උතුරේ දෙමළ ජනතාව දකුණේ සිංහල ජනතාව අවබෝධයෙන් ඇතිකරගන්නා බැදීම චීන මහා ප‍්‍රාකාරයට වඩා ශක්තිමත්

කාලයක් තිස්සේ එල්.ටී.ටී.ඊ ය විසින් සිංහලයා යනු විනාශකාරී මනුශ්‍යයෙක් බව දෙමළ ජනතාවගේ මනසට බලෙන් කාවද්දනු ලැබූ අදහස අද වන විට ඔවුන් විසින් අවබෝධයෙන් බැහැර කරගනිමින් සිටින බවත් ඒ තුළින් ඇතිවන බැදීම චීන මහා ප‍්‍රාකාරයටත් වඩා ශක්තිමත් බවත් ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි. යුද්ධය තුළින් ඇතිකරන්නේ කාගේත් හිත්වල සැකය අවිනිශ්චිත භාවයයි. අපි අවිනිශ්චිත වන තරමට බාහිර බලවේග වලට එය වාසි සහගතයි. රටක පමණක් නොවෙයි නිවසක වුණත් සම`ගිය නොමැති නම් එය විනාශ කිරීමට කැසකවන බාහිර බලවේගවලට එය වාසියක් බව හෙතෙම වැඩිදුරටත් ස`දහන් කළේය.

අමාත්‍යවරයා මේ බව ප‍්‍රකාශ කළේ උතුරේ පාසල් දරුවන් පිළිගැනීම වෙනුවෙන් කෝට්ටේ ශ‍්‍රී ජයවර්ධනපුර බාලිකා විද්‍යාලයේ පැවති උත්සවයකට ප‍්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වෙමිණි. උතුරු දකුණු සහයෝගීතාවය වර්ධනය කිරීමේ අරමුණින් මෙම හමුව සංවිධානය කොට ඇත්තේ යාපනේ ආරක්ෂක සේනා මූලස්ථානය හා දියවන්නාව ගෝල්ඩන් සිංහ සමාජය එක්වය. උතුරේ දරුවන් කොළඹ ප‍්‍රදේශයේ අධ්‍යාපන හා විනෝද චාරිකාවකට රැුගෙන ඒමට යාපනේ ආරක්ෂක සේනා මූලස්ථානය මෙලෙස කටයුතු කර ඇත්තේ 6 වන වරටයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවසීය. ‘‘ යුද්ධය පැවති සමයේ පුරා දශක තුනක් පමණ මුනගැසෙන්න බැරිව සිටි ජන කොටස් දෙකක් අද මෙසේ සතුටින් එකතුවීම ඉතාම වැදගත් සිද්ධියක්. යුද්ධය කියලා කියන්නේ ජනතාව ඈත් කරන දෙයක් මිසක් ජනතාව ඒකරාශී කරන ක‍්‍රියාවලියක් නොවෙයි. මේ රටේ ජීවත්වන සිංහල, දෙමළ ජනතාව බෙදිලා වෙන්වෙනවට, ඈත් වෙනවට කැමති බලවේග තමයි යුද්දෙට කැමති.

අද සාමය උදාවෙලා නිසා උතුරේ හා දකුණේ දරුවන් අඵත් සිහින දකිමිනුයි සිටින්නේ. වෙනදා ඔවුන් ඉදිරියේ තිබුණේ අවිනිශ්චිත රටක්. අවිනිශ්චිත අනාගතයක්. ඊළග මොහොතේ මොකද වෙන්නේ කියන එක ගැන කියන්න කව්රුත් දැනගෙන හිටියේ නෑ.

