඔයා මහා ලොකුවට හිතන බටහිර විද්‍යාව ඉදිරියට යන්නේ. ඊට පස්සේ කියනවා බටහිර විද්‍යාව (එහි ප්‍රයෝගික පැත්ත) මාර සිරාලු. මොනාද මහත්තයෝ මේ දිව දෙකේ කතාව….
ඔයාලගේ මෝඩ අදහස් බිඳ දමන්න ඒවාට හොදින් ප්‍රති ප්‍රහාර දෙන්න ඕන.
අනේ මල්ලියේ, උඹට ඕන දෙයක් මම ගැනයි මගේ දැනුම ගැනයි කියපන්, එක මට ප්‍රශ්ණයක් නෙවෙයි, උඹ නලින් මහත්තයාගේ හැම දේටම එහෙයි කියන්නේ නැති එකනම් හොදයි. මගේ පළමු පිළිතුරේ එක වචනයක් හැලිලා. එක මෙහෙම නිවැරදි වෙනද ඕනේ. “චතුරාර්ය සත්‍යය ගැන කතිකාවක් කරන්න මම චතුරාර්ය සත්‍යය අවබෝධ කරගත්ත කෙනෙක් නොවෙන නිසා මට බැහැ. ඔයා චතුරාර්ය සත්‍යය අවබෝධ කරගත්ත කෙනෙක්ද? එහෙනම් ඔයා දේශනාවක් කරන්න.” උඹ වලිගෙ පාගාගෙන ක ගැහුවට මට කරන්ඩ දෙයක් නැහැ.
චොම්මෙන්ට් කරන්න කලින් හොදට කියවපන්. නලින් මහත්තයා භාවනා කරන්නේ නැහැ කියල මම කිව්වේ නැහැ. නලින් මහත්තයට දවන කරන්ඩ බැහැ. අදහසක් මෝඩයි නම් එකේ බිදින්ද දෙයක් නැහැනේ. උඹට ඕන දෙයක් කියල උඹ උඹේ හිත හද ගනින්, එත් උඹල ජීවත් වෙන්නේ ප්‍රයෝගික නොවන හීන ලෝකෙක කියල උඹලට තව වැඩි කල් යන්ද කලින් ලංකාවේ වෙන දේවල් දැක්කහම තේරෙයි. උඹල වගේ එවුන්ට තමයි “බක” පණ්ඩිතයෝ කියල කියන්නේ.
AKAIK you’ve got the ansewr in one!
To Lakmal
තමන් ගේ මතය හරිහැටි ලියා ගන්නත් බැරි, පස්සේ comments ද දා හැලිච්ච කෑලි එකතු කරන ඔයත් එක්ක මොන වාද ද Lakmal අයියේ…
ඔව් පිලිතුර පහැදිළි!, ඉතා පැහැඳිළි!
නලින් සර්ගේ ප්‍රශ්නය වන්නේ ‘එකම සෛලය බෙදී බිහිවන නිවුන් දරුවන් වෙනස් ගතිගුණවලින් යුක්තවීම කර්ම විපාකය යොද ගැනීමෙන් තොරව පැහැදිලි කරන යැයි කරන ඉල්ලීම.’
කෙටියෙන් කියනවා නම්, නලින් සර්ගේ ඉල්ලීම තමයි, “එකම සෛලය (මෙහි අවශ්‍යය නම්, එකම ගුණ යටතේ යන්න ඇතැම් විට ඇතැම් පිරිස්ට වැදගත් විය හැකිය. නමුත් මෙම ප්‍රශ්නය ඇසීමට කොහොත්ම එම ‘එකම ගුණ යටතේ’ යන ප්‍රකාශය අවශ්‍යය නොවේ.) දෙකට බෙදී එකිනෙකට වෙනස් නිරික්‍ෂණ දෙකක් ඇති වීම” හැකි නම් කර්ම විපාක යොදා නොගනිමින් පහදා දෙන ලෙස කරන ඉල්ලීම. හරිද? මම හිතන්නේ එය කාටත් පැහැඳිළියි. හරිද, නැද්ද? එය තමයි නලින් සර්ගේ ඉල්ලීම.
ජයේ අය්යාගේ පිළිතුර වන්නේ ‘ගසක එකම සෛලය දෙකට බෙදී සෑදෙන ගෙඩි දෙකක් එක හා සමාන ද යන්න සහ එකම ඉලෙක්ට්‍රෝනය දෙකට බෙදුනොත් එම කොටස් දෙක එක හා සමාන ද යන්නයි.’ දැන් මේකද අපේ ජයේ අය්යගේ පිළිතුර?
නලින් සර්ගේ ප්‍රශ්නයම වන්නේම එයයි. නලින් සර් අහන්නෙත් ‘ඇයි ජයේ’ එහෙම වෙන්නේ? කියා ය. ඇයි ජයේ එහෙම වෙන්නේ……..? යන්න නලින් සර්ගේ ප්‍රශ්නයම වේ.
සර් අසන්නේත් ජීවය සෛලයට ඌණනය කිරිමට හැකි නම්, ‘ඇයි, එකම සෛලය දෙකට බෙදි සර්‍ව සම ප්‍රතිඵල ලබා නොදෙන්නේ? යනුයි.’
දැන් මේ අපේ ජයේ අය්යා කියන්නේ සෛල න්‍යාය උපයෝගිකරගෙන මෙයට උත්තරයක් එයා දුන්නා කියලද? එහෙමද දැන් අපේ ජයේ අය්යා අපිට කියන්නේ? එහෙමද, අපේ අය්යේ ඔයා අපිට කියන්න හදන්නේ…..?
එකම සෛලය බෙදී බිහිවන නිවුන් දරුවන් වෙනස් ගතිගුණවලින් යුක්තවීම’ සෛල න්‍යායෙන් පහදා දෙන්නේ එහෙමද?
තවත්, වැඩි කථා අවශ්‍යය නැහැ. ඒකද ඔයාගේ පහදා දීම? හේතුව මොකද්ද කියලා ඇසුවාම පිළිතුර වශයෙන් දෙන්නේ ‘නිර්ක්‍ෂණ’ ද? එහෙමද, දැන් ජයේ අය්යා අපිට උත්තර දෙන්න හදන්නේ…?
යම් අන්තර් ක්‍රියාවලියකින් සිදුවීමෙන් හටගන්නා ඵලයට (නිර්ක්‍ෂණයට) හේතුව මොකද්ද කියලා ජයේ අය්යාගෙන් ඇහුවාම එයා හේතුව හැටියට කියනවා “නිරික්‍ෂණය” තමයි හේතුව කියලා.
ජයේ අය්යගෙන් කවුරු හරි අහුවොත් ‘පොල් ගසක එකම උසකින් සිට වැටෙන පොල් එකම තැන එකම විදිහට වැටෙන්නේ නැත්තේ ඇයි කියලා.’ ජයේ අය්යා අහනවා ‘මල්ලී, පොල් බිමට වැටෙන්නේ එකම තැනද කියා ය.’ බැලූ බැල්මට එය ප්‍රශ්නයක් උවද ජයේ අය්යා ලබා දෙන්නේ එවැනි පිළිතුරකි. කොටින්ම පවසන්නේ නම් ජයේ අය්යාගේ පිළිතුර එය වේ.
යකෝ මේකට ද, බටහිර විද්‍යාවේ විශ්ලේෂණයේ (analysis) හා පොදුකරණයේ (generalization) දක්ෂ බව කියන්නේ. අපේ ගම් වල මිනිස්සු නම් මෙව්වට කියන්නේ වංචාව කියලයි. ඇතැම් බූරු පොළවල් වල බූරු ගසන මිනිස්සුත් ‘කොලේ වහලා ගහනවා’ කියන්නෙත් මේකටම විය යුතුය. බූරු ගැසීම පිළිගත නොහැකි වුවද, මෙය, පිහි ඇණුම් පවා ඇති විය හැකි තත්ත්වයක් දක්වා වර්ධනය වියහැකි භායානක වංචාවකි.
මදැ analysis කරලා generalization වලින් Phd ගන්න ඇමෙරිකාවට ගියා අපේ ජයේ අය්යා.
අය්යෝ….. අය්යෝ…… ‘අනේ කාලේ වනේ වසේ…………….. කිව්වලු.’
එක්කෝ ජයේ අය්යා පොට පටලවාගෙන ඇත. නැතහොත් ඔහු රැවටිමට ලක්වී ඇත. අනිත් අයද එම රැවටීමට ලක්වන බව ඊනියා බටහිර උගතුන්ට නොපෙනන බව ‘අපේ ජයේ අය්යලා’ කදිම උදාහරණ වේ.
මට නම් හැඟෙන්නේ, මෙම වංචාවෙන් ලෝකයම මුදාගත හැක්කේ, සිංහල බෞද්ධයන්ටම පමණි.
මෙම ලිපියේ නැවත නැවතත් සඳහන් කර ඇති අනෙත් කරුනු වන ඇමෙරිකානු සංකෘතිය සහ අපගේ සංස්කෘතිය පිළිබඳව මාගේ දැක්ම ‘සමනලයා’ ලෙස මීට පෙර ලිපියෙන් පිළිතුරු දී ඇති අයගේ දැක්ම ම වේ. බැවින් නැවතත් එය පුන පුනා මෙහි ලිවිම අවශ්‍යය නො වේ යැයි මම සිතමි. අවසානාවකට එය විශාල පිරිසක් අවබෝධ කරගත් බවක් නොපෙනේ. එයට හේතුව ‘අපේ ජයේ අය්යලා’ වැනි ඊනියා උගතුන් සිටිම යැයි සිතමි.
ඔවුන්ගේ ගෝලයින්, නැවත නැවතත් පුන පුනා එකම දෙයම පවසා සිටින්නේ එබැවින්ම විය යුතුය.
