ලබන පෙබරවාරි මස 27වන දින ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර ආරම්භවීමට නියමිත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරය ආරම්භවන දා TGTE (Transnational Government of Tamil Eelam) ’පාරජාතික දෙමළ ඊලාම් ආණ්ඩුවේ’ මෙයෙවිම යටතේ විරෝධතාවයක් සංවිධානය කොට තිබේ.
දෙවන විරෝධතාවය මාර්තු මස 05වන දින පැවැත්වීමට නියමිත අතර එය සංවිධානය කරනු ලබන්නේ ස්විස්ටර්ලන්තයේ දෙමළ සම්බන්ධීකරන කමිටුව (Tamil Coordinating Committe) මගිනි.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරයේ පළමුවන සතිය රාජ්‍ය නායකයින්, ඇමතිවරුන්, තානාපතිවරුන් වැනි ඉහළ පෙලේ දූතයින් සහභාගීවන (High Level Segment) සැසිවාරය පැවැත්වීමට නියමිතව තිබේ. මේ සඳහා ශ‍්‍රී ලංකාවෙන් දෙමළ ජාතික සන්ධානයේ (TNA) නායක ආර්. සම්බන්ධන් ඇතුලූ නියෝජිතයින් කිහිප දෙනෙකු සහභාගීවීමට නියමිතය.
පාරජාතික දෙමළ ඊලාම් ආණ්ඩුවේ මහා මොළ කාරයන්ට සිංහලයේකුගෙන් අදහසක්!
ඔය නම වැරදිය එය පාරජාතික දෙමල ලෝක ආණ්ඩුව වසයෙන් විය යුතුය. ඒ වගේම මෙහි පර මරත හැටියට ලෝකයේ ඒ ඒ රටවල සිටින දෙමල ජනතාවට ඇති මානව, ආර්ථික සහ වෙනත් සංස්කෘතික ප්‍රසන ගැන සහ ඒවා විසදාගැනීම ගැන අවධානය යොමු කරවා ගත හැකිය.ලංකාවෙන්ද මේ ලෝක ආණ්ඩුවට නියෝජිතයෙකු පත් කර ගත යුතුය. අන්න එවිට ලෝකයේ අන් රටවලට විසාල බලපෑමක් සිදු කල හැකිය. ලංකාවේ දෙමල ජනතාව ලබාගෙන ඇති අයිතිවාසිකම් ඉස්මතු කොට පෙන්නා ඒ ඒ රටවලද ඒ සම අයිතිවාසිකම් ලබා ගැනීමට සටන්(යුද සටන් නොව) කල යුතුය. අපිද අපේ පුර්ණ සහාය ඔබලාට පලකරනු ඒකාන්තය.
Transnational world Government of Tamils (TWGOT)
සම්බන්ධයා ඉක්මනට ස්වභාවික හේතුවකින් මිය යන්නේ නැනේ
api owata wiruhddhi. owa JVP ya dekada karana kumantrana.