මේ රටේ අනාගත දියුණුව රදා පවතින්නේ මේ සිංහල හා දෙමළ දරුවන් අතර ඇතිවන හො`දහිත හා මිත‍්‍රත්වය තුළයි. ඒක දන්න සමහරු යළි ඒ තත්ත්වය ඇති නොවන්න කටයුතු කරන්නට බලනවා. ඒ නිසා නැවත භේද වපුරුවලා ගැටුම් හදලා, ඒ තුළින් රට අස්ථාවර කරලා  මේ ගොඩනැගෙන්න යන මිතුදම යළි විනාශ කරන්න හදන දුෂ්ඨ බලවේග ඉන්නවා.  නමුත් අපි ඒ තත්ත්වය පරාජය කළ යුතුයි. අපි පැහැදිලිව දකිනවා උතුරේ දෙමළ ජනතාව අද අ`ඵත් මිත‍්‍රත්වයක් ගොඩනගා ගිනිමින් ඉන්නවා.

මම මෑතක ගියා වව්නියාවේ දෙමළ රාජ්‍ය සේවකයින් වෙනුවෙන් නිවාස යෝජනා ක‍්‍රමයක් ආරම්භ කරන්න වව්නියාවට. එහිදී මම වව්නියාව සිංහල පාසලේ පැවති උත්සවයකට සහභාගී වුණා. එහිදී මම දැනගත්තා වව්නියාවේ එම සිංහල මහා විද්‍යාලයේ විදුහල්පතිතුමා දෙමළ විදුහල්පතිවරයෙක් කියලා. ඒ පාසල එතුමා පවත්වාගෙන යන්නේ සිංහලෙන්. ඒ සදහා එතුමා විශාල වශයෙන් කැපවෙනවා.ඒ වගේම මගේ මතකයට එනවා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මුලතිව් දිස්ත‍්‍රික් කළමනාකාරතුමාව. එතුමා එහෙ දෙමළ මාධ්‍යයෙන් ඒ ජනතාවගේ නොමද ගෞරවය දිනා ගනිමින් සේවය කරන සිංහල නිලධාරියෙක්. මම වරක් මුලතිව් දිස්ත‍්‍රික්කයට ගිහින් එතුමාව වෙනත් දිස්ත‍්‍රික්කයකට මාරුකරන්න  ඕන කියලා කිව්වහම ඒකට විරුද්ධ වුණේ මුලතිව්වල එතුමාගේ යටතේ සේවය කරන දෙමළ නිලධාරින්. ඒ වගේම තමයි ආරක්ෂක හමුදාව සම්බන්ධයෙන්ද යුද්ධය පැවති සමයේ දෙමළ ජනතාවගේ සිත්වල ඇදී තිබූ වැරදි චිත‍්‍රය දැන් කෙමෙන් බොදවී යනවා. තව වසර 10 ක් ගතවෙන්න කලින් උතුර හා දකුණ අතර තියෙන මේ සමීපභාවය තවත් වර්ධනය වෙනවා. ඒ නිසා තමයි අපි ඒ අනාගත අවස්ථා වෙනුවෙන් අපට ලැබුනු මේ සාමයෙන් ඉහළම ප‍්‍රයෝජන ගතයුතු වන්නේ. සිංහල මනුස්සයෙක් එක්ක දිනයක් ගත නොකළ, වචනයක් කතා නොකළ ළමයි තව  ඕනතරම් උතුරේ ඉන්නවා. අපි ඒ තත්ත්වය අවම කළ යුතුයි. උතුර දකුණ පාලම තවත් ශක්තිමත් තළ යුතුයි ’’ යනුවෙන්ද විමල් වීරවංශ අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත්  ප‍්‍රකාශ කළේය.

3,809 Viewers have read This article

10 Comments to “උතුරේ දෙමළ ජනතාව දකුණේ සිංහල ජනතාව අවබෝධයෙන් ඇතිකරගන්නා බැදීම චීන මහා ප‍්‍රාකාරයට වඩා ශක්තිමත්”

  1. මාතර ආතර says:

    අපි ඉන්දියාවෙන් තුරන් කල
    මැණිකක් වන්-තෙරුවන් ථෙරවාදී බුදුදහමයි,

    සුද්දගේ ඉන්ගිරිස්සියයි,

    රුසියන් කාරයාගේ නොනැමෙන කොන්දයි,

    චීනගේ ප්රාකාරේ බදාමයි

    අරන්
    හදමු
    අපේ සමගි-රට.