(මෙම ප්‍රශ්නය නිරාකරණය කරගැනීමට මා හට ‘කැප්ටන් කුක්’ ගේ කොම්මන්ටුව විශාල ප්‍රයෝජනයක් විය.)
man me nodanna kamatai ahanne! mata kiyla denna puluwanda oya ekama sailaya dekata bedila hedena niwun daruwan ge wenaskama karamayen pehidili karala denna. hebai analyse karanneth nethuwa, generalize karanneth nethuwa. oya jaye ayyata hina wela thiyanawane analysis saha generalize kireema gena. eka man ehema kiwwe…
හරි…හරි…මට බැනපල්ලා…කමක් නෑ…මම ඔය කියන කොමෙන්ට් එකේදී ප්‍රශ්ණයක් අහලා තියෙන්නේ…එකෙක්වත් උත්තර දීලා නෑ ඒකට…
මම ඔය හාල් වල ආසනික් තියෙනවා කියන කතාව හදිස්සියේ මාධ්‍යවලට කියනවාට මුල ඉඳලම විරුද්ධ උනා…අන්තිමේට ඒක නිසා තමයි කැළණිය පරයේෂණ කණ්ඩයමට ගහන්න කෘෂිරසායන කාරයොන්ට ආණ්ඩුව පොළඹවාගන්න පුළුවන් උනේ… අපි ඕක දුර තියාම දැකලා තමයි…හාල් වල ආසනික් ගැන දැන්ම නොකියා කෘෂි රසායනවල ආසනික් තිබුණ කතාව විතරක් දැනට අදිමු කියලා කිව්වේ…
දැන් පේනවනේ අපි දුර තියාම කියන දේ ඇහුවා නම් මේ ප්‍රශ්ණය විසඳාගන්න ආණ්ඩුවේ උදව්ගන්න ලේසි වෙන විත්තිය…
මේ හාල් වල ආසනික් කතාව හදිස්සියේ එළියට දාපු එකෙන් උනේ සතුරට වාසි උන එක…කෘෂි සමාගම් ටික කැළණියේ පර්යේෂණ කණ්ඩායම පාන් පිටි වලට උදව් කරන විධියට කියලා හැන්ඩ් බිල් බෙදුවේ මේක අල්ලාගෙන ආණ්ඩුව නොමඟ යවන්න…ලංකාසීනිව්ස් එකේ එවුනුත් අපි කියන එක අහන්නේ නැතිව පණ්ඩිත කමට දුර දිග හිතන්නේ බලන්නේ නැතිව ඕක දාලා දැම්මා…
කමක් නෑ දැන් කෘෂිරසායන 9ක් තහනම් කරලා පර්යේෂණ දිගටම කෙරෙනවනේ…ඒක නිසා වැඩේ ලොකු අවුලක් නෑ…ඔහොම යං…
පොඩිඑකා
හා ඒ කියන්නේ උඹ පර්යේෂණ කණ්ඩායමේ හරි කතෘ මණ්ඩලේ හරි පොරක්. නැත්නම් උඹ කොහොමද දාන්න කලින් විරුද්ධ වෙන්නේ? අන්න එහෙම වරෙන්කො. මොනවද බන් මේ මිනිස්සු රවට්ටන්න කරන වැඩ?
උඹට ඔල්මාද ද?
පොඩිඑකා
පොඩි එකාට බැනලා වැඩක් නැහැ හාල් වල ආසනික් කතාවට නම්. “බත් පතට ආසනික් පැමිණෙන්නේ කෙසේද” කියලා ලියුමක්, මේ ලන්කාසිනිව්ස් එකෙමත් තිබ්බනේ, කැලණියේ පර්යේෂණ කණ්ඩායමේ කියලා. එකේ තිබ්බේ, පදවිය සහ මහා විලච්චිය ආසනික් ප්‍රමාණයන් එහෙමත්, දාල.
@සිංහලයා
“ජාන 100%ක් සමාන නැති කල ගති ගුණ වෙනස් වීම තහවුරු කිරීමට කර්ම විපාකය යොද ගැනීම අත්‍යවශ්‍ය නොවේ”
ඔබ ද්‍රව්‍යවාදියෙක් , එකේ ආයේ දෙකකක් නෑ
“මහසෝනා අලුතින් දෙයක් කියලා නෑ තර්ක කරන්න. කරලා තියෙන්නේ බෙබාගෙ මතය පුනුරුච්ඡරණය කිරීමයි. බෙබාට මම පිළිතුරු ලියලා තියෙනවා දැක්කේ නැද්ද?”
ඒක දැක්කා, එකට උත්තෙරේ බෙබාගෙ comment එක තුලම ඇත
‘පොඩිඑකා’ යන අයට මෙම ප්‍රශ්නය වටහා ගත නොහැක. මෙහි කියැවෙන්නේ සෛල බෙදියාමෙන් කර්මය යොදා නොගෙන නිවුන්නන්ගේ විවිධ ගති ලක්‍ෂණ විස්තර කළ හැකි නම් ඉන් ගම්‍ය වන්නේ කර්මය කියා දෙයක් නොමැති බවයි. එවිට පුනර්භවය කියා ද දෙයක් නොමැත. එවිට ජීව අජීව සියළුම කොටස් වල පැවැත්ම නොපැවැත්ම යනු හුදු ජීව විද්‍යාත්මක ක්‍රියාවලිවක් වේ. මෙය ඉතා වැඳගත් ප්‍රශ්නයක්.
මේ ප්‍රශ්නයට පිළිතුරු දීමේ දී බුදුදහම සහ විද්‍යාව දෙස ද උපෙක්‍ෂාවෙන් බැලිය යුතුය. මා මේ මොහොතේ අවධානය යොමු කරන්නේ විද්‍යාවෙන් මේ ප්‍රශ්නයට පිළිතුරු දී ඇත්තේ ශ්‍රද්ධාව උපයෝගි කරගෙන ද එසේත් නැතහොත් ශ්‍රද්ධාව උපයෝගි නොකරගෙනද යන්නයි. මේ ප්‍රශ්නයට කෙසේ හෝ පිළිතුරු සොයාගත යුතුය. එසේ නොමැතිව ආගිය අතේ එක එක් අයට බැන අඬ ගැසීම සුදුසු නොවේ. එය බුද්ධියට කරන නිඟාවකි.
මම ඔය ෙසෙල බෙදිල්ලක් ගැන කතා කරේ නෑ. ඒ ගැන අදාල පුද්ගලයන් එක්ක වාද කර ගන්න. මාව අල්ලා ගන්න එපා ඔය හැම එකටම.
මුන් මාර එවුන්නේ…වෙන උන් කියන ඒවටත් දැන් මාව අල්ලා ගන්නවා…
පොඩිඑකා
‘මේ ප්‍රශ්නයට පිළිතුරු දීමේ දී බුදුදහම සහ විද්‍යාව දෙස ද උපෙක්‍ෂාවෙන් බැලිය යුතුය.’ යන්න ‘මේ ප්‍රශ්නයට පිළිතුරු දීමේ දී බුදුදහම සහ විද්‍යාව දෙස එක ලෙසම උපෙක්‍ෂාවෙන් බැලිය යුතුය යන්න, ප්‍රශ්නය මතුකරන්‍නන්ගේ ප්‍රකාශයන් වේ.’ ලෙස වෙනස් විය යුතුය.
නොදන්නා කමටයි මේ අහන්නේ. කුණුහරුපෙන් බනින් නැතුව දන්නා එකෙක් කියලා දීපල්ලා. ගස් වල එක සෛලය දෙකට බෙදිලා ගෙඩි හට ගන්නවද එහෙම නැත්නම් එක් එක් සෛල වෙනම විකාශනය වෙලා ගෙඩි බවට පත් වෙනවද? මල් හටගන්නා ශාක වල එක් එක් මලෙන් එක ගෙඩිය බැගින් හැදෙනවා කියලයි මම දන්නේ. මල් නැතුව ගෙඩි හටගන්නා ශාක වල කොහොම වෙනවද කියල මම ඇත්තටම දන්නේ නෑ. එක සෛලේ බෙදිලා ගෙඩි හට ගනී නම් ඒ ගැන විස්තර සහිත ලින්ක් ටිකක් දෙන්න මට ඉගෙන ගන්න.
එකම ගහේ වෙනම සෛල වලින් ගෙඩි හට ගන්නවා නම් ජයේ අයියත් සේන අයිය වගේම තමා.
දේශයට ලේදී ඉන්ගිනේරුව විසින් කර එති ප්‍රකාස යම් තාක් දුරකට එත්ත(නිර්මාණාත්මක සාපේක්ෂතා වාදය ගෙන නම් මම දන්නේ නේ ) අපේ සංස්කෘතිය වල වෙලා තියෙන්නේ.. අපි එක හදාගන්න උත්සහ කරමු. බටහිර දෙනුම පරද කරන නව දෙනුමක් අපේ රටෙන් බිහිවෙන බව මට විස්ව්සි..!
ජයේ අය්ය කියන්නේ මහා ලොකු කතාවක් නෙමේ. කම්ම නියාම කියන්නේ බුදු දහමේ හැදින්වෙන නියාම ධර්ම පහෙන් එකක් විතරයි. තව හතරක් හේතුවෙන් නොයෙක් වෙනස් කම් ඇති වෙන්න පුළුවන් (මුලින් පංච නියාම ධර්ම කියවල එන්න ). හැබැයි ජාන අතිශයෙන් ම සමාන (0.01 පමණ වෙනස්කමක් ඇති) නිවුන් දරුවන්ගේ හැසිරීම් රටා වල “ලොකු” වෙනස් කමක් වෙන්න අර සුළු අසමාන කමෙන් (0.01 පමණ) නොහැකි කියලයි මම හිතන්නේ. යමකට කර්මය මුල් වෙන තැන් සහ ආකාරය නිවැරදිව හදුනාගැනීම බුදුහාමුදුරුවන්ට පමණක් කල හැකි දෙයක් කියලයි මම හිතන්නේ. එත් සත්වයන්ගේ හැසිරීම් රටා සමග කර්මය ගොඩක් බද්ධ වෙලා තියනවා කියල මම හිතනවා.
