සේවක විරෝධතා නිසා කොත්මලේ විවෘත කරන්න කැරළි මර්ධනයෙන්

සේවක විරෝධතාවක් හේතුවෙන් අද පෙරවරුවේ සිදු කල ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු විවෘත කිරීම සඳහා සඳහා කැරළි මර්දන ඒකක කැඳවීමට සිදු වී තිබේ. මේ හේතුවෙන් නියමිත වේලාවට ජලාශයේ වාන් දොරටු විවෘත කිරීම පමා වූ බව විදුලි බල මණ්ඩලය පවසයි.

වැටුප් වැඩි කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ඉහළ කොත්මලේ වැඩබිමේ නියෝජිත ආයතන සේවකයින් පිරිසක් මෙසේ විරෝධතාවයේ නිරත වී තිබේ.

විරෝධතාවයෙන් පසුව ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු විවෘත කර ඇති අතර කොත්මලේ ඔය භාවිත කරන්නන් දැඩි විමසිල්ලෙන් පසුවිය යුතු බවත් තලවාකැලේ, දිඹුලපතන, පූඬළුඹය සහ කොත්මලේ ප්‍රදේශවල ජනතාව වඩා විමසිල්ලෙන් සිටිය යුතු බවත් බළධාරීන් කියා සිටී.

9,480 Viewers have read This article

2 Comments to “සේවක විරෝධතා නිසා කොත්මලේ විවෘත කරන්න කැරළි මර්ධනයෙන්”

  1. කැරලි මර්ධනය ඒකකයෙ පොරක් says:

    අද තමයි කැරලි මර්ධනය කියන වචනෙ හරි තේරුම දැන ගත්තේ

  2. kothmale janathawa says:

    yako apiwa marannada hadanne

Leave a Comment