අමරසේකරගෙන් ඇමති බැසිල්ට මල් මිටක්

‘බැසිල් රාජපක්‍ෂ මහතා ප‍්‍රකාශයක් කරමින් පවසා සිටියා ඊනියා පොලිස් බලතල සහ ඉඩම් බලතල මහජනයා ඉල්ලනිනේ නැති බව. එතුමා කියා තිබුනා මහජනයාට අවශ්‍ය වගා කරන්න ඉඩම් මිස ඉඩම් බලතල නොවෙන බව. එසේම ඔවුන්ට අවශ්‍ය පොලිස් ආරක්‍ෂාව මිස පොලිස් බලකල නොවන බවද එතුමා කියා තිබුනා. එතුමාට අනුව ඊනියා පොලිස් හා ඉඩම් බලතල ඉල්ලා සිටින්නේ බලලෝභී දෙමළ ජාතිවාදී දේශපාලඥයන් සහ ඔවුනට උඩගෙඩි දෙන ඉන්දීය රජයයි. මේ කතාව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විදිහට අපි එකහෙලාම අනුමත කරනවා.’

දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ සභාපති ආචාර්ය ගුණදාස අමරසේකර මහතා මේ බව කියා සිටියේ උතුරු නැගෙනහිර රෝහල් සඳහා වෛද්‍ය උපකරණ බෙදාදීමේ උත්සවයකදීය. අද දින බත්තරමුල්ලේදී එම උත්සවය පැවැත්විනි. එම උපකරණ තොගය බාර දීම සඳහා අමරසේකර මහතා වෙත ප‍්‍රධානය කලේ දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ ප‍්‍රංශ ශාඛාවේ සංවිධායක ලකී ගනේවත්ත මහතා විසිනි.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ අමරසේකර මහතා කියා සිටියේ ගරු බැසිල් රාජපක්‍ෂ මහතා රජයේ ප‍්‍රබලම අමාත්‍යවරයෙකු බැවින් ඒ මහතාගේ ප‍්‍රකාශය රජයේ මතය ලෙස පිළිගත හැකි බවයි. බැසිල් රාජපක්‍ෂ මහතාට අනුව ජනතාවට අවශ්‍ය වන්නේ ආර්ථික සාධාරණයත්වය සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් මිස ඊනියා බලය බෙදා ගැනීමක් නොවේ. බලය බෙදා ගැනීමට අවශ්‍ය වී ඇත්තේ බලලෝභී දෙමළ ජාතිවාදී නායකයන්ට පමණි.

දේශහිතෛෂි ජාතික ව්‍යාපාරය ලෙස අපි දඅඩි ලෙස කියා සිටින්නේ අවුරුදු 30ක් ආපස්සට ගොස් එදා ඉන්දියාවේ බලපෑම මත ලබාදුන් විසඳුමක් අදට ගෙන ඒම ගැලපෙන්නේ නැති බවයි. ඒ විසඳුම සුදුසු නම් යුද්ධයක් අවශ්‍ය වන්නේ නැති බවත් යුද්ධයක් නැති තත්වයක් යටතේ අයුත් බලපෑම්වලට යටත්විය යුතු නැති බවත් ඒ මහතා ප‍්‍රකාශ කලේය.

මේ අවස්ථාවට සහභාගී වූ දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාද අදහස් පල කලේය.

‘දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය කිසිසේත්ම ඉඩම් සහ පොලිස් බලතල ලබාදෙමින් 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය තවදුරටත් තහවුරු කිරීමට උත්සාහ කිරීම කිසිසේත්ම අනුමත කරන්නේ නෑ. ඒ වෙනුවට අද අවශ්‍ය වන්නේ දෙමළ ජනතාවට සැබෑ සමාජ, ආර්ථික සහ සංස්කෘතික ප‍්‍රශ්න විසඳීම සඳහා සියළු ජනතාවගේ සහයෝගය ලබාගැනීමයි. එක් ජාතියකට විශේෂ වරප‍්‍රසාද ලබාදෙමින් සමස්ථ ජාතියේ සහාය එම විසඳුමට ලබා ගන්න බෑ. මේ තත්වය තුල බැසිල් රාජපක්‍ෂ මහතාගේ එම මතයට දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය ලෙස අපි සහයෝගය ලබා දෙනවා’ යනුවෙන් ඒ මහතා පැවසීය.

ඒ මහතාගේ හඬ පටය

10,204 Viewers have read This article

3 Comments to “අමරසේකරගෙන් ඇමති බැසිල්ට මල් මිටක්”

  1. හොඳ හෙළයා[Honda Helaya] says:

    බැසිල් රාජපක්ෂ මැතිතුමාට සහ දේස හිතෛසි ව්‍යාපාරයට මගෙනුත් මල් මිටක්! කල යුතුව ඇත්තේ අලුතින් ව්‍යවස්ථා හදන්න නොව මුළු රටටම පොදු එක නීතියක් හදුන්වා දී සිංහල දෙමල සියලුම පුරවැසියන් ම නෙතියට අනුව ජීවත් කර වීමයි! එම සත් කාර්ය කිරීමට ගරු බැසිල් රාජපක්ෂ මැතිතුමාට නායකත්වය ගැනීමට හැකි වේවා!

  2. Bahu Boothaya says:

    Ela Ela

  3. Hela Sinha says:

    Elakiri. amarasekara mahathayo oba apa ratata sampatak. mage mulu hadawatinma obata deergayu pathami!

Leave a Comment