එකම සෛලය බිදී බිහිවන දරුවෝ වෙනස් ගති ගුණ වලින් යුක්ත වෙනවා විතරක් නොවෙයි සමහර වෙලාවට එක වගේ ගති ගුණ වලින් යුක්ත වෙනවා. පෙනුම එක වගේ වෙනවා, කටහඩ එක වගේ වෙනවා, දක්ෂතා එක වගේ වෙනවා, සිතුම් පැතුම් එක වගේ වෙනවා, එක වගේ නිවුන්නු ගැන පරීක්ෂණයක් කලොත් මේක හොදටම ඔප්පු කරන්න පුළුවන් දෙයක්. එහෙම වෙන්ඩ ඍතු නියාමය හැරෙන්නට බීජ, ධම්ම , කම්ම සහ චිත්ත යන නියමයන්ගේ අපුරු සුසංයෝගයක් සිද්ධ වෙන්න ඕනේ. හැම දෙයම තර්කයෙන් ජය ගන්න හදන එක මෝඩ වැඩක්. මේ ලෝකේ තියෙන හැම දෙයම බුද්ධ ධර්මයෙන් විස්තර කරන්න බැහැ. එහෙම කරන්න යාමත් මෝඩ වැඩක්. බුදු හාමුදුරුවන්ට යොමු වෙච්ච හැම ප්‍රශ්නයටම උත්තර බදින්ඩ බුදු හාමුදුරුවෝ උත්සාහ ගත්තේ නැහැ. බුදු හාමුදුරුවෝ උත්සාහ ගත්තේ සසර දුක් විදින මිනිස්සු ඒ දුකින් ගැලව ගන්නයි; චතුරාර්යය සත්‍යය අවබෝධ කරගන්න උදව් වෙන එකයි. ජෝයෝතිෂ විද්‍යා වගේ දේවල් පස්සේ යන්ඩ එපා කියල බුදු හාමුදුරුවෝ දේශනා කලේ ඒවා චතුරාර්යය සත්‍යය අවබෝධ කරගන්න උදව් වෙන්නේ නැති නිසා. එත් ජෝයෝතිෂ විද්‍යාව මගින් විශ්ව ශක්තිය එක් එක් පුද්ගලයාට බලපාන විදිහ නිවැරදිව පැහැදිලි කරන්ඩ පුළුවන්. ඒ විශ්ව ශක්තිය දෙවියෙක්ගේ බලයක් කියල අනයගමිකයෝ හිතනවා. බෞද්ධයෝ විදිහට අපිට ඒක මොකක්ද, එක කොහොමද හැදෙන්නේ යන වගේ පැනයන්ට පිළිතුරු හොයන්ඩ මහන්සි වෙලා වැඩක් නැහැ. පිළිතුරු වැරදි උනත් නිවැරදි වුනත් ඒවා චතුරාර්යය සත්‍යය අවබෝධ කරගන්න උදව් වෙන්නේ නැති නිසා.
කතාව ඇත්ත….හැබැයි ඔය කතාවට මෙතන තියන සම්බන්ධය මොකක්ද? මට reply එකක් විදිහට ලියුව එකේ එකත් කියන්න. මෙතන කතාව නිර්මාණාත්මක සාපේක්ෂතාවාදය හා සම්බන්ධ දෙයක්. ඔයාට චතුරාර්ය සත්‍යය පිලිබඳ ව කතිකාවක් (විවාදයක් නොවේ ) ඕනනම් අපි එකත් කරමු.
චතුරාර්ය සත්‍යය ගැන කතිකාවක් කරන්න මම චතුරාර්ය සත්‍යය අවබෝධ කරගත්ත කෙනෙක් නිසා මට බැහැ. ඔයා චතුරාර්ය සත්‍යය අවබෝධ කරගත්ත කෙනෙක්ද? එහෙනම් ඔයා දේශනාවක් කරන්න. මගේ අදහස මම පොදුවේ ප්‍රකාශ කරන්නේ. නිර්මාණාත්මක හෝ පොදු සපෙක්ෂතවාදයෙන් හෝ ලෝකයට යහපතක් වෙනවනම් එකේ කිසි ප්‍රශ්නයක් නැහැ. සොක්‍රටීස්ලා හදපු ද්විකෝටික න්‍යාය පදනම් වෙච්ච බටහිර විද්‍යාව ප්‍රයෝගික වශයෙන් මේ තත්වයට එන්න අවුරුදු ගණනක් ගත වුණා. අද බටහිර විද්‍යාවේ සැබෑ විජ්ජාවන් කෙරෙන්න පටන් අරන් කියලත් සෑම දෙනාම දැන ගන්න ඕනේ. නලින් ද සිල්වා මහත්මය ජීවිතේ එක එක කළා වලදී වෙනස් වෙනස් විදිහට හිතන්නේ, බටහිර විද්‍යාවත් එක්ක කාලයක් හිටිය, මාර්කස් වාදියෙක් වෙලා කාලයක් හිටිය, දැන් දෙවියොත් එක්ක ඉඳ පටන් අරගෙන, තවත් අවුරුදු 10-15 ගතවෙනකොට වෙන මතයක් ගත්තොත් එකත් පුදුම වෙන්ඩ දෙයක් නෙමෙයි. එතකොට තමුන්නාසේලාට වෙන්නේ ඔය නිර්මාණාත්මක සාපේක්ෂතාවාදය ඇත ඇරලා දල ඒ මතය ගන්නවද නැද්ද කියල තීරණය කරන්ඩයි..
“ඒ විශ්ව ශක්තිය දෙවියෙක්ගේ බලයක් කියල අනයගමිකයෝ හිතනවා. බෞද්ධයෝ විදිහට අපිට ඒක මොකක්ද, එක කොහොමද හැදෙන්නේ යන වගේ පැනයන්ට පිළිතුරු හොයන්ඩ මහන්සි වෙලා වැඩක් නැහැ. පිළිතුරු වැරදි උනත් නිවැරදි වුනත් ඒවා චතුරාර්යය සත්‍යය අවබෝධ කරගන්න උදව් වෙන්නේ නැති නිසා.” මේ යන්නේ නාථ දෙවියෝ ගැන විශ්වාසය බිඳ හෙලිමටයි, මෙතන චතුරාර්යය සත්‍යය උදව් කරගෙන හරි නාථ දෙවියෝ ගැන ඇතිවන විශ්වාසයත් එමගින් පන්සිල් රැකීමට යොමුවීමත් සහ අවසානයේ බෞද්ධ ජිවන රටාවකට යොමුවීම වැලක්වීමට දරන උත්සහයක් පෙනේ .
This does look promising. I’ll keep cmiong back for more.
මා ලියූ ප්‍රතිචාරයේ අවසාන චේදයෙන් කිහිප දෙනෙකුගේ හිත රිදී ඇති බව පෙනේ. එය ඔපමනම දිරවා ගැනීමට අපහසු නම් මින් පසුව එලෙස ඔබගේ “හිත නොරිදවා” ප්‍රතිචාර දක්වමි. කෙසේ වෙතත් එලෙස ලිවීමට හේතුව “දේශයට ලැදී ඉංජිනේරුවා” විසින් ඔහුගේ ලිපියේ “ලංකාවේදී ඉංජිනේරු විද්‍යාව හදාළ මා ආචාර්ය උපාධිය හැදෑරීමට ඇමරිකාවට පැමිණියේ මීට වසර කීපයකට පෙර ය” ලෙස ලියා දැක්වීමයි. මෙය ඔහුගේ ලිපියට, එහි පද ගත අර්ථය ට (contextual meaning) වඩා වැඩි වටිනාකමක් දීමට ගත් උත්සාහයකි. ලිපිය කියවන අපට ඔහුගේ අදහස් වැඩි නිවැරදි තාවකින් යුතු බවට පිලි ගැනීමට ගත් බොළඳ උත්සාහයකි. මම පොදුවේ මෙවැනි පොර ටෝක් වලට අකමැති වෙමි. මෙහි ලිපි පල කරන බොහෝ දෙනෙක් අඩුම තරමින් ප්‍රථම උපාධියකින් යුකත බව සැලකුව මනාය. මම මගේ අධ්‍යාපන හෝ වෘත්තීය සුදුසුකම් මෙහි මගේ අදහස් පල කිරීමට භාවිතා නොකරමි.
අනේ පව් මහසෝනා. ඊරිසියාවේ උපත. මොනා කරන්න ද ඉතින්?
සිංහලයා, ඔයා කයිය ගහන්නේ හෙන පොරක් වගේනේ . ඔයා වගේ හාල්පාරුවෝ මාත් එක්ක තර්ක කරන්න ඇවිත් නැට්ට පස්සේ ගහන් දුවල තියනවා. මෙතන ලොකු තර්කයක් ගොඩ නගන්න තරම් දෙයක් වෙලා නෑ. ඉලෙක්ට්‍රොන හා ගෙඩි ගැන Beba නොව විචාර බුද්ධිය ඇති ඕනෑම අයෙකුට පහසුවෙන් ගොඩ නගා ගත හැකි දෙයකුයි මං කියුවේ. ඔයාගේ විචාර බුද්ධියේ ප්‍රමාණය ගැන ඔයාගේ ගොන් ප්‍රකාශයෙන් (“0.01 පමණ සුළු වෙනසකින් මහා ලොකු ගති ලක්ෂණ වෙනස්වීම් වෙයි” යන ) මොනවට පැහැදිලි වෙයි (ඒක මාර සිරා උත්තරයක් වගේනේ ඔයා රඟන්නේ …). ඔයා තර්කයක් ගොඩ නගන්නේ කෙසේද යන්නවත් නොදන්නා මුග්ධයෙක්. ඊරිසියා කොරන්ඩ දෙයක් නෑ. මාත් ප්‍රථම උපාධියට කලේ ඕකම තමයි. දර්ශන සුරී උපාධිය කරන්නෙත් ඔය රටේම තමයි.
කව්ද පොර වෙන්න බොරුවට දඟලන්නේ කියලා කාට කාටත් දැන් පේනවනේ. ඒ අස්සේ පචත් කියනවා. මට නම් මහසෝනා ගැන හරි දුකයි.
