කාල්ටන් සුපර් ස්පෝර්ට්ස් තරගාවලිය තිස්සමහාරාමයේදී හෙට ඇරැඹේ

‘තාරුණ්‍යයට හෙටක්’ සංවිධානය කරනු ලබන කාල්ටන් සුපර් ස්පෝර්ට්ස් තරගාවලිය හෙට (27) සිට 29 දක්වා තිස්සමහාරාමයේදී පැවැත්වේ.

නැවුම් මුහුණුවරකින් ජාත්‍යන්තර තලයේ ක්‍රීඩාවන් ජනප්‍රිය කර ගමට රැගෙන යෑමේ මූලික අරමුණ ඇතිව පවත්වනු ලබන මේ තරගාවලිය හෙට පෙරවරු 8.00ට මවුන්ටන් පාපැදි තරගාවලියෙන් ඇරැඹෙන අතර තරගාවලියේදී විවෘත තුන් ප්‍රයාම තරගය, යතුරු පැදි, මෝටර් රථ, ඔරු පැදීම, කඹ ඇදීම, ෆෝ බයි ෆෝ ජීප් තරග, වෙඩි තැබීමේ තරග, සුළං ඔරු හා රුවල් ඔරු තරග හා අලුතින්ම තරගාවලියට එක්කළ පැරා මෝටරින් සංදර්ශනය දින තුන පුරා පැවැත්වේ.

තිස්ස වැව ආශ්‍රිතව හා තිස්සමහාරාම කාල්ටන් ධාවන පථයේ පැවැත්වෙන මේ තරගාවලිය 6 වැනි වරටත් සංවිධානය කෙරෙන අතර පසුගිය වසරවල මෙන්ම මෙවරත් ජනප්‍රිය ක්‍රිඩා ඉසව් කිහිපයක්ම සංවිධානය කර ඇත. මේ ක්‍රීඩා තරගාවලියට දෙස් – විදෙස් මුල් පෙළේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් එක්වීම විශේෂත්වයකි.

1,912 Viewers have read This article

Leave a Comment