‘දිවි නැගුම’ නමින් දෙපාර්තමේන්තුවක්

ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය යටතේ ‘දිවි නැගුම’ නමින් දෙපාර්තමේන්තුවක් ඇති කරන බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි.

මේ සඳහා අවශ්‍ය අණ පනත් ඉදිරියේ දී සම්මත කරන බව අමාත්‍යවරයා පාසිකුඩාහි දී පැවති සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ රැස්වීමක් අමතමින් සඳහන් කළේය.

සමෘද්ධි සංවර්ධන නිලධාරීන් සඳහා මෙවැනි රැස්වීමක් පැවැත්වූයේ 1995න් පසුවය. මෙහි දී අමාත්‍යවරයා සඳහන් කළේ සමෘද්ධි සංවර්ධන නිලධාරීන් මෙම දෙපාර්තමේන්තුව යටතට අයත් වන බවයි.

එහිදී ඔවුන්ට සිය අර්ථ සාධක අරමුදල් ලබාගනිමින් 2012 මාර්තු සිට නව පත්වීම් ලබාගත හැකිය. එසේ නැතහොත් අර්ථ සාධක අරමුදල් නොමැති ව 1995 සිට විශ්‍රාම වැටුප් සහිත පත්වීම් ලබාගත හැකිය.

1,484 Viewers have read This article

Leave a Comment