බෙබේ (bebe) ඇත්තටම ඔබේ පිළිතුර මට පැහැඳිළි නැහැ. අකුරුත් අප්සට්. ඒත් ඔබ කුමක් හෝ ලොකු දෙයක් කීමට උත්සහා කරන බවක් පේනවා. කරුනාකර ඔබගේ පිළිතුර නැවතත් දිර්ඝව පැහැඳිලි කර ලියන්න පුළුවන්ද?
තවද, ජයේ අය්යා මතුකරන ප්‍රශ්නය මෙතන ගොඩක් පිරිසක් ඇත්තටම තේරුම් අරං නැති බවයි මගේ හැඟිම. ඒ වගේම මෙතන සිංහලයා ඒ ප්‍රශ්නය හරියට තේරුම් අරං තියෙන බවයි මාගේ විශ්වාෂය. පහතින් තියෙන්නේ සිංහලයාගේ හැඳින්වීමයි. මම හිතනවා මේ සිංහලයා මතුකරන දේම තමයි ජයේ අය්යා මතුකරන්නේ.
“ජයේ අයියාගෙ තර්කය වන්නේ 2ක් වෙනස් වීම පැහැදිලි කිරීමට කර්ම විපාකය යොදගැනීම අනිවාර්ය නැති බවයි. ජාන 100%ක් සමාන නැති බවට ඔබ කර ඇති ප්‍රකාශයෙන්ම එය තහවුරු වනවා නේද? ජාන 100%ක් සමාන නැති කල ගති ගුණ වෙනස් වීම තහවුරු කිරීමට කර්ම විපාකය යොද ගැනීම අත්‍යවශ්‍ය නොවේ. අනුන් ගැන දුක් නොවී තමාගේ තර්කයේ දුබල බව ගැන දුක් වෙන්න.”
අපි මේ ප්‍රශ්නයට විසඳුම් ප්‍රථමයෙන්ම හොයා ගමු. ඊට පස්සේ බලමු ඒ විසඳුම අපිට භාරගන්න පුළුවන්ද, නැද්ද කියලා. කිසිදු විතරකයකින් තොරව භාර ගන්න පුළුවන් නම් යමෙක් එය පිළිගැනීම ප්‍රථික්‍ෂේප කරනවා නම් අපිට එවිට කියන්න පුළුවන් ඔහු හෝ ඇය ඇත්ත වශයෙන්ම NGO කාරයෙක් ද නැද්ද යන්න බව. එහෙම නැතුව අපිට උත්තර නැති වුන පළියට හැමෝටම NGO කාරයා, ඇමරිකනු ගැත්ත කියලා අඬගහන එකට මම කැමති නැහැ. ඒකට මම විරුද්ධයි.
මේ ලිපිකරුවා කියන හුගක් දේවල් ඇත්ත. අද හුග දෙනෙක් කරන්නේ ලෝකය ගැන දැනීමක් නැතිව නලින් ද සිල්වා මහත්මයාව අනුකරණය කරන එකයි. නලින් ද සිල්වා මහත්මය කරන්ඩ හදන හුගක් දේවල් හොදයි. අපේම කියල විද්‍යාවක් හදනවා නම් කොච්චර හොදද? අපේ බෞද්ධයෝ ඇත්තටම බෞද්ධයෝ වගේ ජීවත් වෙනවනම් කොච්චර හොදද? එත් වෙලා තියෙන්නේ බොහෝ වෙලාවට නලින් ද සිල්වා මහත්මයාගේ මත අන්තගාමී වෙන එකයි. අපේ රටේ ජීවත් වෙන 95% විතර නලින් ද සිල්වා මහත්මයා කියන දේවල් අවබෝධ කර ගන්න තරම් බුද්ධි මට්ටමක් නෑ.
අපේ රටේ මිනිස්සුන්ගෙන් රටේ සංවර්ධනය ගැන ඇහුවොත් 95% හිතන්නේ භෞතික සංවර්ධනය (අදිවේගී මාර්ග, බල ශක්ති ව්‍යාපාර ) ගැනයි. නලින් ද සිල්වා මහත්මයා බටහිර විද්‍යාවට කොච්චර ගැරහුවත්, ලංකාවේ ජීවත් වෙන මිනිස්සු දන්නවා මේ හැමදෙයක්ම කරන්ඩ පුළුවන් බටහිර විද්‍යාව මගින් බිහිවෙච්ච තාක්ෂණයෙන් කියල. බටහිර විද්‍යාවේ ප්‍රයෝගික අංශය නලින් ද සිල්වා මහත්මයා කියනවා වගේ කසි කබල් දෙයක් නෙවේ. මුළු ලෝකෙම කරන්නේ බටහිර විද්‍යාවේ ප්‍රයෝගික අංශය ඉගෙන ගෙන තමන්ගේ රටවල් භෞතික වශයෙන් සංවර්ධනය කර ගන්න එක. මිනිස්සුන්ගේ අධ්‍යාත්මය සංවර්ධනය කරන්න නම් මිනිස්සුන්ට බෞද්ධයෝ විදිහට ජීවත් වෙන්ඩ පුළුවන් විදිහට රට හදගන්ඩ ඕනේ. රටේ මිනිස්සු නමට විතරයි බෞද්ධයෝ.
අපේ රටේ හදන්ඩ තියෙන දේවල් ගොඩක් තියෙනවා. අපේ රටේ ඉන්න හුගක් එවුන්ට ඉංග්‍රීසි බැරි වුනාම ඉංග්‍රීසි භාෂාවට වයිර කරනවා, බටහිර විද්‍යාව තේරෙන්නේ නැති වුනහම එකට බනිනවා. අපේ රටේ ඉන්න හුගක් එවුන්ට ඕනේ හැමදේම නමට සිංහල බෞද්ධ කියල ලේබල් කර ගන්ඩ විතරයි. සිංහල බෞද්ධ කියල ලේබල ගහ ගත්තට හුගක් එවුන් සිංහල විතරයි, බෞද්ධයෝ නොවෙයි. කීයෙන් කීදෙනෙක් පන්සිල් රකින්ඩ, දස අකුසලෙන් වලකෙන්ඩ උත්සාහ කරනවද? කරන්ඩ ඕනේ පන්සිල් රකින්ඩ පුළුවන් සමාජයක් හදලා මිනිස්සුන්ට බුද්ධ ධර්මයට අනුව ජීවත් වෙන්ඩ කියල දෙන එකයි. එකයි වැඩි පලදායිතාවයක් තියෙන දේ. නලින් ද සිල්වා මහත්මයා අවුරුදු 30 ක් තිස්සේ කරලා තියෙන වැඩ වලට වඩා මිනිස්සුන්ට මෙලෝ පරලොව යහපත සැලසෙන දෙයක් සෝම හාමුදුරුවෝ කළා. පන්සිල් රකින්ඩ පුළුවන් සමාජයක් හැදෙන්නේ මිනිස්සුන්ගේ මූලික අවශ්‍යතා සම්පූර්ණ වුනොත් විතරයි. මිනිස්සුනට ජීවත් වෙන්ඩ සාධාරණ ක්‍රමයක් නැති වුනොත් මිනිස්සු වැරදි වැඩ කරන්න පෙලබෙනවා. පන්සිල් රකින්ඩ පුළුවන් සමාජයක් හැදෙන්නේ ඒ රටේ ආර්ථික , දේශපාලන සහ සමාජයීය කියවලියන් හසුරුවණ විදිහටයි. වඩාත්ම වැදගත් දේ නම් ඔය හැමදේම බටහිර විද්‍යාවයි ඒ හා බැධුනු තාක්ෂණයයි මත රද පවතින එකයි. මීට අවුරුදු 30 කට කලින් තිබ්බ ලංකාවට වැඩිය දැන් ලංකාව බටහිර නුතනත්වයට ගිහින් ඉවරයි. තව අවුරුදු 30 කින් කොහේ හිටියද කියන්ඩ බැහැ. ඒ නිසා රටයි මිනිස්සුයි ආරක්ෂා කර ගන්ඩ නම් බටහිර විද්‍යාවයි ඒ හා බැධුනු තාක්ෂණයයි සමග අතිනතගෙන රට දියුණු කර ගන්ඩ ඕනේ. එතකොට අපේ සිංහලයෝ හොද බෞද්ධයෝ වෙයි.
අනිත් එක ඇමෙරිකන් කාරයෝ බෞද්ධයෝ නොවුනට අපිට උන්ගෙන් ඉගෙන ගන්ඩ දේවල් තියෙනවා. කාගෙන් උනත් කමක් නැහැ හොද දේවල් ආදර්ශයට ගන්ඩ අපි දැනගන්ඩ ඕනේ. උන් සතර අගතියෙන් තොර වෙලා වැඩ කරන්ඩ දන්නවා. කඩේකට ගියත්, තැපැල් කන්තෝරුවකට ගියත් – ඉස්පිරිතාලෙකට ගියත් එකම විදිහට හැමෝටම සැලකිල්ල, බස් නවත්තන්නේ අදාල නැවතුමේ විතරයි, මිනිස්සු මගින් බස්සන්ද කියල රියදුරුට කරදර කරන්නෙත් නැහැ, එහෙම කිව්වත් කරන්නේ නැහැ-රියදුරුගේ රස්සාව එවෙලවේම නැති වෙන්න පුළුවන්. ඕනෑම රටක, ඕනෑම ජාතියක මිනිහෙක්ට ඇවිල්ල හොද ගෞරවයෙන් ජීවත් වෙන්ඩ පුළුවන්. හැමෝටම එක වගේ ගෞරව කරනවා. ලංකාවේ මිනිස්සු වගේ අහන්කරකමෙන්, ඉර්ර්ශයාවෙන් පෙලෙන මිනිස්සු නෙවෙයි. අහල පහල අයගේ දේවල් හොයන්නේ නැහැ; කේලම් කියනේ නැහැ, ඉර්ශය කරන්නේ නැහැ; ලංකාවේ මිනිස්සු වගේ තරගෙට දන් දෙන ජාතියක් නොවෙයි. හුගක් මිනිස්සු නැති මිනිස්සුන්ට දේවල් දෙනවා( මම නම් ඇදුම්, සෙල්ලම් බඩු එකතු කරලා දුප්පත් අයට බෙදන්ඩ ලංකාවට එවනවා) . ඇමෙරිකාව පුරා අද බෞද්ධ පන්සල් තියෙනවා, ඒවාට යන්නේ සිංහලයෝ විතරක් නොවෙයි. ලංකාවේ ඉන්නවට වැඩිය හොදට සිංහල බෞධයෙක් විදිහට ඇමෙරිකාවේ ජීවත් වෙන්ඩ පුළුවන්.
