ශ‍්‍රී.ල.නි.ප. සියළු පළාත් පාලන නියෝජිතයන්ට ‘දස පනතක්’

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් තේරී පත්වූ සියළු පළාත් පාලන මන්තී‍්‍රවරුන් වෙත කරුණු 10ක් මත පදනම් කරගෙන ආචාර ධර්ම පද්ධතියක් නිකුත් කිරීමට ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මහ ලේකම් සෞඛ්‍ය අමාත්‍ය මෛත‍්‍රීපාල සිරිසේන මහතා තීරණය කර තිබේ.

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් පළාත් පාලන ආයතන සඳහා නගරාධිපති, උප නගරාධිපති, සභාපති, උප සභාපති ඇතුළු මන්ත‍්‍රී ධුර සහ සභික ධුර දැරීම සඳහා බහුතර සංඛ්‍යාවක් තේරී පත් වී ඇත්තේ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් බැවින් එක්සත් ජනතා නිදහස් සන්ධාන රජයේ ප‍්‍රතිපත්ති හා ක‍්‍රියාමාර්ග මෙන්ම ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ප‍්‍රතිපත්ති ආරක්‍ෂා කරගනිමින් මහජනතාවට උපරිම සේවයක් සැලසීම සභිකයන්ගේ යුතුකමක් බවද ලේකම්වරයා පෙන්වා දෙයි.

මෙම ආචාර ධර්ම පද්ධතියේ පිටපත් ජනාධිපතිවරයාට, එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් සුසිල් පේ‍්‍ර්ම්ජයන්ත් මහතාට සහ සියළු මැතිවරණ බල ප‍්‍රදේශ සංවිධායකවරුන්ට ලබා දී තිබේ.

3,413 Viewers have read This article

4 Comments to “ශ‍්‍රී.ල.නි.ප. සියළු පළාත් පාලන නියෝජිතයන්ට ‘දස පනතක්’”

  1. SWRD says:

    බයිබලේ දසපනතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වාග්මලවට එකතු වෙච්චි!

  2. Boga says:

    අපේ පැත්තේ මේ කාලේ මහා කකුළුවෝ පොඩි එවුන්ට කෙලින් යන්න කියලදෙනවා!
    ඒ කිවුවේ !
    ඒ කිවුවේ මහකකුලුවෝ පොඩි කකුළුවන්ට කෙලින් යන්න කියලදෙනවා!
    ඒ කියන්නේ ටික කලකින් උන් කෙලින් යනවා!
    මොන පිස්සුද උන් ඔක්කොම හරහට යනවා

  3. බව්වා says:

    ඉස්සෙල්ලා අර සුද්දව මරපු එකාට දඩුවම් දෙන්න

Leave a Comment