අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයන් පැය 48ක් යන්න පෙර නිදහස්

පෙරේදා රාති‍්‍රයේ ති‍්‍රකුණාමලය – පුල්මුඬේ උතුරු මුහුදු තීරයේදී ශ‍්‍රී ලංකා මුහුදු සීමාව උල්ලංඝනය කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් 43 දෙනා මෙරට පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයට භාරදෙන ලෙස ති‍්‍රකුණාමලය මහේස්ත‍්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

අත්අඩංගුවට ගත් මෙම ධීවරයින් පිරිස දින දෙකක් වැනි කෙටි කාලයක් තුළදී නිදහස් වීම විශේෂත්වයකි.

කෙසේ වෙතත් ඉන්දීය මුහුදු සීමාව උල්ලංඝනය කරන ශී‍්‍ර ලාංකික ධීවරයින් මෙතරම් කෙටි කාලයක් තුළ නිදහස් කර ගැනීමට මෙරට ධීවර බලධාරීන් කටයුතු නොකරන බව මෙරට ධීවර වෘත්තීය සමිති පෙන්වා දෙයි.

2,758 Viewers have read This article

2 Comments to “අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයන් පැය 48ක් යන්න පෙර නිදහස්”

  1. ජංගියා says:

    මුන් දේශසීමාව උල්ලංඝනය කළේ කුඩු ගේන්න. මාළු අල්ලන්න නෙමෙයි. ඔය කුඩ්ඩො තමයි ඕව ගේන්නෙ

  2. කොටා says:

    බලධාරීන් කටයුතු නොකිරීමට වඩා මෙතන තියෙන්නෙ ඉන්දියාවෙන් අපේ අය නිදහස් නොකිරීමයි.. මොනව වුණත් පිළිගන්න ඕනා අපේ දේශපාලුවො ඉන්දියන් සක්කිළින්ට බයයි…..!

Leave a Comment