පෘතුගීසි කාරයින්ගේ ක්‍රමය අත් හැර, ලන්දේසි සහ ඉංග්රී කාරයින්ගේ ක්‍රමයට මාරු වූ වගයි !
මම හිතන්නේ මේ ‘පොඩිඑකා’ ඇත්තටම නලින් සර් ට විරුද්ද මිනිහෙක්. මෙයාගේ ප්‍රතිචාර කියවන්නා ජාතික චින්තනය ගැන කලකිරෙන ආකාරයට සියුම්ව ගොඩනගල තියනවා. ෆ්ලැට් නියායෙන් උත්තර දෙන අය ළඟ විවුර්ත මනසක් නැති බව නම් කව්රුත් අත්දැකීමෙන් දන්නවා.
හරියට හරි හැමදේම කඩාකප්පල් කරලා දානවා , හරියට හරි හැමදේම කඩාකප්පල් කරලා දානවා , කිසිම දේකට උත්තර නොදී
දී කිරට බළල්ලුත් සාක්කිලු…
උඹලට ඇඬිලා තියෙන්නේ අපිත් එක්ක එකට එක ලියාගන්න බැරිව. අපි උඹලගේ එන්.ජී.ඕ. නඩයට ගොඩ යන්න ඉඩ තියෙන්නේ නෑ…කියන එක විතරක් මතක තියා ගනිං…
පොඩිඑකා
“අපි උඹලගේ එන්.ජී.ඕ. නඩයට” මම N.G.O කාරයෙක් නෙමේ, ඔබ ලියන දේවල් වලින් N.G.O කාරයෙක් විය හැකිය ,
උඹ දැන් කියන්න හදන්නේ…එන්.ජී.ඕ. කාරයන්ගෙනුත් විචාරශීලී එන්.ජී.ඕ. කාරයො හොඳයි කියලද? නැත්නම් විචාරශීලී එන්.ජී.ඕ. කාරයොන්ට එන්.ජී.ඕ. කාරයො කියලා කියන්න එපා කියලද?
පොඩිඑකා
නිර්මාණාත්මක සාපේක්ෂතාවාදයේ අඩුපාඩු නෑ කියන එක එයටම විරුද්ධ නම් විසන්වාධයෙන් (contradiction) අවසානයේදී නිර්මාණාත්මක සාපේක්ෂතාවාදය අඩු පාඩු ය කියල file එක close කරන්න වෙනවා. යමක් (මෙහිදී නිර්මාණාත්මක සාපේක්ෂතාවාදය ) දුර්වල යි කියල ඔප්පු කරන්න එයම ( නිර්මාණාත්මක සාපේක්ෂතාවාදයම ) භාවිතා කරද්දී නොදැනීම අපි එය ( නිර්මාණාත්මක සාපේක්ෂතාවාදය) සාධාරණ සත්‍යයක් (axiom හෝ universal truth) ලෙස සලකනවා. මෙය බටහිර ගණිතයේදී හා විද්‍යාවේදී නිතරම කරන දෙයක්. ප්‍රශ්නය වෙන්නේ ඔබ සිංහල -බෞද්ධ පදනමකින් ගොඩ නැගුනු නිර්මාණාත්මක සාපේක්ෂතාවාදය බටහිර-ක්‍රිස්තියානි දැනුමකින් නිශේධනය කරන්න හදන එකයි .
නිර්මාණාත්මක සාපේක්ෂතාවාදය හා අනෙකුත් සිංහල-බෞද්ධ දැනුම් (වෙදකමේ , කෘෂිකර්මයේ, … ) තවදුරටත් වැඩි දියුණු කර ගත යුතු බවට කිසිම සැකයක් නෑ. ඒ නිකන් පොර ටෝක් දෙන්න නෙමෙයි . බටහිර දැනුම් අධිපත්යෙන් මිදිලා අපේ වැඩ අපිම කරගෙන නිවන් දකින කන් නිවී සැනසිල්ලේ ජීවත් වෙන්න.
ඔය “දේශයට ලැදී ඉංජිනේරුවා” පම්පෝරි ගහන ජයේ අය්යාගේ මහා විශ්ලේෂණාත්මක දැනුම ගැන Beba කියල එකෙක් හොඳ උත්තරයක් දීල තිබුනේ. “ඉලෙක්ට්‍රෝනය දෙකට බෙදෙනවා” කියන කතාවෙන්ම ඉංජිනේරුවා ගෙයි එයාගේ ජයේ අය්යා ගෙයි දැනුම් සම්බාරය ගැන හොඳ අවබෝධයක් ලබා ගත්තහැකි. (සමහරවිට නිර්මාණශීලීත්වයේ (creativity) දක්ෂ බව නම් පේනවා) එයාගේ ගෙඩි දෙකේ කතාවට කියන්න තියෙන්නේ.. සමාන භොතික තත්ත්ව (ජලය, හිරු එලිය, පෝෂණය, සහ අනෙකුත් දෑ) යටතේ ඔය ගෙඩි දෙකම එක හා සමාන ගුණයන් (රස, ප්‍රමාණය, පැහැය..ආදී වූ ) පෙන්වන බවයි. නමුත් මහැදුරු නලින් ද සිල්වා වියතාණන් ප්‍රකාශ කරලා තියෙන්නේ (Beba කියන විදියටම) විඤ්ඤාණය ට කර්ම විපාකය බලපාන හැටි. ඕක තේරුම් ගන්න බැරි, “යන්නේ කොහෙද මල්ලේ පොල්” කතාවක් කියන, ඉංජිනේරුවා වයි එයාගේ ජයේ අය්යා වයි හොඳයි කරත්තේ බැඳලා දක්කන්න.
මීට පස්සේ කයිය ගහන්න කලින් හොඳට ඉගෙන ගෙන එන්න. ඕනනම් ජයේ අය්යා වත් එක්කන් එන්න. ඔයාට වඩා හොඳ දැක්මක් තියන, මොරටුවේ හරි පේරා හරි BSc කරපු උන් USA වල PhD කරනවා.
me comment eka thanikarama meka liyapu pudgalaya gena wairayakin liyapu comment ekak. mata penne mahasonata engineering karanna beri wela americawe phd karanna beri weema gena loku upset ekakin pelenawa. eka liyala thiyana anthima wakyen penawa. me lipiya liyala thiyana kena lankwe BSc engineering karala americawe phd karana kenek kiyala lipiya kiyewwama therenawa.
anunta hina wenna kalin thaman gena soya beluwanam narakada
මහසෝනා,
ඔහොම අනුන්ට ඊරිසියා කර කර හිටියොත් ලබන ආත්මේවත් Engineering යන්න, USA යන්න බැරි වෙයි. ඒ හින්ද ඊරිසියාව පැත්තකින් තියලා ඉන්න ටික කාලේ ජීවත් වෙන්න.
මහසෝනා, මහසෝනා කියන දෙයට ත්ර්කනුකුලව උත්තර දෙන්ඩ බැරි බවින් ඔබේ නියම ස්වරුපය පෙනේ
මහසෝනා අලුතින් දෙයක් කියලා නෑ තර්ක කරන්න. කරලා තියෙන්නේ බෙබාගෙ මතය පුනුරුච්ඡරණය කිරීමයි. බෙබාට මම පිළිතුරු ලියලා තියෙනවා දැක්කේ නැද්ද?
මහසෝනා මහා ඊරිසියාවකින් පෙළෙන කෙනෙක්. ඒවගේ කෙනෙක් යහ මග යවන්න මම උපදෙසක් දුන්නා. ඊළඟ ආත්මෙවත් එතකොට සන්තෝසෙන් ඉඳියි නේ.
මුලින්ම කියන්න ඕනෙ නිර්මාණාත්මක සාපේක්ෂතාවාදීන් කවදාවත් ප්රවාද හරි හෝ වැරදියි කියලා වර්ග කරන්න යන්නෙ නෑ. වැදගත් වෙන්නේ මොන ප්රවාදය උනත් එය නිර්මාණය කරපු වටාපිටාව (ලොකු වචනෙකින් කීවොත්,සංධර්භය..) සහ නිරීක්ෂණත් එක්ක සංගතද කියන එක.. නිර්මාණාත්මක සාපේක්ෂතාවාදයට උනත් ඒක එහෙමම තමයි. හැබැයි තාම ඒක අසංගතයි කියල කවුරුත් පෙන්නලා නෑ.. එහෙම පෙන්නුවොත් අපිට පුලුවන් ඒ අඩුපාඩු හදා ගන්න.. අන්ධාණුකරනයට විරුද්ධ නිර්මාණාත්මක සාපේක්ෂතාවාදයට ඒකෙ කිසිම ගැටලුවක් නැහැ.