    හැබැයි මචෝ, සීගිරි යන්නත් වෙලාවක් හදා ගනින්!

  2. Chinthaka says:

    Well said Minister Wimal Weerawansa….!!! I appreciate your stance from the days of war. You ‘clearly’ stood up for peaceful people’s right to live irrespective of their race and religion, though some sections tried to apply the racist labels on you for speaking bold.

    When some tried to make LTTE agenda win by pretending to be speaking on behalf of so-called innocent Tamil people, you reminded them of the existence of Innocent Sinhala people too that had been long forgotten by the world and the so-called Human Right activists.

    Most idiots misunderstood your empathy/passion towards speechless Sinhalese village people suffered from LTTE, and failed to realize your equal attitude to under-privileged people of any community, attributing to sinhala racism or mere nationalism, but I understood where you come from as that was crystal clear for anyone with an ounce of brain to see.

    Most of them used your previous JVP background to ridicule you, in the way they have been used to ridicule under-privileged people in Sri Lanka for ages, but you were too strong and direct in front of such people, so they had to hide their tails behind legs eventually, saying “This is just a waachaala fellow against whom a decent/sain person cannot argue”.

    Amethithuma eyaala peradenakota ehemai, hariyata colombo 7 lamissiyo, maradane so-called rawdy kollo gena complain karanawa wage thamai complain karanne. Hebei waada-vivaada walata enakota ehema reegena akulang yanna wei kiyala heenen’wath hithanne nae. :-) Ape rate thiyena bo.. hi… samajayen thuran karala inna minissunta penwanna thawath kenek’ge prashnayak diha sanwedi’wa balana heti aemathithuma. E thawath kena Tamil wennama oney nae ape anukampaawa dinaa ganna. Jaathi-aagam bhedayen thorawa, “Saebe” thaelena paeththa wenuwen kathaa karana obata sadaa jaya…!!!!

  3. ලෝකයේ විශිෂ්ටතම කොමෙන්ටුව. says:

    http://www.lankacnews.com/sinhala/main-news/44385/#comment-204766

  4. දර්ශන ප්‍රගීත් මනම්පේරි 0784503464 says:

    මෙන්න දැන් ලැබුණු හදිසි පුවතක්.

    වහාම කියවන්න.

    මා විසින් කල සංගණනයකට අනුව රටේ වාහන ගණන ජනගහනයේ ප්‍රතිශතය අතින් ලෝකයේ අංක එකේ රට බවට ලංකාව පත් වී ඇත.

    මේ යටතේ ලෝකයේ සෑම විවාහක ජෝඩුවකටම එන්ජිමක් සහිත වාහනයක් තිබෙන ප්‍රථම රට බවට ලංකාව පත් වී ඇත.

    http://www.lankacnews.com/sinhala/news/44665/#comment-205704

    මට කුණුහරුපෙන් බනින්නනම් එපා. මම අහිංසකයි. මගේ තර්කෙ මොකක් හරි අවුලක් තියෙනවනම් අර මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුව සහ ජන සංගණන දෙපාර්තමේන්තුව අල්ල ගන්න. මම කලේ එයාල දීපු ඉලක්කම් බෙදල බලපු එක විතරයි.

  5. Jayagath Perera says:

    “….චීන මහ ප්‍රාකාරයට වඩා ශක්තිමත්” – සහතික ඇත්ත. බලය බෙදීම වෙන විෂයක්. එයයි ජනවර්ග අතර සමගියයි කියන්නේ පැහැදිලිවම කරුණු දෙකක්, වාසියට ජාවාරමට එකක් කරගෙන. මේ ජන වර්ග අතර බැඳීම වැඩි කිරීමයි ප්‍රමුඛම ප්‍රමුඛතාවය. ඉක්මන් සංවර්ධනය එයට රුකුලක් වෙනවා.

