හොර දොස්තරලා 50,000ක් රට පුරා, සැබෑ දොස්තරලා 16,000ක් පමණයි

රට පුරා ව්‍යාජ වෛද්‍යවරුන් 50,000ක් පමණ සිටින බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පවසයි. ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාව, ආයුර්වේද වෛද්‍ය සභාව සහ හෝමියෝපති යන වෛද්‍ය සභාවන්ගේ වෛද්‍ය නිළධාරීහු ලියාපදිංචි විය යුතු වුවත් ඒවායේ දැනට ලියාපදිංචි වී සිටින්නේ වෛද්‍ය නිළධාරීන් 16,000ක් පමණක් බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ උප සභාපති ශිහාන් හෂිස් මහතා පවසයි.

වෛද්‍ය සභාවන් තුනෙහි ලියාපදිංචිය ලබා ඇති වෛද්‍ය නිළධාරීන් 16,000ගෙන් 20% සංඛ්‍යාවක් පෞද්ගලික වෛද්‍ය ක්‍ෂෙත‍්‍රයෙහි යෙදුනද 50,000ක පමණ ප‍්‍රමාණයක්ද දැනට පෞද්ගලික වෛද්‍ය ක්‍ෂෙත‍්‍රයේ රැුකියාවල යෙදෙන බවට සමීක්‍ෂණවලින් හෙළිව ඇතැයිද ඔහු වැඩිදුරටත් කියා සිටී.

2007 වසරේදී කල සමීක්‍ෂණයේදී වෛද්‍ය වෘත්තියට සුදුසුකම් නොලත් ව්‍යාජ වෛද්‍යවරු 40,000ක් වාර්තා වී ඇති අතර එය මේ වන විට 50,000 දක්වා වර්ධනය වී ඇත.

3,805 Viewers have read This article

11 Comments to “හොර දොස්තරලා 50,000ක් රට පුරා, සැබෑ දොස්තරලා 16,000ක් පමණයි”

  1. කැලැ කොල්ල says:

    නැ බේත් සාප්පුවක්වත් දාගන්න කියල හිතාගෙන ඉන්නෙ

    • Upul says:

      ඊට කලින් ගිහින් රස්සාවක් හොයාගෙන රටට වැඩක් කරල හිටියනම්…අනුන්ට හොරා කිය කිය රටට බරක් වෙන්නෙ නැතුව.

  2. Upul says:

    ඔයා විතරයි genuine පොර!රස්සාවක් කරනවද?

  3. janaka says:

    යකෝ පරිපාලනයට බැන්නයි කියලා ටිකට් බුක් කරන එක නැති කරලා දානවා. මේ තීරණ ගන්නේ කැකිල්ලේ රජ්ජුරුවන්ගේ අන්තඃපුරේ ගෑණුන්ට දාව උපන් උන්ද? තකතීරුවෝ ලොකු පුටු වලට ගියාම විනාසයි. නොදකින් මෙහමත් රටක්.

  4. Nalin says:

    APE THATHAT DOCTOR KENEK NAMUTH PAL HOREK

  5. මාතර ආතර says:

    උඹයි මායි ඇරෙන්න ලංකාවේ අනිත් ඔක්කොම හොරු, නේද බන්?

  6. ජංගියා says:

    ඒ 50000න් හොඳ එවුන් නැද්ද හොඳ දොස්තරලා 16000ම හොඳ එවුන්ද තියරිය දැන ගත්තට වැඩක් නෑ ලෙඩාට හොඳ දොස්තර කෙනෙක් වෙන්න ඕනෙ අර 50000න් හොඳ එවුන් තෝරලා උන්ට හොඳ අධ්‍යාපනයක් දීල එළියට දැම්මනම් ඉවරයිනෙ මොකද ඔය 50000න් 1ක් වත් නැද්ද හොඳට ඛෙහෙත් කරන අනික ඔතනින් ගොඩක් එවුන් ඕක කරන්නේ තමන්ගේ ආසාවට හැකියාවට ඒකට තියෙන උනන්දුවට පිකට් කරන එවුන්ට ඕව බෑ මුන්ට ඒවට අත්දැකීම් තියනව

  7. ඇම්ඩා says:

    කොටා(ගබ්සාවට කතෝලික සභාව විරුද්ධ වෙයි)
    මේ ලින්ක් එක බලපන්, මට උත්තරයක් එවපන්.

  8. කැලැ කොල්ල says:

    ඔය හැබැ දොස්තරල කියල කියාගන්න උන් හොර දොස්තරලටත් වැඩිය කම්බ හොරු..!

Leave a Comment