කොහොම උනත් ජයේ අයියගෙ උදාහරණයෙන් නිර්මාණාත්මක සාපේක්ෂතාවාදයේ කෙසේ වෙතත් ඔහුගේ සංගතභාවය,වියුක්තකරණය සහ විශ්ලේෂණයේ දැනුම ගැන අපතුල දරුණුම සැකයක් මතු කරනවා. මුලින්ම ඉලෙක්ට්රෝ්න දෙකට බෙදන කතාව (ඉලෙක්ට්රෝපන දෙකට බෙදිලා සමාන කෑල ගන්නෙ මොන විද්යාවෙද දන්නෙ නෑ.. ) සහ පලතුරු කතාව…. මෙතන මහාචාර්යයතුමාගෙ තර්කයේ පදනමේම තියෙන්නෙ විඤ්ඤාණය පදාර්ථයට ඌනනය කරන්න බැහැයි කියන එක..ඒක නිෂේධ කරන්න කිසිම විඤ්ඤාණයක් නැති ඉලෙක්ටරෝනයි පලතුරුයි ගන්න එකෙන්ම ජයේ අයියගෙ වියුක්තකරණයේ හැකියාව පේනවා…. කොහොම උනත් අපි තවත් ඉස්සරහට යමු.. මොකද මම හරිම ආසයි මේ ජයේ අයියගෙ බුද්ධිය අනික් අයට පෙන්නලා දෙන්න… අපි නිකමට හිතමු මේ කියන විදිහට ඉලෙක්ටරෝන හරියට දෙකට බෙදන්න පුලුවන් කියලා.. පලතුරුත් එකම සෛලය දෙකට බෙදිල හැදෙනව කියලා… දැන් ජයේ අයිය කියන්නෙ එකම සෛලය බෙදිල ආවත් පලතුරු වෙනස්… දැන් මේ වෙනස් කියන්නෙ මොන ලක්ෂණද ? උත්තරය.. බාහිර භෞතික ලක්ෂණ (රසය, ප්ර මාණය.. ) දැන් මහාචාර්යයතුමා කියන්නෙ මොකද්ද ? ජීව විද්යාත්මකව (භෞතික ලක්ෂණ) කිසිම වෙනසක් නැති( සර්වසම නිඹුල්ලුන්ගෙ බටහිර වෛද්යය විද්යාවට අනුව ඔය භෂ්මයක් දෙකක් ඇරුනාම 99.99% ක්ම ඩි.න්.ඒ සමානයි.) පුද්ගලයො දෙන්නෙක්ගෙ සිතුම් පැතුම් වල ලොකු වෙනස්කම් තියෙන්නෙ කොහොමද කියලා ද්රිව්යවාදයෙන් පෙන්නන්න බැහැයි කියලා. … වැදගත් වෙන්නෙ, මොන විදිහට ආවත් ජීව විද්යාත්මකව සර්වසම ජීවීන් දෙන්නෙක්ගෙ හැසිරීම වෙනස් වෙන එක ද්රැව්යවාදයෙන් පැහැදිලි කරන්න බැරි එකයි… මේ සරල තර්කය තේරුම් ගන්න බැරි ජයේ අයියා ගැන මට ඇත්තේ අනුකම්පාවකි. ඊටත් වඩා මට දුක, ඔහු ගැන ඉමහත් භක්තියෙන් සිටින ඇමරිකාවේ ඉන්න දේෂප්රේම් ඉංජිනේරුවා ගැනය… මදෑ ඉතින් ඉඳල ඉඳල නලින්ගෙ ප්රයවාද ගැන වාදකරන්න ගියා නේද ?………………
Beba,
මචං, අපිට මේ ලිපියේ කොයි දෙයකට එකඟ වෙන්න බැරි උනත්, එක් දෙයකට එකඟ වෙන්න පුළුවන් කියලා මට හිතෙනවා. ඒ තමයි මේ ලිපිය අපි අතර හොඳ හරවත් සාකච්ඡාවකට මඟ පෑදුවා කියන එක.
පොඩිඑකා
This article achieved exatlcy what I wanted it to achieve.
ඔහේ ඔවැනි කතා ලියන්නේ බෙබේක් නිසා විය හැකිය. ජයේ අයියාගෙ තර්කය වන්නේ 2ක් වෙනස් වීම පැහැදිලි කිරීමට කර්ම විපාකය යොදගැනීම අනිවාර්ය නැති බවයි. ජාන 100%ක් සමාන නැති බවට ඔබ කර ඇති ප්‍රකාශයෙන්ම එය තහවුරු වනවා නේද? ජාන 100%ක් සමාන නැති කල ගති ගුණ වෙනස් වීම තහවුරු කිරීමට කර්ම විපාකය යොද ගැනීම අත්‍යවශ්‍ය නොවේ. අනුන් ගැන දුක් නොවී තමාගේ තර්කයේ දුබල බව ගැන දුක් වෙන්න.
මෙතන ප්‍රශ්නය මොකද්ද කියන්න ඔක්කොටම ඉස්සෙලා.
සෛලක් දෙකට බෙදි උපදින නිවුන්නු සම ආකාරයෙන් (ගතිගුන, පැහැය, අස, එකිනෙකට වෙනස් සියළුම කාරනා) ක්‍රියා නොකිරීම නොවේ ද ප්‍රශ්නේ?
එසේ නම් කොහොමද ජයේ අය්යා හරි වෙන්නේ?
ජයේ අය්යා කියන්නේ සෛලයක් දෙකට බෙදීමෙන් ඵල දෙකක් හට ගන්නා බවයි. එය නිරික්‍ෂණයක්. ප්‍රශ්නය වන්නේ එකම සෛලයක් දෙකට බෙදි එවැනි ඵල දෙකක් (නිරික්‍ෂණය) ඇති වන්නේ ඇයි ද යන්නයි.
ජයේ අය්යාගෙන් ‘හේතුව’ මොකක්ද කියලා ඇහුවාම ‘ඵලය’ පිළිතුරු වශයෙන් දෙනවා. මේක වංචාවක්.
සමාවෙන්න.
අන්තිම ඡේදය පහත දැක්වෙන ලෙස වෙනස් විය යුතුයි.
ජයේ අය්යාගෙන් ‘හේතුව’ මොකක්ද කියලා ඇහුවාම ‘නිරික්‍ෂණය’ පිළිතුරු වශයෙන් දෙනවා. මේක වංචාවක්.
නියම කොමන්ටුව. ඉතා හොඳයි.
මම පුද්ගලිකව නලින් සර්ට හෝ වෙනත් උගතුන්ට හෝ දේශපාලනයින්ට හෝ මඩ ගසන කොම්මන්ට වලට කැමැති නැහැ. ඒ කොම්මන්ට් අනුමත නොකළ යුතු බව මාත් පිළිගන්නවා. ඒ වගේම මේ පොඩිඑකා වගේ හැමෝටම මහා ජාතිය දාන උන්ගෙත් කොම්මන්ට අනුමත කිරීම හොඳ දෙයක් නොවේ.
එතකොට මේකට එන මිනිස්සුන්ට පේනේ මේක පොඩි එකාගේ වෙබ් සයට් එක වගේ. මම මගේ මතය කිව්වේ. පිළිගන්නවද නැද්ද කියන එක ලංකා සී නිව්ස් එකේ වැඩක්.
මේ සතාද මොකාද කියන එකා කොහේ ඉඳලා හිටපු ගමන් කඩා පාත් උන එකෙක්ද මන්දා? මමයි මේකෙ අප්සට් කොමෙන්ට් දාන්න එපා කියලා ලංකාසීනිව්ස් එකට දිගටම කිය කිය හිටියේ…දැන් මේ සතාද මොකාද එකා, මගේම කතාව මටම කරකවන්න හදනවා…
ලංකාසීනිව්ස් එකට ඕන නම් මගේ කොමෙන්ට්ස් නොදා ඉන්න පුළුවන්…මට ඒකේ කිසිම ප්‍රශ්ණයක් නෑ…
නමුත් උඹලට අපට විරුද්ධව තර්කානුකූලව උත්තර ලියාගන්න බැරි උනාම මඩ ගැහුවා…ඒක හරි ගියෙත් නෑ…ඒත් අපි උඹලට මඩ ගැහුවේ නෑ…දිගටම අපි තර්කානුකූලවම ලිව්වා නොසැලී…දැන් උඹලා මතවාද සහ තර්ක වලින් පැරදුනාම අපේ කොමෙන්ට්ස් තහනම් කරන්නලු…නැත්නම් මේක මගේවෙබ් සයිට් එක වෙයිලු…අනේ බං…උඹට වෙබ් සයිට් එකක පාලනය ගැන කිසිම දැනුමක් නැති උනාට මම මක් කරන්නද?
පොඩිඑකා
“අපි තර්කානුකූලවම ලිව්වා නොසැලී” කොතනද තර්කානුකූලව ලිව්වේ?
පොඩි එකා තර්කානුකූලව කතා කරන්නේ comments වල ඉදිරි පත්කර ඈති දෙයට අදාළව නෙවෙයි.යම් කිසි කෙනෙක් යම් කිසි මතයක් ඉදිරිපත් කරනවා නම්,එම මතය ඔබට වෑරදි බව හෑගේනම් එම මතය බිද දම්න්න දෙයක් කතා කරන්න.
මේ මම දාලා තියෙන්නේ හිංසාකාරී අවලස්සන සතා දාපු අතාර්කික කොමෙන්ට් එකට උත්තරයක්. නැතිව උගේ අතාර්කික කොමෙන්ට් එකකට තාර්කික උත්තරයක් දාන්න මට උවමනාවක් නෑ.
පොඩිඑකා
ඒයි අවලස්සන හිංසාකාරී සතා,
කෝ බං උඹ අර පල්ලෙහා කණා මුට්ටියක්ද මොකක්ද බිඳිනවා කියලා තිබුණා. කෝ උඹ තාම ඒක බිඳලා නෑනේ බං.
පොඩිඑකා
මේකෙන් පේනවා නේද ලංකාවේ කොල්ලෝ කෙල්ලනේ නලින් ද සිල්වගේ මතවාද කථාකරන්නේ අපි ඇමෙරිකන් කාරයෝ විත්තිය.
මේ සැරේ deficit එකේදී මම රිබබ්ලිකන් කාරයින්ටත් කිව්වා නලින් කියන විදිහට වැඩ කරලා ඉස්සරහාට වෙන්න තියෙන විනාශයෙන් බේරෙමු කියලා.