  6. ටික්කා says:

    දැනට උතුරු සහ නැගෙනහිර පලාත්වල සිටින දෙමල ජනගහනය මුලුජනගහනයෙන් 6% පමණ වේ. නමුත් දෙමල සන්ධානය ඉල්ලාසිටින්නේ රටේ මුළු භූමි ප්‍රමානයෙන් 33% ක් සහ සාගරයෙන් 66% ක් ප්‍රමානයක පාලනයයි. ජන සංගනනයක් පැවැත්වුවහොත් නිවැරදි දෙමල ජනගනය එලිදරව් වන නිසා එය අවලංගු කිරීමට හෝ කල් දැමීමට විවිධ බලවේග නොයෙක් ආකාරයේ කූට උපක්‍රම ක්රිරයාත්මක කරමින් පවතී. ජනසංගනනයක් පවත්වන්නේ වසර 10කට වරකි. සාමාන්‍ය සම්ප්‍රදායක් ලෙස එකේ ඉලක්කමෙන් අවසන්වන වසරක පවත්වනු ලබයි. එනම් 1971, 1981, 1991, 2001…..යනාදී ලෙසයි. මේ වනවිට 2011 වසරත් ගෙවී ගොස්ය. ජනසංගනනයේ අවසන් වාර්තාව, 2012, මාර්තු මාසයට පසුව නිකුත් කිරීමට සැලසුම් කර ඇත. මාර්තු මාසේ ඇති වැදගත්කම කුමක්ද?. මාර්තු මාසයේ ජිනීවා නුවර මානව හිමිකම් සමුළුව පැවැත්වේ. ඇමරිකාව ප්‍රමුක බටහිර රටවල් කර ඇති තර්ජනය නම්, මාර්තු මාසයට පෙර දෙමළ සංධානයට ඉඩම් සහ පොලිස් බලතල ලබා නොදුනහොත් ශ්‍රී ලංකාවට එරිහිව යුධ අපරාධ චෝදනාව නැවතත් කරලියට ‍රැගෙන එනබවයි. එමනිසා මාර්තු මාසය වනතෙක්, උතුරේ සහ නැගෙනහිර සත්යග දෙමල ජනගහනය හෙලිදරවු නොකිරීම අත්‍යවශ්‍ය කාරණයකි. 6%ක් පමණ වූ දෙමල ජනගහනයකට 33% ක් භූමියකට හිමිකම් ලබා දීම කිසිසේත්ම සාධාරණ නොවන බව, දෙමල බෙදුම් වාදීන් හා උන්ගේ හාම්පුතුන්වන බටහිරයන් පවා හොඳින්ම දනී. එමනිසා ජනසංගනනයේ අවසන් වාර්තාව නිකුත් කිරීම, 2012 මාර්තු මාසය තෙක් කල් දමා ගැනීම අත්‍යවශ්‍යවී තිබේ. සංගනනයට අඅවශ්‍ය ලේඛන මුද්‍රණයට භාරදුන් සමාගම, ඒවා මුද්‍රණයය කිරීම පමාකර ඇතැයි, ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තු මේන්තුව පවසයි. මේ වා සියල්ලම ජන සංගනනය පමා කිරීමේ අරමුණින් දියත් කර ඇති කුමන්ත්‍රණවේ. දෙමල සංධානයේ අරමුණ, ජන සංගනනයට පෙර ඇමරිකාව ප්‍රමුක බටහිර රටවල උදවු උපකාර ඇතිව ඉඩම් සහ පොලිස් බලතල සහිත පලාත් සභාවක් ලබා ගැනීමයි.

  7. කළුතර says:

    හරි වැඩේ.. මෙහෙම ගියොත් බලය බෙදන්න වෙන්නේ නෑනේ. එතකොට ගොඩාක් අයට රස්සාවත් නැති වෙයි. අනේ මන්ද…

  8. Future says:

    ඇමති තුමාගෙ කතාවට මගෙනුත් මල් මිටක්.

Leave a Comment