කරන්න දෙයක් නැහැ අපි විනාශ වෙන එක නතර කරන්න බැහැ
මගේ ප්‍රතිචාරයට ප්‍රතිචාර කීපයක්ම ලැබී තිබෙන නිසා පිළිතුරු මෙතන ලියමි.
නිර්මාණාත්මක සාපෙක්ෂතාවාදය යනු ද නිර්මාණයක් බව තේරුම් නොගත් ගෝලයින් පිරිසක් ද දැන් කැලණියේ නලින් සර්ට ඉන්නේ?
මේ ගොල්ලො හිතන් ඉන්නේ නිර්මාණාත්මක සාපෙක්ෂතාවදය යථාර්ථයක් කියලද? නලින් සර්ව නැති කරන්නේ මේ ගෝලයින් තමයි.
“මේ ගොල්ලො හිතන් ඉන්නේ නිර්මාණාත්මක සාපෙක්ෂතාවදය යථාර්ථයක් කියලද?”
ඉහත ඔබගේ කථාව යතාර්තයක්ද?
ඔබ යථාර්ථයක් යනුවෙන් අදහස් කරන්නේ කුමක්ක්ද(ඔබේ යථාර්ථය) කියා පැහැදිලි කරන තුරු මෙයෙට පිළිතුරු දිය නොහැකි !
@Janitha
නිර්මාණාත්මක සාපෙක්ෂතවාදයේ අඩුපාඩු නෑ කියන එක නිර්මාණාත්මක සාපෙක්ෂතවාදයටම විරුද්ධ බව විචාරසිලිව පෙන්නලා දෙන්න !
හරිම සරලයි. නිර්මාණාත්මක සාපෙක්ෂතාවාදයට අනුව දැනුම නිර්මාණයකි. එය මනසට, ඉන්ද්‍රිය පද්ධතියට හා සංස්කෘතියට සාපෙක්ෂය. නිර්මාණාත්මක සාපෙක්ෂතාවදය ද දැනුමක් වන නිසා එයටද මෙම ප්‍රකාශය වලංගු ය. ඉතින් මනසේ, ඉන්ද්‍රිය පද්ධතියේ අඩුපාඩු තිබෙන කළ, ඊට සාපෙක්ෂව බිහිවන නිර්මාණාත්මක සාපෙක්ෂතාවාදයේ වැරදි නැති වන්නේ කෙසේ ද?
එකත් නිර්මාණාත්මක සාපෙක්ෂතාවාදයක්නෙ!
විලම්බීත කථාවකි.
නිර්මාණත්මක සාපේක්‍ෂවාදයට අනුව එය වැරැදි කියා පෙන්වා දිය නොහැක. නිර්මාණාත්මක සාපෙක්ෂතාවාදයට අනුව නිර්මාණාත්මක සාපේක්‍ෂවාදය වැරැදි ඇති බව පෙන්වාදීම ම නිර්මාණාත්මක සාපෙක්‍ෂතාවාදය නිවැරිදි බව ප්‍රකාශ කිරීමකි. එය නිර්මාණාත්මක සාපේක්‍ෂවාදය බවට ම පත්වේ
මනසේ ඉන්‍ද්‍රිය පද්ධතිවේ ඇති වැරැදි හේතුවෙන් A = A ලෙස මෙන්ම A අසමානයි A ලෙස ද සැලකීමට සිදු වේ. එය ද නිර්මාණාත්මක සාපේක්‍ෂවාදයට එකඟය.
මෙම ලිපියේ ලියුම්කරුගේ මිතුරා (ඔහු සඳහන් කරන ලෙස ජයේ අය්යා) රුපිකව ලෝකය දකින්නේකි. ඔහු එම සෛලය එම සෛලයටම සමානකර ප්‍රශ්න විචාරයි.
එම සෛලය එම සෛලයටම සමාන බව ජයේ අය්යා පෙන්වා දෙන්නේ කෙසේද?
ජනිත,
මේකට කියන්නේ ලූප් එක කියලා.
බෙල්ලේ වැලදාගෙන බෙල්ලේ වැලක් නැහැයි කියනවා වගේ වැඩක් ඔයා කරන්නේ
Frnakly I think that’s absolutely good stuff.
නිර්මාණාත්මක සාපේක්ෂතාවාදයට අනුව යමෙක් නිර්මාණය කරන දැනුම එම පුද්ගලයාගේ මනසට සාපෙක්ෂයි…එසේ නැතිව එම දැනුම හැමෝටම පොදු වූ නිරපේක්ෂයක් නම් නොවන බව තමයි එහි කියවෙන්නේ…
ඉතින් සෙසු දැනුම වගේම නිර්මාණාත්මක සාපේක්ෂතාවාදය යන ප්‍රවාදයත්(දැනුමත්) මනසේම නිර්මාණයක් මිසක් නිරපේක්ෂයක් නෙමෙයි….එබැවින් නිර්මාණාත්මක සාපේක්ෂතාවදයත් මනසට සාපේක්ෂයි…එහි විශේෂත්වයක් නෑ…
ඔබ ඇසිය යුතු නිවැරදි ප්‍රශ්ණයත් ඕන නම් කියලා දෙන්නම්…ඒකවත් ඔයාලට අහන්න තරම් අවබෝධයක් නැති නිසා…
ඔබ කැමති නම් අහන්න ඕන ප්‍රශ්ණය තමයි, ඔය කියන මනස මොකකටද සාපේක්ෂ වෙන්නේ කියලා? ඔය කියන මනස නිරපේක්ෂ නැද්ද?
ඒ ප්‍රශ්ණය අහුවොත් විතරක් උත්තර දෙන්නම්.
පොඩිඑකා
ඉතිං උත්තර දීපන්කො බලන්න බොරු බයිලා ගහන්නේ නැතුව.
ඔහොම අහලා බෑ…
බුදුන් සරණ ගහිල්ලා ඊට පස්සේ දණ නමලා වැඳලා ඇහුවොත් විතරයි උඹ වගේ එන්.ජී.ඕ. කාරයන්ට මේවා කියලා දෙන්නේ. අපි සාමන්‍ය ජනතාවට සලකන විධියට නෙමෙයි එන්.ජී.ඕ. කාරයන්ට සලකන්නේ.
පොඩිඑකා
http://www.pitt.edu/~jdnorton/papers/Constructive_Relativity.pdf
හරිට ම හරි. මම ඔයා එක්ක එකඟයි. අපට යමක් දෙස මධ්‍යස්ථාව බලන්න පුළුවන් වෙන්න ඒන. ඒ සඳහා තමන් ගරු කරන මතවලට සීමා නොවී සෙසු මතවාද අධ්‍යයනය කිරීමත් වැදගත්. රටට අවශ්‍ය වන්නේ නලින් ද සිල්වා මහතා අන්ධානුකරණය කරන බැතිමත්තු නොවේ. ඒ වගේ ම එතුමාට මඩ ගහන බටහිරට දණ්ඩ නමස්කාර කරන නිවටයොහරිට ම හරි. මම ඔයා එක්ක එකඟයි. අපට යමක් දෙස මධ්‍යස්ථාව බලන්න පුළුවන් වෙන්න ඒන. ඒ සඳහා තමන් ගරු කරන මතවලට සීමා නොවී සෙසු මතවාද අධ්‍යයනය කිරීමත් වැදගත්. රටට අවශ්‍ය වන්නේ නලින් ද සිල්වා මහතා අන්ධානුකරණය කරන බැතිමත්තු නොවේ. ඒ වගේ ම එතුමාට මඩ ගහන බටහිරට දණ්ඩ නමස්කාර කරන නිවටයොත් නොවේ.
ඒ මතවාද ප්‍රශ්න කරන, විමසන, කපන කොටන පිරිසක්. අගතිගාමී නොවී ඉන් ගත යුතු සාරය අරගෙන ඒ ඇසුරින් නිදහසේ ලෝකය දෙස බැලිය හැකි පිරිසක්. නව දැනුම නිර්මාණය කළ හැකි පිරිසක්.
නලින් ද සිල්වා මහතාට මඩ ගහන අයට වඩා හානියක් එතුමා වෙනුවෙන් මූලධර්මවාදී ලෙස පෙනී සිටින පිරිස කරනවා. එතුමා නිෂ්පාදනය කරන දැනුම තව තවත් මුවහත් කිරීමට ඒ සඳහා සාධනීය විවේචනයක් අවශ්‍යයි. එතුමාගේ මතවාද අධ්‍යයනය කරන්නන් කළ යුත්තේ ඒ සාධනීය විවේචනයයි. ඒවා දියුණු තියුණු කිරීමයි.
නැතිව එතුමාගේ ශ්‍රී මුඛයෙන් ගලන වදන් ගිරා පෝතකයින් සේ කියවීම නොවේ. එහෙම සාධනීය විවේචනයක් මම තව ම දැක්කේ නෑ. මේ නිසා මොකද වෙන්නේ? කුමාරතුංග මුනිදාස මහතා නැවතුණු තැනින් නැවතුණු හෙළ හවුලට වෙච්චි දේ ම හෙට දවසේ එතුමා නිර්මාණය කරන දැනුමටත් වෙනවා.
යමක් ප්‍රශ්න නොකර පිළිගත යුතු නැත කියන කාරණය මම ඉගෙන ගත්තේ එතුමාගේ විදුසර, දිවයින ලිපිවලින්. ඒ නිසා අපි අපේ දැනුම යළි ප්‍රශ්න කරනවා අදත්. එතුමා කාලාම සූත්‍රය ඇසුරින් ඒවා පැහැදිලි කළා මට මතකයි. ඒ වගේ ම තව දුරටත් නිරාකරණය කර ගත නොහැකි නම් විඤ්ඤූන් හෙවත් ප්‍රඥාවන්තයින්ගෙන් තම ප්‍රශ්න නිරාකරණය කරගත යුතු යැයි එහි සඳහන් වන බවත් මම දැන ගත්තේ එතුමාගේ විග්‍රහයෙන්මයි. ඒ වගේ ම මම වෙන වෙන අයගෙනුත් ඉගෙන ගන්නවා. ඒ නිසා අද මම හිතන පතන විදිහේ සාධනීය යමක් වේ නම් එහි ගෞරවය එතුමාටත් හිමි විය යුතුයි. ත් නොවේ. ඒ මතවාද ප්‍රශ්න කරන, විමසන, කපන කොටන පිරිසක්.
“එතුමාගේ ශ්‍රී මුඛයෙන්…… ”
ශ්‍රි මුඛය යන වචනය සමන්‍යය පුද්ගලයන් ( මම මින් අදහස් කරන්නේ එතුම්මගෙ උගත් බුද්ධිමත් භාවය නෙවෙයි ) ව්‍යවහාරයේ යොදා ගන්නේ නෑහෑ නේද?.
නාමල් උඩලමත්ත ඔබ ඊනියා මධ්‍යස්ථ බව පිළිගන්නා බව පෙනේ. එය ඔබට හානී කරය.
හැකිනම් http://www.kalaya.org හි ඇති සියළුම ලිපි නැවත නැවතත් කියවන්න.
එසේ නොවුවහොත් සිල්ලර මතවාද වලින් නිකම් විනාශ වී යාහැකිය.
මෙම ලිපිය පළකිරිමෙන් නලින් ද සිල්වාගේ මතවාද ශක්තිමත් බව පෙන්වීම පළ කළ අයගේ අරමුණ වුවාද විය හැකිය.
මෙහි පළකළ අයට ඇත්තේ එවැනි අවශ්‍යතාවයක් යැයි මා සිතන්නේ මෙම වෙබ් අඩවිය මෙහෙය වන ඇතැම් පිරිස් නලින් ද සිල්වාගේ මතවාද පිළිගන්නා බව ඔවුන්ගේ ලිපි කියවීමෙන් මා හට අවබෝධ වූ නිසාවෙනි. ඇතැම් පිරිස් විමින් මෙහි ලියා ඇති ලිපි වලින් එය වටහා ගත හැකිය.
තවද, විශේෂයෙන් මා නලින් සර්ගේ ලිපි කියවීමේ ගැඹුරින් අවබෝධ කරගත් දෙයක් ඇත.
එනම්, යමක් ප්‍රශ්න කිරීමට පෙර ‘එම ප්‍රශ්නය තුළ ප්‍රශ්නයක් ගැබ්ව ඇද්දැයි’ ප්‍රථමයෙන් සිතා බැලීය යුතු බවයි.
මෙම ලිපියේ ලියුම්කරුට නැත්තේ ද එයමය.
Obage adahas walata mama itha garu karami. mamath inne a mathaye. mata Prof Nalinge adhas sambanda matha gatum thibunath, Nalin de Silva Sir weni aya inna loketa wadaa a wage aya nathi lokaya hugak adurui bawa dannawa. awani ayage aragala nisa apitath wenas widihata lokaya diha balanda puluwan. awani ayage aragala satha 50ta dameema nokala yuthui. wadaa yahapath lokayak goda nageemata mathawadeewa aragala karamu. apahasa walin thorawa.
“මීට විකල්පයක් ලෙස නලින් ද සිල්වා මහතාගෙ මත වර්ධනය කළ හැකි නිර්මාණශීලී ගෝලයන් පිරිසක් බිහි නොවුනහොත් එතුමන්ගෙන් පසුව එතුමන්ගේ ජාතික කර්තව්‍ය ද අභාවයට යෑම නොවැලැක්විය හැකි වනු ඇත”.
1000% true.
මේ ලියන පුද්ගලයා නිර්මාණාත්මක සාපෙක්ෂතාවාදය දන්නේ නැත හෝ එසේ පෙන්වයි . එලෙක්ට්‍රෝන දෙකේ කතාවෙන් පැහැදිලිවන්නේ Double Slit Experiment එක ගැනවත් නොදන්නා බවයි .මේ මිනිස්සු ඔක්කොටොම හරිමග පෙන්නෙන පුද්ගලයා හම්බෙවෙන්නේ අමෙරිකාවෙදිය .මෙහි අරමුණ මොකවත් නෙමේ නලින් ද සිල්වා මහතා සහ සිසුන් අතර ප්‍රශ්න, අර්බුද ඇතිකිරීමය.එමගින් සිසුන් ඔහුගෙන් ඈත්කිරිමය. මොහු දැන ගත යුත්තේ නලින් ද සිල්වා ගුරුතුමා සහ සිසුන් අතර සංවාද සිදුවන බවයි , අන්දානුකරණයක් සිදුනොවන බවයි. නිර්මාණාත්මක සාපෙක්ෂතාවාදයේ අඩුපාඩු තියෙන්ඩ බෑ, එක්කෝ හරි නැත්තනම් වැරැදී
“නිර්මාණාත්මක සාපෙක්ෂතාවාදයේ අඩුපාඩු තියෙන්ඩ බෑ, එක්කෝ හරි නැත්තනම් වැරැදී”
ඒ බොලාගේ ගමේ. මෙහෙ නම් එහෙම නෑ.
ගොනා උනාට කමක් නෑ උම් බෑ නොකියා ඉඳහං බං.
ඉතින් අඩුපාඩු පෙන්නන්ඩ !
නිර්මාණාත්මක සාපෙක්ෂතවාදයේ අඩුපාඩු නෑ කියන එක නිර්මාණාත්මක සාපෙක්ෂතවාදයටම විරුද්ධ බව මේ “විචාරසිලිව” කියන අවිචාරවත් පුද්ගලයාට නොතේරෙයි.
ane puluwannam oya kiyana double slit experiment eka gena kiyala dennoko. api adanne nene. thamuse dannawada suddo oka karanna gihilla enagena inne kiyala. suddo ena gaththanam ithin thamusegen ahaganna wenne double slit gena neme, pissu double wena heti thama.
ඉතාමත් හොඳ පැහැදිලි කිරීමක්. මෙවැනි ලිපි පළකිරීම ගැන ලංකාසීනිව්ස් හට අපගේ ප්‍රණාමය පුද කර සිටිමු.
නලින් ද සිල්වා මහඇදුරුතුමාගේ ගෝලයන්ගේ ප්‍රමාණය මෙතෙකැයි හරියටම නොගිනිය හැකි අතර ඔවුන් අති විශාල ප්‍රමාණයක් සිටින බව නම් කිව හැක. අවුරුදු 25ක් තිස්සේ දිවයින, විදුසර ආදී පුවත්පත් හරහා බිහි කරන ලද එතුමාවත් ඇසින් නොදුටු ගෝලයන් ගණන කාට නම් මෙතෙකැයි කිව හැකිද?
ඇතැම් විටෙක කලින් ලිපියකට උත්තර බැඳි “සමනලයාද” නලින් ද සිල්වා ගුරුතුමා නොදුටු ගෝලයෙක් විය හැක. බුදුරජාණන්වහන්සේව නොදුටු සහ උන්වහන්සේගේ පරිනිර්වාණයෙන් පසු අරහත් ඵලයට පැමිණි රහතන්වහන්සේලා බොහොමයක් විසු සේක. එලෙසම නලින් ද සිල්වා ගුරුතුමාටද දුටු හා නොදුටු ගෝලයන් රාශියක් සිටින බව නොදන්නෝ දැනගනිත්වා.
මේ අළුත් දේශීය විද්‍යාවක් බිහිකිරීමට සිටින මුල් සේනාංකය නලින් ද සිල්වා ගුරුතුමා වසර 25ක්-30ක් තිස්සේ බිහිකරන ලද ගෝල පරම්පරාව ම බව නොකිවමනාය.
පොඩිඑකා
නලින් ද සිල්වා වෙනුවෙන්, ඒ මනුස්සයාව විනාශ කරමින්, අනුන්ගේ මත නොයිවසමින්, මිතුරා කව්ද සතුරා කව්ද යන්න පිළිබඳව වැටහීමක් නොමැතිව දිවා රෑ කෑ ගසන ඔබ වැනි අය ප්‍රථමයෙන්ම කළ යුත්තේ මෙහි මතුකර ඇති වැදගත් ප්‍රශ්නයට සංගතව පිළිතුරු සැපයිම වේ.
“වරෙක නලින් ද සිල්වා මහතා විදුසර පුවත්පත මඟින් අභියෝග කර තිබුනේ එකම සෛලය බෙදී බිහිවන නිවුන් දරුවන් වෙනස් ගතිගුණවලින් යුක්තවීම කර්ම විපාකය යොද ගැනීමෙන් තොරව පැහැදිලි කරන ලෙසය. එවිට ජයේ අයියා මගෙන් විමසා සිටියේ ගසක එකම සෛලය දෙකට බෙදී සෑදෙන ගෙඩි දෙකක් එක හා සමාන ද යන්නය. එමෙන්ම එකම ඉලෙක්ට්‍රෝනය දෙකට බෙදුනොත් එම කොටස් දෙක එක හා සමාන ද යන්නයි.”
මෙහි ඉහතින් මතුකරන මතවාදය බිඳිමට මට හැකිය. එහෙත්, තමුන්ට මේ සඳහා ඇති විසඳුම කුමක්දැයි දැනගැනීමට අපි සියලූ දෙනාම කැමැත්තෙන් සිටින්නෙමු. වහාම ඒ සඳහා පිළිතුරක් ලබා දී, ඔබ° නලින් ද සිල්වා මහතා පවසන දර්ශනය වටහාගත් බව සහ එතුළින් ඔබට නිර්මානශීලිව පිළිතුරු දිය හැකි බව වහා ඔප්පුකර පෙන්වන්න.
“මෙහි ඉහතින් මතුකරන මතවාදය බිඳිමට මට හැකිය.”
ඉතින් උඹට ඔච්චරම පුළුවන් නම් බිඳලා පෙන්නහංකො…ඊට පස්සේ අපි කතා කරමුකෝ…එතකං උඹ බොරු බයිලාකාරයෙක් කියලා තමයි අපි හිතන්නේ…උඹලගේ ටෝක්ස් විතරයි…වැඩ නෑ…
පොඩිඑකා